දිනවමු මවු රට

දිනවමු මවු රට රටේ ඉදිරි ගමනට තරුණ ජවය

PCC CRICKET BASHERS 2024Hosted by the 2007 & 2009 Old ChapsPinnawala Central College.Dear Old PinnawalianzRegister your ...
27/02/2024

PCC CRICKET BASHERS 2024

Hosted by the 2007 & 2009 Old Chaps
Pinnawala Central College.

Dear Old Pinnawalianz
Register your team now.

16 teams slots available

Registration fee 2000/= only

Account Details
248200650034089
G.W.K.G.P Wedage
Peoples Bank
Aranayaka

Date: April 7th, 2024
Venue: Bathamburaya Public Ground

Join us for a thrilling day of cricket.

Tournament format - 8 side knockout

Get ready with your team with your own team jersey to witness the thrill, the excitement, and the glory.

special gift for the most catchy jersey

For registration and inquiries, contact:

Keshara 0719702496
Gavesha 0714714663
Buddhika 0712869459
Wedage 0772734159

තවදුරටත් වසර 73 ක ඉතිහාසයෙ මුව හමට තලමුද..?අප එදා සිටම කරේ පවතින වැරදිවලට ඉතිහාසයට බැන අඬගැසීමයි. තවදුරටත් එය වලංගු නැත....
05/03/2021

තවදුරටත් වසර 73 ක ඉතිහාසයෙ මුව හමට තලමුද..?

අප එදා සිටම කරේ පවතින වැරදිවලට ඉතිහාසයට බැන අඬගැසීමයි. තවදුරටත් එය වලංගු නැත. සුවබර අනාගතයක පෙරනිමිති පහළ වෙමින් ඇත.

රාජ්‍යය ඖෂධ නීතිගත සංස්ථාව පිටරටින් රුපියල් 132 කට ආනයනය කර ඇති Nimodipine පෙත්තක දේශීය නිෂ්පාදන පිරිවැය රුපියල් 57 කි. අප අපේ බෙහෙත් අපේ රටේ නිෂ්පාදනය කරන්නට පටන්ගෙන ඇත. මේ ඉතිරි කරන්නේ ඔබේ මගේ මුදල් නෙවේ ද..? අපේ දරුවන්ගෙ අනාගතය නෙවේ ද..?

දේශීය හුරුවක් ඇති අපේම කියා ස්වයංපෝෂිත ආර්ථිකයක දැඩි උවමනාවක් තිබුණත් අපට ආරම්භයක් තිබුනේ නැත. අප හැමදාම සිරිමාවො මැතිණියගේ " සිරි රට දේ සිරි සැප දේ " සංකල්පය පිළිබඳව උදම් ඇනුවා පමණි. නැවතත් අපට කවදා අප ගැන උදම් අනන්නට සිදු වේදැයි අපට තිබුණේ සිහිනයක් පමණක්මය.

සිහින යථාර්ථයක් කරන නායකයෙකු අපට පහලව ඇත. මේ රටේ හෙට දවසේ උපදින පරම්පරාව වාසනාවන්තය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි එදා ඔබ ඉදිරියෙන් ගැසු කතිරය ගැන මට ඇත්තේ ආත්මාභිමානයකි.

ඔහොම යමු. " අප රට දේ සිරි සැප " දෙන වර්තමානයක සාඩම්බර උරුමක්කාරයෙකු වීමට මම පිංවන්තයෙකු වී ඇත.

යන මග හොදට තිබේ නම්...
යන්න දෑසත් පෙනේ නම්....
කිම බැදි වල යන්නේ...
මං මුලා වු එකෙකු සේ....

නිලන්ත සත්සර ගමගේ ✍️

සමාජය වෙනස් විය යුතුව ඇත. ඒ සඳහා තනි තනිව අපද අපව නියෝජනය කරන්නන්ද වෙනස් විය යුතුය. රටට නායකත්වය දෙන්නන්ද එපරිදිම වෙනස් ...
25/12/2019

