Kurunegala Plantations Limited

Kurunegala Plantations Limited Kurunegala Plantations Limited (KPL), incorporated in 1992, is a fully owned Government Company, rere +94 714513462

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!මෙත් සිත් පිරුණු,                       සතුට සපිරි,                                      සා...
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

මෙත් සිත් පිරුණු,
සතුට සපිරි,
සාමකාමී
වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු !

අප සමාගමට අයත් වතු කොට්ඨාශ වල ඉහත සඳහන් පොල් තොග විකිණීමට ඇත. ඔබට අවශ්‍ය පොල් තොග 2026.05.28 දින සිට 2026.06.02 දින පෙ.ව...
29/05/2026

අප සමාගමට අයත් වතු කොට්ඨාශ වල ඉහත සඳහන් පොල් තොග විකිණීමට ඇත. ඔබට අවශ්‍ය පොල් තොග 2026.05.28 දින සිට 2026.06.02 දින පෙ.ව. 10.00 දක්වා අලෙවි කළමනාකරු (0716884085) ඇමතීමෙන් හෝ අ⁣ලෙවි අංශය (0714291830) ඇමතීමෙන් මිලදීගත හැක.

🔥 කොස් රසය දැන් අලුත්ම විදිහට! 🔥කාලය ඉතිරි කරගෙන, පාරම්පරික රසය එහෙමම භුක්ති විඳින්න KPL වියළූ කොස් සමඟ එකතු වෙන්න 🌿නැවු...
27/05/2026

🔥 කොස් රසය දැන් අලුත්ම විදිහට! 🔥

කාලය ඉතිරි කරගෙන, පාරම්පරික රසය එහෙමම භුක්ති විඳින්න KPL වියළූ කොස් සමඟ එකතු වෙන්න 🌿

නැවුම් කොස් වල ස්වභාවික රසය සහ පෝෂණය ආරක්ෂා කරමින් සකස් කළ මෙය, ඔබේ කෑම වේලට අලුත් රසයක් එක් කරයි!

💚 100% ස්වභාවික
⏱️ මිනිත්තු 15කින් සූදානම්
🥘 කරි, ෆ්‍රයි සහ තවත් රසවත් වට්ටෝරු සඳහා
🌱 Healthy • Tasty • Convenient

✨ එක වරක් රස බැලුවොත්… නැවත නැවතත් හොයන රසයක්!”✨

කුරුණෑගල වැවිලි සමාගම විසින් සහකාර වතු අධිකාරිවරුන් වෙත යතුරුපැදි ප්‍රදානය කිරීමකුරුණෑගල වැවිලි සමාගම විසින් තම සහකාර වත...
26/05/2026

කුරුණෑගල වැවිලි සමාගම විසින් සහකාර වතු අධිකාරිවරුන් වෙත යතුරුපැදි ප්‍රදානය කිරීම

කුරුණෑගල වැවිලි සමාගම විසින් තම සහකාර වතු අධිකාරිවරුන්ගේ රාජකාරි කාර්යක්ෂමතාවය හා ක්ෂේත්‍ර සේවා වේගවත් කිරීමේ අරමුණින් නව යතුරුපැදි ප්‍රදානය කිරීමේ විශේෂ අවස්ථාවක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආයතනයේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූ අතර, සහකාර වතු අධිකාරිවරුන්ගේ සේවා කැපවීම සහ වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට සමාගම දක්වන අවධානයද මෙහිදී අවධාරණය කෙරිණි.

වතු ක්ෂේත්‍රයන්හි නිරන්තර අධීක්ෂණ කටයුතු, නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ සේවක කළමනාකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම යතුරුපැදි මහත් පිටුවහලක් වනු ඇත.

සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමට අයත් හිරියාල පලාත් වතු සහ දඹදෙණිය පලාත් වතු කොට්ඨාස වලට අයත් බෙදුම්වල වන වගා කලමනාකරණ ස...
19/05/2026

සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමට අයත් හිරියාල පලාත් වතු සහ දඹදෙණිය පලාත් වතු කොට්ඨාස වලට අයත් බෙදුම්වල වන වගා කලමනාකරණ සැලැස්මට අනුව අලෙවි කිරීමට යෝජිත හා පොල් වගාවට අවහිරව පවතින දැව ගස් විකිණීම සදහා මුද්‍රා තබන ලද මිල ගනන් කැදවනු ලැබේ.

