Thelijjawila Samarasingharama Daham pasala තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Matara
  • Thelijjawila Samarasingharama Daham pasala තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල

Thelijjawila Samarasingharama Daham pasala තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල ආලෝකෝ උදපාදි

මැයි 18 - විජයග්‍රහණයට වසර 17යි..!විජයග්‍රහණය අභිමානයෙන් සිහිපත් කරමු ❤️👍🙏රට,ජාතිය වෙනුවෙන් ජීවිත කැප කල,රණවිරුවනි, අපි ...
18/05/2026

මැයි 18 - විජයග්‍රහණයට වසර 17යි..!
විජයග්‍රහණය අභිමානයෙන් සිහිපත් කරමු ❤️👍🙏
රට,ජාතිය වෙනුවෙන් ජීවිත කැප කල,
රණවිරුවනි, අපි ඔබට සදා ණයගැතියි..💗

අද දින තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ පැවති ගුරු හමුව 🌸🙏ආදර්ශමත් දහම් පාසලක් කරා යන ගමනේ තවත් වැදගත් පියවරක් තැබූ දවස...
17/05/2026

අද දින තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ පැවති ගුරු හමුව 🌸🙏

ආදර්ශමත් දහම් පාසලක් කරා යන ගමනේ තවත් වැදගත් පියවරක් තැබූ දවසක්.🌸🙏

මෙහිදී ආචාර්ය මණ්ඩලය කොටස් තුනකට බෙදී:
විනය
අධ්‍යාපනය
විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම්

මෙම අංශ තුනෙන් දහම් පාසල ඉදිරියේදී වෙනස් විය යුතු දේ සහ නව්‍යකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ වටිනා අදහස් සමුච්චයක් ගොඩනැගුවා.

දරුවන්ගේ හදවතට ළංවන, කාලයට ගැලපෙන, සාරධර්ම පෝෂණය කරන දහම් අධ්‍යාපනයක් වෙනුවෙන් අපි එකට හිතන, එකට වැඩ කරනවා 💛

මේ අවස්ථාවේ කැමරා කාචයේ රැඳුණු සොඳුරු මතක කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නවා 📸

අද දින  හවස පැවැත්වෙන  සත් සිත් නිවාලන සදහම් අමා වැස්ස ධර්ම දේශනා මාලාවේ අටවන  ධර්ම දේශනාව
17/05/2026

අද දින හවස පැවැත්වෙන සත් සිත් නිවාලන සදහම් අමා වැස්ස ධර්ම දේශනා මාලාවේ අටවන ධර්ම දේශනාව

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ; මෛත්‍රියෙන් ම පමණක් වෛරය සන්සිඳේ." 🙏✨අපේ සිතේ ඇතිවන ක්‍රෝධය, තරහව තවත් ක්‍රෝධයකින් පරාජය කරන්න ...
12/05/2026

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ; මෛත්‍රියෙන් ම පමණක් වෛරය සන්සිඳේ." 🙏✨
අපේ සිතේ ඇතිවන ක්‍රෝධය, තරහව තවත් ක්‍රෝධයකින් පරාජය කරන්න බැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සදාතනික සත්‍යය අපේ ජීවිත වලට එකතු කර ගනිමු. සැමවිටම මෛත්‍රිය සහ ඉවසීම පෙරදැරිව කටයුතු කරමු. 🧘‍♂️🧡
සමරසිංහරාම දහම් පාසලෙන් පිරිනමන ධර්ම දානයක් ලෙස මෙය ඔබේ මිතුරන් අතරත් බෙදා හරින්න. ☸️

සදහම් අමා වැස්සතෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත අති පූජනීය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගි ...
11/05/2026

සදහම් අමා වැස්ස

තෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති රාජකීය පණ්ඩිත අති පූජනීය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමීන් වහන්සේට නිරෝගි සුව පැතීම සහ සම්බුද්ධ මාළිගාව ප්‍රතිනිර්මාණය උදෙසා දායක වන සැමට සෙත් පැතීම වෙනුවෙන් විහාර දායක ප්‍රජාව එක්ව සංවිධානය කරන

සත් සිත් නිවාලන - සුපින්බර ධර්ම දේශනා සීල භාවනා විශේෂ පින්කම් මාලාව
2026 මාර්තු 21 දින සිට මැයි 30 දක්වා .෴.

1 පින්කම මාර්තු මස 21 සෙනසුරාදා සවස 5.00 සිට අති පූජනීය කහගොල්ලේ සෝමවංස නායක ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

2 වන පින්කම මාර්තු 29 ඉරිදා සවස 5.00 සිට ආචාර්ය අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

3 වන පින්කම අප්‍රේල් 05 ඉරිදා සවස 5.00 සිට අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

4 වන පින්කම අප්‍රේල් 26 ඉරිදා සවස 5.00 සිට ආචාර්ය අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

5 වන පින්කම තරුණ සීල භාවනා වැඩසටහන
මැයි 02 සෙනසුරාදා උදාසන 6.00 සිට සවස 5.00 දක්වා
අති පූජනීය රාජගිරායේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ අති පූජනීය කැළණියේ සාසනරතන ස්වාමීන් වහන්සේගේ සහ අති පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ

6 වන පින්කම මැයි 09 සෙනසුරාදා සවස 5.00 සිට අති පූජනීය මීගොඩ සුඛිත ස්වාමීන් වහන්සේ (ධර්ම දේශනාව)

කළ්‍යාණමිත්‍රත්වයෙන් සද්ධර්ම ශ්‍රවණය කර පිළිවෙතින් දිවිමග සරසාගනු වස් ආරාධනා .෴.