සමාජය වෙනස් විය යුතුව ඇත. ඒ සඳහා තනි තනිව අපද අපව නියෝජනය කරන්නන්ද වෙනස් විය යුතුය. රටට නායකත්වය දෙන්නන්ද එපරිදිම වෙනස් විය යුතුය. අපව නියෝජනය කරමින් අපට නායකත්වය දෙන පිරිස් තේරීමේ අවස්ථාවක් තවත් අඩ වසකටත් නුදුරු කාලයකදී ඔබට අපට එළඹේ. ඔබ අප නිවැරදි තීන්දුවක් ගත යුතුය ඒ වෙනුවෙන් පරමාධිපත්‍යයේ බලය හිමි අප අපේ කේවල් කිරීමේ හැකියාව තේරුම් ගෙන කටයුතු කල යුතුය. පාර්ලිමේන්තුවට පත්වන 225 තීරණය කල යුත්තේ අපමය. එසේනම් ඔවුන් කරන දේටද වග කිව යුත්තේ අපමය. ඔබට අපට වගවිය හැකි පුද්ගලයෙක් වෙනුවෙන් පමණක්ම ඔබේ ඡන්දය භාවිතා කරන්න

එළවළු මිල අසීමිත ලෙස ඉහල යාමට මේ දිනවල බලපා ඇති ප්‍රධානතම හේතුව මාස ගණනක් පුරා පවතින අධික වැසි සහිත කාලගුණය නිසා වගාවන්ට...
19/12/2019

එළවළු මිල අසීමිත ලෙස ඉහල යාමට මේ දිනවල බලපා ඇති ප්‍රධානතම හේතුව මාස ගණනක් පුරා පවතින අධික වැසි සහිත කාලගුණය නිසා වගාවන්ට සිදුවූ හානි බව පිළිගත යුතු කරුණකි. නමුත් අපි දශකයක් ඇතුලත ලෝක ආහාර අර්බුධයකටද කිසිදු අපහසුවකින් තොරව සාර්ථකව මුහුණ දුන් රටක පුරවැසියන් වෙමු. මේ වනවිට අවුරුදු 25ට වැඩි වයසක් සහිත පිරිසෙන් අති බහුතරය එම අර්බුධය ජයගන්නට දායකත්වය දැක්වූවන් බවද ප්‍රකාශ කල යුතුය. එකල සෑම නිවසකම පාහේ එළවළු වර්ග කිහිපයක් මිරිස් පැල දෙක තුනක් දකින්නට ලැබුනි. වගා කරන්නට බිමක් නැති අයවළුන් බඳුන්වලද පොහොර කවර වලද වගාකලෝය. ගලවා ඉවත් කල වැහි පීලී PVC නලද වගා සඳහා භාවිත කලෝය. එලෙස වගාවට යොමු වීමේ ප්‍රථිපලයක් ලෙස එළවළු වගා නොකල අයටද වෙළෙඳපොළ තුල තරඟයක් නොමැතිව එළවළු සාධාරණ මිලට මිලදී ගැනීමට හැකියාව ලැබුනි. අපි පැමිණි ඒ ගමන නොවෙනස්ව පැමිණියේනම් බොහෝ පිරිසක් ඇති කල යුතුයැයි හඬ නඟන කාබනික වගාවන් මේ වනවිටද බහුලව ව්‍යාප්තවී පවතිනු ඇත. නමුදු එය අතරමග බිඳ වැටුනි. එහි ප්‍රතිඵල දැන් අපි අත්විඳින්නෙමු. අමු මිරිස් 1kg රුපියල් 1000ක් වනවිටද ඔබ අපි බුකියේ කයිවාරු ගැසුවා මිස මිරිස් පැලයක් සිටුවන්නට කටයුතු නොකලෙමු. පාලකයෝද ඒ සඳහා මග පෙන්වන්නට තරම් පැසුණු බුද්ධියකින් හෙබි නොවුනි. එසේ වූවානම් අද අපි ලාබෙට එළවළු සොයනවා වෙනුවට ගෙදර වත්තෙන් නෙලාගත් නැවුම් එළවළු සතුටින් ආහාරයට ගන්නවා ඇත.
දැන් නැවතත් වෙනස් වන්නට කාලය පැමිණ ඇත. තරුණයන් අවධි වී ඇත ස්වේච්ඡාවෙන් ඕනෑම දෙයක් කරන්නට ඔවුන් පෙළඹී ඇත. ඔවුන්ටද යහපතක් වන පරිදි තරුණ ගොවිපළවල් ආරම්භ කිරීමටත් ඒවායේ නිශ්පාදන සාධාරණ මිලකට වෙළඳපොල වෙත යොමුකොට පාරිභෝගිකයාට පහසුවක් සලසන්නටත් හැකියාව ඇත. එමගින් විරැකියාවට මෙන්ම එළවළු මිලටද විසඳුම් ලැබෙනු ඇත. තරුණ පරපුරද යහපත් ආකල්ප ඇති සමාජය ගොඩනගන පිරිසක් වනු ඇත. මෙයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට වගකිවයුත්තන්ගේ දෑස් විවර වේ යැයි විශ්වාස කරමි.

