කතා අරණේ මනුස්සකම

කතා අරණේ මනුස්සකම " සරණක් අවැසි උන් උදෙසා"

25/09/2022
ආවඩා ආයුබෝවේවා! ඉතිං ආදරණිය රත්තරං යාළුවනේ මේ කියන්න යන්නේ තවත් එක් සත්කාර කතාවක ආරම්භය සහ අවසානය ගැනයි,ඕන්න නමෝවිත්තියන...
23/09/2022

ආවඩා ආයුබෝවේවා!

ඉතිං ආදරණිය රත්තරං යාළුවනේ මේ කියන්න යන්නේ තවත් එක් සත්කාර කතාවක ආරම්භය සහ අවසානය ගැනයි,

ඕන්න නමෝවිත්තියන් අපි මෙවර " කතා අරණේ මනුස්සකම " වැඩසටහන අපි සූදානම් කරේ දුම්බර කදුවැටියේ තවත් එක් සුන්දර ගම්මානයක් වෙන මහනුවරට නෑකම් කියන මිනිපේ ප්‍රා ලේ කොට්ඨාසයේ " ගලමුදුන " ගම්මානයේ,

ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතය හරි කටුකයි කියලා ඉපදුන දා ඉදලා අම්මා අප්පච්චි වින්ද දුක් වලින් දැක්කා. ඒත් ගලමුදුන ගමේ මනුස්සයන්නේ ජීවිතය ඊටත් වඩා කටුකයි කියලා දැනගත්තේ මෙම වැඩසටහන අතරතුරයි, දුන්ගොල්ල ගම්මානයේ ඉදලා ට්‍රක්ටර් එකකු නැගුන අපි සේරම වියලි ආහාර සහ පාසලට අවශ්‍ය පොත් පත් රැගෙන ගලමුදුනට ගියේ ඒ ආදරණිය අව්‍යාජ මිනිස්සුන්ගේ මූනු වලට බලාපොරොත්තුවේ හිනාවත් අරගෙන,

වන දුර්ඝ ගිරි දුර්ඝ මැදින් ගමන් ගත් ඉතාම අසීරු ගමනකින් අනතුරුව පැය එකහමාරකින් අපි ගල මුදුන ගමට ආවේ දරා ගන්න බැරි මහන්සියක් එක්කයි, අපි කලින්ම දැනුවත් කරලා තිබුන සිනා ගලමුදුන ගමේ ඉන්න පවුල් 36 ම ඒ වෙන විට පහල ගෙදරට ඇවිත් හිටියා,ඒ මිනිස්සුන්ගේ හිනාව ඇත්තටම හරිම අව්‍යාජයි, ඒ අව්‍යජ හිනාව අස්සේ තිබුනේ කියා ගන්න බැරි දුක්කිත කතාවක්

" මහත්තයෝ, අපි මේ දුක විදලා විදලා සැපක් ලබන්න නම් වල පල්ලට යන්නම ඕනි "

ඒක තමයි ඒ ආච්චි කෙනෙක් අපට කිව්ව කතාව, ඉතිං ලංකාවෙන් පිට ඉන්න ආදරණිය පිනට ලැදි යාළුවන්ගේ උපකාරායන් සහ ලංකාවේ ඉන්න ආදරණියම හදවත් උණුවෙන අපේම උන්ගෙ උදව්වෙන් අපි ඉතාම වටින වයලි ආහාර මල්ලක් පවුල් 36 ටම ලබා දීමට කටයුතු කලේ කාගෙත් හිත් වලට එක සතියක් පහළට නොයා ඉන්න පුළුවන් කියන සැනසීම ලබා දෙමින්,

මේ සදහා අපට අපට විදේශගත අයියලා අක්කලා නැන්දලා මාමාලා නංගිලා මල්ලිලා ගොඩාක් උදව් කරා එක නමින් නම කියන්න ගියොත් එක නමක් හරි මගහැරෙයි කියලා බයයි.ඒක නිසා ඒ හැමෝටම හදවතින්ම ස්තූතියි සහ ආදරෙයි,
ඊට අමතරව උදව් කරපු ලාංකිය ආදරණිය මිතුරනි ආදරෙයි පැලෙන්න,

ඊට අමතරව මාහට මෙම සත්තාරය මේ තරම් සාර්ථකව කර ගන්න උපකාර කල මගේ ආදරණිය පෙම්වතිය අැතුළු ඔණිම දේකට ඉන්න, මනෝ අයියා, රණයා , රජින්, පවිදු සහ අක්කා, ඔෂාන් අයියා ආදරණිය කුක් අචල මලයා , අසංක මල්ලා, අක්සර මල්ලා, ටෙරා, පැස් ,ස්තූතියි හැමෝටම,

අනේ යන්න වාහනයක් නැතුව ඉද්දි. වාහනේ ලබා දුන්න කලණ මගේ ආදරණියම මිතුරා සහ ඔහුගේ මස්සිනාට හදවතින්ම ස්තූතියි ,

දෙවැනි දවසේ උදාව වුනේ දරුවන් 19 දෙනෙකුගෙන් සපිරුන පුංචි ගල මුදුන පාසලට පොත් පත් ටිකක් ලබා දීම සහ අපට හැකි ලෙසට කෑම වේලක් ලබා දීම ඒක ගැන නම් කියන්න ගොඩාක් දේවල් ඔණි ඒ තරම්ම සංවේදියි කවදාවත් නොකාපු කෑමක් ඒ දරුවන් කෑවේ හරිම ආසාවෙන්, ඒකට නම් හැමෝටම පිං අචලයා ස්තූතියි රසට ඉව්වාට,

