Dewinuwara - දෙවිනුවර

Dewinuwara - දෙවිනුවර ║▌│█│║▌║││█║▌│║▌║ original profile ®

අද මැදින් පුර පසළොස්‌වක පොහොය දිනයයි...!!!මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි. සි...
02/03/2026

අද මැදින් පුර පසළොස්‌වක පොහොය දිනයයි...!!!

මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි. සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි. ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී ඇත.

පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල් රැස් කර ගැනීමට වෑයම් කිරීම නිසාම මැදින් පෝය දිනයේදී නන් දෙසින් බෞද්ධ ජනතාව සිරිපා මළුවට රොක් වෙති.

අප බුදුන් වහන්සේ පළමුවරට ශාක්‍යයන් ජීවත්වන කිඹුල්වත් පුරයට වැඩම කෙළේ මැදින් පෝය දිනයේය. සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කර ගෙන වැඩිය බුදුන් වහන්සේට ගරු කිරීම, වන්දනා කිරීම ආසන පනවා පිළිගැනීම් ආදිය නොකළ මාන්නක්කාර ශාක්‍ය වංශිකයන්ට නිවැරැදි අවබෝධයක් තිබුණේ නැත.

මේ නිසාම බුදුන් වහන්සේට ඔවුන්ගේ මාන්නය බිඳ හෙළීමට යමාමහ පෙළහර පෑමට සිදුවිය. මේ ආකාරයට මැදින් පෝය දිනයේ මාන්නාධික ශාක්‍ය වංශිකයන්ගේ මාන්නය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මඟ පෙන්වා දුන් සේක.

මේ දිනයේ තවත් වැදගත් සිදුවීම් කීපයක්ම සිදුවිය. බුදුන් වහන්සේ ඉදිරියේ රැස්වූ ශාක්‍ය වංශිකයනට ඉතා අසිරිමත් සිද්ධියක් දැක ගැනීමට හැකිවිය. සියලු දෙනා ඉන් විෂ්මයට පත් වූහ. ඉන්පසු බුදුපියාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළ සේක.

රජකම, වස්තුව, රාජකීය උරුමය, ධනය, බලය මේ සියලු දෑ උතුම් වූ අරමුණක් වෙනුවෙන් දන්දිය හැකි බව පෙන්වා වදාළ සේක. පාරමිතා ධර්මයේ තිබෙන අසමසම ගුණය වෙස්සන්තර ජාතකයෙන් පෙන්වා දුන්හ. මේ සියලු වටිනාකම් ගැන තේරුම් කර ගැනීමෙන් පසු සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට තෙවැනි වරට ද වන්දනා කෙළේය.

මැදින් පෝ දින බණ ඇසූ ශාක්‍ය වංශික ඥාතීහු විසිර ගියහ. පසුදා උදෑසන විසි දහසක් පමණ බුදුන් වහන්සේ ප්‍රධාන භික්‍ෂූහු කිඹුල්වත් පුර වීදිවල පිණ්ඩපාතය සඳහා සංචාරය ආරම්භ කළහ. පාත්තරයක් අතැතිව ගෙයින් ගෙට වැඩම කරන සිය බුදු පුතා ඇතුළු භික්‍ෂූන් වහන්සේ දැක සුද්ධෝදන රජතුමා මහත් කලබලයට පත් විය.

"අපොයි..! අපොයි..! මේක මහ නින්දාවක්....!!! අපේ රාජ්‍ය වංශයට කරන මහා අපකීර්තියක්", මෙය ඇසූ බුදුරජාණන් වහන්සේ "පියාණනි, ඔබ ශාක්‍ය වංශයේ වුවත් මා බුද්ධ වංශයේ. බුද්ධ වංශිකයන් ගෙයින් ගෙට පිණ්ඩපාතයේ වඩින එක සිරිතක්."

එයින් පසු සුදොවුන් රජතුමා බුදුන් වහන්සේ ඇතුළු භික්‍ෂු පිරිසට දානය පිරිනැමීය. දානයෙන් පසු එම රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා කළ සේක. එම ධර්ම දේශනාව බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් දේශනයක් ලෙස සඳහන් වී ඇත. සුද්ධෝදන රජතුමා ධර්මය ඇසීමෙන් පසු සකෘදාගාමී මාර්ග ඵල අත්කර ගත් බව සඳහන් ය.

සත් හැවිරිදි රාහුල කුමාරයාගේ මහණ කිරීම සිදු වුයේ ද මේ මැදින් පෝ දිනය. මේ නිසා දෙමවුපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය ද පනවන ලද්දේ මැදින් පෝය මුල් කරගෙනය. මේ අනුව මහා ප්‍රජාපතී ගෝතමියගේ සෝවාන් ඵලයට පත්වීම ආදි ශාක්‍ය වංශික ඥාතීන්ගේ ශාසනික අභිවෘද්ධිය ඇති කළ පෝය මැදින් පෝය නිසා එහි වැදගත්කම වැඩිවී ඇති බවද ප්‍රකාශිතය.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා..!

