11/07/2023
මීතැන්න වලව්වේ අවතාරය 3
කාලය ගත වූයේ නොදැනීමය..
මා හට දැන් වයස අවුරුදු 55ක් හෝ ඊට වසරක් පමණ අඩු ය.
දරුවන් ද කොළඹ නගරයේ පදිංචි වී සිටි නමුත් මා මීතැන්න අමතක නොකළෙමි..
වලව්වේ ම මාත් සැමියාත් වතු පිටියේ වැඩ කරමින් ජීවත් වන්නේය ..
තරුෂි අක්කා දැන් මීතැන්න වලව්වේ ම ජීවත් වේ..ඇගේ සැමියා මිය යෑමෙන් පසු දරුවන් වෙනත් රටවල පදිංචියට ගිය නමුත් ඇය මෙහි සිටීමට මා කැමති කර ගත්තේය..
සෙනෙලි නංගී නම් මාද වසර 15 කින් පමණ දැක නැත..
වෙනදා මෙන් නොව මීතැන්න වලව්ව දැන් ඒකාකාරීය..
දැන් එය වලව්වක්ම නොවේ...සාමාන්‍ය නිවසක් වී ඇත..
ඉද හිට මං ආ ගිය දවස ගැන අක්කාට මතක් කලේය...
මුහුදට පා කල ලන්තෑරුම සතියකින් පමණ නැවත වෙරළට ගසාගෙන ගොස් තිබූ නිසා එය රැගෙන ආ මමත් තරුෂි අක්කාත් මීතැන්න වලව්ව පසුපස සොහොන් පිට්ටනියේ වල දැමූ ආකාරය අදටත් මතකය..
හදිසියේම සැමියා රෝගාතුරව එක්තැන් විය..
ආරච්චි සීයා කියූ ආකාරයටම මීතැන්න වලව්ව කිසිවෙකුට වගතුවක් නැති සාප ලත් තැනක් බව මට නිතරම සිහි විය..
දරුවන් මෙහි සිටිනවාට මා අකමැති වූයේ එහෙයෙනි..
සැමියාද අසනීප වූ අතර දරුවන් පමණක් නොව ගම්මු ද මෙහි පැමිණීමට අකමැති වූයේ මෙහි මූසල ස්වභාවය නිසා බව මම තරුෂි අක්කාටත් ,කුස්සියේ වැඩ කළ ගුණවතී නැන්දාටත් කීවේය..
මීතැන්න වලව්වේ පදිංචි වූ දා සිටි කිසිවෙකුට මෙහි යහපතක් වූයේ නැති බව මා නිතර මිමිණුවෙමි..
කුඩම්මාද මිය ගියේ මෙහි පැමිණී වෙලාවක ලී ආරුක්කු පඩි පෙළෙන් වැටීමෙනි...
ඇයගේ දියණියන් ද අධික මාන්නයෙන් පෙළුණු නමුත් විවාහ වීමෙන් හා දරුවන් උස් මහත් වූ පසුව ඒ මාන්නගති තුරන්ව ඇති බව මට සිතුනි..
නමුත් කොළඹ පිහිටි නිවස මගේ පියා කුඩම්මාගේ දැරියනට බෙදා දීම මාගේ අනුදැනුමකින් තොරව වූ නිසා මාද සිත් අමනාපයෙන් පසු විය...
කුඩම්මා මිය යෑමට පෙර ඔහු හදිසි හෘදයාබාධයකින් මිය ගියේ මට මරණය ගැන සැකයක් ඇති කරමිනි..
දේපළ ගත් පසු කුඩම්මා ඔහු මැරවීය..යන්න මගේ හිත තුළ අදටද දෝංකාර දෙයි..
ජරාජීර්ණ වූ මීතැන්න වලව්ව අදටත් කිරිගරුඬ ගල් හා මැහෝගනී ලී දඩු නිසා වියපත් යෝධයෙකු අහස ඔසවා සිටුනු මෙන් දිස්වීය..
මෙහි නොතරම විවිධ ශබ්ද ,බඩු පෙරළීම ,දොරවල් ඇරීම හා වැසීම සිදු වූ නමුත් මා ඒ කිසි දෙයක් තැකීමක් නොකර ජීවත් විය..
තවත් දිනෙක උදෑසන හිරු නැගෙතවත්ම ගුණදාස නැන්දා "හපොයි නෝනා පොලිසියෙන් ඇවිත් "කියා මා දෙසට ආවේය..
මාත් ,තරුෂි අක්කාත් පොලිසියෙන් මේ ඇයි සර්
කියා විමසුවෙමි ...
නෑ..ඔයගොල්ලො බය වෙන්න එපා..
මේ එල්ටීටීඊ කලබල කාලෙ මරපු පුද්ගලයන් 5 දෙනෙක් ගෙ මළසිරුරු,සහ බිම් බෝම්බ වගයක් වලව්වේ සොහොන් පිට්ටනියේ තියෙනවා කියල තොරතුරු ලැබිල තියෙනවා ...
"මොනව මහත්තයො..මෙහෙ කොහෙන් ද එල්ටීටීඊ ..මේ මගේ සීයප්පච්චිලයි ගෙදර ...මං අවුරුදු 16 ඉදන් මෙහෙ දන්නවා.."
"නෑ එහෙම්මම මෙර් එල්ටීටීඊ කලබල කාලෙ වුනාට පරීක්ෂණයක් නොකර කියන්න බෑ.."
"ඒත් අපරාධ කාරයෙක් ගෙ ඩයරියක තිබුනා මේ විස්තර ය සටහන් කරලා..."
හරි එහෙනම්..කියා මම පොලිසිය ට ඉඩ දුනි..
දිනය පුරාම විශාල තැන් ප්‍රමාණයක් විවිධ උපකරණ ,පොලිස් සුනඛයන් ආදියනුත් සෙවුවත් හැළ හොල්මනක් නැත..
මගේ පැටලිලි සහගත වියපත් හිතටද මෙය අවබෝධ නොවීය..
මේ අතර එක් නිලධාරියෙකු "නෝනා අපි තව සෝදිසි කරනවා..අපිට වත්ත පහළ සොහොනක වලදාල තිබුන ලන්තෑරුමක් වගෙ දෙයක් හම්බ වුනා...එතන ඇටකටු ,මිනී ඔලු එහෙම තියෙනවා ..." කීවේය..
මොනවා ලන්තෑරුමක් !
මම මෙය අසා වික්ෂිප්ත වීය...
ඔහු ලන්තෑරුම මීතැන්න වලව්වේ දොරකොඩින් තිව්වේය...
අස්ථි කොටස් ඔවුන් රැගෙන ගියේ පරීක්ෂණ සිදු කරන්නට උවමනා යැයි කියමිනි..
මා ඉක්මනින් ලන්තෑරුම මීතැන්න වලව්වේ කෙළවර ගව ගාල දෙසට ගිහින් තැබුවෙමි...
වෙන කවරදාකවත් මෙන් නොව අද මට ලන්තෑරුම ගැන විශාල බියක් ඇති විය...
එය නැවත හොල්මන් කිරීමට වත් ද මේ ගොඩ ආවෙ ...මට සිතට නිවනක් නොවීය..
මතු සබැදේ ......like us / follow us
# # # # # # #