03/06/2026
අප ප්රාදේශීය පාලන බලය හිමිව වසරක් සපිරෙන දින (06.02) අංක 183 - කාසිකොටේ බටහිර ග්රාම නිලධාරී වසමේ වෙසෙන ජනතාවගේ ආර්ථික, සාමාජීය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ජාතික ප්රතිපත්තිය යටතේ "එකමුතු දෑතින් - දියුණු ගමකට" දුෂ්කර ගම්මාන සංවර්ධන වැඩසටහන පීල්ල, ඉබ්බාවල පුරාණ රජමහා විහාරස්ථානයේදී ක්රියාත්මක කළ බව සතුටින් දන්වා සිටිමි.
ගරු උප සභාපතිතුමිය ඇතුළු ගරු මන්ත්රී මණ්ඩලයේද නිමල් රත්නායක ලේකම්තුමන් ඇතුළු ප්රාදේශීය සභා කාර්ය මණ්ඩලයේද සෙසු රාජ්ය නිලධාරීන් රැසකගේද ප්රතිලාභී ගම්වැසි සැමගේද සහභාගීත්වයෙන් යුතුව සිදු වූ සාර්ථක වැඩසටනක නිමාව පූර්ණ වූ වසර පුරාවට මෙන්ම මතුද ජනතා ඔබගේ සුබසෙත, යහපත වෙනුවෙන් තව තවත් කැප වී කටයුතු කරන්නට දිරි දුන් බව මෙහිලා සටහන් කරමි.
සුමේද කුමාර හේරත්
සභාපති,
මහව ප්රාදේශීය සභාව.