MOH Office Mahaoya

MOH Office Mahaoya Health Care

අද දින මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ  2024 නව වර්ශය සඳහා වැඩකටයුතු ආගමික කටයුතු වලට මුල් තැන ලබාදෙමින් සෞඛ්‍ය වෛ...
01/01/2024

අද දින මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ 2024 නව වර්ශය සඳහා වැඩකටයුතු ආගමික කටයුතු වලට මුල් තැන ලබාදෙමින් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

ලැබුවා වූ 2024 නව වසර ලක්වාසී සියලු දෙනාට සෞඛ්‍යමත් නීරෝගී නව වසරක් වේවා..!

~ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලය - මහඔය ~

2024.01.01

ඩෙංගු මර්දන වැඩසටහන - මහඔය නගරය2023/05/16
16/05/2023

ඩෙංගු මර්දන වැඩසටහන - මහඔය නගරය
2023/05/16

ඩෙංගු මර්දන සතියට සමගාමීව ආයතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මහඔය2023.05.15
16/05/2023

ඩෙංගු මර්දන සතියට සමගාමීව ආයතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන - සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය මහඔය

2023.05.15

අද  දින 2023 නව වසරේ  මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ දෛනික රාජකාරි ඇරඹීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කර...
02/01/2023

අද දින 2023 නව වසරේ මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ දෛනික රාජකාරි ඇරඹීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කරන ලදී.

ලැබුවා වූ 2023 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නීරෝගී නව වසරක් වේවා..!

-සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය ඇතුලු කාර්‍ය මණ්ඩලය-

පාසල් සෞඛ්‍ය දිනයඅම්/මහ ඉද්දපොල විද්‍යාලය 2022/08/23
23/08/2022

පාසල් සෞඛ්‍ය දිනය
අම්/මහ ඉද්දපොල විද්‍යාලය

2022/08/23

පාසල් වෛද්‍ය පරීක්ෂණය අම්/මහ/ ගුණරතන මූලික පිරිවෙන - හරස්ගල2022/08/22
22/08/2022

පාසල් වෛද්‍ය පරීක්ෂණය
අම්/මහ/ ගුණරතන මූලික පිරිවෙන - හරස්ගල

2022/08/22

පාසල් වෛද්‍ය පරීක්ෂණය - අම්/මහ/ ඇල්ලේගොඩ විද්‍යාලය2022.06.10Special thanks -  School principal and Staff for excellent s...
10/06/2022

පාසල් වෛද්‍ය පරීක්ෂණය - අම්/මහ/ ඇල්ලේගොඩ විද්‍යාලය
2022.06.10
Special thanks - School principal and Staff for excellent support.

පාසල් වෛද්‍ය පරීක්ෂණය - අම්/මහ/ විමලවීර දිසානායක විදුහල2022.06.10Special Thanks - School principal and school staff for ...
10/06/2022

පාසල් වෛද්‍ය පරීක්ෂණය - අම්/මහ/ විමලවීර දිසානායක විදුහල
2022.06.10
Special Thanks - School principal and school staff for your excellent support.

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2022

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!

මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බලප්‍රදේශය තුල මේ දිනවලදී සුනඛයින් සහ පූසන් එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඔබගේ සුරත...
30/03/2022

මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බලප්‍රදේශය තුල මේ දිනවලදී සුනඛයින් සහ පූසන් එන්නත්කරන වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඔබගේ සුරතලා නොවරදවාම එන්නත්කරණයට ලක් කිරීමට වග බලා ගන්න.

එන්නත්කරණ කණ්ඩායම ශබ්ධ විකාශන නිවේදනයක් මගින් පෙර දැනුවත් කිරීමකින් අනතුරුව ඔබගේ ප්‍රදේශයට පැමිණෙනු ඇත.

එන්නත්කරණ කණ්ඩායමයට ඔබගේ පූර්ණ සහයෝගය ලබාදෙන්න.
ජලභීතිකා එන්නත් වාර්තාව රැගෙන ඒමට කාරුණිකවන්න.

වැඩි විස්තර 0632244098

අද  දින 2022 නව වසරේ  මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ දෛනික රාජකාරි ඇරඹීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කර...
01/01/2022

අද දින 2022 නව වසරේ මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්‍යාලයේ දෛනික රාජකාරි ඇරඹීම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු කරන ලදී.

ලැබුවා වූ 2022 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි නීරෝගී නව වසරක් වේවා..!

-සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමිය ඇතුලු කාර්‍ය මණ්ඩලය-

03/10/2021

මී උණ ගැන දැනුවත් වෙමු.

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක.

එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද?

කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාළ හරහා බැක්ටීරියාව ශරීරගත වියහැක. සමේ ඇති පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා සීරීමක් හරහා වුවද මෙම බැක්ටීරියාව ඇතුළුවීම සිදුවේ. ගලා නොයන දිය කඩිති වල නෑමේදී ඇස්වල සහ නාසයේ ඇති සියුම් පටක හරහා ද බැක්ටීරියාව ශරීරගත වේ. මී මුත්‍රා මිශ්‍ර වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් මුව සේදීමෙන් වුවද රෝගය වැළඳේ. පුරන් වූ කුඹුරකට බසින ගොවියෙකුට මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතී. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වූ ආහාර අනුභව කිරීමෙන් රෝගය වැළඳුණු අවස්ථා ද වාර්තා වී ඇත. මෙම බැක්ටීරියාව කොතරම් දරුණුදැයි කිවහොත්, එකම එක බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වුවද මී උණ සෑදීමට හැකියාව ඇත.

කෙසේ වුවත්, මී උණ වැළඳුණු රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝ නොවේ

මී උණ රෝගය බහුළ වන්නේ කුමන කාල වලදීද?

ශ්‍රී ලංකාවේ වසර පුරාම මී උණ රෝගය වාර්තා වේ. නමුත්, වාතයේ තෙතමනය වැඩි, වැසි කාල වලදී රෝගය වසංගතයක් ලෙස පැතිරීම සිදුවිය හැක. විශේෂයෙන්, ගංවතුර තත්ත්වයක් ඇතිවන විට, ගංවතුර ආශ්‍රිත ප්‍රදේශ වල මී උණ රෝගය පැතිරීම වැඩිවනු දැකිය හැක. මෝසම් වැසි ආශ්‍රිතව රෝගය පැතිරීම වැඩිවන කාල පරාස දෙකක් දැනට හඳුනාගෙන ඇත. ඒ අනුව, මාර්තු සිට මැයි දක්වා මී උණ රෝගයේ තරමක වැඩිවීමක් ද, ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා විශාල වැඩිවීමක් ද දක්නට ලැබේ. මෙම රටාව කාලයත් සමග වෙනස්වීමට ඉඩ ඇත.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

සාමාන්‍යයෙන්, බැක්ටීරියාව ශරීරගත වී දින 5-14 ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතුවේ. මෙම කාල පරාසය දින 2-30 දක්වා වෙනස් වියහැක.

වෙව්ලා හැදෙන තද උණ
මස්පිඩු වල තදබල වේදනාවක් ඇතිවීම (විශේෂයෙන් කෙණ්ඩා සහ කොන්දේ පහළ ප්‍රදේශයේ).
ඇස් තද රතුපැහැවීම සහ දැවිල්ලක් හටගැනීම.
ඉහත සඳහන් ප්‍රධාන රෝග ලක්ෂණ වලට අමතරව, පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතිවිය හැක.

ඔක්කාරය සහ වමනය
දැඩි හිසරදය
කෑම අරුචිය
අප්‍රාණික බව
මුත්‍රා තද කහ පැහැයක් ගැනීම
මුත්‍රා සමග ලේ යාම
මුත්‍රා පිටවීම අඩුවීම
සමේ පලු මතුවීම
ඇතැම් විට කැස්ස ඇතිවිය හැක.
කලාතුරකින්, මී උණ වැළඳුණු රෝගීන් රෝග ලක්ෂණ නොපෙන්වා වුවද සිටිය හැක. ඇතැම් විට, මී උණ වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ ඩෙංගු උණ, ඉන්ෆ්ලුවෙන්සාව, මෙනින්ජි පටල ප්‍රදාහය (Meningitis), අක්මා ප්‍රදාහය (Hepatitis) වැනි රෝග වලට සමාන වන අවස්ථා පවතී.

නිසි කලට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත්, වකුගඩු, හෘදය, මොළය, අක්මාව වැනි අවයව වලට විවිධ බලපෑම් ඇතිකරමින් මී උණ රෝගය මාරාන්තික වියහැක. අධික රුධිර වහනය ද රෝගය මාරාන්තික වීමට හේතුවක් වන අවස්ථා පවතී. මී උණ වැළඳුණු රෝගීන්ගෙන් 5-30% ක් පමණ මරණයට පත්වනු දැකිය හැක. මී උණ බෝවන්නේ බැක්ටීරියාවකින් බැවින්, ඒ සඳහා ලබාදිය හැකි ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) පවතී. එමනිසා, නිසි කලට නිසි ප්‍රතිකාර ගැනීමෙන් මී උණ රෝගය සම්පූර්ණයෙන් සුවකිරීමට හැකියාව ඇත.

මී උණ රෝගයෙන් වැළකෙන්නේ කොහොමද?

