Matara Nilwala River Garden Park

Matara Nilwala River Garden Park ~ හැඩවෙන මාතර ~
Matara Niwala River Garden Park
- O F F I C I A L P A G E -
(1)

29/03/2026

දකුණේ සුවිශේෂී වෛද්‍යවරයකු සමග සාකච්ඡාවක්...🙏❤️

21/03/2026

මාතර වෙලේගොඩ පදිංචි දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ගයාන් ගයනජිත්, භාර්යාව ලකීෂා නිලූෂි සහ වැඩිමහල් සොයුරු නයන්න නයනජිත් ඇතුළුව

පවුලේ සියළු දෙනා එක්ව තම ආදරණීය මෑණියන් වන කපුගමගේ රංජනී මහත්මියගේ ජන්ම දිනය නිමිති කොට එතූමියට දිර්ඝායුෂයත් නිරෝගී සුවයත් පතා

එසේම ලක්වාසි සියළු දෙනාටත් සම්බුද්ධ ශාසනික මහා ආශිර්වාදපතා භක්තියෙන් හා ශ්‍රද්ධාවෙන් සිදු කරනු ලබන ධර්ම පූජාවකි.

09/03/2026

අවුරුදු අරන් Kplus කොළඹ ජාත්‍යන්තර පාවහන් ගාල්ලට... 😃

මාර්තු 12 වැනිදා සිට කලුවැල්ල කීල්ස් ගොඩනැගිල්ලේ දී...

02/01/2026

*M A T A R A* 🇱🇰
Matara Nilwala River Garden Park ❤️

17/10/2025

*M A T A R A* 🇱🇰
Matara Nilwala River Garden Park ❤️

25/09/2025

මාතරම හැඩ කරන Matara Nilwala River Garden Park ❤️
Video Credit - Respective Owner

24/09/2025

❤️ ❤️

නීතිඥවරුන්ගේ විරෝධය හමුවේ නිල්වලා ගගබඩ උද්‍යානය පවරා ගැනීමට ආ නිලධාරීන් ආපසු හැරී යයි...ආයෝජකයා විසින් ගිවිසුම කඩ කර ඇති...
12/09/2025

නීතිඥවරුන්ගේ විරෝධය හමුවේ නිල්වලා ගගබඩ උද්‍යානය පවරා ගැනීමට ආ නිලධාරීන් ආපසු හැරී යයි...

ආයෝජකයා විසින් ගිවිසුම කඩ කර ඇති බැවින් ටෙන්ඩරය අවලංගු කර ඇති නිසා නිල්වලා ගගබඩ උද්‍යානය යලි ලබා ගැනීමට පොලීසිය සමග පැමිණි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට නීතිඥවරුන්ගේ විරෝධය හමුවේ ආපසු හැරී යාමට සිදු විය.

නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පලාත් අධ්‍යක්ෂිකාව හා නීතිඥවරියක ඇතුලු නිලධාරීන් හා සේවකයින් 50 ක පමණ පිරිසක් ද පොලිස් නිලධාරීන් 50 කට වැඩි පිරිසක්ද මෙම උද්‍යානය යලි ලබා ගැනීම සදහා පැමිණ තිබුණි.

මාතර මූලස්ථාන පොලිසියට අමතරව වැලිගම මූලස්ථාන පොලීසියේ දික්වැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායම් ද ඒ සදහා ගෙන්වා ගෙන තිබුණේය.

මාකෝප් රිවර් රෙස්ටොරන්ට් පුද්ගලික සමාගම ගිවිසුම කඩ කර ඇති බැවින් ටෙන්ඩරය අවලංගු කර ඇති බවත් එම නිසා ගගබඩ උද්‍යානය තමන්ට අවශ්‍ය බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නීතිඥවරිය දැනුම් දුන්නාය.

ඊට පිලිතුරු දෙමින් මාකෝප් රිවර් රෙස්ටොරන්ට් සමාගමේ නීතිඥ චන්දන ගොඩකන්ද මහතා ඇතුළු නීතිවේදීන් කණ්ඩායම මෙසේ කීය.

"අධිකරණ නියෝගයකින් තමයි මේ උද්‍යානය අපි විවෘත කලේ.අධිකරණය වහන්න කිව්ව වෙලාවේ අපි ඊට ගරු කරමින් එවෙලේම වසා දැමුවා.ඔබ තුමිය කියනවා.අපි ගිවිසුම කඩ කලා කියලා.අපි කියනවා කඩ කලේ නෑ කියලා.එතකොට මේක විසදා ගන්නට ඕන අධිකරණයෙන්මයි.ඒ වගේම පොලීසිය ගෙනල්ලා මේ විදියට අපිව එලියට දාලා අයිති කර ගන්න ඔබලාට කොහොමත් බැහැ.ඔබලාට ඕන වෙලාවක මේක පරික්ෂා කරන්න යන්න දෙන්න පුලුවන්.ඒක ප්‍රශ්නයක් නෑ.ඒත් මේ වගේ වැඩ කරන්න දෙන්න බෑ.මෙතන දැන් තියෙන්නේ සිවිල් ආරවුලක්.මේක දිසා අධිකරණයෙන් විසදා ගන්නට පුලුවන්.මේ උද්‍යානය ඔබේවත් අපේවත් පුද්ගලික බූදලයක් නොවෙයි.අපි අවුරුදු පහකට ටෙන්ඩර් අරගෙන තිබෙනවා.මාසිකව ඔබ අධිකාරියට අට ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා.විදුලිය හා ජලය පවා අර ගෙන තිබෙන්නේ මේ සමාගම විසින් මුදල් ගෙවල්.මේක සංවර්ධනය කරන්න කෝටි ගානක් මුදල් වියදම් කරලා ඔබලා ආපු පලියට මේක වහලා දාලා අපිට යන්න බෑ.අනෙක කුලියට ගෙයක් ගත් පවුලක්වත් මේ විදියට එලියට දාන්න බැහැ.අධිකරණ නියෝගයක් අරන් ආවොත් අපිව ඉවත් කරන්න කියලා අපි ඊට ගරු කරනවා.එහෙම නැතිව අනීතිකව මේ දේවල් කරන්න බැහැ."

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හ පොලීසියට ආපසු හැරී යන අයුරු දැක ගත හැකි විය.

මීට පෙර ද අවස්ථා තුනකදී නාගරික සංවර්ධන අධිකාරිය මෙම උද්‍යානය වසා දැමීමට උත්සාහ කලේය.අධිකරණ නියෝගයක් මත දින 45 ක් වසා දැමීමට ද කටයුතු කර තිබුණි.

උපුටා ගැනීම - මාතර හොට් නිවුස්

09/09/2025

මාතර ශක්ති නාට්‍ය කණ්ඩායමේ අපේ මල්ලිලා, නංගිලා ටික පාර්ක් එක ගැන ලස්සන වීඩියෝවක් හදලා...
ඔව්... පාර්ක් එක රැකගන්න එක අපි හැමෝගෙම යුතුකමක් ❤️
වීඩියෝව අපිට එව්වේ ප්‍රශීත්. බොහොම ස්තුතියි
මේ අපේ Matara Nilwala River Garden Park

09/09/2025

කුරුළු ඇසින් 😍
ස්තුතිය - වීඩියෝවේ මුල් හිමිකරුට

09/09/2025

හිස් ගොඩක් වූ Matara Nilwala River Garden Park එක 😍😍

Address

Matara
81000

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Matara Nilwala River Garden Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share