ආපදා සහන සේවා මොනරාගල

ආපදා සහන සේවා මොනරාගල Disaster Relief Services for Monaragala District People

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස...
23/04/2026

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 අප්‍රේල් මස 23 දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි
2026 අප්‍රේල් මස 23 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී...

16/04/2026
2025 දෙසැම්බර් මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය..ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල...
21/12/2025

2025 දෙසැම්බර් මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය..
ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස...
10/12/2025

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2025 දෙසැම්බර් මස 10 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි
2025 දෙසැම්බර් මස 10 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

26/11/2025
2025 ඔක්තෝම්බර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය.ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමි...
22/10/2025

2025 ඔක්තෝම්බර් මස 22 දින සඳහා කාලගුණ අනාවැකිය.

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම පද්ධතිය අද (22) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු සහ දකුණු අන්ද්‍රා ප්‍රදේශ වෙරළ ආසන්නයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීම් මධ්‍යස්ථානය...
21/10/2025

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින්
2025 ඔක්තෝම්බර් මස 22 වන දින ප.ව. 08.30 දකවා වලංගු වන පරිදි නිකුත් කරන ලදී. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

2025 ඔක්තෝම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය...දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පව...
21/10/2025

2025 ඔක්තෝම්බර් මස 21 දින සඳහා කාලගුණ අනාවැකිය...

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එය ඉදිරි පැය 24 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇත. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.. (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

2025 ඔක්තෝම්බර් මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය.දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇත.  දිවය...
20/10/2025

2025 ඔක්තෝම්බර් මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය.

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පැවතිය හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.. (කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව)

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස...
06/10/2025

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2025 ඔක්තෝම්බර් මස 06 වන දින ප.ව. 11.00 දක්වා වලංගු වන පරිදි
2025 ඔක්තෝම්බර් මස 06 වන දින ප. ව. 01.30 ට නිකුත් කරන ලදී.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව)

Address

Monaragala
Monaragala

Alerts

Be the first to know and let us send you an email when ආපදා සහන සේවා මොනරාගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ආපදා සහන සේවා මොනරාගල:

Share

Category