ඔබේ කුඹුර අවට ඇති පරිසරය පිරිසිදුව තබාගන්න.
හැකි සෑමවිටකම, වගාබිම් සැකසීමේදී අත් හා පා ආවරණ පළඳින්න. මෙහිදී, ආරක්ෂිත ඇඳුම් ඇඳීම, දණහිස දක්වා ආවරණය වන පාවහන් පැළඳීම, අත්වැසුම් භාවිතය සිදුකල හැක.
කුඹුරේ නියර මනා ලෙස සකස් කරන්න.
ජලය රැඳුණු ස්ථාන වල ජලය බැසයාමට සලස්වන්න.
කුඹුරු වලට සහ ජලය රැඳුණු ස්ථාන වලට අනවශ්‍ය ලෙස බැසීමෙන්, නෑමෙන්, අත් පා, මුහුණ කට සේදීමෙන් වළකින්න.
විශේෂයෙන්ම, සමේ තුවාළ හෝ සීරීම් ඇත්නම්, කුඹුරට හෝ ජලය රැඳුණු ස්ථාන වලට බසින්න එපා. වතුරට හෝ මඩට බැසීමෙන් වැළකීමට කිසිඳු හැකියාවක් නැත්නම්, අවම වශයෙන් ජලය නොයන සේ තුවාළ හොඳින් ආවරණය කරගැනීමට වත් කටයුතු කරන්න.
උතුරවා නිවාගත් ජලය පානය කරන්න. ක්ලෝරිනීකරණය කිරීම මගින් ජලයේ සිටින බැක්ටීරියාව විනාශ නොවන බව සලකන්න.
විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් ඇතිවිටදී, හැකි සෑමවිටම ජලයට බැසීමෙන් වළකින්න.
නෑමට හා බීමට ජලය ලබාගන්නා අනාරක්ෂිත ළිං මීයන්ගේ සහ අනෙකුත් සතුන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වීමට ඉඩ ඇති බැවින්, ළිං බැම්මක් සාදා ආරක්ෂා කරගන්න.
ඔබට සත්ත්ව ගොවිපළක් ඇත්නම්, එහි සිටින සතුන්ගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා වළකට දැමීමට කටයුතු කරන්න. ඒවා පරිසරයේ ඇති දිය පහරවල් හෝ දිය කඩිති වලට එකතුකරන්න එපා.
නිවස මීයන්ගෙන් තොරව පිරිසිදුව පවත්වා ගන්න. පරිසරයට අක්‍රමවත් ලෙස කැලි කසල බැහැරකිරීමෙන් වළකින්න.
ගෙවත්ත, ක්‍රීඩා පිටි ආදී ළමුන් ක්‍රීඩාකරන ස්ථාන ආසන්නයේ සතුන් ගැවසීමෙන් වළක්වා ගන්න.
මීයන් මර්ධනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කලහැක.
මී උගුල් තැබීම.
මී නාශක තැබීම.
මී ගුල් විනාශ කිරීම.
පරිසරයේ සිටින මීයන්ව ආහාරයට ගන්නා කබරගොයා, තලගොයා, සර්පයින්, බකමූණන් වැනි සතුන් විනාශ කිරීමෙන් වළකින්න.
කුඹුරේ තැනින් තැන පොල්පිති, ඉණි වැනි දේවල් සිටුවා, මීයන් ආහාරයට ගන්නා බකමූණන් වැනි පක්ෂීන් ගැවසීම වැඩිකරගත හැක.

මී උණ රෝගය ඔබේ ප්‍රදේශයේ පැතිරී ඇත්නම් හෝ පැතිරීමට අවදානමක් ඇත්නම්, කුමක් කල යුතුද?

ඉහත සඳහන් කල රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. නැතහොත්, ළඟම ඇති රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

කුඹුරු, වගාබිම්, වගුරුබිම්, පතල්, ඇලවේලි, දියකඩිති ආශ්‍රිතව වැඩකිරීමට නියමිත නම්, වැඩකිරීම ආරම්භ කිරීමට සතියකට පෙර ආරක්ෂිත ප්‍රතිකාර ලබාගත යුතුය. මේ සඳහා ඩොක්සිසයික්ලින් (Doxycycline) නැමැති ඖෂධය මිලිග්‍රෑම් 200 ක්, වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර ලබාගත යුතු අතර, එම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩකරන කාලය පුරාවට ගත යුතුවේ. කෙසේ වුවත්, මෙම ඖෂධය සති 6 කට වඩා එක දිගට ගැනීමෙන් වැළකිය යුතුවේ. මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ඔබ ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (Medical Officer of Health or MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector or PHI) හමුවී ලබාගත හැක. මෙම ඖෂධය ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් නොමිළේ ලබාගත හැක. නිසි කලට නිසි මාත්‍රාව ගැනීමට අමතක කරන්න එපා. මෙම ඖෂධය ලබාගැනීමෙන් රෝගය සහ ආසාදනයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙන බව සොයාගෙන ඇත. නමුත්, එමගින් රෝගයට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන බව සිතන්න එපා.

ඔබේ ප්‍රදේශයේ මී උණ රෝගීන් සිටින බවට වාර්තා වේ නම්, හැකි ඉක්මනින් ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාට හෝ තුමියට, හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට දැනුම්දෙන්න.

Address

Medical Officers Of Health Office/Mahaoya
Maha Oya

Opening Hours

Monday 07:00 - 16:30
Tuesday 07:00 - 16:30
Wednesday 07:00 - 16:30
Thursday 07:00 - 16:30
Friday 07:00 - 16:30
Saturday 07:00 - 13:00

Telephone

+94632244098

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Mahaoya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to MOH Office Mahaoya:

Share