19/03/2026
මාධ්‍ය නිවේදනය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
2026.03.18.
========================
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගනිමින් ඇත.
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකල අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිතා කිරීමට පෙළඹී ඇත. එබැවින් වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේ දී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛන වලින් එකක් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්