Pradeshiya Sabha - Kurunegala

Pradeshiya Sabha - Kurunegala දැක්ම - අපට හිතැති, අප හිත ඇති ආදරණීය පුරවරයක්....

මෙහෙවර - ප්‍රා‍දේශීය සභා පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව බල ප්‍රදේශය තුළ ජනතාවගේ භෞතික සහ මාන‍ව සම්පත් සංවර්ධනය උදෙසා සියලු සම්පත් ඒකරාශී කොට පොදු පහසුකම් වර්ධනය තුළින් ජනතා සහභාගිත්ව‍යෙන් යුත් කාර්යක්ෂම, තිරසාර සහ සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් ප්‍රදේශයේ ජන දිවිය නග‍‍ාසිටුවීම...

කාර්යාල පිරිසැකැස්ම
01/06/2022

කාර්යාල පිරිසැකැස්ම

සංවිධ‍ාන සැලැස්ම - කුරුණෑගල ප්‍රාදේශීය සභාව
01/06/2022

සංවිධ‍ාන සැලැස්ම - කුරුණෑගල ප්‍රාදේශීය සභාව

 #ලේකම්තුමාගේ_පණිවිඩයජනතාවට වඩාත් සමීප සුහදශීලී රාජ්‍ය ආයතනය ප්‍රාදේශීය සභාවයි. එමෙන්ම ජනතාවගේ පොදු හා පුද්ගලික අවශ්‍යතා...
01/06/2022

#ලේකම්තුමාගේ_පණිවිඩය

ජනතාවට වඩාත් සමීප සුහදශීලී රාජ්‍ය ආයතනය ප්‍රාදේශීය සභාවයි. එමෙන්ම ජනතාවගේ පොදු හා පුද්ගලික අවශ්‍යතාවන් ඉටු කිරීමට පවතින රාජ්‍ය ආයතනයද වන්නේ තම පළාත් පාලන ආයතනයි.

ඒ අනුව අප බල ප්‍රදේශයේ ජනතාවගේ අපේක්ෂාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලීව ඉටුකර දීම අපගේ අරමුණ විය යුතුය. ඒ සදහා අපගේ භෞතික හා මානව සම්පත වඩාත් ඵලදායී ලෙස හැසිරවීම මාගේ වගකීමකි.

ගරු සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලය විසින් ගනු ලබන තින්දු තීරණ වඩාත් අර්ථවත්ව හා කාර්යක්ෂමව ඉටුකරමින් ජනතාවට සියළු පහසුකම්වලින් යුත් සුවදායී පරිසරයක් අප බලප්‍රදේශය තුළ ගොඩ නැගීම අපගේ අධිෂ්ඨානයයි.

අජිත් කුමාරසිංහ
ලේකම්,
කුරුණෑගල ප්‍රාදේශීය සභාව.

 #ගරු_සභාපතිතුමාගේ_පණිවිඩයඅපගේ මව්බිම සෞභාග්‍යමත් අනාගතයක් කරා මෙහෙයවන මේ මොහොතේ, ඒ සදහා දායකත්වය ලබාදෙමින්  කුරුණෑගල ප්...
26/05/2022

#ගරු_සභාපතිතුමාගේ_පණිවිඩය

අපගේ මව්බිම සෞභාග්‍යමත් අනාගතයක් කරා මෙහෙයවන මේ මොහොතේ, ඒ සදහා දායකත්වය ලබාදෙමින් කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජිවත්වන ජනතාවගේ ආර්ථික, සාමාජීය සහ ආගමික ජීවිතය වඩාත් ප්‍රශස්ත තත්වයකට පත්කිරීම මාගේ අරමුණයි.

අප සියළු දෙනාම කැපවීමෙන්, පරිත්‍යාගශීලිත්වයෙන් හා අවංක බවින් යුක්තව කටයුතු කිරීමෙන් අප බල ප්‍රදේශයේ ජනතා අපේක්ෂාවන් යථාර්තයක් බවට පත්කරගත හැකිබව මාගේ හැගීමයි. විවිධ පක්ෂ නියෝජනය කරමින් පැමිණි අප සියළු දෙනාගේම අරමුණද එයයි.

අප බල ප්‍රදේශයේ සියළු ජනතාවගේ අභිලාශයන් කැටිකරගත් සෞභාග්‍යමත් වූත්, ආදර්ශමත් වූත් පුරවරයක් ගොඩ නැගීම උදෙසා ගරු උප සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීතුමන්ලාගේත්, ලේකම්තුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේත් අවංක කැපවීම හා සහයෝගය වඩාත් උද්යෝගයෙන් යුතුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.

අචල නිමන්ත වික්‍රමතිලක
සභාපති,
කුරුණෑගල ප්‍රාදේශීය සභාව.

කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිතියම
18/05/2022

කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිතියම

කුරුණෑගල ප්‍රාදේශීය සභා‍වේ පිහිටීම
18/05/2022

කුරුණෑගල ප්‍රාදේශීය සභා‍වේ පිහිටීම

18/05/2022

#කුරුණෑගල_ ප්‍රාදේශීය_සභා_ප්‍රගති_ගීතය

අභිමාන විරාජිත දේශ ස‍මාහිත
ජනතාව නගාලන සාර සරා සඳ
කුරුණෑගල ප්‍රාදේශීය සභා හඬ
නංවමු ජනතා ජන කළණී

කලතා සිතුවිලි හස්ථී ශෛලපුර
විමසා ජනතා මෙහෙවර පියවර
නොතකා ආගම් දෑ කුල භේදය
ප්‍රාර්ථනා ජය දද ලෙලවා

මං පෙත හදමු ගම ගොඩ නගමු
වන රොද රකිමු නිල් දිය සොයමු
ඇතුගල් පුරව‍ර දිනු සභා මිණ
සුරකිමු දෙරණත පණ වාගේ

ජන දිවි නන්දන කරවන විවරණ
ඔබමයි ජනනිය සභාව ඇතුගල
දිනුවන් හදවත ප්‍රභානි දිනිතිය
චිරං සුරංජතු සභාව ජනකෙත

18/05/2022

#අපගේ_මෙහෙවර

ප්‍රා‍දේශීය සභා පනතේ ප්‍රතිපාදනයන්ට අනුකූලව බල ප්‍රදේශය තුළ ජනතාවගේ භෞතික සහ මාන‍ව සම්පත් සංවර්ධනය උදෙසා සියලු සම්පත් ඒකරාශී කොට පොදු පහසුකම් වර්ධනය තුළින් ජනතා සහභාගිත්ව‍යෙන් යුත් කාර්යක්ෂම, තිරසාර සහ සැළසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් ප්‍රදේශයේ ජන දිවිය නගාසිටුවීම....

18/05/2022

#අපගේ_දැක්ම

අපට හිතැති,
අප හිත ඇති
ආදරණීය පුරවරයක්....

කුරුණෑගල ප්‍රාදේශීය සභා ලාංඡනය
18/05/2022

කුරුණෑගල ප්‍රාදේශීය සභා ලාංඡනය

කුරුණෑගල ප්‍රාදේශීය සභා ධජය
18/05/2022

කුරුණෑගල ප්‍රාදේශීය සභා ධජය

Address

කුරුණෑගල ප්‍රාදේශීය සභාව, පුත්තලම් පාර, උඩදිගන, කුරුණෑගල
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 15:30
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 08:30 - 14:00
Saturday 08:30 - 13:00

Telephone

+94372222551

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeshiya Sabha - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Pradeshiya Sabha - Kurunegala:

Share