Kavee - කවී

Kavee - කවී එ්ක දිග කතාවක්.....�

14/09/2026

මතක #සදාකාලිකයි 🍃

14/09/2026

☠️

14/09/2026

හිතන්න කපුටෙක් බිම වැතිරිලා ඉන්නවා. තටු දෙපැත්තට විහිදාගෙන ඉන්න හැටි දැක්කම මොකක් හරි අමාරුවකින් ඉන්නවා කියලා ඕනෙම කෙනෙකුට පේනවා.

මම දැකපු වීඩියෝ එකකත් තිබුණේ මේ වගේම දෙයක්. මම මුලින් හිතුවේ වාහනයකවත් හැප්පිලාද දන්නේ නැහැ කියලා. හැබැයි ළං වෙලා බලද්දි තමයි තේරුනේ, ඒ කපුටා ඉන්නේ ලොකු කූඹි ගුලක් උඩ.

කූඹි අහුරු පිටින් අරගෙන තටු අස්සට දාගන්නවා.

මට මුලින් හිතුවේ මේ මොන පිස්සු වදක්දක් කියලා. මොකද කූඹියෙක් කෑවම දැනෙන වේදනාව අපි දන්නවනේ. ඉතින් හිතන්න සතෙක් හිතාමතාම කූඹී ගුලක් උඩ ලැගලා ඉන්නේ ඇයි ?

ඇත්තටම මේක කුරුල්ලෝ කරන හරිම අමුතු පුරුද්දක්.

විද්‍යාඥයෝ මේකට කියන්නේ 'Anting' කියලා. සරලවම කිව්වොත් කූඹි නෑමක්.

මම මේ ගැන තව විස්තර හෙව්වා. මේක අලුත් කතාවක් නෙවෙයි. 1930 ගණන්වල ජර්මන් ජාතික විද්‍යාඥයෙක් හිටියා. ඔහුගේ නම අර්වින් ස්ට්‍රෙසමන්. ඔහු තමයි මේ හැසිරීම ගැන මුලින්ම ලියලා තියෙන්නේ. ඊටපස්සෙ ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලය මේ ගැන පරීක්ෂණ කළා.

කුරුලු විශේෂ දෙසීයකට වඩා මේ වැඩේ කරනවා.

කපුටෝ විතරක් නෙවෙයි. මයිනන්, දෙමලිච්චන් සහ පොල්කිච්චන් වගේ පුංචි කුරුල්ලොත් එහෙමයි.

හැබැයි පුදුම දේ ඒක නෙවෙයි.

කුරුල්ලෝ මේ වැඩේට හැම කූඹියවම ගන්නේ නැහැ. උන් තෝරගන්නේ සැර කූඹි විතරයි.

විශේෂයෙන්ම 'ෆෝමිසිනේ' කියන කූඹි වර්ගය. මේ කූඹින්ට විෂ විදින දළ නැහැ. හැබැයි උන් කටින් හයියෙන් හපනවා. ඊටපස්සේ උදරය කෙළවරින් සැර දියරයක් විදිනවා. ඒ විදින්නේ කියන්නේ 'ෆෝමික් ඇසිඩ්'.

මේක හරිම සැර ඇසිඩ් එකක්. අපේ ඇඟේ ගෑවුණත් දැවිල්ල ගන්නවා. විනාකිරි වගේ සැර ගඳකුත් එනවා. ඉතින් කුරුල්ලා මේකෙන් ප්‍රයෝජන ගන්නවා. ඔවුන් ක්‍රම දෙකකට ඒක කරනවා. එක විදියක් තමයි හොටෙන් කූඹියාව අරන් තටු යට තියාගන්න එක. අනිත් ක්‍රමේ කූඹි ගුල උඩ තටු විහිදුවාගෙන වාඩි වෙන එක. එතකොට කූඹි ඇඟ පුරා දුවනවා.

මේක නිකන් අපි ඩෙටෝල් දාලා නානවා වගේ.

ඔබ දන්නවද කුරුල්ලන්ගේ පිහාටු අස්සේ වෙනම ලෝකයක් තියෙනවා. ඒක අපිට පියවි ඇහැට පේන්නේ නැහැ.

අපි හිතන්නේ පිහාටුවක් කියන්නේ හරිම පිරිසිදු දෙයක් කියලා. හැබැයි අන්වීක්ෂයකින් බැලුවොත් ඔබට පෙනෙයි, පිහාටු අස්සේ උකුණෝ පිරිලා. මයිටාවෝ සහ දිලීර දහස් ගණන් ජීවත් වෙනවා.

මේ පරපෝෂිතයෝ කුරුල්ලන්ට ලොකු වදයක්. උන් පිහාටු කනවා. කුරුල්ලාගේ සම විදිනවා. අන්තිමට කුරුල්ලන්ට පියාඹන්නත් බැරි වෙනවා.

කූඹි විදින ඇසිඩ් එකෙන් වෙන්නේ පිහාටු අස්සෙ ඉන්න අර පුංචි සත්තු ටික ක්ෂණිකව නැතිවෙන එක.

මේක ස්වභාවධර්මයේ තියෙන අමුතුම බෙහෙතක්.

