08/08/2026
*“අත්තම“ වැඩසටහන ක්‍රියාත්මක කිරීම - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රඹෑව* ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර "අත්තම" ජාතික වැඩසටහනේ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රධාන වැඩසටහන පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර යන තේමාව යටතේ "දැකුම්කලු දිවයිනක්- සොම්නසින් පිරි ජනතාවක් " බිහිකිරීම අරමුණු කරගත් මෙම වැඩසටහට අදාල සමාරම්භක උත්සවය හා ශ්‍රමදානය 2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා දින පෙ.ව. 10.00ට රඹෑව නගර මධ්‍ය යේ දී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු සුසන්තකුමාර නවරත්න මැතිතුමා, රඹෑව ප්‍රාදේශය සභාවේ සභාපති ගරු දිනේෂ් කුමාර මැතිතුමා, උපසභාපති ජේ.පේමදාස මැතිතුමා, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනනේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නියෝජිත ජේ.නිලන්ත ජයවර්ධන මැතිතුමා ඇතුළු ප්‍රාදේශය සභා කාර්යය මණ්ඩලය හා රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ජී.සී.කේ. මඩුගල්ල මහතා, සහකාර අධ්‍යක්‍ෂ තුමිය ඇතුළු ක්‍ෂේත්‍ර නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක නිලධාරීන්, මැදවච්චිය හා මිහින්තලය පොලීස් ස්ථාන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් , පූනෑව නාවික හමුදා කදවුුර නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් හා රඹෑව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය නියෝජනය කරමින් පැමිණි මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් හා රඹෑව ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයින් හා ඉකිරිගොල්ලෑව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් ගේ සක්‍රීය දායකත්වයෙන් රඹෑව නගර මධ්‍යයේ සිට ඉකිරිගොල්ලෑව දක්වා A 9 මාර්ගය දෙපස පවිත්‍ර කටයුතු ඉතා සාර්ථක ලෙස සිදු කෙරිණි.