VTA NVQ සහතිකයලත් වෘත්තිකයෙකු වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න

📚 කැස්බෑව නගර සභා මන්ත්‍රීවරුන් වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ දැනුවත් කෙරේකොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී පුෂ්පා නිලන්ත...
12/06/2026

📚 කැස්බෑව නගර සභා මන්ත්‍රීවරුන් වෘත්තීය පුහුණු අවස්ථා පිළිබඳ දැනුවත් කෙරේ

කොළඹ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී පුෂ්පා නිලන්ති මහත්මිය විසින් කැස්බෑව නගර සභාවේ ගරු මන්ත්‍රීවරුන් සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය පුහුණු වැඩසටහන්, NVQ සුදුසුකම්, තරුණ තරුණියන් සඳහා පවතින පුහුණු අවස්ථා සහ රැකියාමය වටිනාකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙහිදී වෘත්තීය අධ්‍යාපනය තුළින් තරුණ පරපුරට නිපුණතා ලබාදීම, ස්වයං රැකියා හා රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනයට වෘත්තීය පුහුණුවෙන් ලැබෙන දායකත්වය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන ලදී.

සමාජයේ තරුණ තරුණියන් වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීම සඳහා ප්‍රාදේශීය පාලන ආයතනවල සහයෝගය ලබාගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

💻🚀 A/L ඉවර වුණාද? එන්න අපි සමඟ Software Developer කෙනෙක් වෙන්න!තාක්ෂණ ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තියකට පිවිසෙන්න කැමතිද?...
12/06/2026

💻🚀 A/L ඉවර වුණාද? එන්න අපි සමඟ Software Developer කෙනෙක් වෙන්න!

තාක්ෂණ ලෝකයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තියකට පිවිසෙන්න කැමතිද?

🎓 Software Developer – NVQ Level 04 📍 ජාතික වෘත්තීය පුහුණු ආයතනය (NVTI) – නාරාහේන්පිට ⏳ මාස 12ක පූර්ණ කාලීන පාඨමාලාව

📚 මෙම පාඨමාලාව හරහා,

✅ Desktop Application Development (Java Swing & MySQL)
✅ Web Development (HTML5, CSS3, JavaScript, Bootstrap, PHP & MySQL)
✅ Android Application Development (Android Studio, Java, SQLite & Firebase)

යන ක්ෂේත්‍රයන්හි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත හැකිය.

🌟 මෘදුකාංග සංවර්ධකයෙකු ලෙස දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය නිපුණතා වර්ධනය කරගන්න.

📅 2026 නව බඳවා ගැනීම් දැන් ආරම්භ වී ඇත!
www.vtasl.gov.lk

📞 වැඩි විස්තර සඳහා සතියේ දිනවල උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා අමතන්න.

📱 070 269 2013 / 071 444 6784

✈️🏨 Hotel & Tourism පාඨමාලාව සමඟ සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගන්න!මෙම පාඨමාලාව හරහා,👨‍🍳...
12/06/2026

✈️🏨 Hotel & Tourism පාඨමාලාව සමඟ සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගන්න!

මෙම පාඨමාලාව හරහා,

👨‍🍳 වෘත්තීය සූපවේදී (Professional Cookery)
🍽️ ආහාරපාන සේවා (Food & Beverage Service) 🤝 ආගන්තුක සත්කාරක සේවා (Hospitality Services)
🏨 ඉදිරිපස කාර්යාල සේවා (Front Office Operations)
🛎️ හවුස්කීපිං සේවා ( Housekeeping Services)

පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුව ලබාගත හැකිය.

🎓 NVQ Level III & IV 🌍 දේශීය හා ජාත්‍යන්තර හෝටල් හා සංචාරක කර්මාන්තයේ රැකියා අවස්ථා සඳහා ඔබ සූදානම් කරවයි.

https://course.vta.lk/program/desc

📞 වැඩි විස්තර සඳහා සතියේ දිනවල 9.00 A.M සිට 4.00 P.M දක්වා අප අමතන්න.

☎️ 011-7277888 / 011-7270270
📱 WhatsApp: 070 67 67696

VTA – ඔබේ නිපුණතාවයට ලෝකය විවර කරන මඟ! 🌟✈️🏨

🎖️ නාරාහෙන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය – 2026නාරාහෙන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ 2026 ...
12/06/2026

🎖️ නාරාහෙන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය – 2026

නාරාහෙන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ 2026 වර්ෂය සඳහා පත්කළ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාවේදී ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇතුළු ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලු සාමාජිකයින් වෙත නිල ලාංඡන පැළඳවීම සිදු කරන ලදී.

ආයතනය තුළ නායකත්වය, වගකීම සහ විනය වර්ධනය කරමින් අනෙකුත් සිසුන්ට ආදර්ශයක් වීමට ශිෂ්‍ය නායක මණ්ඩලයට මෙම අවස්ථාව මහඟු පිටිවහලක් වනු ඇත.

