Kapuwath Kola - කැපුවත් කොළ

Kapuwath Kola - කැපුවත් කොළ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kapuwath Kola - කැපුවත් කොළ, Political organisation, Matara.

05/05/2022
02/08/2020
13/07/2020
පාස්කු ප්‍රහාරයේ මහ මොලය මහබැංකු මගඩියේ මහ මොලය Vs උඩ යට මාරු උන  හැට නව ලක්ශේ😂😂රනිලුත් ඉන්නෝ ඈ...
17/02/2020

පාස්කු ප්‍රහාරයේ මහ මොලය
මහබැංකු මගඩියේ මහ මොලය Vs උඩ යට මාරු උන හැට නව ලක්ශේ😂😂

රනිලුත් ඉන්නෝ ඈ...

සුරාබදු බලපත් ලබාදීම හරහා අල්ලස් ගෙන ඇතැයි තමාට චෝදනා කරන 'වොයිස් කට්' හිමිනමක් වනමාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු...
03/02/2020

සුරාබදු බලපත් ලබාදීම හරහා අල්ලස් ගෙන ඇතැයි තමාට චෝදනා කරන 'වොයිස් කට්' හිමිනමක් වන

මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇති මංගල සමරවීර මන්ත්‍රීවරයා, තමා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද කියා සිටියි.

මංගල සමරවීර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනය පහත පළවේ.



සුරාබදු බලපත් හරහා අල්ලස් ගැනීමේ චෝදනාව

මෙම චෝදනාව මම මුදල් අමාත්‍යාංශය භාරගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව හරහා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ තුළින් අයුතු ලාභ හෝ අනීතික අවස්ථා නොලද පිරිසක් විසින් ප්‍රචාරය කරනු ලබන සහමුලින්ම අයුක්ති සහගත අභූත චෝදනාවක් බවත් එකී චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් ඊට එරෙහිව ගතයුතු නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් දැනුම් දෙමි.

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ රටේ පොදු මහජනයාගේ මතය වී ඇත්තේ, එය ලංකාවේ අන්ත දූෂිතම රාජ්‍ය ආයතනයක් බවයි.

ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ සහ ඉන් පිටත වූ තැරැව්කරුවන්ගේ මැදිහත් වීම හමුවේ සිදුවූ අකටයුතුකම් හේතුවෙනි.

අල්ලස් ගැනීම්, කප්පම් ගැනීම් සහ අතයට ගනුදෙනු හරහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු එහි දිගින් දිගටම සිදුවෙමින් තිබුණි.

Text 30 1එසේම සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා රජයේ පරිපාලන නිලධරයකු පත්කළයුතු යැයි රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ අදහස විය. ඒ අනුව අමාත්‍යාංශය භාරගත් පසු මා විසින් සුරාබදු කොමසාරිස් ධූරය සඳහා පළමුව රජයේ පරිපාලන ක්ෂේත්‍රයේ පිළිගත් පරිපාලන නිලධරිනියක වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය සහ ඇය විශ්‍රාම යාමෙන් පසු පසු මුදල් අමාත්‍යාංශයේ සේවය කළ ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධරීන් දෙදෙනකු පත්කරන ලදී.

එපමණක් නොව අක්‍රමවත් හා අවිධිමත් ආකාරයට අතරමැදියන්ගේද තැරුව්කරුවන්ගේ ද මැදිහත් වීම් තුළ සිදුකරනු ලැබූ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කොට ඒ සඳහා සරල හා නිවැරදි මෙන්ම විනිවිධ පෙනෙන ආකාරයෙන් මේ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ යටතේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලා සහ සුපිරි වෙළඳසැල් සඳහා බලපත් නිකුත් කිරිමට අවශ්‍ය පියවර ගනු ලැබීය. විශේෂයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය යටතේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලැබූ ආපනශාලාවලට බලපත් නිකුත් කිරීම සිදුකරන ලදී.

