Divisional Secretariat - Mallawapitiya

Divisional Secretariat - Mallawapitiya Official page Of Divisional Secretariat-Mallawapitiya

🌿 කලබලකාරී ජීවිතයට මොහොතක නිවීමක්… සිතේ සාමය සොයා යන ධර්ම මාර්ගයේ පියවරක්…භාවනා වැඩසටහන 2026-05-28📍 බෝගමුව පරමාර්ථ ධර්මා...
01/06/2026

🌿 කලබලකාරී ජීවිතයට මොහොතක නිවීමක්…
සිතේ සාමය සොයා යන ධර්ම මාර්ගයේ පියවරක්…

භාවනා වැඩසටහන 2026-05-28
📍 බෝගමුව පරමාර්ථ ධර්මායතන ආරණ්‍ය සේනාසනය

01/06/2026
30/05/2026

ක්‍රියාවෙන් පරිසරයට ආදරය කරමු

සිතිවිලි විතරක් මදි, ක්‍රියාවත් අවශ්‍යයි! 2026 ජගත් පරිසර දින ජාතික සතියේ ආරම්භය සනිටුහන් කරමින් අද දවස 'ආකල්ප ප්‍රවර්ධන දිනය' ලෙස නම් කෙරෙන්නේ ඒ නිසා. පොලිතින් බෑග් එකක් ප්‍රතික්ෂේප කිරීමේ සිට, පාරට කුණු නොදැමීම දක්වා වූ ඔබේ පුංචි යහපත් පුරුද්ද රටක් වෙනස් කරන මහා ශක්තියක් කරගනිමු. අද ඉඳන් මම පරිසරයට ආදරෙයි! ඔබත් එකතු වෙන්න.

Let’s love the environment through our actions!

Thoughts alone are not enough; action is essential! That is why, marking the commencement of the National Week for World Environment Day 2026, today has been designated as 'Attitude Promotion Day'. From refusing a single-use polytheen bag to refraining from littering the streets, let’s turn your small, positive habits into a powerful force that transforms the nation. Starting today, I choose to love the environment! Join us!

#දලුලන්නඉඩදෙන්න

30/05/2026

“පරිසර සතිය අදින් ඇරඹෙයි”
මැයි 30 - ජුනි 05
ජගත් පරිසර දිනයට අදාළ ජාතික පාරිසරික සතිය අද(30) ඇරඹේ.

දලුලන්න ඉඩදෙන්න තේමාවෙන් ජගත් පරිසර දින ජාතික සැමරුම 2026 ජුනි මස 05 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ජගත් පරිසර දිනයේදී ද"Urgent Climate Action"- කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය- යන ගෝලීය තේමාවට සමගාමීව, ශ්‍රී ලංකාව "තිරසර ජෛව ගෝලයක් - සදාහරිත ජීවිතයක්" යන දැක්ම පෙරදැරිව "දලුලන්න ඉඩදෙන්න" නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් රට පුරා ක්‍රියාවට නංවයි.

#දලුලන්නඉඩදෙන්න

🌼 වෙසක් සතියේ ආධ්‍යාත්මික සුවඳ විහිදුවමින්… 🌼2026/05/27 දින පළාත් සභා දිවුරුම් බෝධිය අසලදී ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභ...
29/05/2026

🌼 වෙසක් සතියේ ආධ්‍යාත්මික සුවඳ විහිදුවමින්… 🌼

2026/05/27 දින පළාත් සභා දිවුරුම් බෝධිය අසලදී ප්‍රජා විශෝධන ආඥාලාභීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන

සදාකාලික දහම් ආලෝකය ලොවට දායාද කළ සම්බුදු තෙමඟුල අනුස්මරණය කරමින්, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආගමික වැඩසටහන් ...
29/05/2026

සදාකාලික දහම් ආලෝකය ලොවට දායාද කළ සම්බුදු තෙමඟුල අනුස්මරණය කරමින්, මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආගමික වැඩසටහන් හා පින්කම් රැසක් භක්තිපූර්වකව පැවැත්විය. 🪔✨
මෙම උතුම් වෙසක් මංගල්‍යය සියලු දෙනාගේ ජීවිතවලට සෙත, ශාන්තිය හා දහම් ආලෝකය උදාකරන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🙏

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢ජනාධිපති ලේකම් කාර්යාලය,  බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා...
28/05/2026

🟢 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනට කැබිනට් අනුමැතිය 🟢

ජනාධිපති ලේකම් කාර්යාලය, බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම සියලූම සියලූම රාජ්‍ය, අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශය සහ මහජනතාව සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පොසිල ඉන්ධන මත අධික ලෙස රඳා පැවතීම, අහිතකර කාලගුණය, භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අභියෝගයට ලක්ව ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවිධිමත් විදුලි භාවිතය නිසා ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කරයි. මෙම තත්ත්වය කළමනාකරණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා, පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර ජනනය වන කාලසීමාවන් තුළ විදුලිය පරිභෝජනය කිරීමට මහජනතාව යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය චර්යාත්මක වෙනස්කම් ඇති කිරීම අරමුණු කරගනිමින් ඉදිරියේදී වඩාත් ත්‍රීව ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
--------------------------------------------------
*ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය*🇱🇰

26/05/2026

Address

Mallawapitiya

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372228422

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Mallawapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Mallawapitiya:

Share