Ministry of Fisheries Sri Lanka

Ministry of Fisheries Sri Lanka Ministry of Fisheries of Sri Lanka remains committed for the management of the Fishery Resource

ජපානයේ පැවැති ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ එක්වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, දේශගුණික විපර්යාස හා සාගර...
06/06/2026

ජපානයේ පැවැති ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ එක්වූ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, දේශගුණික විපර්යාස හා සාගර දූෂණය වැනි අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ‘නීල ආර්ථික’ වැඩපිළිවෙළ සහ පරිසර පද්ධති සුරැකීමේ පියවර පැහැදිලි කළ ඔහු, නවීන ධීවර තාක්ෂණය හා දත්ත හුවමාරුව සඳහා දියුණු රටවල සහාය ඉල්ලා සිටියේය.

මෙම සංචාරය හරහා ජපානය ඇතුළු රටවල් සමඟ නව තාක්ෂණික හා මූල්‍ය සහයෝගීතාවන්ට ශක්තිමත් පදනමක් වැටී ඇත.

https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1289-2026-06-06-03-07-23

ஜப்பானில் நடைபெற்ற ‘தீவு நாடுகளின் பெருங்கடல் உச்சிமாநாட்டில்’ (Island States Ocean Summit) கலந்து கொண்ட கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர், காலநிலை மாற்றம் மற்றும் கடல் மாசடைவு போன்ற சவால்களை எதிர்கொள்வதற்கு நடைமுறை ரீதியிலான சர்வதேச ஒத்துழைப்பு அவசியமானது என்பதை வலியுறுத்தினார்.

இலங்கையில் நடைமுறைப்படுத்தப்படும் ‘நீலப் பொருளாதாரம்’ (Blue Economy) வேலைத்திட்டம் மற்றும் சுற்றுச்சூழல் அமைப்புகளைப் பாதுகாப்பதற்கான நடவடிக்கைகள் குறித்து விளக்கிய அவர், நவீன கடற்றொழில் தொழில்நுட்பம் மற்றும் தரவுப் பரிமாற்றத்திற்காக அபிவிருத்தியடைந்த நாடுகளின் ஆதரவைக் கோரினார்.

இந்த விஜயத்தின் மூலம் ஜப்பான் உள்ளிட்ட நாடுகளுடன் புதிய தொழில்நுட்ப மற்றும் நிதி ஒத்துழைப்புகளுக்கான பலமான அடித்தளம் இடப்பட்டுள்ளது.

හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම්!හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරදිය හා මිරිදිය ධීවරයින් මුහුණ දෙන ගැටලු නිරා...
05/06/2026

හම්බන්තොට ධීවර ප්‍රජාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම්!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරදිය හා මිරිදිය ධීවරයින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමේ විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.

⚓️ කුඩා යාත්‍රා සඳහා ඉන්ධන සහන ලබාදීම සහ වරාය යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට මෙහිදී සෘජු අවධානය යොමු විය.

🐟 වැව් පිරිසිදු කර මිරිදිය ධීවර කර්මාන්තය නැංවීමටත්, ධීවරයින්ට අවශ්‍ය නවීන ආම්පන්න ලබාදීමටත් නිලධාරීන්ට උපදෙස් කෙරිණි.

🚫 නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා අදාළ සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වූ නව යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1288-2026-06-05-05-57-20

ஹம்பாந்தோட்டை மீனவ சமூகத்தின் பிரச்சினைகளுக்கு விரைவான தீர்வுகள்!

ஹம்பாந்தோட்டை மாவட்டத்தில் உவர் மற்றும் நன்னீர் மீனவர்கள் எதிர்கொள்ளும் பிரச்சினைகளைத் தீர்ப்பதற்கான விசேட ஒருங்கிணைப்புக் குழுக் கூட்டம், கடற்றொழில் பிரதி அமைச்சர் ரத்ன கமகே அவர்களின் தலைமையில் நேற்று நடைபெற்றது.