18/12/2019
මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි - නලින් ද සිල්වාමූලාශ්‍රය www1.kalaya.orgවිග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු ...
18/12/2019

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි

- නලින් ද සිල්වා
මූලාශ්‍රය www1.kalaya.org

විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග සංගත දේත් තියෙනවා. විජය වංගයෙන් ලංකාවට ආපු එක බොරුවක් නො වෙයි. විජයත් එක්ක මහා පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා. වංගයෙ (බෙංගාලයෙ –- බංග්ලාදේශයෙ) පුණ්ඩ්‍රා කියල කුඩා ප්‍රාන්තයක් තියෙනවා. ඒකෙන් තමයි විජය ඇවිල්ල තියෙන්නෙ. ඒත් මහාවංසයෙ පුණ්ඩ්‍රාවක් ගැන කියැවෙන්නෙ නැහැ. ඒත් පාණ්ඩ්‍ය දේශයක් ගැන කියැවෙනවා.

විජය රජුට කුවේණියගෙන් පස්සෙ කුමාරිකාවක් ගෙනත් තියෙන්නේ ඒ පුණ්ඩ්‍රා දේශයෙන් මිසක් දකුණෙ තිබුණ පාණ්ඩ්‍ය දේශයකින් නො වෙයි. විජය රජුගෙ මල්ලි සුමිත්ත හිටියෙ කොහෙ කියල ද හිතන්නෙ. සුමිත්තගෙ පුතා පණ්ඩු වාසුදේව වුනෙ කොහොම ද? විජය වංගයෙන් එන විට මල්ලි හිටියෙ දකුණෙ පාණ්ඩ්‍ය දේශයක ද? කොහොමත් සිංහල මිනිසුන්ගෙ ජානවලත් බංගලි මිනිසුන්ගෙ ජානවලත් සම්බන්ධකමක් තියෙනවා.

විජය ඇවිල්ල තියෙන්නෙ බංගලිදේශයේ පුණ්ඩ්‍රාවෙන්. ඒ නැගෙනහිර පුණ්ඩ්‍රාව. තවත් පුණ්ඩ්‍රාවක් තිබිල තියෙනවා බටහිර. ඒකෙනුත් ලංකාවට කුමාරයො රජවරු ඇවිල්ල තියෙනවා. සෙනරත් පරණවිතාන මහතා ග්‍රීකයන් හා මෞර්යයන් ගැන ලියල තියෙන පොත කියවන්න.

ඒ බටහිර පුණ්ඩ්‍රාවෙන් සිංහල කියල ග්‍රීක කුමරියක් විවාහ කරගත් රජෙක් ලංකාවට ඇවිත් තියෙනවා. රාජාවලියෙ පණ්ඩුකාභය දෙන්නකු ගැන කියවෙනවා. ඒ වී සුරවීර මහතා කියන්නෙ පණ්ඩුකාභය දෙදෙනකු ගැන කීමෙන් රාජාවලිය වරදක් කරල තියෙන බව. ඒ මහාවංසයට සාපේක්‍ෂව. මහාවංසය වැරදිලා රාජාවලිය නිවැරදි වෙන්න බැරි ද? රාජාවලියෙ ගණතිස්ස කෙනකු ගැන කියැවෙනවා. මහාවංසෙ ගණතිස්ස කෙනෙක් නැහැ.

පරණවිතාන මහතා දක්වන පොත් අනුව මුටසීව හෙවත් මුරුණ්ඩ ශිව සිංහලගෙ පුතා. මුරණ්ඩ ශිවගෙ පුතා පණ්ඩුකාභය. මහාවංසයට අනුව මුටසිව පණ්ඩුකාභයගෙ පුතා. වත්මන් පරම්පරාව අහන විධියට මටත් අහන්න පුළුවන් අවුල් ද කියල. මහාවංසයයි රාජාවලියයි පරණවිතාන මහතා දක්වන පොතුයි එකතු කරල සංගත කතාවක් හදන්න පුළුවන්. ඒක පස්සෙ දවසක කරන්නන්.

