Office of MOH, Mulatiyana

Office of MOH, Mulatiyana To contribute to social and economic development of Sri Lanka by achieving the highest attainable he

28/05/2026
07/05/2026

2026 වසරේ ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අප්‍රේල් 24 සිට 30 දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා මේ බව පැවසුවේ (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි

1978 වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවද, එමනිසා එන්නත් මගින් දරුවන් රෝග වලින් ආරක්ෂා වී ඇතැයිද පැවසුවේය. මේ හේතුවෙන් පෝලියෝ වැනි රෝග ලංකාවෙන් තුරන් කිරීමට හැකියාවක් ලැබී ඇතැයිද එන්නත් මගින් විශාල වශයෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇතැයිද සඳහන් කළේය.

07/05/2026

📢 විශේෂ මහජන දැනුවත් කිරීමයි.

මෙනින්ජයිටිස් (Meningitis) පැතිරීම වළක්වා ගනිමු!

මෙනින්ජයිටිස් යනු මොළය සහ සුෂුම්නාව අවට ඇති ආරක්ෂිත පටල ඉදිමීමෙන් ඇතිවන බරපතල තත්ත්වයකි. මෙය වළක්වා ගැනීමටත්, ප්‍රජාව ආරක්ෂා කර ගැනීමටත් පහත උපදෙස් පිළිපදින්න.

🛡️ රෝගය වළක්වා ගැනීමට ගත යුතු පියවර:

• දෑත් පිරිසිදුව තබා ගන්න: සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් සෝදන්න. (විශේෂයෙන් වැසිකිළි භාවිතයෙන් පසු සහ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් පසු).

• පෞද්ගලික ද්‍රව්‍ය හුවමාරු නොකරන්න: වතුර කෝප්ප, පිඟන්, දත් බුරුසු හෝ ආහාර ගන්නා උපකරණ අන් අය සමඟ හවුලේ භාවිතයෙන් වළකින්න.

• ජනාකීර්ණ ස්ථාන මඟහරින්න: අනවශ්‍ය ලෙස පොදු රැස්වීම් හෝ සෙනඟ බහුලව ගැවසෙන ස්ථානවලට යාම සීමා කරන්න. හැකි සෑම අවස්ථාවකම මුව ආවරණ පලදින්න.

• පිරිසිදු කිරීම සහ විෂබීජහරණය: දොර මිට්, ස්විච සහ සෙල්ලම් බඩු වැනි නිතර ස්පර්ශ වන මතුපිට නිවැරදිව පිරිසිදු කරන්න.

⚠️ දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා විශේෂ උපදෙස්:
• දරුවන් ගැන විමසිලිමත් වන්න: දරුවෙකුට රෝග ලක්ෂණ ඇත්නම්, සුවය ලබන තෙක් පාසල් එවීමෙන් වළක්වා නිවසේ රඳවා තබා ගන්න.

• වහාම වෛද්‍ය උපදෙස් පතන්න: තද උණ, හිසරදය, වමනය, ආලෝකය දෙස බැලීමේ අපහසුව (Photophobia) හෝ අධික නිදිමත/අලස බව ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.

සෞඛ්‍ය සම්පන්න සමාජයක් වෙනුවෙන් අවධානයෙන් සහ වගකීමෙන් කටයුතු කරමු.

පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ
පනිවුඩයකි.👍🙏

03/02/2026

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2026/02/05 බ්‍රහස්පතින්දා දින මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මුලටියන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී

පෙරවරු 9.00 – 11.00

1.මුලටියන ප්‍රාදේශීය සභාව අසල (කම්මල)
2.දිද්දෙණිපොත තේ කම්හල් කාර්‍යාලය අසල මාලිම්බඩ ගෙදර
3. රෝයිපුරය එන්සාල් දොලේ ගෙදර
4.කන්දෙ බෝ ගස අසල

පෙරවරු11.30-ප.ව 1.30

1. පුවක්වත්ත විහාරස්ථානය
2. සීනිපැල්ල විහාරස්ථානය
3. දිද්දෙණිපොත පිටමාකන්ද
4. දිද්දෙණිපොත මැදගොඩ එනසාල් දොලේ ගෙදර

පස්වරු 2.00 - 4.00

1. මාරගොඩවත්ත පාලම අසල
2. දිද්දෙණිපොත සම්පත් වල අසල
3. දිද්දෙණිපොත බෝධිමලු විහාරස්ථානය අසල
4. දිද්දෙණිපොත නැගෙනහිර නිසංසලා ට්‍රේඩර්ස් අසල

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත්,ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

02/02/2026

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2026/02/03 අහහරුවාදා දින
මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මාකදුර සහ මුලටියන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී

පෙරවරු 9.00 – 11.00
1. බැරගම දොලේ කඩය අසල
2. කොනේ ගෙදර බේකරිය අසල
3. බැරගම පහලවත්ත කඩය අසල

4.මරතැන්න ආරියපොල මහතාගෙ නිවස අසල

පෙරවරු11.30-ප.ව 1.30

1.18 කනුව අසල

2. දෙබෑගලහේන්වල කඩය අසල
3. බැරගම කන්ද සත්මිනි උයන අසල
4. රනගල ගේගාව කටුවනගෙවත්ත අසල

පස්වරු 2.00 - 4.00
1. මුලටියන ඩිපෝව අසල
2. දිද්දෙණිපොත වලගාවත්ත හන්දිය
3. 19 කණුව ප්‍රජා ශාලාව
4. දොලගාවත්ත කඩය අසල

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ. අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

28/01/2026

නොමිලේ සුනඛයින් එන්නත් කිරීමේ ජලභීතිකා සුනඛ එන්නත් වැඩසටහන
2026/01/29 බ්‍රහස්පතින්දා
මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මාකදුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාසයේ දී

පෙරවරු 9.00 – 11.00
1. දන්කැටියමුල්ල ට්‍රාන්ස්ෆෝමරය අසල
2. බැදිපිට කඩය අසල
3. අක්කර 5 මාටින් සමරවික්‍රම මහතාගෙ නිවස අසල
4. අලුකැටියවත්ත ප්‍රජා ශාලාව අසල

පෙරවරු11.30-ප.ව 1.30

1.පාදනැල්ල හන්දිය අසල
2. පරගහලියද්ද කඩය අසල
3. මාකදුර වරුසගෙවත්ත අසල
4. බැරගම බටහිර වඩුගෙදර නිවස

පස්වරු 2.00 - 4.00
1. බටඅතවල ප්‍රජා ශාලාව අසල
2. සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය
3.ප්‍රාදේශීය සභා උප කාර්යාලය අසල.

ඔබ නිවසේ ඇතිකරනා වයස සති 04 ඉක්මවූ සුනඛයින්
මෙම මධ්‍යස්ථානයකට ගෙන ගොස් නොමිලේ එන්නත් කරවාගෙන
ඔබත් ඔබ අසල්වැසියනුත් මාරාන්තික ජලභීතිකා රෝගයෙන් ආරක්‍ෂා වන්න.

06/01/2026
මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වාර්ෂික දානමය පිංකම...2026/01/02...🙏🙏🙏🙏
02/01/2026

මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වාර්ෂික දානමය පිංකම...2026/01/02...🙏🙏🙏🙏

02/01/2026

Address

Mulatiyana
81070

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Office of MOH, Mulatiyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category