Department of Community Based Corrections

Department of Community Based Corrections Creating a Citizen free of wrongdoing
වරදින් මිදුණු යහපත් පුරවැසියෙක්

Development of Social, Economic, Spiritual and Psychological spheres of minor offenders and their families by implementing a productive Community Corrections process with the necessary follow up
පසුවිපරමක් සහිත ඵලදායී ප්‍රජා විශෝධන ක්‍රියාවලියක් තුලින් සුළු වරදකරුවන් හා ඔවුන්ගේ පවුල් සමාජීය, ආර්ථික, ආධ්‍යාත්මික හා මානසික වශයෙන් සංවර්ධනය කිරීම

2026 ජගත් පරිසර දිනයට සමගාමීව ,  2026.06.08 දින වැලිගම   ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයට අයත්  සංචාරක කලාපයක් වු වැලිගම වෙරළ ...
11/06/2026

2026 ජගත් පරිසර දිනයට සමගාමීව , 2026.06.08 දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයට අයත් සංචාරක කලාපයක් වු වැලිගම වෙරළ තිරයේ කේන්ද්‍ර කර ගනිමින් වෙරළ තිරය ප්ලාස්ටික් පොලිතීන් ඉවත් කරමින් වෙරළ තිරයේ සුන්දරත්වය හිත කරවු රැක්රෝපණ වැඩසටහනක් වැලිගම අඥාලාභින් සමිබන්ධ කරගනිමින් සිදු කරන ලදි.

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා මත්නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්=======================අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟි...
11/06/2026

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා මත්නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්
=======================
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් යොමු කරන ලද ආඥාලාභින් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පවත්වන ලද " මත්ද්‍රව්‍ය නිවාරණ " වැඩසටහන සහකාර දිස්ත්‍රික් ලේකම්තුමන් වන ප්‍රසන්න යසරත්න මැතිතුමාගේ සහාභාගිත්වයෙන් අමිල අබේගොඩ මහතාගේ සම්පත් දායකත්වයෙන් 2026.06.10 දින පවත්වන ලදී.
මෙයට අනුරාධපුර ප්‍රජා විශෝධන නිලධාරි, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සම්බන්ධීකරණය නිලධාරි හා මනුප, නැනුප, විලච්චිය , රඹෑව , නාච්චියාදුව , තිරප්පනේ සංවර්ධන නිලධාරීන්ගේ ( ප්‍රජා විශෝධන ) සහාභාගිත්වයෙන් පවත්වන ලදී .

2026 ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අභයවැව වැව් රක්ෂිතය හා අරිප්පු පාර අවට...
09/06/2026

2026 ජගත් පරිසර දිනයට සමගාමීව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් අභයවැව වැව් රක්ෂිතය හා අරිප්පු පාර අවට ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රමදාන හා කුඹුක් පැළ රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

"දේශගුණික විපර්යාස වල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු" යන අරමුණ පෙරදැරිව මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.එස්. දිසානායක මහතාගේ මඟපෙන්වීමෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රජා විශෝධන නිලධාරීන්, ප්‍රජා විශෝධන ආඥාලාභීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සක්‍රීය දායකත්වයක් ලබා දුන්හ.

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්,,🪷 වාර්ෂික වෙසක් මල් දන්සල – 2026 🪷 තුන්වන වරටත් අඛණ්ඩව සංවිධානය කරනු ලබනමෙම පුණ්‍යමය වෙසක...
09/06/2026

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්,,
🪷 වාර්ෂික වෙසක් මල් දන්සල – 2026 🪷
තුන්වන වරටත් අඛණ්ඩව සංවිධානය කරනු ලබන
මෙම පුණ්‍යමය වෙසක් මල් දන්සල
2026 මැයි 30 වන වෙසක් පෝය දිනයේ පෙ.ව. 10.00 සිට
ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම විහාරස්ථානයේදී
පැවැත්විණි..

මෙම වැඩසටහන
මහනුවර අධිකරණයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී..

සංවිධානය :
එච්.එම්.ශානිකා දිල්රුක්ෂි බණ්ඩාර, ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී, දොළුව

ගම්පොළ අධිකරණයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වයෙන් දොළුව පිහිඹියාහේන වැඩිහිටි නිවාසයේදී විශේෂ ආධ්‍යාත්මික සංවර්ධන හ...
09/06/2026

ගම්පොළ අධිකරණයේ ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වයෙන් දොළුව පිහිඹියාහේන වැඩිහිටි නිවාසයේදී විශේෂ ආධ්‍යාත්මික සංවර්ධන හා සමාජ සත්කාර වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි. වෙසක් පහන් කූඩු මඟින් නිවාසය අලංකාර කිරීම, දානමය පින්කම් සහ ධර්ම දේශනාවක් පැවැත්වීම තුළින් වැඩිහිටියන්ගේ සුබසාධනය හා සමාජ වගකීම ප්‍රවර්ධනය කිරීමට දායක විය.

නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය ධම්මරංසි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සඳහා සම්පත් දායකත්වයද, මෙම වැඩසටහන සඳහා ගම්පොළ සහ උඩපළාත ප්‍රජා විශෝධන නිලධාරීන්, ප්‍රජා විශෝධන ආඥාලාභීන්, වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලය, දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීතුමිය ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් ද සහභාගී වී සක්‍රීය දායකත්වයක් ලබා දෙන ලදී.

2026.05.26 දින කැලණිය, බියගම, මහර ප්‍රදේශවල විශෝධන නියෝගලාභීන්ගේ කායික හා මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, "...
08/06/2026

2026.05.26 දින කැලණිය, බියගම, මහර ප්‍රදේශවල විශෝධන නියෝගලාභීන්ගේ කායික හා මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, "සතිමත් බව තුළින් ආධ්‍යාත්මික සංවර්ධනය" යන තේමාව යටතේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

#සතිමත්බව #මානසිකසුවතාවය #මහර #කැලණිය #බියගම

හෝමාගම, පිටිපන, ගබඩාවත්ත කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෙදින පුහුණු වැඩමුළුව සඳහා විශෝධන නියෝගලාභීන් සහභාගී කරව...
08/06/2026

හෝමාගම, පිටිපන, ගබඩාවත්ත කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන දෙදින පුහුණු වැඩමුළුව සඳහා විශෝධන නියෝගලාභීන් සහභාගී කරවීම.

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක්=======================අනුරාධපුර ප්‍රජා විශෝධන කාර්‍ය...
05/06/2026

ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක්
=======================

අනුරාධපුර ප්‍රජා විශෝධන කාර්‍යාලයට අයත් ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා වැඩසටහනක් 2026.05. 27 දින අනුරාධපුර ආයුර්වේද ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මේ සඳහා සම්පත්දායකත්වය අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව නිල්තොටංග මහතා සහ නිලධාරීන් විසින් සිදු කල අතර මෙයට අනුරාධපුර ආයුර්වේද කොමසාරිස්තුමියද සම්බන්ධ විය. සම්බන්ධීකරණය නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්ධන නිලධාරීනිය ( ප්‍රජා විශෝධන ) සිදු කල අතර ම.නු.ප , රඹෑව , තිරප්පනය, විලච්චිය යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සංවර්ධන නිලධාරීන්ද ( ප්‍රජා විශෝධන ) සහභාගී විය.

මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනින් බෝ නොවන රෝග පාලනය, බෝවන රෝග මර්ධනය, ප්‍රජා මානසික සෞඛ්‍ය යන මාතෘකා පිළිබඳව දැනුවත් කරීම සිදු කරන ලදී

කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් යොමු කරන ලද ආඥාලාභින් සඳහා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්ධන න...
05/06/2026

කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් යොමු කරන ලද ආඥාලාභින් සඳහා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්ධන නිලධාරීනිය විසින් සම්බන්ධීකරණයෙන් සාර්ථකව පවත්වන ලද බුන්දි,මාස්මේලෝ,ජුජුස්, පුහුණු වැඩසටහන 26.06.02 දින් විදාතා නිලධාරීගේ සම්පත් දායකත්වයෙන් ගලෙන්බිදුණුවැව විදාතා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

ඊයෙ දින ඛුදු තෙමගුල  අරඹයා ගාල්ල ප්‍රජා විශෝධන  කාර්යාලය, සංවර්ධන නිලධාරීන් හා එක්ව ගාල්ල  දංගෙදර විජයානන්ද බෞද්ධ මධ්‍යස...
29/05/2026

ඊයෙ දින ඛුදු තෙමගුල අරඹයා ගාල්ල ප්‍රජා විශෝධන කාර්යාලය, සංවර්ධන නිලධාරීන් හා එක්ව ගාල්ල දංගෙදර විජයානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත් වන ලද නියෝගලාභීන් සිල් සමාදන් කරවීමේ වැඩසටහන....මෙම වැඩසටහන සීල,භාවනා,ඛුද්ද වන්දනා,ධර්ම දේශනා, දහම් සාකච්ඡා,සම්බුද්ධ පූජා, ඛෝධි වන්දනා යනාදී අංගයන්ගෙන් පිරී පැවතින.

Address

15th Floor, "Mehewara Piyesa"
Narahenpita

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:15
Friday 08:30 - 17:00

Telephone

+94112683691

Alerts

Be the first to know and let us send you an email when Department of Community Based Corrections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Community Based Corrections:

Share