ටෙන්ඩර්පත් භාරගැනීම,

හිරියාල පලාත් වතු - 2026.06.02 දින පස්වරු 2.00 ට අවසන් වේ.
දඹදෙණිය පලාත් වතු - 2026.06.09 දින පස්වරු 2.00 ට අවසන් වේ.

පුවත්පත්වල පල කල දැන්වීම් පහතින් දක්වා ඇත.

゚viralシ

කුරුණෑගල වැවිලි සමාගම වෙතින් ඔබ වෙත ගෙන එන Cold Pressed White Coconut Oil** 🌴🥥තෝරාගත් නැවුම් පොල් භාවිතයෙන් ස්වභාවික Col...
08/05/2026

කුරුණෑගල වැවිලි සමාගම වෙතින් ඔබ වෙත ගෙන එන Cold Pressed White Coconut Oil** 🌴🥥

තෝරාගත් නැවුම් පොල් භාවිතයෙන් ස්වභාවික Cold Pressed ක්‍රමයෙන් නිෂ්පාදනය කරන මෙම ප්‍රිමියම් පොල් තෙල්, එහි ස්වභාවික ගුණ, සුවඳ සහ පෝෂණය ආරක්ෂා කරයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පිසීමට, කෙස් පෝෂණයට, සම මෘදු කිරීමට සහ දෛනික සුවතාවය සඳහා අතිශයින්ම සුදුසුයි. අපේ වගාවන් සිට ඔබේ නිවස දක්වා — විශ්වාසදායක ස්වභාවික ගුණාත්මකභාවය සමඟ. 💚✨

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනාවැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑග...
23/04/2026

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේදී ලැබූ සුවිශේෂී මූල්‍ය ප්‍රගතිය සමඟ සේවක ප්‍රජාවගේ කැපවීම අගය කරමින් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා මුදලක් වෙන් කර ඇත. මෙය 2024 වසරේදී ලබා දුන් රුපියල් මිලියන 70 ක ප්‍රසාද දීමනා මුදලට සාපේක්ෂව 100 % ක කැපී පෙනෙන වර්ධනයකි.

“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී මෙම මස 10 දින පැවත්විය. ඒ සම්බන්දව පුවත්පතක වාර්තා වූ ලිපියක් ඇසුරිනි....

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුභම සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌸🌞සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාමය පිරි නව වසර...
13/04/2026

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුභම සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! 🌸🌞

සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාමය පිරි නව වසරක් ඔබට ලැබේවා.
හිතේ සිතුම් පැතුම් සියල්ල සාර්ථක වන, සිරි සම්පත් වර්ධනය වන,
ආදරය සහ සතුට පිරිපුන් අවුරුද්දක් වේවා! 🎉🥥🌾

"උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සව...
11/04/2026

"උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (10) දින පැවත්විය.

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේදී ලැබූ සුවිශේෂී මූල්‍ය ප්‍රගතිය සමඟ සේවක ප්‍රජාවගේ කැපවීම අගය කරමින් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා මුදලක් වෙන් කර ඇත. මෙය 2024 වසරේදී ලබා දුන් රුපියල් මිලියන 70 ක ප්‍රසාද දීමනා මුදලට සාපේක්ෂව 100 % ක කැපී පෙනෙන වර්ධනයකි.

“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (10) දින පැවත්විය.

මෙහිදී, සමාගම ලැබූ ලාභයෙන් රුපියල් මිලියන 140 ක මුදලක් සේවක ප්‍රසාද දීමනා සඳහා වෙන් කර ඇති අතර, ඒ අනුව සේවකයින් 1,066 දෙනෙකු වෙත ප්‍රසාද දීමනා ප්‍රදානය කරන ලදී. සේවකයින් සඳහා රුපියල් 75,000 සිට දිරි දීමනා ලබා දීමද මෙහි විශේෂත්වයකි.

ඒ අනුව, සාමාන්‍යයෙන් එක් කම්කරු සේවකයෙකු සඳහා රුපියල් 75,000 ක ප්‍රසාද දීමනාවක් හිමි වී ඇති අතර, එය පසුගිය වසරේ ලබා දුන් රුපියල් 45,000 ට සාපේක්ෂව රුපියල් 30,000 කින් ඉහළ ගොස් ඇත. එසේම, විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහාද වැඩි කළ දිරි දීමනා මෙවර ප්‍රදානය කරන ලදී.

