විශ්ව සමාධි පදනමVishwa Samadhi Foundation -Sri Lanka

විශ්ව සමාධි පදනමVishwa Samadhi Foundation -Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විශ්ව සමාධි පදනමVishwa Samadhi Foundation -Sri Lanka, Social service, No5/5, South Circular Road, Kurunegala.

Helping the community who need help for the human race to fulfill their basic needs and contribute to the creation of a society full of mental and spiritual qualities.

වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය  ඡන්ද බල ප්‍රදේශයේ ගිරිල්ල රෝහල කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථක අන්දමින් පැවැත...
07/12/2023

වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ඡන්ද බල ප්‍රදේශයේ ගිරිල්ල රෝහල කේන්ද්‍ර කර ගනිමින් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වූ වෛද්‍ය කඳවුර සහ රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදීම .මෙම සත්කාරය විශ්ව සමාධි පදනමේ සභාපතිතුමන්,ලේකම්තුමිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි .මෙම සත්කාරය සඳහා අනුග්‍රහය ලබාදුන් ඉන්දියාවේ Self Awakening mssion By Sanjiv Malik ආයතනයේ සියලු සාමාජිකයන්ටත් ,කුරුණෑගල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් ,ගිරිල්ල රෝහලේ ස්ථාන භාර වෛද්‍යතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලයටත් ,මෙම කටයුත්ත සම්බන්ධීකරණය කර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක අබේසිංහ මැතිතුමාටත්, වෛද්‍ය වරුණ ඇතුළු සියලු දෙනාටත් විශ්ව සමාධි පදනමේ ගෞරවනීය ස්තූතිය .

05/12/2023

විශ්ව සමාධි පදනම ඉතාම සද්භාවයෙන් මානව වර්ගයාගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන අතර අපගේ කිසිදු සුබසාධන කටයුත්තක් වෙනුවෙන් කිසිදු විටෙකත් කිසිදු ආකාරයක ආධාර ,මුදල් කිසිවෙකුගෙන් රැස් නොකරන බව කාරැණිකව දැනුම් දීමට කැමැත්තෙමු. අප පදනම නමින් යම් අයෙක් මුදල් එකතු කරන්නේ නම් එය අප තරයේ හෙලා දකින අතර ඒ සදහා අප පදනමේ කිසිදු සම්බන්ධයක් නොමැති බව දැනුවත් කිරීමට කැමැත්තෙමු.

09/10/2023
නැගෙනහිර  පළාත  දෙහියත්තකන්ඩිය  අධ්‍යාපන  කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්  පනහකට අධික  ප්‍රමාණයක් තෝරාගෙන ඔවුන්ගේ  අ...
05/09/2023

නැගෙනහිර පළාත දෙහියත්තකන්ඩිය අධ්‍යාපන කොට්ඨාශයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පනහකට අධික ප්‍රමාණයක් තෝරාගෙන ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය‍ය කරන පාසල් පොත් පත් ඇතුළු ඔවුන්ට අවශ්‍ය‍ය කරන සෙසු උපකරණ කට්ටල බෙදා දීම් විශ්ව සමාධි පදනමේ පූර්ණ සංවිධාන ශක්තියෙන් ඉන්දියාවේ Self Awakening mission by Sanjiv Malik පදනමේ අනුග්‍රහයය සහ මගපෙන්වීම යටතේ දින නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුමා සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් තුමාගේ සහ සහභාගිත්වයෙන් සිදු කෙරුණි මෙහිදී විශ්ව සමාධි පදනම වෙත එකී කාර්යය සාර්ථක කර ගැනීම උදෙසා නන් අයුරින් උපකාර කල සියලුම දෙනාට විශ්ව සමාධි පදනමේ පුණ්‍යානුමෝදනාව.......

විශ්ව සමාධි පදනම විසින් පූර්ණ සංවිධාන ශක්තියෙන් ඉන්දියාවේ Self Awakening Mission  අනුග්‍රහය මත සරණක් අවැසි අපේම සහෝදර දෘ...
11/09/2022

විශ්ව සමාධි පදනම විසින් පූර්ණ සංවිධාන ශක්තියෙන් ඉන්දියාවේ Self Awakening Mission අනුග්‍රහය මත සරණක් අවැසි අපේම සහෝදර දෘශ්‍යාබාධිත පිරිසක් අරමුණුකොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සංසදය කුරුණෑගල සහ පුත්තලම සාමාජික සාමාජිකාවන් පවුල් ඒකක 50ක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම .නන් අයුරින් උපකාර කළ සියලු දෙනාට විශ්ව සමාධි පදනෙමේ හෘදයාංගම ස්තූතිය . ස්ථානය නාරම්මල .දිනය 2022/09/11

පිය සටහන් තබන්නා වූ හැම බිමකට ම පැලයක් දායාද කරමින් මේ මහී මාතාව වෙත කළගුණ සැලකීම උදෙසා පරිසරයට යමක් දායාද කිරීමේ විශ්ව ...
03/06/2022

පිය සටහන් තබන්නා වූ හැම බිමකට ම පැලයක් දායාද කරමින් මේ මහී මාතාව වෙත කළගුණ සැලකීම උදෙසා පරිසරයට යමක් දායාද කිරීමේ විශ්ව සමාධි පදනමේ උදාරතර සංකල්පය මත ප්‍රතිලාභී පවුල් වෙත වටිනා දෙලුම් පැල බෙදා දීම 02.06.2022 වන දින මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල සිදු කරන ලදී.

