මද්දු වා

මද්දු  වා හුදෙක් විනොදාස්වාදය සදහා හමුවන සියලු
විඩියෝ ෆොටෝ පල කරන්ඩ පුලුවන්
All that is found just for fun
You can post video photos

11/08/2022
03/08/2022
24/04/2021

ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ?

ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ?

ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ
මගෙ රුව තැන්පත් කරලා?
කරන්න තියෙන පව් වැඩ
මිනිස්සු හංදියක් ගානෙම කරද්දී
මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද
ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි.....

ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන
ඉල්ලා වැඳ වැටෙන්නෙ?
මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත
මිනිස්සු අතරට යැව්වේ....

ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු
වේවා කියලා බැඳලා තියෙන්නේ?
කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා
තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා
ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා.....

බලන්න ආනන්ද ලෝකය දිහා
කොච්චරනම් සැබෑ ආදරවන්තයන්
අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල්
කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා....
කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා....

ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ?
ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ?
මතකද, ආනන්ද මම දේශනා කලා
කොසොල් රජතුමාට එදා
මගෙ ශාසනය විනාශ කරන්න,
ධර්මය යට ගහන්න
මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු
කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා.....
අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද...

කවද්ද ආනන්ද මම දේශනා කලේ
උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෙෘද්ධයෙක් වෙනවා කියලා....
බෙෘද්ධයා කියන්නේ,
ධර්ම මාර්ගයේ යන කෙනාටනි
පින්බර ආනන්ද....

ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් ⁣වල දේවාල අඩවි වල
"නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ?
සත්තු මරන තැන්වල
මිනිස්සුන්ට දෙස් තියන තැන්වල
"නමෝතස්ස" කියන්න තරම්
මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද...

ආනන්ද ඇයි පන්සල් වල මේ තරම්
පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ?
කවද්ද ආනන්ද මම දේශනා කලේ
පිංවතුන් දෙන දානය හිරකරන්
පන්සල් දියුණු කරන්න කියලා
හිත් ගඳ ගහන්න දීලා....

රජ සැපත් දාලා
ගිහි ගෙයින් පිටව ගොස්
කසාවත ⁣පොරවගෙන
මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන
බෝ ගස යට තමයි ආනන්ද,
මම එදා හැමදේම අතහැරියේ....

අනිත්‍යයි ආනන්ද හැමදේම
මේ මුළු ලෝකයම අනිත්‍යයි
එය මේ මිනිස්සුන්ට වටහා දෙන්න...

නමුදු ආනන්ද,
තව ටික දවසකින්
මා විසින් දේශනා කල වදාළහ එක බුද්ධ වචනයක්වත්
තව ඉස්සරහට අසන්න නොලැබෙයි....

සම්බුද්ධ ශාසනයේ විනාශය
ළඟ ළඟමයි ආනන්ද.....

උපුටාගත්තකි.

Me athithaya hitapu un like  karamu
13/02/2021

Me athithaya hitapu un like karamu

Address

Melsiripura
Kurunegala

Telephone

+94787267210

Website

Alerts

Be the first to know and let us send you an email when මද්දු වා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මද්දු වා:

Share

Category