2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී සෑම සේවකයෙකුටම ලැබෙන දිරි දීමනා මුදල ඉහළ නැංවීමට සමාගම කටයුතු කර තිබීමද විශේෂත්වයකි. සමාගම ලැබූ රුපියල් මිලියන 634 කට අධික බදු පෙර ලාභයේ ප්‍රතිලාභ, ආයතනයේ සාර්ථකත්වයට දායක වූ සේවක ප්‍රජාව වෙත මෙලෙස සාධාරණව බෙදා දීමට පියවර ගෙන ඇත.

-------------------------------

குருநாகல் பெருந்தோட்ட நிறுவனத்தினால் 140 மில்லியன் ரூபா போனஸ் கொடுப்பனவு

பெருந்தோட்ட மற்றும் சமூக உட்கட்டமைப்பு அமைச்சின் கீழ் இயங்கும் குருநாகல் பெருந்தோட்ட நிறுவனம் (Kurunegala Plantations), 2025 ஆம் ஆண்டில் ஈட்டிய சிறப்பான நிதி முன்னேற்றத்துடன், ஊழியர்களின் அர்ப்பணிப்பைப் பாராட்டும் வகையில் 140 மில்லியன் ரூபாவை போனஸ் கொடுப்பனவாக ஒதுக்கியுள்ளது. இது 2024 ஆம் ஆண்டில் வழங்கப்பட்ட 70 மில்லியன் ரூபா போனஸ் தொகையுடன் ஒப்பிடுகையில் 100 சதவீத குறிப்பிடத்தக்க வளர்ச்சியாகும்.

“முயற்சியின் ஊடாக சவால்களை வென்றோம்” எனும் கருப்பொருளின் கீழ் ஊழியர் பணித்திறன் மதிப்பீடு மற்றும் வருடாந்த ஊக்குவிப்பு கொடுப்பனவு வழங்கும் விழா இன்று (10) குருநாகல் Seasons Hotel வளாகத்தில் நடைபெற்றது.

நிறுவனத்தின் லாபத்திலிருந்து ஒதுக்கப்பட்ட 140 மில்லியன் ரூபா போனஸ் தொகையானது 1,066 ஊழியர்களுக்கு பகிர்ந்தளிக்கப்பட்டது. ஊழியர்களுக்கு 75,000 ரூபா முதல் ஊக்குவிப்பு கொடுப்பனவுகள் வழங்கப்பட்டமை இதன் சிறப்பம்சமாகும்.

இதற்கமைய, சாதாரண தொழிலாளி ஒருவருக்கு 75,000 ரூபா போனஸ் கிடைத்துள்ளதுடன், இது கடந்த ஆண்டு வழங்கப்பட்ட 45,000 ரூபாவுடன் ஒப்பிடுகையில் 30,000 ரூபாவினால் அதிகரித்துள்ளது. அத்துடன், நிறைவேற்று தர அதிகாரிகளுக்கும் அதிகரிக்கப்பட்ட ஊக்குவிப்பு கொடுப்பனவுகள் இம்முறை வழங்கப்பட்டன.

2024 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில், 2025 இல் ஒவ்வொரு ஊழியருக்கும் கிடைக்கும் ஊக்குவிப்புத் தொகையை அதிகரிக்க நிறுவனம் நடவடிக்கை எடுத்திருப்பது குறிப்பிடத்தக்கது. நிறுவனம் ஈட்டிய 634 மில்லியன் ரூபாவிற்கும் அதிகமான வரிக்கு முந்திய லாபத்தின் பலன்களை, நிறுவனத்தின் வெற்றிக்கு பங்களித்த ஊழியர்களுக்கு இவ்வாறு நியாயமான முறையில் பகிர்ந்தளிக்க நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது.

“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ, කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (10) දින පැවති සේවක කාර්ය සාධන ඇ...
10/04/2026

“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ, කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (10) දින පැවති සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය

Address

No 80, Dambulla Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94372223331

Alerts

Be the first to know and let us send you an email when Kurunegala Plantations Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kurunegala Plantations Limited:

Share