මේ කිසිදු අවස්ථාවක අතරමැදියන් හෝ තැරුව්කරුවන් කිසිවකුට මේ කටයුතු සඳහා මැදිහත්වීමට අවස්ථාවක් නොවුණි. එසේම හොර මත්පැන් ජාවාරම්කරුවන්ට ද සිය ජාවාරම් කිරීමේ අවස්ථා අහිමි කරමින් මෙම ක්‍රියාදාමය සරලව, නිවැරදිව හා විනිවිධ පෙනන ආකාරයෙන් සිදුකෙරුණි.

මාගේ 31 වසරක දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසියම් හෝ වංචාවකට, දූෂණයකට හෝ අල්ලස් ක්‍රියාවකට මා සම්බන්ධ වී නොමැත. එවැනි චෝදනාවක් මෙතෙක් කලකට මා වෙත එල්ල වී ද නැත.

එම නිසාම මෙම චෝදනාව මා වෙත එල්ල කිරීමට සම්බන්ධ වූ මාගල්කන්දේ භික්ෂුවට සහ වර්තමාන සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූලව නඩු පැවරීමට බලාපොරොත්තු වෙමි.

ඒ අනුව මා දූෂිතයකු යැයි මයික් ඉදිරිපිට මාධ්‍ය සංදර්ශන පෙන්වන මේ සෑම අයකුටම උසාවිය ඉදිරියේ එම ප්‍රකාශ සනාථ කිරීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙන බව ද ඒ සඳහා සූදානමින් සිටින ලෙස ද දන්වා සිටිමි.''

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රි
මාතර දිස්ත්‍රික්කය
2020/01/30

මංගල සමරවීර,..ප්‍රාදේශීය දේශපාලනයේ සිට ජාතික දේශපාලනය ඔස්සේ ජාත්‍යන්තර දේශපාලනය දක්වාම නව මානයක ගමනක් සටහන්කල නායකයෙකි. ...
30/01/2020

මංගල සමරවීර,..

ප්‍රාදේශීය දේශපාලනයේ සිට ජාතික දේශපාලනය ඔස්සේ ජාත්‍යන්තර දේශපාලනය දක්වාම නව මානයක ගමනක් සටහන්කල නායකයෙකි. ලෝක දේශපාලනයේදී ඔහු අසල්වැසි ඉන්දියාව හා කුඩා මාලදිවයිනේ සිට බ්‍රිතාන්‍ය හා එක්සත් ජනපදය දක්වාම ශ්‍රී ලාංකීය අභිමානය පතුරන්නට සමත්විය. ඔහු ලෝකයේ ඉදිරිපෙල අසුනක් දක්වා ලංකාව රැගෙන ආවේය.

ජාතික දේශපාලනයේ දී ඔහු කේන්ද්‍රීය සලකුණකි. වරෙක ඔහුගේ ක්‍රියාකාරීත්වයටත් වඩා නිහඬ බව ප්‍රතිවාදීන් සලිතකරනු ලබයි. අවිද්‍යාව, බොරුව හා රැවටීමත්, එකක් කියා තවත් දෙයක් කිරීමත් ‘වටිනාම’ දේශපාලන දර්ශනය බව මෑත වසර ගණනාවක් තුල ලංකාවේ තහවුරුවී තිබෙන මේ යුගයේ අතිශය අවදානම් හා දුශ්කර පැයේදීත් නොභියව තම මතය කියන්නට පිට කොන්දක් ඇති නායකයා ඔහුය. කෙටියෙන් කියතොත් එකක් කියා තවත් එකක් කරනා මජර දේශපාලන චරිතයෙන් නම් ඔහු බොහෝ ඈතය. ඔහුට එදිරිව ඇත්තේ දේශපාලන විවේඡන හා ප්‍රහාරයන්ය. එය ඔහුට මෙන්ම මාතර අපිට ද පුදුමයක් නොවේ. එසේ වන්නේ වසර 30ක සිය දේශපාලනය පුරාවට ඔහුගේ දෑත් වංචාවෙන් හා දූෂණයෙන් කිලිටි වී නැති නිසාවෙනි.