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා...!!!

තෙරුවන් සරණයි…!!!!

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !!ඔබට 🙏🙏🙏🙏🌹දුරුතු පුර පසළොස්වක පෝය දිනයෙහි වැදගත්කම✨️​දුරුතු පුර පසළොස්වක පොහොය දිනය ශ්‍...
03/01/2026

පින්බර දුරුතු පොහොය දිනයක් වේවා !!
ඔබට 🙏🙏🙏🙏
🌹දුරුතු පුර පසළොස්වක පෝය දිනයෙහි වැදගත්කම✨️
​දුරුතු පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වන්නේ ,
🌹​බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය: බුද්ධත්වයෙන් නවවන මාසයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවේ මහියංගනයට වැඩම කළේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය වීමයි.

🌹​ලංකාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහියංගනයේදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කර ඔවුන්ට දහම් දෙසා සාමය උදා කර දුන්නේ ද අද වැනි දිනකය.
🌹​ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ සමනල කන්ද මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමට සිදු වුයේ අද වැනි දිනකයි.
🌹බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතූන් නිදන් කර සුමන සමන් දෙවියන් විසින් ලංකාවේ ප්‍රථම ස්තූපය වන මහියංගන මහා සෑය ඉදි කිරීම ආරම්භ කරන ලද්දේ මෙම පින්බර පොහොය දිනය මුල් කරගනිමිනි.

​මෙම කරුණු නිසා දුරුතු පොහොය දිනය ලාංකේය ශාසන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
ඔබට සුබ දවසක්!!!

වියැකුනු පැතුමන් යලි සතුටින් පීදෙන සුභ නව වසරක් වේවා. මේ වසරේදීවත් කටින් පමනක් සුභ පතන මිනිසුන් මුණ නොගැසී හදවතින්ම සුභ ...
01/01/2026

වියැකුනු පැතුමන් යලි සතුටින් පීදෙන සුභ නව වසරක් වේවා. මේ වසරේදීවත් කටින් පමනක් සුභ පතන මිනිසුන් මුණ නොගැසී හදවතින්ම සුභ පතන හදවතින්ම ආශිර්වාද කරන මිනිසුන් පමනක් මුණගැසේවා. රෝ බිය දුරු වේවා ස්භාවික විපත් නොමවේවා. හැම මුවඟම සිනා විතරක්ම ඉහිරෙන සුභ නව වසරක් වේවා ♥️🥰

🌹උදුවප් පුර පසලොස්වක පොහොය අදයි🌹🌹 ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය...
04/12/2025

🌹උදුවප් පුර පසලොස්වක පොහොය අදයි🌹

🌹 ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ගුණය පෙන්නුම් කළේ අද වැනි දිනකය.

🌹සංඝමිත්තා මහ රහත් මෙහෙණිය විසින් ලක් දිවට බුද්ධත්වයේ සංකේතය ලෙස පූජනීය ශ්‍රී මහා බෝධිය දක්ෂිණ ශාඛාව වැඩම කළේ ද අද වැනි දිනකය.

🌹ලක්දිව මෙහෙණි සසුන ආරම්භවීම උදුවප් පෝය දිනයෙ දී සිදු විය.උඳුවප් පෝය දිනයටත් වැඩි වශයෙන් වන්දනාවේ යන්නේ අනුරාධපුරයටයි.

🌹ශ්‍රිපාදය වන්දනා මාන කිරිමේ සමය ඇ‍රඹෙන්නේද උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙනි.

🙏🙏🙏🙏🙏

බුදු සසුනත් ලංකාදීපයත් රකිනා උත්පලවර්ණ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අනුභාවයෙන් රැකවරණයෙන් අපේ රට ආරක්ෂා වේවා..!!!මිනිසුන...
28/11/2025

බුදු සසුනත් ලංකාදීපයත් රකිනා උත්පලවර්ණ දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අනුභාවයෙන් රැකවරණයෙන් අපේ රට ආරක්ෂා වේවා..!!!
මිනිසුන් සතා සිව්පාවුන් ගේ ජීවිත සුරැකේවා...!!!
මිනිසුන්ගේ දුක් පීඩා දුරුවේවා....!!!
අපේම මිනිසුන්ගේ ජිවිත රැකදේවා!!

🌺 වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ...
06/10/2025

🌺 වප් පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺

අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම

මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම,

සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම,

අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම,

පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වේ.

බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලයන්ට පත්කර අනතුරුව වප් පොහෝදින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ‍්‍යයේ රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළේත් වප් පොහෝ දිනයේය.
ඒ අසිරිමත් බුදු පෙළහර දුටු සැරියුත් මහරහතන් වහන්සේ සර්වඥයන් වහන්සේට වන්දනා කර මෙසේ ප්‍රකාශ කළහ. ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස මෙවන් අසිරිමත් බුද්ධ ශ්‍රීයක් තමන් වහන්සේ මෙයට පෙර නොදුටු බවත්, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අරඹයා දහම් දේශනා කළ විට දෙවියන් ඇතුළු විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීය. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික භික්ෂූන් පන්සීයක් පමණ රහත් බවට පත් වූහ. සැරියුත් තෙරුන් හා ඇතිවූ ධර්ම සාකච්ඡාව ඇසූ බොහෝදෙනා එහිදී බුදුබව ප්‍රාර්ථනා කළහ. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ‍ද මෙහිදී පැවිදි බව ලබාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත්තේ ද මෙම උතුම් වප් පොහෝ දිනක වේ.

මහින්දාගමනයෙන් පසු දෙවන පෑතිස් මහ රජතෙම මහත් ශාසනික සේවාවක් කොට මිහිඳු හිමියන්ගෙන් එක් අවස්ථාවකදී විමසා සිටියේ ශාසනය ලක්දිව පිහිටියේද යන්නයි. එයට පිළිතුරු දුන් මිහිඳු මාහිමියෝ වදාළේ ශ්‍රී ලංකාවේ මව්පියන්ට දාව උපන් දරුවකු හැදී වැඩී මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මේ රටේදීම විනය සංගායනාවක් පවත්වනතුරු ශාසනය නොපිහිටන බවත්ය. අනතුරුව දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ අමාත්‍යවරයා මෙහෙණි සස්න පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේත් මෙම පෝ දිනකදී වීමත් අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද අදවන් වප් පුන් පොහෝ දිනකදී වේ.

‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනය. වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත. මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි. අට මහා කුසල් ගණයට අයත් පිංකම් අතර පළමු පිංකම වන්නේ කඨින චීවර පූජාව වේ. ‘කඨිනට්ඨ පරිකනාරං‘ යනුවෙන් එය සඳහන් වේ. භික්ෂූන් වහන්සේලාට මෙන්ම සැදැහැවත් ගිහි ජනතාවට ද මෙම කාලපරිච්ඡේදය ඉමහත් ආනිසංස ගෙන දෙන කාලයක් වේ. මෙම කඨින පිංකම කර ගැනීමට කරුණු ගණනාවක්ම සම්පූර්ණ විය යුතු වේ. එම කරුණු අතර උපසම්පදාවලත් භික්ෂු නමක් ඇසළ පොහෝ දින පොහොය කර අව පෑළවිය දින පෙරවස් සමාදන් විය යුතුයි. තවද අකනිට්ඨක බඹ ලොවට උසට රත්රන්වලින් ථූපයක් සාදා පූජා කළත් එහි ආනිසංස කඨින චීවර පූජාවකින් ලැබෙන ආනිසංස දහසයෙන් කොටසක්වත් නොවන බව දැක්වේ. මහපොළව මෙන් කම්පා නොවෙන මහාමේරූ පර්වතය මෙන් නොසෙල්වෙන වජ්‍රපර්වතය මෙන් නොමිදෙන හෙයින් කඨිනය යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ. මෙහි අනුසස් එතරම්ම බලවත් වේ. පංචානන්තරීය අකුසල කර්මයක් හැර ඉන් මෙහා යම් යම් සුළු අකුසල කර්ම කළත් ඒවායේ විපාක යටපත් කර කඨිනයේ ආනිසංස ලැබෙන බව දක්වා ඇත. තවද මෙම පිංකමේ ඉතාම වැදගත්කම ප්‍රකට කරන නාගිත හිමියන්ගේ චරිතාපදානය කඨින පිංකමේ අනුසස් මැනවින් ප්‍රකාශ කර ඇත. එවැනි උදාර පිංකම් මෙම වප් පොහෝ දිනයේ ආරම්භ කිරීම මෙම පොහෝ දිනයේ වැදගත්කම මැනවින් ප්‍රකට වේ.

( උපුටා ගැනීමකි )

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🪷May it be a blessed Binara Poya day, w...
07/09/2025

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🪷
May it be a blessed Binara Poya day, when hearts and souls are illuminated by Dharmaloka...

බිනර පොහොය දිනයේ සුවිශේෂීත්වය
🌼 භික්ෂුණි වරම උතුම් බුද්ධ ශාසනයට දායාද කරමින්, වනිතාවන්ටද මහණදම් ලබන්නට මඟ විවර කිරීම.
🌼 වස්සාන සමයේ වස් පිංකම් ආරම්භ කිරීම.
🌼 තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේෂ ධාතූන් නිධන් කර ගිරිහඬු සෑය ඉදිකිරීම.