අද මට තියෙන්නෙ පොඩි දෙයක්. විග්නේෂ්වරන්ට ආධාර කරන්න. මහාවංසයෙ බොරු තියෙනවා. මා නැහැයි කියන්නෙ නැහැ. එක බොරුවක් තමයි එළාර සොළී කියන එක. එළාරගෙ (රාජාවලියෙ එළාල) කාලෙ සොළී බලවත් නැහැ. එළාර සොළී නො වෙයි. මහාවංසය ලියූ කාලෙ සොළීන් තරමක් බලවත්. සොළීන් ලංකාවටත් එන්න පටන් අරන්. මහාවංසය පස්වැනි සියවස එළාර කාලෙටත් ප්‍රක්‍ෂෙපණය කරලා. එළාර සොළියකු කරලා. එළාර සොළී නොවෙයි. මහාවංසය එතැන දි බොරු. මහාවංසය බොරු කියල කියන විග්නේෂ්වරන් නිවැරදියි.

එළාර දෙමළ කියන්න දෙමළ ජාතිවාදීන්ට තියෙන එක ම සාක්‍ෂිය මහාවංසය විතරයි. එළාර දෙමළ නොවෙයි. විග්නේෂ්වරන් නිවැරදියි. එළාර දෙමළ නොවෙයි නම් කවුද? ඔහු පර්සියන් සම්භවයක් තිබුණු අයෙක්. අර එළදෙන ඝණ්ඨාරය නාද කරපු කතා තිබුණෙ පර්සියාවෙ. සොළීන් ලඟ නො වෙයි. විග්නේෂ්වරන් නිවැරදියි. මහාවංසය එතැන දි බොරු.

පරණවිතාන මහතා හොඳ කතාවක් කියනවා. මා මේ කතා සියල්ල එකතු කරල පස්සෙ සංගත කතාවක් කියන්නම්. අශෝක රජුගෙ පියා බින්දුසාර රජු අර කලින් කී සිංහල පරද්දන්න ශස්ත්‍ර දමිඩ කියල සෙනෙවියකු යවල තියෙනවා. ඊට පසසෙ කාලෙක අශෝක රජු ශස්ත්‍ර ද්‍රමිඩගෙ පුතා මහාරිෂ්ට සෙනෙවියා ඇරල තියෙනවා උත්තිය රජුට විරුද්ධ ව ක්‍රියා මාර්ගයක් ගන්න. සිංහල රජුගෙ ඉඳන් උත්තිය රජු දක්වා අනුරාධපුර (තම්මැන්නාවෙ) රජවරු බටහිර පුණ්ඩ්‍රා දේශයත් තම්මැන්නාවත් පාලනය කරල තියෙනවා. අශෝක රජු දේවානම්පිය තිස්ස රජුට දෙවැනි අභිෂේකයක් ලබා දීල තියෙන්නෙ ඒ පුණ්ඩ්‍රා හා ඇතැම් විට ආන්ද්‍රා දේශයත් දේවානම්පිය තිස්ස රජුට අයත් බව පිළිගැනීම සඳහා වෙන්න පුළුවන්.

එළාර කියන්නෙ මහාරිෂ්ටගෙ පුතෙක්. එතකොට එළාර කියන්නෙ අර ශස්ත්‍ර දමිඩගෙ මුණුබුරා. අශෝක රජුගෙ මිනිහෙක් කියල කියන්න පුළුවන්. මෙරට යවන වගේ ම දමෙඩ මිනිසුන් ද ඉඳලා තියෙනවා. (පළමුවැනි) පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙ යවනයන්ට (ග්‍රීකයන්ට) එක් පෙදෙසක් වෙන් කරල දීල තියෙනවා. පණ්ඩුකාභයගෙ බිසව ග්‍රීක ද? පරණවිතාන මහතා දක්වන පොත්වල ඉන්න ස්වර්ණාක්‍ෂි ග්‍රීක කුමාරිය හා ස්වර්ණපාලි කියන්නෙ එක්කෙනා ම ද?

එතකොට අර දමෙඩ. දමෙඩ කියන්නෙ ශස්ත්‍ර දමිඩගෙන් පැවත එන අය. ශස්ත්‍ර දමිඩ පාටළීපුත්‍රයට ඇවිත් තියෙන්න පර්සියාවෙන්. එතකොට එළාරත් පර්සියානු සම්භවයක් ඇති දමෙඩ. දමෙඩ කියන එක දෙමළ සමග පටළවා ගෙන. එළාර සොළී කරලා. මහාවංසයෙ බොරුත් තියෙනවා. එළාර සොළී කියන එක බොරුවක් තමයි.