⚓️ சிறிய ரக படகுகளுக்கு எரிபொருள் மானியம் வழங்குதல் மற்றும் துறைமுக உட்கட்டமைப்பு வசதிகளை விரைவாக அபிவிருத்தி செய்தல் குறித்து இங்கு நேரடி கவனம் செலுத்தப்பட்டது.

🐟 குளங்களைச் சுத்திகரித்து நன்னீர் மீன்பிடித்தொழிலை மேம்படுத்துவதற்கும், மீனவர்களுக்குத் தேவையான நவீன உபகரணங்களை வழங்குவதற்கும் அதிகாரிகளுக்கு அறிவுறுத்தப்பட்டது.

🚫 சட்டவிரோத மீன்பிடி நடவடிக்கைகளைத் தடுப்பதற்காக, சம்பந்தப்பட்ட அனைத்து அமைச்சுகளும் இணைந்த புதிய பொறிமுறையொன்றைச் செயற்படுத்துவதற்கும் தீர்மானிக்கப்பட்டது.
https://www.fisheries.gov.lk/web/index.php/ta/news-and-events-ta

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ධීවර පර්යේෂණ හා අධ්‍යාපන ඒජන්සියේ (FRA) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ...
04/06/2026

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ධීවර පර්යේෂණ හා අධ්‍යාපන ඒජන්සියේ (FRA) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ජපානයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීකරණය සඳහා ජපානයේ තාක්ෂණික සහය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු විය. ඉන්ධන පිරිවැය අඩු යාත්‍රා සැලසුම් කිරීම, ජලජීවී වගාව සහ ජෛව තාක්ෂණික පර්යේෂණ මෙහි ප්‍රධාන අරමුණු වේ. ඒකාබද්ධ පර්යේෂණ සඳහා ජපාන විද්‍යාඥයින්ට ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍යවරයා ආරාධනා කළ අතර, මේ සඳහා කඩිනමින් ව්‍යාපෘති යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළ විය.
https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1287-fra

கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அவர்களுக்கும் ஜப்பான் கடற்றொழில் ஆராய்ச்சி மற்றும் கல்வி முகவர் நிலையத்தின் (FRA) அதிகாரிகளுக்கும் இடையிலான விசேட கலந்துரையாடல் ஜப்பானில் நடைபெற்றது.

இதன்போது, இலங்கையின் கடற்றொழில் தொழிற்துறையை நவீனமயமாக்குவதற்கு ஜப்பானின் தொழில்நுட்ப உதவியைப் பெற்றுக்கொள்வது குறித்து அவதானம் செலுத்தப்பட்டது.

எரிபொருள் செலவைக் குறைக்கும் வகையிலான படகு வடிவமைப்பு, நீர்வாழ் உயிரின வளர்ப்பு மற்றும் உயிரித் தொழில்நுட்ப ஆராய்ச்சி என்பன இதன் பிரதான நோக்கங்களாகும்.

கூட்டு ஆய்வுக்காக ஜப்பனிய விஞ்ஞானிகளை இலங்கைக்கு வருகை தருமாறு அமைச்சர் அழைப்பு விடுத்ததுடன், இதற்கான திட்ட முன்மொழிவை (Project Proposal) விரைவில் சமர்ப்பிப்பதற்கும் உடன்பாடு எட்டப்பட்டது.
https://www.fisheries.gov.lk/web/index.php/ta/news-and-events-ta/1287-fra

ශ්‍රී ලංකාවේ සාගර විද්‍යා, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර නංවාලීමට ජපානයේ 'නිපොන් පදනමේ' (The Nippon Foundation) පූර්ණ සහය...
04/06/2026

ශ්‍රී ලංකාවේ සාගර විද්‍යා, ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර නංවාලීමට ජපානයේ 'නිපොන් පදනමේ' (The Nippon Foundation) පූර්ණ සහය!