විශ්ව සමාධි පදනම විසින් සංවිධානය කරන සියලුම පරිත්‍යාගයන් වලට සමගාමීව ප්‍රතිලාභ ලබන්නන්ගේ මානසික සුවය උදෙසා සිදු කරනු ලබන...
03/06/2022

විශ්ව සමාධි පදනම විසින් සංවිධානය කරන සියලුම පරිත්‍යාගයන් වලට සමගාමීව ප්‍රතිලාභ ලබන්නන්ගේ මානසික සුවය උදෙසා සිදු කරනු ලබන දේශන මාලාවේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මාතෘත්වය අපේක්ෂාවෙන් සිටින්නාවූ අපගේම සහෝදරියන් වෙනුවෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් පැවැත්වූ දේශනය .මේ වටිනා දේශන ඔවුන්ට දායාද කළ රුහුණු විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ,කාන්තා හා ලමා කාර්යංශයේ ලමා කාර්යංශයේ උපදේශිකා ආර්ය චර්යා දේශිකා ගීතා රෝෂනී මහත්මියට සහ ඒ සඳහා විශ්ව සමාධි පදනම සමඟ අත්වැල් බැඳගත් ආර්ය චර්යා පදනමටත් විශ්ව සමාධි පදනමේ ගෞරවණීය ස්තූතිය.

තවත් එක් වාසනාවන්ත දවසක්. යහපත් මිනිසුන්ගේ යහපත් ක්‍රියාවක තවත් එක් දිගහැරුමක්. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම...
03/06/2022

තවත් එක් වාසනාවන්ත දවසක්. යහපත් මිනිසුන්ගේ යහපත් ක්‍රියාවක තවත් එක් දිගහැරුමක්. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ මේ මොහොතේ අවශ්‍යතාවය ඇති අපේම මිනිසුන්
උදෙසා වියළි ආහාර බෙදා දීමේ අවස්ථාව .මේ සඳහා තෝරා ගත් පවුල් අතරෙන් ගැබිනි මාතාවන් පනස් දෙදෙනෙකුට ආහාර මලු බෙදාදීමට හැකිවිය .මේ අවස්ථාව සාර්ථක කර ගැනීමට අනුග්‍රහය ලබා දුන් ඉන්දියාවේ Sanjiv Malik මහතා ඇතුළු Self Awakening mission කණ්ඩායමටත්, අවශ්‍යතාව ඇති පිරිස් සොයා යාමට මඟ හසර සලසා දුන් කුරුණෑගල ඇත් කඳ විහාරාධිපති පූජ්‍ය විරපොකුනේ සුමංගල ස්වාමින් වහන්සේටත්, මහව ප්‍රාදේශීය ලේකම් ගරු නදුන් සම්පත් මැතිතුමා ඇතුළු එතුමාගේ කාර්යමණ්ඩලයටත් , ප්‍රවාහන පහසුකම් සැපයූ වෛද්‍ය කමලා ඉද්දවෙල මැතිනියටත් , සියලුම කටයුතු සම්පාදනය කරමින් මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට වෙහෙසුන විශ්ව සමාධි පදනමේ සියලුම කාර්ය මණ්ඩලයටත් ,නන් අයුරින් උපකාර කල සියලුම දෙනාටම පුන්‍යානුමෝදනාව වේවා .

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර  කනිෂ්ඨ විද්‍යාලයේ අඩු ආදායම් ලබන දරුවන්ගේ පවුල් හැටක පුද්ගලයන් 350කට පමණ පිරිසක් වෙ...
11/05/2022

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර කනිෂ්ඨ විද්‍යාලයේ අඩු ආදායම් ලබන දරුවන්ගේ පවුල් හැටක පුද්ගලයන් 350කට පමණ පිරිසක් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම .මේ සඳහා අනුග්‍රහය ඉන්දියාවේ Self Awakening mission by Sanjiv Malik ආයතනයෙන් ලබා දුන් අතර ශ්‍රී ලංකාවේ විශ්ව සමාධි පදනම විසින් පූර්ණ මෙහෙයවීම යටතේ සිදු කරන ලදී .මේ සඳහා උපකාර කළ සියලු දෙනාට අපගේ ස්තුතිය .

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලයට වසර හැට තුනක් සපිරීම නිමිතිකොටගෙන ක්‍රියාත්මක වූ දුර්ලභ ගණයේ ඖෂධීය...
11/05/2022

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර කණිෂ්ඨ විද්‍යාලයට වසර හැට තුනක් සපිරීම නිමිතිකොටගෙන ක්‍රියාත්මක වූ දුර්ලභ ගණයේ ඖෂධීය පැල රෝපණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් එම කාර්යයට අදාළ දුර්ලභ ඖෂධීය පැල රෝපණය විශ්ව සමාධි පදනමේ පූර්ණ අනුග්‍රහය සහ මෙහෙයවීම යටතේ පසුගිය මාර්තු 08 වන ඉරුදින විද්‍යාලීය භූමි පරිශ්‍රය තුළ දී සිදු විය.

මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ දයාබර මව්වරුන් පියවරුන් උදෙසා දානමය පිංකම.
06/05/2022

මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ දයාබර මව්වරුන් පියවරුන් උදෙසා දානමය පිංකම.

Address

No5/5, South Circular Road
Kurunegala
60000

Telephone

+94777448764

Website

Alerts

Be the first to know and let us send you an email when විශ්ව සමාධි පදනමVishwa Samadhi Foundation -Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category