04/08/2022
ප්‍රජාමුලුතැන්ගෙය 30 වැනි දවස
(2022- ජූලි මස 31 වැනි දින)
අද අපේ මුලුතැන්ගේ කෑම එක වුණේ, මාලුයි, මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි, පරිප්පුයි, කැකුලු බත් එකයි......
අපි එක්ක මේ වැඩේට උදව්වට මුල් කාලේ ඉලම අත්තම්මාලා කීප දෙනෙක්ම හිටියා. එයලා අපි එක්කම මධ්‍යස්ථානයට ඇවිල්ලා අපි ගැන හොයලා බලලා, අපිට උදව්කරන එක දිගටම කලා. මුලින් අපි හිතුවා...,දවසක් දෙකක් ඇවිල්ලා නතරවෙයි කියලා. නෑ එයාලා එහෙම නතර වුණේ නෑ. මේ වතු යායේම වැඩ එක්ක ජීවිතේ ගෙවපු ඒ අත්තම්මා අපි වෙනුවෙන් එයාලගේ සහයෝගය දිගටම ලබා දෙනවා.
අද උදේම ඒ අතර හිටපු තව අත්තම්මා කෙනෙක්, ගෙදරින් මඤ්ඤොක්කා කොළ කොටලා, පොල් ගාගෙන අරගෙන ඇවිත් තිබුණා. උයන වැඩවලට උදව් කරන නැන්දා මාලු හදලා එවලා තිබුණා. අපි අද ඉව්වේ ඒ මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි, පරිප්පුයි, බත් එකයි විතරයි.
තව ළහිරු අයියා අපිට ඇමබුන් කෙසෙල් ගෙනල්ලා දුන්නා. අතුරුපසට ගන්න. එයාලා හැමෝම අපි දිහා බලන් ඉන්නවා. දවස ගාණේ අපිට දේවල් කරන්න වගේම කර ගන්නත් උදව් කරනවා.
අපි ගෙවතු වගා වැඩත් අද කළා. පංතියේ වැඩ ටික පූර්ණිමා මිස් බැලුවා.
උදේ වරුවේ පාසල් නොයන අය තමයි සහභාගී වුණේ. ඒ කණ්ඩායමට අසාලිවීම සහ සරළ වාක්‍යය ලියන හැටි කියලා දුන්නා. ලිවුමක් කියවන්නත් දුන්නා.අකුරු බැරිම අයට අකුරු හඳුන්වා දීමත් කළා.
ආහ්! තව අත්කම් වැඩත් කළා. තව පෑන, පැන්සල කොහොමත් හුරු නැති අයට ඇඟිලි හසුරවන්න පුරුදු කරවන ක්‍රියාකාරකමුත් කස්තුරි ටීචර් කියලා දුන්නා.
ඉතිං පස්සේ පංති වැඩ ඉවර කරලා, කෑමත් කාලා, ගෙවතුවඟා වැඩ කරලා අද වැඩසටහන ටිකක් කලින් ඉවර කළා.
අද අපිට ගොඩක්ම අත්තම්මාගේ ආදරේ දැනුන දවසක්. එයාලා හැමදාමත් ආවා. අදත් වෙනදා වගේම ආවා. එයාලට පුළුවන් දේ උපරිමෙන්ම අපි වෙනුවෙන් කරනවා. ඒ ගැන අපිට තියෙන්නේ ලොකු සතුටක්.....
අපි කිරිලිපන ප්‍රජාමුලුතැන්ගෙය සංවිධානය කරන තරුණ තරුණියන්