ජපානයේ නිල සංචාරයක නිරත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නිපොන් පදනමේ සභාපති යොහේයි සසකාවා මහතා අතර ටෝකියෝ නුවරදී පැවැති විශේෂ හමුවකදී මේ බව තහවුරු කෙරිණි. ලෝක සමුද්‍රීය විශ්වවිද්‍යාලය හරහා ලංකාවට ලැබෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පුළුල් කිරීමට මෙන්ම, උතුරු පළාතේ පාසල් 100ක් නඟාසිටුවීමට සහ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීමේ විශේෂ කෘෂි ව්‍යාපෘතියකට සහය වීමටද මෙහිදී එකඟතාව පළ විය.
https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1286-the-nippon-foundation

இலங்கையின் கடல்சார் அறிவியல், கடற்றொழில் மற்றும் விவசாயத் துறைகளை மேம்படுத்துவதற்கு ஜப்பானின் 'நிப்போன் பவுண்டேஷன்' (The Nippon Foundation) முழுமையான ஆதரவு!

ஜப்பானுக்கு உத்தியோகபூர்வ விஜயம் மேற்கொண்டுள்ள கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அவர்களுக்கும், நிப்போன் பவுண்டேஷனின் தலைவர் யோஹேய் சசகாவா (Yohei Sasakawa) அவர்களுக்கும் இடையில் டோக்கியோவில் நடைபெற்ற விசேட சந்திப்பின் போது இந்த விடயம் உறுதிப்படுத்தப்பட்டது.

உலக கடல்சார் பல்கலைக்கழகம் (World Maritime University) ஊடாக இலங்கைக்கு கிடைக்கும் உயர்கல்விக்கான புலமைப்பரிசில்களை விரிவுபடுத்துவதற்கும், வட மாகாணத்தில் உள்ள 100 பாடசாலைகளை மேம்படுத்துவதற்கும், அரிசி உற்பத்தியில் இலங்கை தன்னிறைவு அடைவதற்கான விசேட விவசாயத் திட்டத்திற்கு ஆதரவளிப்பதற்கும் இதன்போது இணக்கம் தெரிவிக்கப்பட்டது.
https://www.fisheries.gov.lk/web/index.php/ta/news-and-events-ta/1286-the-nippon-foundation

ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපාන රාජ්‍ය අමාත්‍ය නෙමොටෝ යුකිනෝරි අතර ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාව...
03/06/2026

ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපාන රාජ්‍ය අමාත්‍ය නෙමොටෝ යුකිනෝරි අතර ටෝකියෝ නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ලංකාවේ ධීවර හා තාක්ෂණික උපාධිධාරීන්ට ජපානයේ තාක්ෂණික රැකියා අවස්ථා ලබාදීමට එකඟතාව පළ විය.

මීට අමතරව, මෙරට ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීම, මුහුදු ආහාර අගය එකතු කිරීමේ දාමය ප්‍රවර්ධනය සහ ජපාන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා මුහුදු ආහාර ඉල්ලුම වර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1285-2026-06-03-09-50-58

இலங்கை கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் மற்றும் ஜப்பானிய இராஜாங்க அமைச்சர் நெமோட்டோ யுகினோரி ஆகியோருக்கு இடையிலான விசேட கலந்துரையாடலொன்று டோக்கியோவில் நடைபெற்றது. இதன்போது, இலங்கையின் மீன்வள மற்றும் தொழில்நுட்ப பட்டதாரிகளுக்கு ஜப்பானில் தொழில்நுட்பத்துறையில் வேலைவாய்ப்புகளை வழங்குவதற்கு உடன்பாடு எட்டப்பட்டது.