මාතර අලූත් යුගයකට රැගෙන ආවේ ඔහුය. මාතර වෙරළ තීරයේ සිට දෙනියායේ සීතල කඳුයායවල් දක්වාම ඔහු සංවර්ධනයේ දොරගුලූ විවර කලේය. අඩපණ කර, ස්වාභාවික මරණයක් අතකර දී ඇති ‘මහා මාතර සැලසුම් ක්‍රියාත්මක විනි නම් දකුණම පමණක් නොව ඌව පලාතද සමග අපේ අලූත් පරපුර සුන්දර අත්දැකීමක් ලබනු ඇත. ඔහු මාතර දස දහස් ගණනක් යෞවනයන්ගේ ද, සිය දහස් ගණනක් දෙමාපියන්ගේ ද ජීවිතය ගොඩ නැගූ නායකයාය. කෙටියෙන් කියතොත්, ලක්ෂ සංඛ්‍යාත මාතර මිනිසුන්ගේ පරම්පරා ගණනක අනාගතය ගොඩ නැගුවේ මංගල සමරවීරය. මෙම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇති මිතුරෙකු කියා ඇති පරිදි ‘මංගල නොවන්නට මාතර තවමත් 19වන සියවසේය’.

ඒඅතරේ මංගලගේ මෙවර සටන අතිශය වැදගත්වනු ඇත. ඒ මෙවර අරගලය සාම්ප්‍රදායික දේශපාලන සටනක් නොවන නිසාවෙනි. ඔහුට මුහුණ දීමට සිදුවන්නේ බොරුව හා අවිද්‍යාවෙන් පිරුණ සමාජයකටය. රැවටීම ඉහවහාගොස් ඇත. සියල්ලට වඩා ස්වකැමැත්තෙන් රැවටෙන මිනිසුන් බහුලවී ඇත. මුලූ මාතරක් අවදිකල, ගොඩනැගූ ඔහුට එදිරිව අපහාස හා උපහාස කරන්නෝ ද සිටිති. සිය මුලූ දේශපාලන ජීවිත කාලය පුරාවටම තම පවුල් හා හිත මිතුරන් පමණක් පෝෂණය කල, එහෙත් මාතරට කිසිවක් නොකල පුහු දේශපාලන නායකයින් හා ඔවුන්ගේ ගෝලයින් ඒ අතර ප්‍රමුඛය. මංගලට ‘පලමු ගල ගසන්නට’ නම් සුදුස්සෙකු මාතරින් සොයා ගන්නට නැත. නමුත් තක්කඩියන්ට මොන ආචාර ධර්මදැයි කියවෙනා යුගයක එය පුදුමයක් නම් නොවේ.

අයුක්තියට එරෙහි සටනටත් වඩා අසත්‍යයට හා රැවටීමට එරෙහි සටන දුෂ්කරය. ඒ තමන් රැවටී ඇතිබව තේරුම් නොගන්නා මිනිසුන් නිසාවෙනි. නමුත් අද මංගල සිය අරගල මාර්ගය ඒ ඔස්සේ යන්නට තෝරාගෙන ඇත.

ඒ අනුව දෙසැම්බර් 10වන දින නව කාර්යාලය විවෘත කරමින් කෙටි කලකට මංගල සමරවීර විදේශගතවිය. එතැන්සිට සංවිධානය කල ඔහුගේ මූලක සංවිධාන මෙහෙයුම් සවිමත් කරමින් මංගල සමරවීර මහතා ජනවාරි 25වන දින ඉදිරි සටනේ ඔහුගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කලේය.

මිත‍වරුනි, අපි ඔබට විවෘතව ඇරයුම් කරසිටිමු. එන්න... ‘ඉදිරියට උදාවනුයේ මංගල කාලයයි’ .

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Kapuwath Kola - කැපුවත් කොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kapuwath Kola - කැපුවත් කොළ:

Share