Vector Borne Disease Control Unit - Matara.

Vector Borne Disease Control Unit - Matara. Filariasis free Sri Lanka.
බරවා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්..

අද දින මාතර දිස්ත්‍රික්කය තුල  බරවා රෝගයේ ව්‍යප්තිය පිළිබද සඳහා දැනුවත් කිරීමේ  විශේෂ වැඩසටහනක්(PSDG වැඩසටහන යටතේ) සිදු ...
16/06/2026

අද දින මාතර දිස්ත්‍රික්කය තුල බරවා රෝගයේ ව්‍යප්තිය පිළිබද සඳහා දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්(PSDG වැඩසටහන යටතේ) සිදු කරන ලදී .ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි Dr. කේ.එච්. මල්ලිකාරච්චි මහතාගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වූහ.
මේ සදහා අකුරැස්ස MOH කාරයාලයේ MOH
Dr. සුභා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සියලුම නිළදාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී...
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් ඔබ සැමට ස්තුතිය...🙏

ලෝක මැලේරියා දිනය අදයි....(අප්‍රේල් 25 )🦟" මැලේරියාව" කියලා කියන්නේ මදුරුවෙක්ගේ දෂ්ට කිරීමක් හරහා මනුස්සයෙක්ගෙන් තව මනුස...
25/04/2026

ලෝක මැලේරියා දිනය අදයි....(අප්‍රේල් 25 )
🦟" මැලේරියාව" කියලා කියන්නේ මදුරුවෙක්ගේ දෂ්ට කිරීමක් හරහා මනුස්සයෙක්ගෙන් තව මනුස්සයෙකුට බෝවෙන මාරාන්තික ලෙඩක්. (මදුරුවා රෝගකාරක පරපෝෂිතයාව දෂ්ට කිරීම් හරහා රෝගියෙකුගෙන් තවත් නීරෝගි මනුස්සයෙකුට ප්‍රවාහනය කිරීම සිදු කරයි...)

🦟 ලංකාව අපරට තුල මැලේරියාව තුරන් කල රටක් නිසා මැලේරියාව තව රටක ඉඳන් අප රට තුලට ඇතුළු වීම වැළක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ලංකාව තුල නැවත මැලේරියාව ඇති වීම වළක්වා ගැනීමට අප විසින් කල යුතුව ඇත...
⚠️ එම නිසා මැලේරියා රෝගියෙක් හැකි ඉක්මනින් හඳුනා ගැනීම ඉතාම වැදගත්.
කිසියම් රෝගියෙක් පිටරටක සංචාරයක් කර පැමිණි දින සිට වසරක් යනතුරු කොයි මොහොතක හෝ උණ රෝගයෙන් පෙළෙන්නේ නම් එය මැලේරියාව වීමේ දැඩි අවදානමක් තියෙනවා....

🦟 ✈️ දැනට අප රට තුලින් "ආනයනික මැලේරියා " රෝගීන් පමණක් වාර්තා වන නිසා
මැලේරියාව තුරන් කල රටක් ලෙස...
1️⃣ සංචාරයට පෙර
ඔබ මැලේරියා ආසාදනය බහුලව තියෙන රටකට සංචාරය කරන්නේ නම් ඒ රටට ඇතුළු වීමට පෙර මැලේරියාව ඇතිවීම වැළැක්වීමේ ප්‍රතිකාර (නොමිලේ ලැබෙන) රැගෙනයාම ඉතාමත් වැදගත්.

2️⃣ සංචාරය අතරතුර
ඔබ සංචාරය කරන කාලසීමාව අතරතුර එම රටේදී මදුරුවන්ගේ දෂ්ට කිරීම් වලින් වැලකී සිටීමට අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත්.
මේ සඳහා මදුරු විකර්ශක භාවිතය ,මදුරු දැල් භාවිතය සහ ඇඟ ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම ඉතාම වැදගත්.
ඒ වගේම සංචාරය අතරතුර ඔබට ලබා දී ඇති මැලේරියා වැළැක්වීමේ ප්‍රතිකාරක ඖෂධ නිසි පරිදි භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

3️⃣ සංචාරයෙන් පසු මැලේරියාව සදහා වසරක කාලයක් ය්න තෙක් රුධිර පරීක්ෂාවන් සිදුකර ගතයුතු වේ...
(සංචාරයෙන් පසු ඔබ නැවත ලංකාවට පැමිණි පසු ඔබට උණ රෝගයක් වැළඳුනේ නම් එය මැලේරියාවද නැද්ද යන බව ඉතා ඉක්මනින් දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවී ඔබ සංචාරය කළ රට පිළිබඳ තොරතුරු සහ ඉක්මනින් රුධිර පටල පරීක්ෂණයක් මගින් මැලේරියා පරපෝෂිතයා ඔබේ රුධිරයේ ඉන්නවද නැද්ද කියන එක තහවුරු කර ගැනීමේ පරීක්ෂණයකට භාජනය වෙන්න පුලුවන්.)

💥හැකි ඉක්මනින් මැලේරියාව හඳුනා ගැනීම ඔබේ ජීවිතය පරිස්සම් කරනවා විතරක් නෙමෙයි, ඔබ විසින් රටක් පරිස්සම් කරනවා කියන එක ඉතාමත් වැදගත්...

🦟ලෝක මැලේරියා දිනයේදී අපගේ වගකීම...
"මැලේරියාව කල්තියා හඳුනා ගැනීමේ සහ වැළැක්වීමේ ජාතික වැඩසටහනට සහාය දැක්වීමයි"...
2016 වර්ශයේ මැලේරියාව ලංකාවෙන් තුරන් කර
ඇති වකවානුවක සංචාරක මැලේරියාව ආපසු ලංකාවට ඇතුලු වූ වහාම හදුනා ගෙන ප්‍රතිකාර කිරීම මගින් ආපසු ලංකාවේ මැලේරියා වසංගතයක් නිර්මාණය නොවීමට අපට කල හැකි එකම ක්‍රියාමාර්ගයයි....❣️

Address

Fort
Matara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Vector Borne Disease Control Unit - Matara. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share