Chief Secretariat North Western Province

Chief Secretariat North Western Province වයඹ සැමදා සැමට ඉදිරියෙන්

වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන බෝධී පූජාමය පිංකම පසුගියදා වයඹ ආණ්ඩුකාරවර  කාර්යාලය අභියස බෝධින් ව...
15/03/2026

වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන බෝධී පූජාමය පිංකම පසුගියදා වයඹ ආණ්ඩුකාරවර කාර්යාලය අභියස බෝධින් වහන්සේ පරිශ්‍රයේදී පැවැත්විණි .

මෙහිදී පැමිණි පිරිස පංචශීලයේ පිහිටුවීම හා ආගමික කටයුතු මෙහෙයවීම කොටකන්ද ශ්‍රී රැවන්බෝධි පිරිවෙනේ විහාරාධිකාරී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ශක බලමණ්ඩලයේ සභාපති ගිරිහාගම මුන්රතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාව සදහා වයඹ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, සහකාර ප්‍රධාන ලේකම්වරුන් සහ කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහභාගී වන ලදී.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අදාලව 2025 වර්ෂයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ 2026 වර්ෂයේ...
11/02/2026

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අදාලව 2025 වර්ෂයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ සාකච්ඡාව පසුගියදා වයඹ ප්‍රධාන ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, ක්ලීන් ශ්‍රී ලංකා පළාත් කේන්ද්‍රිය කමිටු සාමාජිකයින් හා ක්ලීන් ශ්‍රී ලංකා දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
එහිදී පහත ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා විය

*2025 වර්ෂයේ සිදු කරන ලද ක්‍රියාකාරකම් වන,*
1. Clean Sri Lanka වැඩසටහන පිළිබඳව පළාතේ මහජනයා දැනුවත් කිරීම සඳහා විනාඩියකට අඩු නිර්මාණාත්මක වීඩියෝ Clips සකස් කර සමාජ මාධ්‍ය වෙත බෙදා හැරීම,
2. වයඹ ප්‍රධාන අමාත්‍යාංශය/ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙය වීමෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම,
3. පාසල් ගොඩනැගිලි 6ක් අලුත්වැඩියාව, පාසල් සනීපාරක්ෂක වැඩසටහන් වැඩිදියුණු කිරීම යටතේ වයාපෘති 12 ක් ක්‍රියාත්මක කිරීම,
4. සංචාරක ක්ෂේත්‍රය තුළ නියුතු ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආචාරධර්මීය බව ඉහල නැංවීම සම්බන්ධ පුහුණු වැඩසටහන් 7ක් ක්‍රියාත්මක කිරිම,
5. තෝරාගත් ග්‍රාමීය මාර්ග දෙපස පරිභෝජනයට ගත හැකි පළතුරු පැල සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
ආදී කටයුතු පිළිබඳව සහ

*2026 වර්ෂයේදී යෝජිත ක්‍රියාකාරකම් ලෙස,*
1. මඟීන් දුම්රිය භාවිතය බහුල කිරීම සඳහා මාර්ගස්ථ පොදු මඟී ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධ ව්‍යාපෘතිය
2. Wayamba product නමින් පළාතේ දේශීය ආහාර නිෂ්පාදන ප්‍රමිතිගත බලයක් යටතේ අලෙවි කිරීම සඳහා යෝජිත වෙළඳසැල් ජාලය සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය
3. පළාතේ තරුණ කෘෂි ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රමිති සහතික කිරීමේ වැඩසටහන
4. ආහාර නාස්තිය අවම කිරීම සඳහා හෝටල්/ ආපනශාලා / උත්සව ශාලා පදනම් කරගත් Clean Plate ව්‍යාපෘතිය
5. පළාත තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එක බැගින් පළාත් පාලන ආයතන සතු හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතු රංග ශාලා 46 ක් හදුනාගෙන මූලික යටිතල පහසුකම් සංවර්ධනය කර අවම පිරිවැය යටතේ කලා කටයුතු සඳහා ලබා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩිදුරටක් සාකච්ඡා කරන ලදී.

