16/06/2020
Depression ද??? ආතතියද ???
හිසේ වේදනාවට බොහෝ හේතු කාරනා තියනව. වෙනත් රෝගී තත්වයන්,සෙම ආදිය නිසා ,ස්නායූ ආබාද නිසා එකී මෙකී නොකී බොහෝ කාරනා නිසා හිස වේදනාවන් අද සමාජයේ බොහෝ දෙනා තුල දක්නට පුලුවන්. එයිනුත් කාන්තා පාර්ශවයට තමයි බොහෝම වැඩි.
අපි කතා කරන්න යන්නේ අද සමාජයේ බොහෝම සුලබව දකින මේ හිසේ කැක්කුම ගැනයි. අර කලින් දක්වපු කායික නොවන, වෙනත් හේතූන් නිසා හට ගන්න හිසේ කැක්කුම ගැනයි මේ කියන්න යන්නෙ.
කායික හේතුන් නොවේනම් අනිවාර්යෙන් මානසික හේතූන් ගැන කතා කල යුතුම වෙනවා. කලින් සදහන් කල විදියට මේ වේදනාවට ගොඩක්ම ගොදුරුවන්නේ කාන්තාවන් . ඒ ඇයි...?
අපි මුලින්ම බලමු අද සුලබව අහන්න ලැබෙන වචනයක් ගැන. ඒ තමයි Depression .
අවාසනාවකට වගේ මේ වචනය හරිම උජාරුවෙන් තමාට ඇතිබව ප්‍රකාශකරන පිරිස් අප අතර නැතුවාම නොවෙයි .
ඔබ දන්නවාද ? මේ තත්වය නිසා හට ගන්නා සුලබ ඉරුවාරදය තත්වයට නිසි ප්‍රතිකාර තිබෙනායැයි පැවසුවත් ස්නායූ වෛද්‍ය විද්‍යව තුලත් මේ තත්වය කිනම් හේතුවක් නිසා හටගන්නේදැයි නිශ්චිව කිව නොහැකිබව.
මේ තත්වයට මුහුන දෙන අය දන්නවා එය කොතරම් පීඩාකාරීද කියල.ඒ වගේම කිසිම බෙහෙතකින් සුව නොවන බව. එම බෙහෙත් වලින් බොහෝවිට කරනුයේ ඔබව නිද්‍රාවට පත් කරමින් මනසට විවේකය ලබා දීම පමනයි. තව විද්‍යත්මක ප්‍රතිකාරයන් ලැබුනත් එය එතරම් සාර්තක නොවන බව මීට ගොදුරු වූවන් දන්නවා.ප්‍රශ්නයේ මූලය එසේමයි. බෙහෙත් නැවතිය නොහැකිද වනවා. ඉන් පසු නිදිබර ,අසාමාන්‍ය ජීවන රටාවක් ඔවුනට හිමි වනවා.
මෙවන් තත්වයන්ට පත්වූ මට හමුවූ බොහෝ දෙනා විවිද සමාජ ස්තරවල ජීවත්වන නමුත්, මේ මානසික ආතතිය හටගන්න හේතූන්වල එක්තරා සමානකමක් තියනවා.
මෙය කියවන බොහෝ දෙනෙකුටද මේ තත්වය ඇතුවා විය හැකියි.
අපි බලමු මෙහි පොදු රෝග ලක්ශන.
😣 * හිසේ එක් පැත්තක් ,හරියටම පලුවක් වගේ රිදෙන එක.
🙄* බෙල්ල හරවන්න අපහසු වීම.
🔇*ආලෝකය ,ශබ්ද නිරාවරනය අපහසුවීම.
🎞️*අඳුරට කැමතිවීම.
🤐*තමාව කිසිවකුට වැඩක් නැතැයි සිතීම.
😞*නිදිබර නමුත් නින්ද නොයෑම.
තව බොහෝ ලක්ශන තියනවා. මේවා බොහෝවිට පොදු ලක්ශන.
🤔 මේ මානසික ආතති තත්වය ඇතිවෙන්නේ ඇයි ?