ආදී සුවිශේෂී වූ සිදුවීම් රැසක් සිදුවී ඇති පින්බර වූ බිනර පොහොය දිනය මෙත් සිත් පෙර දැරිව බැතියෙන් සමරමු..

පින්බර, ඇසල පුර පසලොස්වක පෝහෝ දිනයක් වේවා❤️🙏  ඇසල පොහොය දිනය අපට  විශේෂ වනුයේ අප මහ  බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙ...
10/07/2025

පින්බර, ඇසල පුර පසලොස්වක පෝහෝ දිනයක් වේවා❤️🙏

ඇසල පොහොය දිනය අපට විශේෂ වනුයේ අප මහ බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනයකදී වන අතර සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කරන්නේත්... රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.තවද
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
තීර්ථකයන්ගේ මානය බිඳ දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම අද වැනි පෝය දිනක සිදුවිය.
බුදුසරණයි 🙏

අද පින්බර පොසොන් පෝය දිනයයි....ලක්වාසී ලෝ වාසි සියලුම දෙනාට  පින්බර පොසොන් පෝ දිනක් ප්‍රාර්ථනා කරමු. 💛පොසොන් පෝයෙහි වැද...
10/06/2025

අද පින්බර පොසොන් පෝය දිනයයි....

ලක්වාසී ලෝ වාසි සියලුම දෙනාට පින්බර පොසොන් පෝ දිනක් ප්‍රාර්ථනා කරමු.

💛පොසොන් පෝයෙහි වැදගත්කම 💛

1. මිහිදු මා හිමියන් ශ්‍රී ලංකාදීපයට වැඩම කලේ බුද්ධ වර්ශ 236දීය. එදා පොසොන් පුර පසලොස්වක දිනයක්.

2. දේවානම් පියතිස්ස රජතුමා ඇතුලු සියලුම පිරිසට මේ පින්බර පොසොන් පොහෝ දිනයේ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කල සේක. ඊට ප්‍රථමව බුදුදහම තේරුම් ගැනීමේ ඥාණ ශක්තිය වටහා ගැනීමට අඹ පැනය විමසූහ.

3. පසුව රට වැසියන්ට දේවදූත සූත්‍රය දේශනා කල සේක.

4. මහමෙව්නා උයන පූජා කිරීම සිදු වූයේද පොසොන් පොහෝ දිනයේය.

5. ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි වීමට අවශ්‍ය සෑම අංගයක්ම ඇති කල පින්බර දිනකි.

වෙසක් පොහොය දිනයේ ඇති වැදගත්කමබෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට...
12/05/2025

වෙසක් පොහොය දිනයේ ඇති වැදගත්කම

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා. වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලට අමතරව තවත් වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙන නිසා මෙම ලිපිය ලියවෙන්නේ වෙසක් පොහොය දිනයේ වැදගත්කම ගැන පැහැදිලි කිරීමට යි.

වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම

සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම

සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම

යමා මහා පෙළහර පෑම

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම

විජය කුමරුගේ ලංකාගමනය

දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම්
ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයක යි.

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම!බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුවරට සිය ...
13/03/2025

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම!

බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුවරට සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැළකීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කිරීම.

ශාක්‍යන් විසින් නීග්‍රෝධාරාමය පූජා කිරිම.

කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසු අවස්ථාවේ සුද්ධෝදන රජතුමා සකෘධාගාමී වීම.

සුද්ධෝදන රජතුමා තෙවන වරට තම පුත් වු ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාරය කිරිම.

යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.

රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.

ශාක්‍යන්ගේ මානය බිද දැමිම සදහා යමාමහ පෙළහැර පෑම.

බුදුරජාණන් වහන්සේ විසින් තම පියාණන්ගේ ඉල්ලීම අනුව දෙමාපියන්ගේ අවසරයකින් තොරව දරුවන් පැවිදි නොකරන ලෙස ප්‍රථම විනය ශික්ෂාව පැනවීම.

වැනි ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින ලක් වාසී සියලුම දෙනාට පිං සිත් පහළ වන පිංබර පුන් පොහෝ දිනක් වේවා!!!

Priyantha Kumara මහතාගේ ඉල්ලීම මත පලකරන ලදී.පහත ඡායාරූපයේ සිටින දරුවන් තිදෙනෙකුගේ මව සොයා ගැනීමට සහය වන්න ....හැකිතරම් ම...
12/03/2025

Priyantha Kumara මහතාගේ ඉල්ලීම මත පලකරන ලදී.පහත ඡායාරූපයේ සිටින දරුවන් තිදෙනෙකුගේ මව සොයා ගැනීමට සහය වන්න ....
හැකිතරම් මෙම Post එක Share කරන්න ....

Address

Dewinuwara/
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Dewinuwara - දෙවිනුවර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share