மேலும், நாட்டின் கடற்றொழில் துறையை நவீனமயமாக்குதல், கடல் உணவு பெறுமதி கூட்டல் சங்கிலியை மேம்படுத்துதல் மற்றும் ஜப்பானிய சந்தையில் இலங்கை கடல் உணவுகளுக்கான தேவையை அதிகரித்தல் ஆகிய விடயங்கள் குறித்தும் இங்கு கவனம் செலுத்தப்பட்டது.
https://www.fisheries.gov.lk/web/index.php/ta/news-and-events-ta/1285-2026-06-03-09-50-58

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ජයිකා (JICA) ආයතනය අතර ටෝකියෝ නුවරදී පැවැති සාකච්ඡාවකදී මෙරට ධීවර ක්ෂේත...
03/06/2026

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ජයිකා (JICA) ආයතනය අතර ටෝකියෝ නුවරදී පැවැති සාකච්ඡාවකදී මෙරට ධීවර ක්ෂේත්‍රය නවීකරණයට පූර්ණ සහය දීමට එකඟතාව පළ විය. ඒ අනුව ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික හා යටිතල පහසුකම්වල අඩුපාඩු හඳුනාගෙන නව යෝජනා ක්‍රියාත්මක කිරීමට JICA තාක්ෂණික කණ්ඩායමක් ඉදිරියේදී ලංකාවට පැමිණීමට නියමිතය. මෙහිදී දීර්ඝ කාලීන ගැටලුවලට ලක්ව ඇති කිරින්ද ධීවර වරායට විද්‍යාත්මක සහ තාක්ෂණික ස්ථිර විසඳුමක් ලබාදීමට ද JICA ආයතනය සහතික විය.
https://www.fisheries.gov.lk/web/index.php/si/gallery-si/news-and-events-si/1284-jica-2

கடற்றொழில் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அவர்களுக்கும் ஜப்பான் ஜைகா (JICA) நிறுவனத்திற்கும் இடையில் டோக்கியோவில் நடைபெற்ற கலந்துரையாடலில், நாட்டின் கடற்றொழில் துறையை நவீனமயமாக்குவதற்கு முழுமையான ஆதரவை வழங்க உடன்பாடு எட்டப்பட்டது. இதற்கமைய, கடற்றொழில் துறையின் தொழில்நுட்ப மற்றும் உள்கட்டமைப்பு குறைபாடுகளைக் கண்டறிந்து புதிய திட்டங்களைச் செயல்படுத்துவதற்காக JICA தொழில்நுட்பக் குழுவொன்று விரைவில் இலங்கைக்கு வரவுள்ளது. இதன்போது, நீண்டகாலப் பிரச்சினைகளை எதிர்நோக்கியுள்ள கிரிந்த துறைமுகத்திற்கு அறிவியல் மற்றும் தொழில்நுட்ப ரீதியிலான நிரந்தர தீர்வை வழங்குவதற்கும் JICA நிறுவனம் உறுதியளித்துள்ளது.
https://www.fisheries.gov.lk/web/index.php/ta/news-and-events-ta/1284-jica-2

පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සමිතිය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ "වෙසක් තොරණ" නිරාව...
02/06/2026

පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සමිතිය විසින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ "වෙසක් තොරණ" නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (ජූනි 01) දින ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වෙසක් මංගල්‍යය නිමිත්තෙන් බැතිමතුන්ගේ නෙත් සිත් පහන් කරලීම උදෙසා නිර්මාණය වූ මෙම මනරම් තොරණ විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතා, පෑළියගොඩ නගර සභාවේ සභාපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ.

මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික ප්‍රජාව, අමාත්‍යාංශ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, වෙසක් සමයේ ආගමික ශ්‍රද්ධාව සහ සහජීවනය මනාව විදහා දැක්වූ අවස්ථාවක් විය.

