31/08/2026
කුරුණෑගල වයඹ වෙළඳ සංගමයට අපගේ ස්තුතිය 🙏
කුරුණෑගල මහා නගර සභාවේ ගිනි නිවීම් හා හදිසි අපදා සේවාව විසින් ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉටුකරනු ලබන මහගු සේවය අගය කරමින්, අප වෙත ලබාදුන් වටිනා ඇගයීම සහ ත්‍යාග වෙනුවෙන් කුරුණෑගල වයඹ වෙළඳ සංගමයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
අපගේ සේවය පිළිබඳව ඔබ දැක්වූ මෙම ඇගයීම, අපගේ නිලධාරීන් සහ සියලුම කාර්ය මණ්ඩලය තවදුරටත් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව සේවය කිරීමට මහත් දිරිගැන්වීමකි.
ජනතාවගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරියෙන් සිටිමින් සේවය කිරීම අපගේ ප්‍රධාන වගකීමයි.🧯
අපගේ සේවය අගය කළ කුරුණෑගල වයඹ වෙළඳ සංගමය නැවතත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු.🚒
🚒 Kurunegala Municipal Council – Fire & Rescue Service
“Ready to Serve, Committed to Protect.”