Kuruwita Gossip - කුරුවිට ගොසිප්

Kuruwita Gossip - කුරුවිට ගොසිප් කුරුවිට ගොසිප් සමූහය වෙත සාදරයෙන් පිලිගනිමු.. Welcome to Kuruvita Gossip Group..
குருவிட கிசுகிசு குழ

මේ‍ක නම්‍ ඇත්තටම වටිනා දෙයක්…
09/03/2026

මේ‍ක නම්‍ ඇත්තටම වටිනා දෙයක්…

27/02/2026
බය කරනවා නෙවෙයි.. අද පරිසරය නිකන් අවුල් වගේ නේද ආපහු…අනිත් පැතිවල කොහොම ද?
01/12/2025

බය කරනවා නෙවෙයි.. අද පරිසරය නිකන් අවුල් වගේ නේද ආපහු…

අනිත් පැතිවල කොහොම ද?

Tik Tok එකේ මීට මාසයකට විතර කලින් ලංකාවට නොවැම්‍බර් වල වෙනවා කියලා අනාවැකි වගයක් තිබ්‍බා. රත්නපුර ගැනත් කියලා තිබ්‍බා.. ...
29/11/2025

Tik Tok එකේ මීට මාසයකට විතර කලින් ලංකාවට නොවැම්‍බර් වල වෙනවා කියලා අනාවැකි වගයක් තිබ්‍බා. රත්නපුර ගැනත් කියලා තිබ්‍බා.. එදා එච්‍චර හිතුවේ‍ නෑ. ඒ උනාට දිනත් එක්කම කියපු දේවල් වෙලා. Link එක දාන්නම්‍ ගිහින්ම බලන්නකෝ තව ගොඩාක් දේවල් වෙන්න තියේ ලු.

මේ link එකට ගිහින් බලන්න කට්ටිය,
මාතලේ ගැන වෙනම කියලා තිබුන එකත් හොයලා එවන්නම්

12.8K likes, 439 comments. “part 2 අනාවැකි 🦁 නොවැම්බර් මාසේ කාලය තුල සහනාදාර මත යැපෙන කාලයක් බවට පත් වේවි. 🦁 පිටරට වල් කිහිපයකින්ම ආදා...

28/11/2025

කුරුවිට නගරය, එරත්න මාර්ගය ආරම්‍බ වන ස්ථානය.

28/11/2025

රත්නපුර නගරයේ මේ‍ වන විට තත්වය.

⭐ Febrile Fits / Febrile Seizures කියන්නේ මොකක්ද?හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) නිහඬතාවය බිඳී ගියේ හද කකියවන මවකගේ විලාප හඬ...
20/11/2025

⭐ Febrile Fits / Febrile Seizures කියන්නේ මොකක්ද?

හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) නිහඬතාවය බිඳී ගියේ හද කකියවන මවකගේ විලාප හඬකිනි.

"අනේ මගේ දරුවා බේරලා දෙන්න... අනේ දොස්තර මහත්තයෝ මගේ රත්තරන් පුතා..."

අවුරුද්දක් වයසැති පුංචි දරුවාගේ සිරුර පණ නැතිවී කඩා වැටී ඇත. දරුවාගේ මුළු ඇඟම ගිනි කාරයි. ඒ වන විටත් දරුවා සිටියේ සිහිසුන්වය. දැඩි උණත් සමඟ ඇතිවූ වලිප්පුව නිසා දරුවාගේ කටින් සෙම ගලා යමින් තිබුණි.
රෝහල් කාර්ය මණ්ඩලය එක මොහොතක්වත් පමා නොවීය. ඔවුන්ගේ උපරිම වෙර යොදා දරුවාගේ හුස්ම යළි ලබා ගැනීමට සටන් කළහ. හෙදියන් එහා මෙහා දිව ගියේ විදුලි වේගයෙනි.
නමුත්... සියල්ල සිදු වී හමාරය.
වෛද්‍යවරුන් හිස පහත් කර ගත්තේ දැඩි කම්පනයෙනි. ඒ පුංචි පපුවේ ගැස්ම සදහටම නතර වී තිබුණි.
සිදුවී තිබුණේ කුමක්ද?

දැඩි උණ සමඟ දරුවාට වලිප්පුව (Fit එක) හැදුණු මොහොතේ, දරුවා උඩු අතට හරවා තබාගෙන සිටීම හෝ වැරදි ඉරියව්වක් නිසා, කටේ එකතු වූ සෙම සහ වමනය පෙනහළු කරා යන ශ්වාස නාලය අවහිර කර තිබුණි. වලිප්පුව නිසා නොව, සෙම සිරවීමෙන් හුස්ම ගැනීමට නොහැකිව ඒ පුංචි ජීවිතය මෙලොව හැර ගොස් තිබුණි.
මෙය අතිශය අවාසනාවන්ත සිදුවීමකි. මන්ද, නිවැරදි වෙලාවට නිවැරදි දේ කළා නම්, මේ ජීවිතය අදටත් අප අතර ය.

බොහෝ දෙමාපියන් දරුවෙකුට උණ වලිප්පුවක් ආ විට අන්ත අසරණ වේ. කලබල වේ. නමුත් ඔබේ ඒ කලබලය දරුවාගේ ජීවිතයට තර්ජනයක් විය හැකිය.

❓ මොකක්ද මේ උණ වලිප්පුව (Febrile Fits)?