02/06/2026

*දිවයින වටා මුහුදු තීරය ඉතා රළු වෙයි: ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න – ධීවර දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්*

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) පෙරවරු 10.30ට නිකුත් කරන ලද විශේෂ කාලගුණ නිවේදනයට අනුව, ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාපය රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීම අතිශය අවදානම් සහගත බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් මුලතිව් සිට කන්තකසන්තුරය, මන්තනාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශ ධීවර රැකියාව සඳහා ඉතා අනතුරුදායක මට්ටමක පවතින බව දන්වා සිටියි.

මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ අවධාරණය කරයි:

"ඉදිරි පැය 24 තුළ ඉහත සඳහන් කළ මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස මම සියලුම ධීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ වන විටත් මුහුදු කලාපවල රැකියාවේ නිරත වන ධීවර යාත්‍රා ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිතව ගොඩබිම කරා පැමිණිය යුතුයි. එමෙන්ම, ඕනෑම ධීවර කටයුත්තකදී ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳ සිටීම අනිවාර්ය බව මම විශේෂයෙන් මතක් කර සිටිනවා."

පවතින මෙම අවදානම් කාලගුණ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

நாட்டைச் சூழவுள்ள கடற்பகுதி மிகவும் கொந்தளிப்பாகக் காணப்படும் : மீன்பிடி நடவடிக்கைகளில் ஈடுபடுவதைத் தவிர்க்கவும் – கடற்றொழில் திணைக்களத்தின் அவசர அறிவிப்பு

வளிமண்டலவியல் திணைக்களத்தினால் இன்று (02) முற்பகல் 10.30 இற்கு வெளியிடப்பட்ட விசேட வானிலை அறிக்கையின்படி, அடுத்து வரும் 24 மணித்தியாலங்களில் நாட்டைச் சூழவுள்ள கடற்பகுதிதி கொந்தளிப்பாக அல்லது மிகவும் கொந்தளிப்பாகக் காணப்படும் என்பதால், மீன்பிடி நடவடிக்கைகளில் ஈடுபடுவது மிகவும் அவதானமிக்கது என கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் அறிவித்துள்ளது.

குறிப்பாக முல்லைத்தீவு முதல் காங்கேசன்துறை, மன்னார், புத்தளம், கொழும்பு, காலி மற்றும் ஹம்பாந்தோட்டை ஊடாக பொத்துவில் வரையான கடற்பரப்புகளில் காற்றின் வேகமானது அவ்வப்போது மணித்தியாலத்திற்கு 50-60 கிலோமீற்றர் வரை அதிகரிக்கக்கூடும் என்பதால், அந்தப் பகுதிகள் மீன்பிடித் தொழிலுக்கு மிகவும் ஆபத்தான நிலையில் உள்ளதாகத் தெரிவிக்கப்பட்டுள்ளது.

இது தொடர்பாக கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் சுசந்த கஹவத்த அவர்கள் பின்வருமாறு வலியுறுத்தியுள்ளார் :

"அடுத்து வரும் 24 மணித்தியாலங்களுக்குள் மேற்கூறப்பட்ட கடல் பகுதிகளில் மீன்பிடித் தொழிலில் ஈடுபடுவதைத் தவிர்க்குமாறு அனைத்து மீனவர்களிடமும் கேட்டுக்கொள்கிறேன். தற்போது கடல் பகுதிகளில் மீன்பிடி நடவடிக்கையில் ஈடுபட்டுள்ள மீன்பிடிப் படகுகள் ஏதேனும் இருப்பின், அவை உடனடியாக நடைமுறைக்கு வரும் வகையில் பாதுகாப்பாகக் கரை திரும்ப வேண்டும். அத்துடன், எந்தவொரு மீன்பிடி நடவடிக்கையின் போதும் உயிர் காக்கும் அங்கிகளை (Life Jackets) அணிந்திருப்பது கட்டாயமாகும் என்பதையும் நான் விசேடமாக நினைவூட்டுகிறேன்"

நிலவும் இந்த ஆபத்தான வானிலை குறித்து தொடர்ந்தும் அவதானத்துடன் இருக்குமாறும், தங்களது உயிர் மற்றும் உடமைகளைப் பாதுகாத்துக் கொள்வதற்காக அதிகாரிகள் வழங்கும் அறிவுறுத்தல்களை கட்டாயமாக பின்பற்றுமாறும் கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் ஒட்டுமொத்த மீனவ சமூகத்தையும் வலியுறுத்துகிறது.