📚🎓 වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – බිංගිරිය වැල්ලරාව මහා විද්‍යාලයකුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරි ඩිලේකා ජිනදාස ම...
12/06/2026

📚🎓 වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන – බිංගිරිය වැල්ලරාව මහා විද්‍යාලය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරි ඩිලේකා ජිනදාස මහත්මියගේ සම්පත්දායකත්වයෙන්, බිංගිරිය වැල්ලරාව මහා විද්‍යාලය සංවිධානය කළ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන තුළින් සිසුන්ට තමන්ගේ හැකියාවන් හා රුචිකත්වයන් හඳුනාගෙන අනාගත අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ග නිවැරදිව තෝරා ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම් ලබා දෙන ලදී. එමෙන්ම වර්තමාන රැකියා වෙළඳපොළේ අවශ්‍යතා, වෘත්තීය පුහුණු අවස්ථා සහ නිපුණතා සංවර්ධනයේ වැදගත්කම පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලදී.

🎓 පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සාර්ථකව පැවැත්විණිඅම්පාර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරී මහසූන් මහතාගේ ස...
12/06/2026

🎓 පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන සාර්ථකව පැවැත්විණි

අම්පාර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරී මහසූන් මහතාගේ සංවිධානයෙන් පාසල් සිසුන්ගේ අනාගත වෘත්තීය දිශානතිය නිවැරදිව තෝරා ගැනීමට මඟපෙන්වීමේ අරමුණින් පවත්වනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් සමන්තුරේ ජලාල් විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන තුළින් සිසුන්ට වර්තමාන රැකියා වෙළඳපොළේ අවශ්‍යතා, වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම, NVQ සුදුසුකම්, වෘත්තීය පුහුණු අවස්ථා සහ තම හැකියාවන්ට ගැළපෙන වෘත්තීය මාර්ග තෝරා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදී.

තරුණ පරපුරට නිවැරදි වෘත්තීය මඟක් තෝරා ගැනීමට අවශ්‍ය දැනුම සහ ආත්මවිශ්වාසය ලබාදීම මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වන අතර, ඒ සඳහා සහභාගී වූ සියලු දෙනාගේ ඉහළ ප්‍රතිචාර හිමි විය.

🧵✨ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ වෘත්තීය අනාගතයක් NVQ Level III, IV සහ V මට්ටම් යටතේ ප්‍රායෝගික හා කර්මාන්තයට ගැළපෙන පුහ...
11/06/2026

🧵✨ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ වෘත්තීය අනාගතයක්

NVQ Level III, IV සහ V මට්ටම් යටතේ ප්‍රායෝගික හා කර්මාන්තයට ගැළපෙන පුහුණුව ලබාගෙන ඇඟලුම් හා රෙදිපිළි ක්ෂේත්‍රයේ වෘත්තීය නිපුණතාවයන්ගෙන් සන්නද්ධ වන්න.
https://course.vta.lk/program/des

🎓 ජාතික වශයෙන් පිළිගත් NVQ සුදුසුකම්
🏭 කර්මාන්ත අවශ්‍යතාවලට ගැළපෙන පුහුණුව
💼 දේශීය හා විදේශීය රැකියා අවස්ථා
📈 ස්වයං රැකියා හා ව්‍යවසායකත්වයට මඟ

📞 011 7277888 / 011 7270270
📱 070 676 7696
https://course.vta.lk/program/desc/


fans

🎨💻 ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න!Graphic Design ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ස...
10/06/2026

🎨💻 ඔබේ නිර්මාණශීලීත්වය වෘත්තියක් බවට පත් කරන්න!

Graphic Design ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ දැනුම හා ප්‍රායෝගික පුහුණුව සමඟින් ඔබේ අනාගතය නිර්මාණය කරගන්න. 🌟

✅ NVQ Level 4 සහතිකය
✅ Adobe Certified Professional සුදුසුකම
✅ කර්මාන්ත ක්ෂේත්‍රයට ගැළපෙන පුහුණුව
✅100% ප්‍රායෝගික ඉගෙනුම්
✅ රැකියා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තියක්

🖌️ Photoshop | Illustrator | InDesign | After Effects | XD | Photography ඇතුළු නවීන නිර්මාණ මෙවලම් ඉගෙන ගනිමින් වෘත්තීය Graphic Designer කෙනෙකු වීමට අදම එක්වන්න.
🌐 www.vtasl.gov.lk

📍 ජාතික වෘත්තීය පුහුණු ආයතනය – නාරාහේන්පිට
📞 076 900 5932 | 071 9476747

VTA සමඟ ඔබේ අනාගතය නිර්මාණය කරන්න! 🚀

Address

354/2 , "Nipunatha Piyasa", Elvitigala Mawatha
Narahenpita
500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94117270270

Alerts

Be the first to know and let us send you an email when VTA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to VTA:

Share