18/10/2025
රජය විසින් ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආරම්භක පියවරක් ලෙස ගුවන් ටිකටට්පත් ඒකකය ඊයේ නාවල දී මහජනතාවට විවෘත වුණා. ඒ විදේශ රැකියවන්ට යන්න වුන්ට අඩු මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ ආරම්භක පියවරක් ලෙසයි.
වත්මන් රජය බලයට පත්වී නව පාලක මණ්ඩලයක් පත්වීමෙන් පසු මෙම ගුවන් ප්‍රවාහන සේවා බලපත්‍රය (IATA) ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය සඳහා ලබා ගැනීමට හැකි වීමද විශේෂත්වයක් වනවා.
ඒ අනුව අද දින ගුවන් ටිකට්පත් ඒකකයෙන් පළමු ගුවන් ටිකට්පත නියෝජ්‍ය අමාත්‍යතුමා පිරිනැමුවේ. මොල්ල්ඩෝවා බලා පිටත්ව යාමට නියමිත ජුකී මැෂින් ක්‍රියා කරවන්නියක් වෙතටයි.
''පසුගිය වසර තුළ අප ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන තියෙනවා. අපට ජනතාව දීලා තියෙන ජනවරමට සාධාරණයක් ඉෂ්ට කරන්න සහ මෙම විදේශ රැකියා ක්ෂේත්‍රය ගොඩනගන්න අප කැප වී සිටිනවා. මෙම ක්ෂේත්‍රය දළ දේශීය නිෂ්පාදනයට දැවැන්ත පංගුවක් දරන ක්ෂේත්‍රයක්. එයට හිමි තැන ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපට කවුරුත් අයිතියක් දීලා නැ රට අර්බුදයට පත් වෙච්ච කාලවකවානුවක ගසා කන්න. රටට යම්කිසි ඩොලර් හිඟයක් මතුවෙලා තියෙනවා නම්, යම්කිසි ප්‍රශ්න මතුවෙලා තියෙනවා නම්, විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා නම්, අපට කවුරුත් අයිතියක් දීලා නැහැ ජනතාව තවත් පීඩාවට පත් කරමින් ගසාකන්න. නමුත් පසුගිය කාලවකවානු තුළ විවිධ දේවල් වෙලා තියෙනවා.
ඒවගේම සමහර රටවල් සදහා නිළ වශයෙන් ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව ගත්තොත් පැමිණිලි 1600 කට අධිකයි. ඒ පැමිණිලි සම්බන්ධ මූල්‍යමය වටිනාකම රු.බිලියකයට අධිකයි.
අපි බලාපොරොත්තු වෙනවා සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුන්ටරයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ආරම්භ කරන්න''යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.