හැබැයි මේ කතාවේ තව පැත්තක් තියෙනවා. ඒක ඇත්තටම මාව පුදුම කළා.

කෘමීන් ගැන පර්යේෂණ කරපු තෝමස් අයිස්නර් කියලා විද්‍යාඥයෙක් ඉන්නවා. ඔහු කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේක බෙහෙතක් විතරක්ම නෙවෙයිලු.

කුරුල්ලන්ට කූඹි කන්න ඕන වෙනවා. හැබැයි කූඹියාගේ ඇඟේ තියෙන ඇසිඩ් එක සැර වැඩියි. ඒක කෙළින්ම බඩට ගියොත් උගුරයි බඩවැලයි දැවිල්ල ගන්නවා.

ඒ නිසා කුරුල්ලා උපක්‍රමයක් පාවිච්චි කරනවා. ඌ කූඹියාව පිහාටුවල තදින් අතුල්ලනවා. එතකොට කූඹියා තමන් ළඟ තියෙන ඇසිඩ් ඔක්කොම විදලා ඉවර කරනවා.

දැන් කූඹියාගේ ඇඟේ ඇසිඩ් බිංදුවක්වත් නැහැ. ඊටපස්සේ කුරුල්ලා ඌව බයක් නැතුව ගිලිනවා.

හරියට අපි අන්නාසි කද්දි ලුණු වතුරෙන් හෝදනවා වගේ වැඩක්.

එතකොට මේක ලෙඩට ගන්න බෙහෙතක්ද? නැත්නම් කෑම කන්න කලින් කරන සූදානමක්ද?

විද්‍යාඥයන්ටත් තාම මේකට එක උත්තරයක් නැහැ. මොකද සමහර කුරුල්ලෝ කූඹිව අතුල්ලලා කාලා දානවා. හැබැයි තවත් සමහරු කූඹිව කන්නේ නැහැ. උන්ව ඇඟ පුරා දුවන්න ඇරලා ඇස් පියාගෙන ඉන්නවා. හරියට ස්පා එකක මසාජ් එකකට ගියා වගේ.

සමහරවිට ඒකෙන් උන්ට ලොකු සුවයක් දැනෙනවා ඇති. පරණ පිහාටු හැලිලා අලුත් පිහාටු එද්දි කුරුල්ලන්ගේ ඇඟ හයියෙන් කසනවා. අන්න ඒ වෙලාවට මේ ඇසිඩ් එකෙන් සම සිසිල් වෙනවා වෙන්න පුළුවන්.

මීටත් වඩා පුදුම හිතෙන අලුත් කතාවකුත් තියෙනවා.

මෙක්සිකෝවේ ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ අපූරු දෙයක් හොයාගත්තා. නගරබද කුරුල්ලෝ පාර අයිනේ තියෙන සිගරට් කොටු අහුලනවා. උන් ඒක අරන් ගිහින් කූඩුව ඇතුළේ අතුරනවා. එහෙම කරන්නේ කූඩුවේ ඉන්න මයිටාවන් සහ උකුණන්ව නැතිකරලා දාන්නයි. ඒ විතරක් නෙවෙයි. කූඹි නැති වෙලාවට කුරුල්ලෝ දෙහි ලෙලි සහ දුම්කොළ පවා තටුවල අතුල්ලනවා.

මම මුලින් හිතුවේ උන් නිකන්ම කුණු අහුලනවා කියලා. හැබැයි බලාගෙන ගියාම එහෙම නෙවෙයි.

සිගරට් එකේ නිකොටින් තියෙනවා. නිකොටින් කියන්නේ සැර කෘමි නාශකයක්.

කුරුල්ලෝ ඒ රහස දන්නවා. උන් සැර රසායන පාවිච්චි කරලා ලෙඩ රෝග නැති කරගන්නවා. කූඹි නැති පරිසරයකදි උන් මිනිස්සුන්ගේ කුණු ගොඩෙන් බෙහෙත් හොයාගන්නවා. හැබැයි මේ විස නිසා උන්ගේ ඇඟට හානි වෙනවද කියලත් විද්‍යාඥයෝ තවම හොයනවා.

කපුටා කියන්නේ නිකන්ම කුණු කන සතෙක් නෙවෙයි.

උන්ට පුදුම මොළයක් තියෙන්නේ. මිනිස්සු ඖෂධ හොයාගන්නත් කලින්, සත්තු තමන්ගේ ලෙඩවලට ප්‍රතිකාර සොබාදහමෙන්ම හොයාගෙන තියෙනවා.

මේක දැක්කම මට එක දෙයක් හිතුණා.

අපි හිතන්නේ ලෝකේ ඔක්කොම දන්නේ මිනිස්සු විතරයි කියලා. හැබැයි වටපිට බැලුවම ඒක වැරදියි කියලා තේරෙනවා. අපිට වඩා කලින් ආපු පුංචි සත්තු තමන්ගේ ජීවිතේ බේරගන්න මොන තරම් දේවල් කරනවද?

අපි තවම නොදන්න මේ වගේ කී දාහක් රහස් සොබාදහම ඇතුළේ හැංගිලා ඇත්ද?





13/09/2026
09/09/2026

💔🥹

Address

Mirigama

Telephone

+94771462117

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee - කවී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category