එළාර ධර්මිෂ්ඨ රජකු හැටියටයි මහාවංසයත් කියන්න. එහෙම නම් ඔහු දෙමළ වෙන්න බැහැ. කාම්බෝජයෙ ඇතැමුන් ආගමක් නැති කළහකාරී මිනිසුන්ට කියන්නෙ දෙමළ කියලා. සිංහල සම්ප්‍රදායෙන් වෙන්න ඕන කාම්බෝජයට ඒ ව්‍යවහාරය ලැබිල තියෙන්නෙ. කාම්බෝජ හාමුදුරුවරු ලංකාවට ඇවිත් තියෙනවා ථෙරවාදය ඉගෙන ගන්න. ඒ දහතුන්වැනි සියවසේ පමණ. ඊට පස්සෙ ලියැවුණු රාජාවලියෙ පෘතුගීසීන් හඳුන්වලා තියෙන්නෙත් දෙමළ හැටියට. අපේ ථෙරවාද සම්ප්‍රදායෙ ධර්මිෂ්ඨයන් දෙමළ වී නැහැ. කොයි විධියට බැලුවත් එළාර දෙමළ නොවෙයි. මහාවංසය බොරු කියල. විග්නේෂ්වරන් නිවැරදියි.
Kelum Jayasumana අයියගෙන් ගත්තෙ

අරනායක ප්‍රදේශයේ ගෙවතු වගාවන්ට හානි කරන සතුන් අතර ප්‍රධාන වන්නේ ඌරන්, ඉත්තෑවන් සහ රිළවුන්. එයින් රිළවුන් ගමට ඒම වැළැක්වී...
17/12/2019

අරනායක ප්‍රදේශයේ ගෙවතු වගාවන්ට හානි කරන සතුන් අතර ප්‍රධාන වන්නේ ඌරන්, ඉත්තෑවන් සහ රිළවුන්. එයින් රිළවුන් ගමට ඒම වැළැක්වීමට අපට පහසු ක්‍රම සොයා ගත හැකියි. රිළවුන් ගම් වැදීමට ප්‍රධානම හේතුව ඔවුන්ට ආහාර හිග වීමයි. අරනායක ආසනය පුරා විහිදී ඇති රක්ශිත ප්‍රදේශ වල ඔවුන්ට අවශ්‍ය ආහාර ලැබෙන පරිදි පලතුරු වර්ග වගා කල හැකිනම් එම ගැටළුව යම් කාලයක් ගතවන විට විසඳීමට හැකිවනු ඇත.

අනුවා ගෙන් උපුටා ගත්තෙ ඇත්තම කියල තියනව
16/12/2019

අනුවා ගෙන් උපුටා ගත්තෙ ඇත්තම කියල තියනව

අවදි වූ තාරුණ්‍යයේ ශක්තිය මවුබිමේ උන්නතිය වෙනුවෙන් යොදන්නට ශක්තිය ලැබේවා. මගේ මාතෘභූමිය දිනෙන් දින දිනේවා
16/12/2019

අවදි වූ තාරුණ්‍යයේ ශක්තිය මවුබිමේ උන්නතිය වෙනුවෙන් යොදන්නට ශක්තිය ලැබේවා. මගේ මාතෘභූමිය දිනෙන් දින දිනේවා

මානව හිමිකම් ගැන කියමින් කොතෙක් උඩු බිරුවද දිළිඳුකම පිටුදැකීමට හෝ මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් ඔවුන් කිසිව...
16/12/2019

මානව හිමිකම් ගැන කියමින් කොතෙක් උඩු බිරුවද දිළිඳුකම පිටුදැකීමට හෝ මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් ඔවුන් කිසිවෙකුත් මැදිහත් වන්නේ නැත. එය ලෝක සත්‍යයකි.

පළමු පියවරේ අවසන් අදියර
12/12/2019

පළමු පියවරේ අවසන් අදියර

තාප්ප පුරා චිත්‍ර අඳිමින්. පුරන් කුඹුරු අස්වද්දමින් නගර මං මාවත් පිරිසිදු කරමින් රටේ තරුණ පිරිස මේ පෙන්වන්නේ මාතෘභූමියේ ...
12/12/2019

තාප්ප පුරා චිත්‍ර අඳිමින්. පුරන් කුඹුරු අස්වද්දමින් නගර මං මාවත් පිරිසිදු කරමින් රටේ තරුණ පිරිස මේ පෙන්වන්නේ මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපවීමට ඇති කැමැත්තයි එය තේරුම් ගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම රට කරවන ඇත්තන්ගේ වගකීමකි

Address

Mawanella
72100

Website

Alerts

Be the first to know and let us send you an email when දිනවමු මවු රට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to දිනවමු මවු රට:

Share

Category