මෙය සාමාන්‍ය වලිප්පුව (Epilepsy) නොවේ. මෙය සිදුවන්නේ වයස මාස 06 සිට අවුරුදු 6 දක්වා කුඩා දරුවන්ට, ශරීර උෂ්ණත්වය හදිසියේ ඉහළ යාම නිසා මොළයේ ඇතිවන යම් ක්‍රියාකාරීත්ව වෙනසක් හේතුවෙනි. මෙය දරුවාගේ මොළයට හානියක් නොකරන අතර දරුවාට දීර්ඝකාලීන බලපෑමක් ඇති නොකරයි.

⚠️ කාටද හැදෙන්න පුළුවන්?

* වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා දරුවන්ට.
* පවුලේ අන් අයට (අම්මා, තාත්තා හෝ සහෝදරයන්ට) කුඩා කාලයේ උණ වලිප්පුව තිබුනේ නම් මේ දරුවන්ටත් ඇතිවීමේ ප්‍රවණතාව වැඩි විය හැක.

🚨 වලිප්පුවක් ආවොත් දෙමාපියන් අනිවාර්යයෙන්ම කළ යුතු දේ:

ඉහත කතාවේ අවාසනාවන්ත සිදුවීම වලක්වා ගැනීමට නම්, ඔබ පහත පියවර අනුගමනය කළ යුතුය.

1. දරුවාව පැත්තකට හරවන්න (Recovery Position):
මෙය ඉතාමත්ම වැදගත් පියවරයි. වලිප්පුව එන විට දරුවාගේ කටින් සෙම හෝ වමනය පැමිණිය හැක. දරුවා උඩු අතට (අහස බලන පරිදි) තබා සිටියහොත් මේවා ශ්වාස නාලයට ගොස් හුස්ම සිරවිය හැක. එනිසා වහාම දරුවා වම් ඇලයට හෝ දකුණු ඇලයට හරවන්න.

2. කටට කිසිවක් දමන්න එපා:
බොහෝ අය බිය වී දරුවාගේ කටට යකඩ හැඳි, ඇඟිලි හෝ රෙදි ඔබන්නට උත්සාහ කරයි. මෙය ඉතා භයානකයි. දත් පූට්ටු වී ඇත්නම් බලෙන් අරින්නට එපා. එයින් දත් කැඩී උගුරේ සිරවීමට හෝ විදුරුමස් තුවාල වීමට පුළුවන.

3. තදින් අල්ලාගෙන සිටීමෙන් වලකින්න:
දරුවා ගැහෙන එක නතර කිරීමට තදින් අල්ලාගෙන සිටීම නොකල යුතුය. දරුවාට තුවාල නොවන ආරක්ෂිත ස්ථානයක ඇලයට හරවා තබන්න.

4. වේලාව බලන්න:
වලිප්පුව කොපමණ වේලාවක් තිබුණාද යන්න වෛද්‍යවරයාට පැවසීම වැදගත්ය (බොහෝ විට මෙය විනාඩි 5කට වඩා අඩු කාලයක් පවතී).

5. උණ පාලනය කරන්න (වලිප්පුව නතර වූ පසු):
දරුවාගේ ඇඳුම් ලිහිල් කරන්න හෝ ඉවත් කරන්න. කාමර උෂ්ණත්වයේ ඇති වතුරෙන් (ඇල් වතුරෙන්) තෙත් කළ රෙදි කැබැල්ලකින් දරුවාගේ කිහිලි, ඉකිලි සහ බෙල්ල ප්‍රදේශ තවන්න (Tepid Sponging). නමුත් දරුවා වෙව්ලන තරමට සීතල කරන්න එපා.

🏥 රෝහලට යා යුත්තේ ඇයි?

ප්‍රථම ආධාර දීමෙන් පසු වහාම ළඟම ඇති රෝහලට රැගෙන යන්න.
* මෙය උණ වලිප්පුවක්ම දැයි තහවුරු කර ගැනීමට.
* උණට හේතුව සොයා ප්‍රතිකාර ගැනීමට (උදා: ඩෙංගු, මෙනින්ජයිටිස් වැනි තත්වයන් නොවන බව තහවුරු කර ගැනීමට).

දෙමාපියනි,
උණ වලිප්පුව දැකීම බියජනක බව ඇත්ත. නමුත් ඔබේ සිහිකල්පනාව සහ නිවැරදි ඉරියව්ව (පැත්තකට හරවා තැබීම) දරුවාගේ ජීවිතය සහ මරණය අතර තීරණය බව අමතක කරන්න එපා.

මේ පණිවිඩය හැකි තරම් Share කර තවත් දරුවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වන්න.

ස්තූතියි.

🌐 Online Marketing Job Opportunity! 🚀ඔබට පරිගණක දැනුමක් තියෙනවද? 💻👉 Full Time හෝ Part Time ලෙස වැඩ කිරීමට හැකියාව👉 වයස් ...
24/09/2025

🌐 Online Marketing Job Opportunity! 🚀

ඔබට පරිගණක දැනුමක් තියෙනවද? 💻
👉 Full Time හෝ Part Time ලෙස වැඩ කිරීමට හැකියාව
👉 වයස් සීමාවක් නොමැත
👉 Marketing & Social Media ගැන රුචිය තියන අයට වඩාත් සුදුසුයි

🔹 Social Media Marketing
🔹 Online Promotions
🔹 Customer Handling

✅ Attractive Income 💰
✅ Flexible Time 🕒
✅ Friendly Team Environment 🌟

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න
📞 076 410 8474

ඔබේ අනාගතය Online Marketing ක්ෂේත්‍රයේ ගොඩනගන්න අදම අප සමග Join වෙන්න! ✨

23/09/2025

Address

Kuruwita

Telephone

+94784108981

Website

Alerts

Be the first to know and let us send you an email when Kuruwita Gossip - කුරුවිට ගොසිප් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category