04/02/2020
~~~~~~~~~~~~~~~~~~ ආයුබෝවන් ~~~~~~~~~~~~~~~~~~
Creative Hearts Mahiyanagana සංවිධානයේ මූලිකත්වයෙන් හා දෙහිගොල්ල ශ්‍රී පූර්වාරාමයේ සහයෝගයෙන් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ වකුගඩු හා සෞඛ්‍ය සායනය ඉතා සාර්ථක ලෙස අද දින පැවැත්වීමට හැකියාව ලැබුනි.
72 වන ජාතික නිදහස් සමරු උත්සවය හා සමගාමීව ,දෙහිගොල්ල ශ්‍රී පූර්වාරාමයේ විහාරාධිපති පූජ්‍ය අම්බාලේ රතන ස්වාමීන්වහන්සේගේ අනුසාසන හා දායකත්වය මත, එම විහාරස්ථානයේ පූජ්‍ය ගුනරතන ස්වාමීන්වහන්සේගේ හා පියරතන ස්වාමීන්වහන්සේගේ සහයෝගය මත අද දින මෙම වැඩසටහන පවත්වනු ලැබිනි.
මහියංගන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තුමා හා වෛද්‍ය චමින්ද පුෂ්පකුමාර මහතා ඇතුලු වෛද්‍ය කන්ඩායම, මහියංගනය මූලික රෝහලේ වකුගඩු සායන අංශයේ ශ්‍රියානි හෙද නිලධාරිනිය ඇතුලු පිරිසට, මහියංගනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය රෝහන මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ඇතුලු කාර්‍ය මන්ඩලය ට විශේෂයෙන් ස්තූතිවන්ත ව්න්නෙමු.
එමෙන්ම මෙම වැඩසටහනේදී සහයෝගය දැක්වූ කසුන් අයියා හා අප සංවිධානයේ අනුර අයියා, ලසන්ත, නෙලුම්,නිලානි,ලංකා,ඉරේෂා,මහේෂ්,කවීෂ ඇතුලු සහෝදර සහෝදරියන්ටත් ,අප හට නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනාටමත් ස්තූති වන්ත වන්නෙමු.
සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!