හැමදේම අහවර කරලා පහලට ආය බහිද්දි එක මාමා කෙනෙක් මගෙන් පුංචි ඉල්ලිමක් කරා

" මහත්තයා මගේ පුතා හොදට විබාගේ පාස් වෙලා දැන් අයිටී වලින් ඉගෙන ගන්නවා, හසලක ඉස්කෝලේ ඉතිං කොල්ලාට ලැප්ටොප් එකක් අරගන්න ඔණි. මං ගීන් බලව්වා එකයි පනහයි හැත්තැවයි, පුළුවන්නම් මට පරන එකක් හරි කමක් නැ ගන්න උදව් කරන්න මහත්තයා පිං "

ඒ වචන වලට අපිව සංවේදි කරන්න වැඩි වෙලාවක් ගියෙි නැ ඉතිං පුළුවන් කවුරු හරි ඉන්නවනෙම් උදව් කරන්න. ඒ දරුවාට ලැප් එකක් අරන් දෙන්න, ඒක ලොකුම ලොකු පිනක් වෙයි!

ඉතිං අාායත් කියන්නේ උදව් කරපු හැමෝටම පිං!

#කතා_අරණේ_මනුස්සකම

තවත් දුප්පත් පවුලක දරුවෙකුට 06 ශ්‍රේණියට අදාල පොත් කට්ටලය ලබා දීමට හැකියාව ලැබුනා ❤❤❤ සුභ අනාගතයක් පුතේ ❤
05/06/2022

තවත් දුප්පත් පවුලක දරුවෙකුට 06 ශ්‍රේණියට අදාල පොත් කට්ටලය ලබා දීමට හැකියාව ලැබුනා ❤❤❤ සුභ අනාගතයක් පුතේ ❤

ආයුබෝවන් යාළුවන් ඉතිං කොහොමද?ඔන්න ඉතිං අදත් මං කියන්න හදන්නේ දුක් විදින දරුවන්ට පිලිසරනක් වෙන්න හොද අවස්ථාවක් ගැන.ඔයාලාට...
31/05/2022

ආයුබෝවන් යාළුවන් ඉතිං කොහොමද?

ඔන්න ඉතිං අදත් මං කියන්න හදන්නේ දුක් විදින දරුවන්ට පිලිසරනක් වෙන්න හොද අවස්ථාවක් ගැන.

ඔයාලාට මතක ඇතිනේ පහුගිය දවස් වල අපි " කතා අරණේ මනුස්සකම " අරන් ගියේ අනුරාධපුර ඇලයාපත්තුව ගමේ අහිංසක දරුවන් පිරිසක් හොයා කියලා.ඉතිං අපි හිතුවා වගේම ඒ දරුවන්ගේ මුහුණු වලට ලොකු හිනාවක් දීලා අපි ඒ සත්කාරය ඉතාම සාර්ථක ලෙස නිමා කරා, ඒක නොදැක්ක අයට මෙතනින් ගිහින් ඒක බලන්න පුළුවන්,https://m.facebook.com/story.php?story_fbid=1088396432032535&id=100025865664072

ඉතිං යාළුවනේ මෙදා පාර කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.

මෙදා පාර අපි යන්න හිතන් ඉන්නේ බංලගොඩ බෙල්හුල්ඔය ප්‍රද්‍ෙශයේ නන්පේරියල් දෙමල විද්‍යාලයට සහ ඒ සමගම සුසංයෝගයකින් තියන
පින්නවල දෙමල විද්‍යාලයට, දවසට දැඩ් දුෂ්කරතා මැද තම අද්‍යාපන කටයුතු වලට පියමනින දරුවන් 318 මෙම පාසල් ද්විත්වයේ අද්‍යාපන කටයුතු හදාරනවා කියලා තමයි අපට එහි විදුහල්පති වන රමේෂ් සර් කිව්වේ,

ඉතිං ඒ දරුවන්ට අත්‍යවශම දේවල් කියලා එතුමා කීවේ නම් සපත්තු සහ කොපි පොත්, මොකද ඉතාම දුර ගෙවාගෙන එන දරුවන් ඉන්නවාලු.එයාලාට අදටත් සපත්තු නැල්ලු.ඒ වගේමයි කොපි පොත්.සමහර දරුවන් පරණ ලියපු ඒවා මක මකා ලියන තැනට පත් වෙලාලු.

ඉතිං සපත්තු තුන්සීයකට අධික සංඛ්‍යාවක් ලබා දීමට අපට හැකියාව නොමැති නිසා.අපි උත්සහ කරන්න හිතුවේ කොපි පොත් ටික ලබා දෙන්න.
ඉතිං ඒ සදහා අවශ්‍ය කොපි පොත් වර්ග දෙක තමයි

තනිරුල් පිටු 160 = 1625
කොටුරූල් පිටු 160 = 650

ඉතිං මේක ටිකක් ලොකු කාර්‍යයක්.ඔයාලාටත් පුළුවන්නම් අපට එක පොතක් 📚 හරි ලබා දෙන්න ඇත්තටම ඒක මහගු පිනක්.

තෙරුවන් සරණයි ඔබ සියළුම දෙනාට!

විමසීම් - 076 3288853 ළහිරු ගිම්හාන

Address

Moratuwa

Telephone

+94763288853

Website

Alerts

Be the first to know and let us send you an email when කතා අරණේ මනුස්සකම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share