අපනයනාභිමුඛ කර්මාන්තකරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනේ දෙවන වැඩමුළුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ ප්‍රධ...
11/02/2026

අපනයනාභිමුඛ කර්මාන්තකරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනේ දෙවන වැඩමුළුව වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේදී පැවැත්විනි.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් දැනටමත් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළත්ව නිෂ්පාදනයන් සිදු කරනු ලබන ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන්ට අපනයන වෙළඳපලට ප්‍රවිෂ්ට වීම සඳහා අවස්ථාව ලබා දීමේ මූලික අපේක්ෂාව පදනම් කර ගනිමින් මෙය ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව මෙම දෙවන වැඩසටහන සඳහා අපනයන වෙළඳපලට ප්‍රවිෂ්ට වීමට කැමැත්තෙන් සිටින ව්‍යවසායකයින් 30 දෙනෙකු සහභාගි කර ගන්නා ලද අතර, ඔවුන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය සහ වයඹ පළාත් කර්මාන්ත හා සේවා කාර්යාංශයේ නිලධාරීන් විසින් පුළුල් වශයෙන් මෙම ව්‍යවසායකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

"දිට්වා" සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා වයඹ පළාත් සභාවෙන් රැ.ලක්ෂ 130 ක මුදලක්"දිට්වා" සුළි කුණාටු...
11/01/2026

"දිට්වා" සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා වයඹ පළාත් සභාවෙන් රැ.ලක්ෂ 130 ක මුදලක්

"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් විපතට පත් ජනතාවගේ ජීවන තත්වය නැවත නගා සිටුවීම සදහා විනාශයට පත් නිවාස, මාර්ග, පාලම්, ගොඩනැගිලි, පාසල්, වාරිමාර්ග ඇතුලු යටිතල පහසුකම් නැවත ස්ථාපිත කරනු වස් පිහිටුවා ඇති Rebuilding Sri Lanka අරමුදල සදහා වයඹ පළාත් සභාවේ මූල්‍යමය දායකත්වය පිරිනැමීම පසුගියදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී සිදු කරන ලදී.

එහිදී වයඹ පළාත් සභාවේ රාජ්‍ය සේවක වැටුපෙන් මෙම අරමුදල සදහා පරිත්‍යාග කරන ලද මූල්‍යාමය දායකත්වය සහ විවිධ පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන ලද මූල්‍යමය දායකත්වය ඇතුළුව රැ.ලක්ශ 130 ක මුදල සහිත චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පසුගියදා ජනධිපති ලේකම්
කාර්යාලයේදී පිරිනමන ලදී.

වයඹ පළාත් සභාව නියෝජනය කරමින් මෙම අවස්ථාව සදහා, වසන්ත ගුණසේකර මයා - පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්, එන්.පී . කුමාරසිංහ මයා - අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, අනුපමා අබේසිංහ මිය- ගණකාධිකාරි - වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය , බන්දුලානි බස්නායක මිය - කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කුලියාපිටිය, අජන්තා වීරසේකර මිය - ප්‍රජා සංවර්ධන නිලධාරි - වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුව, රියදුරු අයි.එඕ.පී.බණ්ඩාර මයා - වයඹ ප්‍රධාන ලේකම් කාර්යාලය යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි ඉංජිනේරු ඩබ්.එම්.ටී.ඩී.විජේසූරිය මහතා විසින් "දිට්වා" සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ජනත...
08/01/2026

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි පදිංචි ඉංජිනේරු ඩබ්.එම්.ටී.ඩී.විජේසූරිය මහතා විසින් "දිට්වා" සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ආරම්භ කර ඇති අරමුදල සඳහා ලබා දෙන ලද රු.50,000.00 ක මුදලක් එම මහතාගේ සොහොයුරැ වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී ඩබ්.එම්.සී.ලක්ෂිත විජේසූරිය මහතා විසින් පසුගියදා වයඹ ප්‍රධාන ලේකම් අයි.එම්.අයි. ඉලංගකෝන් මහතා වෙත ප්‍රධාන ලේකම් කාර්යාලයේදී භාර දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

*2026 වර්ෂයේ රාජකාරි ඇරඹුම* 2026 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවන් ආගමික වතාවත් සිදු කිරීම සහ බෝධි පූජාමය පිංකම ...
03/01/2026

*2026 වර්ෂයේ රාජකාරි ඇරඹුම*

2026 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවන් ආගමික වතාවත් සිදු කිරීම සහ බෝධි පූජාමය පිංකම සිදු කිරීම වයඹ ප්‍රධාන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත, වයඹ පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය ඉදිරිපිට බෝධීන් වහන්සේ අභියස දී 2026.01.01 දින පවත්වන ලදී.

මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම සහ අනුශාසනාව ඇත්කඳ රාජ මහා විහාර ධූරන්දර පූජනීය වීර පොකුණේ සුමංගල ස්වාමීන් වහන්සේ විසින් සිදු කර ලද අතර, සෙත් පිරිත් සහ බෝධි පූජාව මිල්ලව ධර්ම විජය විහාරස්ථානයේ විහාරාධිකාරී පරිවේනාචාර්ය ශාස්ත්‍රපති ඕපාත ධම්මඥාන හිමියන් විසින් සිදු කරනු ලැබිණ.

මෙහිදී රටේ පැවති ආපදා තත්වය හේතුවෙන් මිය ගිය සියළු දෙනා සිහිපත් කරම්න් පුණ්‍යානුමෝදනාවක්ද සිදු කරන ලද අතර,ඉන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිච්චාව ලබා දීමද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමා වයඹ ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මැතිතුමා, පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් සහ පළාත් සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වූහ.

මේ ගෙවී ගියේ 2025 වසර පමණක්ම නොවේසතුට, දුක, ජයග්‍රහණ මුසුවූමහා බිඳවැටීම් ද සහිත කෙටිම කෙටි කාලච්ඡේදයකි.ඒ සියලු අත්දැකීම්...
31/12/2025

මේ ගෙවී ගියේ
2025 වසර පමණක්ම නොවේ
සතුට, දුක, ජයග්‍රහණ මුසුවූ
මහා බිඳවැටීම් ද සහිත
කෙටිම කෙටි කාලච්ඡේදයකි.

ඒ සියලු අත්දැකීම්
සවියක් සේ ගෙන
වයඹ ජනතාවට
ලස්සන ජීවිතයක්
ගොඩනැගීම පෙර දැරිව
2026 නව වසර අරඹමු!

ඔබ සැමට
ලැබුවාවූ 2026 වසර
සුබම සුබ නව වසරක් වේවා!

CLEAN SRI LANKA Smart Phone  කෙටි චිත්‍රපට තරඟාවලිය - 2026 වයඹවයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ සංකල්ප...
24/12/2025

CLEAN SRI LANKA Smart Phone කෙටි චිත්‍රපට තරඟාවලිය - 2026 වයඹ

වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ සංකල්පයක් මත වයඹ පළාතේ පාසල් දරු දැරියන්/ගුරුවරුන්, වයඹ පළාත් රාජ්‍ය සේවකයන්, විවෘත අංශය යටතේ පොදු ලාංකික ප්‍රජාව සහ විදේශගත ශ්‍රි ලාංකික නිර්මාණකරුවන් උදෙසා තම හැකියාව මෙහෙයවමින් ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩපිළිවෙල පිළිබඳව සමස්ථ පුරවැසියන් වෙත ජංගම දුරකථන ඔස්සේ කෙටි චිත්‍රපටි නිර්මාණය මඟින් මග පෙන්විය හැකි කතිකාවතක් ආරම්භ කිරීමේ අරමුණ සහිතව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් වයඹ ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී 2025.12.23 වන දින පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් අංශ කීපයක් ඔස්සේ පවත්වනු ලබන තරඟයේදී ජංගම දුරකථන පමණක් භාවිතා කර සකස් කරනු ලබන කෙටි චිත්‍රපට සඳහා අවකාශය හිමි වන අතර, සකස් කරනු ලබන චිත්‍රපට ප්‍රදර්ශනය, ප්‍රදර්ශනය සඳහා ආයතන වෙත / විද්‍යුත් මාධ්‍ය වෙත ලබා දීම, You tube නාලිකා වෙත මුදා හැරීම සිදු කරනු ලබන අතර, පළමු වටය සඳහා තෝරා ගන්නා සියළු කෙටි චිත්‍රපටි Short Film Festival NWP 2026 You tube නාලිකාව වෙත මුදා හැරීමද, වැඩිම නැරඹුම් වාර පදනම් කර ගනිමින් සියළු අංශ යටතේ ජනප්‍රියම කෙටි චිත්‍රපටය තෝරා ගැනීමටද අපේක්ෂා කෙරේ. (වැඩි විස්තර සඳහා අපගේ https://www.facebook.com/share/1BMySUexHg/?mibextid=wwXIfr Facebook පිටුව වෙත පිවිසිය හැකිය)