මේකම තමා මේ තත්වයට පිලිතුර.පලමුව තමාගෙන් විමසිය යුතු වනවා තමාගේ වර්තමාන මානසික ස්වභාවය.
අප එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර දෙන විදියත් මේකට බලපානව. තමන්ට එන ප්‍රශ්නවලට පිලිතුරු දෙන විදිය මත මේ තත්වය වෙනස්වනවා. මේ රෝග තත්වය තේරුම් ගන්න, පුද්ගලයන් වර්ග තුනකට වෙන් කරන්න පුලුවන්.
1. තමාට එන ප්‍රශ්න ,අන් අය සමග බෙදාගෙන හෝ අන් අයමත බලෙන් පටවමින් ප්‍රශ්න ලිහිල් කරගන්නා පුද්ගලයන්.
2.ප්‍රශ්න තමා තුලම පුපුරුවාගෙන තමන් ඒ තුලම පැටලෙන පුද්ගලයන් .
3.අවබෝධය තුලින් ප්‍රශ්න දකිමින් ,ඒවා වර්ග කරමින් ,සාර්තකව මුහුන දෙන පුද්ගලයන් .
ඉහත සදහන් රෝග තත්වයට මුහුන දෙන්නේ දෙවන පුද්ගල ස්වභාවයන් දරන අයයි. ඔවුන් තමා තුලම විනාශවෙනවා.
🤔 මෙය සුවකල හැකිද ?
අනිවාර්යෙන් ඔව්. කෙසේද ?
(මා ඔබට ඉදිරපත් කරන කාරනාවන් , මා අත්දැකීම් තුලින් උපයාගත් සහ සුවවීම් තුලින් උපයාගත් කරුණුවේ)
1.මෙය රෝගයක් නොවේ. ( විශ්වසයෙන් කියමි.මානසික සංකූලතාවයක් නිසා ඇතිවූ තත්වයකි. මෙය තාවකාලිකය. මිදීමට හැක.
2.. ඔබේ මනසට ඉතා තදින්,ඇතුලතට යන පරිදි මේ යෝජනාව කරන්න.
ඔබට (මට) මේ ඉතා කරදරකාරී තත්වයෙන් මිදිය යුතුද ?
ඉතා අවදාරනයෙන් පිලිතුර "ඔව්" යන්න තුන්වරක් කියන්න.(ඔබේ සමීපතමයෙකුනම් ඔබ මෙලෙස යෝජනාව ගෙන එන්න.)
3. අප, අපගේ ශරීරයේ භාහිරය අපවිත්‍රවූ විගසම වාගේ ඉක්මනින් සෝදා පවිත්‍ර කරනවා.
නමුත්, ..අපගේ පන්චේන්ද්‍රියන් තුලින් හට ගන්නා සංඥාවන් තුලින් ඇතිවන සිතුවිලි නොපෙරාම ගබඩා කරගනු ලබනවා. කිසිම පෙරීමක් හෝ සේදීමක් නොකර. දැනටමත් ඒවා අප ජීවිතයට හා ආත්මයට කොපමන බරක්ද ? එම මතක සිතුවිලි පෙරීමත් ඉවත් කිරීමත් අරබන්න මේ මොහොතේම.
4. ඔබට ආලෝකය හෝ ශබ්දයන් අසාමාන්‍ය ලෙස හිරිහැරනම් , එසේ වන්නේ ඔබතුල ඇති අසාමාන්‍ය තත්වයක් බව අවබෝද කරගෙන ඒවාට ආදරය කිරීම අරඹන්න . මධ්‍යස්ථව දැකීම අරඹන්න . ඔබ තුලයි අසාමාන්‍ය තත්වයක් ඇතිවී ඇත්තේ.අවබෝධ කරගන්න.
5. නිතරම සිනාමුසු මුහුනින් සිටීම අරඹන්න ......හේතුවක් නැතුව හෝ මද සිනාවකින් මුව සරසන්න. ඔබව විශ්මයට පත් කරාවි. වේගවත් වෙනසක් අත්දකින්න. ඔබ අවට ලෝකය අලුතින් දකින්න. ගස් වැල් , මාවත්...අලුතින් දකින්න.. ඔබ පුදුමයට පත්කරාවි.