වෘත්තීය කිමිදුම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ධීවර කර්මාන්තය නංවාලීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් කඩිනම් පියවර! ශ්‍රී ...
01/06/2026

වෘත්තීය කිමිදුම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳා ධීවර කර්මාන්තය නංවාලීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් කඩිනම් පියවර!

ශ්‍රී ලංකාවේ වෘත්තීය කිමිදුම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් මුහුණ දෙන දැවෙන ගැටලු පිළිබඳ සොයා බැලීම සහ එම ක්ෂේත්‍රය ධීවර කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා ඵලදායී ලෙස දායක කර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

සමස්ත ලංකා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූ මෙම හමුවේදී පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය:

✅ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මඟහරවා නීති රෙගුලාසි ලිහිල් කිරීම.
✅ කිමිදුම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සහ හදිසි වෛද්‍ය පහසුකම් සලසා ගැනීම.
✅ රාත්‍රී කාලයේ කිමිදුම් මෙහෙයුම් සඳහා අවසර ලබා ගැනීම.
✅ මුහුදු කූඩැල්ලන් සහ හක්බෙල්ලන් සඳහා වන මිල ඒකාධිකාරය බිඳ දැමීම.
✅ කිමිදුම් උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරගැනීම.
✅ සාගර විශ්වවිද්‍යාලයේ කිමිදුම් ක්ෂේත්‍රයේ උපාධිධාරී තරුණ පරපුරට විධිමත් වෘත්තීය මාවතක් සකස් කිරීම.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, නාරා (NARA) ආයතනය සහ නාවික හමුදාව සමඟ පවතින පරිපාලනමය දුෂ්කරතා මඟහරවා ගනිමින් මෙම ගැටලුවලට ඉතා ඉක්මනින් මැදිහත් වන බවයි. කිමිදුම්කරුවන්ගේ වෘත්තීය අභිමානය රැක ගැනීමටත්, එමගින් මෙරට අපනයන ආදායම ඉහළ නැංවීමටත් රජය උපරිම සහය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.

මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික අබේරත්න මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරුසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.


පෑළියගොඩ වෙසක් තොරණ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි! ☸️🪔පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළ...
01/06/2026

පෑළියගොඩ වෙසක් තොරණ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි! ☸️🪔

පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ගේ සමිතිය විසින් සිව්වන වරටත් සංවිධානය කරන ලද වෙසක් තොරණ නිරාවරණය කිරීමේ මහෝත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍යතුමා, වෙසක් පොහෝ දිනයේ ඓතිහාසික අගය මෙන්ම බෞද්ධ දර්ශනය තුළින් උගන්වන සහජීවනය හා මෛත්‍රිය අපගේ දෛනික ජීවිතයට ප්‍රායෝගිකව බද්ධ කරගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ධීවර අමාත්‍යතුමා මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ:
"සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලුම ජාතීන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරමින්, ජාති හා ආගම් භේද පසෙකලා එකම ශ්‍රී ලාංකිකයෙකු ලෙස පෙරට ඒම තුළින් පමණක් රටට සාර්ථක ඉදිරි ගමනක් නිර්මාණය කළ හැකියි. අපේ රටේ ඉදිරි ගමන ශක්තිමත් කළ හැක්කේ ජාතික සමගිය තුළින් පමණයි."

මෙම අවස්ථාව සඳහා මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික ප්‍රජාව, අමාත්‍යාංශ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Address

New Secretariat, Colombo/10
Maligawatta
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Ministry of Fisheries Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share