මෙම තරඟයේ ජයග්‍රාහකයන් සඳහා අංශ මට්ටමින් ත්‍යාග සහ සහතික පිරිනැමෙන අතර මේ සම්බන්ධයෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජනමාධ්‍ය ආයතන නියෝජිතයින් පිරිසක් පැමිණ සිටියහ.



අපනයනාභිමුඛ කර්මාන්තකරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025....
19/12/2025

අපනයනාභිමුඛ කර්මාන්තකරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.12.15 වන දින වයඹ පළාත් සභා ලිච්ඡවි ශාලාවේදී පැවැත්විනි.
වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් දැනටමත් නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළත්ව නිෂ්පාදනයන් සිදු කරනු ලබන ව්‍යවසායකයින් හඳුනා ගෙන ඔවුන්ට අපනයන වෙළඳපලට ප්‍රවිෂ්ට වීම සඳහා අවස්ථාව ලබා දීමේ මූලික අපේක්ෂාව පදනම් කර ගනිමින් මෙය ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය සහ වයඹ පළාත් කර්මාන්ත හා සේවා කාර්යාංශයේ මැදිහත්වීම මත අපනයන වෙළඳපලට ප්‍රවිෂ්ට වීමට කැමැත්තෙන් සිටින ව්‍යවසායකයින්හට ඒ සඳහා අදාල දේශීය ආයතනවල නියාමන අවශ්‍යතා, ප්‍රමිතිකරණයන්, අපනයනය සිදු කළ නොහැකි හෝ තහනම් භාණ්ඩ, සීමා පනවන ලද භාණ්ඩ, බෙදා හැරීම් කොන්දේසි, මුදල් ගෙවීමේ කොන්දේසි, ආනයනය කරන රටේ නියාමන අවශ්‍යතා, තාක්ෂණික රෙගුලාසි, පරීක්ෂණ වාර්තා, නව්‍ය ඇසුරුම්කරණයේ ප්‍රවණතා, අලෙවිකරණ මෙවලම් භාවිතය හා වැදගත්කම, අපනයන වෙළඳපල ප්‍රවේශය යන කරුණු පිළිබඳව පුළුල් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එහිදී අදාල ව්‍යවසායකයන් අපනයනයේදී මුහුණදෙන ගැටළු සම්බන්ධව එක්එක් පුද්ගල මට්ටමින් සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සඳහා මගපෙන්වීමක් සිදු කරන ලදී.ඒ අනුව ව්‍යවසායකයින් 35 දෙනෙකු මෙම පළමු වැඩසටහන සඳහා සම්බන්ධ කර ගන්නා ලදී.

Disaster Response Volunteer Registration.ආපදා ප්‍රතිචාර ස්වේච්ඡා සේවකයින් සඳහා ලියාපදිංචි කිරීම.பேரிடர் மீட்பு தன்னார்வல...
05/12/2025

Disaster Response Volunteer Registration.
ආපදා ප්‍රතිචාර ස්වේච්ඡා සේවකයින් සඳහා ලියාපදිංචි කිරීම.
பேரிடர் மீட்பு தன்னார்வலர் பதிவு படிவம்.

Disaster Response Volunteer Registration | ආපදා ප්‍රතිචාර ස්වේච්ඡා සේවකයින් සඳහා ලියාපදිංචි කිරීම | பேரிடர் மீட்பு தன்னா...
04/12/2025

Disaster Response Volunteer Registration | ආපදා ප්‍රතිචාර ස්වේච්ඡා සේවකයින් සඳහා ලියාපදිංචි කිරීම | பேரிடர் மீட்பு தன்னார்வலர் பதிவு படிவம்

Address

01 Floor, Office Complex
Kurunegala
68000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94372231769

Alerts

Be the first to know and let us send you an email when Chief Secretariat North Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Chief Secretariat North Western Province:

Share