6. හැකි සෑම විටම ගැඹුරෙන් හුස්ම කීපයක් ගන්න.
ගසක අත්තක් හරස් අත්ට ඉතා දික්ව වැඩුනහොත් ගසට ඔරොත්තු නොදෙනවාක්මෙන් , ඔබේ ජීවිතයේ ඔබට විරුද්දව ගොඩනැගෙන ඕනෑම සිද්දියකින් ඔබව අසමතුලිත වෙන්න පටන් ගන්නවා.
පලමුව ඔබ ඔබට දැනෙන මේ තත්වයෙන් ඈත්වීමට පියවර ගන්නාබවට අදිශ්ඨාන කරන්න. (ප්‍රශ්නය කුමක්වුවත්....පලමුව ඔබ ජීවත්විය යුතුය)
*පවුලේ දරුනු අවුල් තත්වයක්,හැරයාමක්, *බලාපොරොත්තු නොවන ජීවිතයකට ඇතුල්වීම
මේ ආදී ඕනෑම දෙයක් වුවත්...
පලමුව ඒ සියල්ල විසදීමට ඔබ ජීවත්විය යුතුය.
මේ තත්වයට පත්වී ඇත්නම්...ඔබට මේවන විටත් ඔබ දකින, ඇහෙන,හිතෙන දේවල් සම්පූර්ණ අසත්‍ය හෝ අර්ධ සත්‍ය වියහැකිමය.
ඒ... කලකිරීම ,තමාටම පීඩාකරගන්නා මානසිකත්වය තුල සියල්ල කනපිට දැකිය හැකි නිසාමය. එසේම ....නොකඩවා ඔබට පීඩාවන් එල්ලවන පරිසරයක නම් , ඒ තත්වයෙන් කිසිදා මිදිය නොහැකි වුවත්, ඒ සියල්ල මුදවාගැනීමට ඔබේ මනස ශක්තිමත් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැතිබව සිතන්න.)
මේ තත්වයකට මුහුනදී ඇත්තේ ඔබේ සමීපතමයෙකුනම්..
*පවුලක් ලෙස ඔහු හෝ ඇය ගැන ඉතා කල්පනාකාරී විය යුතුය.
*කුඩා දරුවෙකුටත් වඩා අවදානයෙන්, ඉවසීමෙන් යුතුව මේ තත්වයෙන් මුදවාගැනීමට කටයුතු කල යුතුමය.
*පෙර ඔවුන් කුමන තත්වයක සිටියත් මේවනවිට තනිව යැපිය නොහැකි මට්ටමට ඔවුන් පත්වී ඇතිබව සිතන්න.
* ඉතා පැහැදිලිව පෙනෙන කුඩා කාරනාවක් පවා ඔවුනට නොවැටහෙයි.
* අපහාස උපහාසයන්ට ඔවුන්ව තවත් ලක්කිරීම තුල ඔවුන්ගේ ජීවිත පවා අහිමිවිය හැකිබව තරයේ සිතට ගන්න.එසේම ,...
ඔබේ පවුලේ හෝ සමීපතමයෙකු මේ තත්වයට මුහුනදී ඇත්නම්..ඔබ හා අනෙක් සාමාජිකයන් මෙම තත්වයට ඔහු හෝ ඇය පත්වීමට කොටස් කරුවන් බවද අමතක නොකල යුතුය.
ඉතින් ඔබට පැවසීමට බොහෝ දේ තියනවා. මේ තත්වය හටගන්නා හේතුව කුමක් වුවත් , මේ තත්වයට මුහුන දෙන අය අත් දකින්නේ පුදුමාකාර අසරන කමක්.
එයින් මුදවන්නට, මිදෙන්නට මග පාදාගමු සදහටම .. තම ජීවිතය නැතිකර ගැනීම ගැන ශ්‍රී ලංකාව වාර්තා තබන රටක්. එක් අයෙක් හෝ මෙයින් මුදවා ගැනීමට දායක වන්න.
සිත සියල්ලට මුල්වේ...