මෙහෙයවීම
කාර්ය සාධක සමිතිය
සමරසිංහාරාමය
තෙලිජ්ජවිල
විමසීම් 0718337587/ 077253 9384

තෙලිජ්ජවිල සමරසිංහාරාම කාර්ය සාධක සමිතිය සහ ප්‍රජාව එක්ව සංවිධානය  කරන සත් සිත් නිවාලන සදහම් අමාවැස්ස සුපින්බර ධර්ම දේශන...
10/05/2026

තෙලිජ්ජවිල සමරසිංහාරාම කාර්ය සාධක සමිතිය සහ ප්‍රජාව එක්ව සංවිධානය කරන සත් සිත් නිවාලන සදහම් අමාවැස්ස සුපින්බර ධර්ම දේශනා පින්කම් මාලාවේ හත් වන පින්කම 2026 මැයි 16 සෙනසුරාදා දින සවස 5.00 සිට මාතර තෙලිජ්ජවිල සමරසිංහාරාමයේ දී පැවැත්වේ.

ගොතටුව චන්දනාරාමධිපති මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේගේ සුපින්බර වැඩමවීමෙන් පවත්වන මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිර්‍රිමට සුදුවතින් සැරසී පැමිණෙන මෙන් ආරාධනා.෴.

ධර්ම දානයක් වශයෙන් බෙදාහැර්‍රිමට දායක වන්න.



උපනීයති ලෝකෝ අද්ධුවො” සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය....
04/06/2025

උපනීයති ලෝකෝ අද්ධුවො” සත්ත්වයන් ගේ එක් ස්වභාවයක නැවතී සිටීමක් නැත. ආයුඃක්ෂයවීමෙන් ඔවුහු ජරා මරණයන් කරා ගෙන යනු ලැබෙත්ය.

සහජත්වයෙන් ම සංගීත කලාව සුපෝෂණය කිරීමට ම මෙහි පැමිණි ගාන්ධාර්වරයකු ලෙසින් තෙලිදිය විලෙහි ස්වේත සියපත ලෙසින් දසත සුවඳවත් කල සංගීත නිපුන් ජේ්‍්‍ය්ෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ මහගුරුවරයාණන් මේ භවයෙන් තවත් භවයක් කරා නික්ම ගොසිනි.

අප දහම් පාසලට මහගුරුවරයකු ලෙසින් කල මහරු මෙහෙවර එතුමන්ට පුණ්‍යානුමෝදනා පූර්වකව අනුස්මරණය කරනෙමු.෴.

සසර ගමන සැපවත් ප්‍රතිපදාවෙන් සැරිසරා ඉතා ඉක්මන් භවයකදී ම නිවනින් සැනසේවායී ප්‍රාර්ථනා කරමු!

එතුමන්ගේ දයාබර ස්වාමි දියණිය, දූ දරුවන් ඇතුලු පවුලේ සැමට තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල් ප්‍රජාවගේ සාතිශය සංවේගය පලකරමු!

28/04/2025

අප දහම් පාසලේ කණිෂ්ඨ අංශයේ 2025.04.27 වන ඉරු දින පැවති බෝසත් ළමා සමාජයේ මාසික රැස්වීමේ දී සුමිහිරි කවි ගායනයක් ඉදිරිපත් කල 6 වන ශ්‍රේ්‍ණියේ ඔවිඳ දින්සර මහගමගේ පුතා

24/04/2025

අපවත් වී වදාළ, ඕස්ට්‍රේලියාවේ බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ නිර්මාතෘවර, අතිපූජනීය ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේගේ 77 වන ජන්ම දිනය අදට( අප්‍රේල් 24) යෙදී තිබේ.

පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ, පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ යන මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ සුජාත පුත්‍ර රත්නයක් වශයෙන් සසුන් දායාදය ලබා, ජාතියේත් සම්බුදු සසුනේත් සුරක්ෂිත භාවය වෙනුවෙන් කළ මෙහෙය අපමණ ය. එය සදානුස්මරණය වේ.

අතිපූජනීය ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේට අප කළ සියලු පින් අනුමෝදන් වේවා!
ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිවනින් සැනැසේවා ! 🙏🙏🙏

අප දහම් පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගනුම ලබන සිසු දරු දැරියන් අතුරින් තෝරාගත් පවුල් 250 ක ක්‍රියාත්මක කිරීමට නියමිත “බෝසත් නිවහ...
24/04/2025

අප දහම් පාසලේ ඉහළ ශ්‍රේණිවල ඉගනුම ලබන සිසු දරු දැරියන් අතුරින් තෝරාගත් පවුල් 250 ක ක්‍රියාත්මක කිරීමට නියමිත
“බෝසත් නිවහනක් - සොඳුරු ගමක්” නම් වූ තුන් අවුරුදු ව්‍යාපෘතිය සමාරම්භ කරමින් පවත්වන විශේෂ ධර්ම දේශනා පින්කම ඔබ සැමට ආරාධනා.෴.

17/04/2025

Address

Thelijjawila
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Thelijjawila Samarasingharama Daham pasala තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Thelijjawila Samarasingharama Daham pasala තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසල:

Share