ජොනී ඇමතිතුමා

ජොනී ඇමතිතුමා Johnston Fernando

15/05/2025
08/05/2022

රුවන්මැලිසෑ බිමට පැමිනි
අග්‍රාමාත්‍යවරයාට එහි සිටි පිරිසගෙන් උනුසුම් පිලිගැනීමක්...

රුවන්මැලිසෑ බිමට පැමිනිඅග්‍රාමාත්‍යවරයාට එහි සිටි පිරිසගෙන් උනුසුම් පිලිගැනීමක්...
08/05/2022

රුවන්මැලිසෑ බිමට පැමිනි
අග්‍රාමාත්‍යවරයාට එහි සිටි පිරිසගෙන් උනුසුම් පිලිගැනීමක්...

මාධ්‍ය පෙන්නන්නෙත් වැරදි විතරයි. වැව ලඟ උද්ඝෝෂණ පෙන්වනවා. වැව හදන එක පෙන්වන්නේ නැහැ. අද සමහරු අභියෝග දකිනකොට දාලා යනවා. ...
30/03/2022

මාධ්‍ය පෙන්නන්නෙත් වැරදි විතරයි. වැව ලඟ උද්ඝෝෂණ පෙන්වනවා. වැව හදන එක පෙන්වන්නේ නැහැ. අද සමහරු අභියෝග දකිනකොට දාලා යනවා. කැබිනට් ඇමතිවරු හිටපු අය කියන්න හදන්නේ රටේ නායකයා පඹයෙක් කියලා. එතුමා එහෙම නැහැ. හොද බෞද්ධ නායකයෙක්. එකතුවෙලා මේ බෞද්ධ නායකයාට ගහනවා...- ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු


අමාත්‍යවරයා මේ අදහස් පල කලේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේදී පැවති වාරි සෞභාග්‍යා දෙවන අදියරේදී සමාරම්භක උත්සවයට 2022-03-30 වන අද දින සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
අපි ගොඩාක් සතුටු වෙනවා අද දවසේ, ඔබතුමා අපේ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්න අඩගහගත්තහම අපිට ලොකු විශ්වාසයක් තිබුණා අපේ ගොවි ජනතාවට විශාල සේවාවක් ඔබතුමාගේ නායකත්වය යටතේ කරගන්න පුලුවන් වෙයි කියලා ඒ විශ්වාසය තිබුණේ ඔබතුමාගේ සහෝදරයා චමල් රාජපක්ෂ මැතිතුමා ඔබතුමාගේ අනුමැතිය පරිදි දැදුරුඔය ව්‍යාපෘතිය ආරම්භ කෙරුවා වයඹ ජනතාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව කවදාවත් හිතුවෙ නැහැ ඒ වගේ ව්‍යාපෘතියක් ආණ්ඩුවකින් ලැබෙයි කියලා. ඒක ඔබතුමාගේ නායකත්වයෙන් ලැබුණා. ඒ ඉතිහාසය කවදාවත් අමතක වෙන්නෙත් නැහැ. ඒක ආරම්භ කරන්න ගියාම චමල් රාජපක්ෂ මැතිතුමාට එදා ඇතිවුණ ප්‍රශ්නය එතුමා ලඟදිත් ඒක මතක් කෙරුවා. ඔබතුමාට මතක ඇති අපි උත්සවයට ගුවනින් යනකොට ඔබතුමා පල්ලෙහා බලලා ඇහුව්වා මේ මහා මුහුද වගේ තියෙන්නෙ මොකක්ද කියලා. මම ඔබතුමාට ඒ වෙලාවෙ කිව්වා මේක තමයි දැදුරුඔය ව්‍යාපෘතිය කියලා. ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ ගොවි ජනතාවට මහ ලොකු විශ්වාසයක් තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඇවිල්ලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ චන්ද ඉල්ලනකොට. අපිට ඔබතුමා ජනාධිපතිතුමාව සිටි කාලෙටත් වඩා වැඩි සේවාවක් අපිට ලැබෙයි කියලා. එනිසා අපි පසුගිය මහ මැතිවරණයේදී කිව්වා වගේ අපේ දිස්ත්‍රික්කයේ වැව් හය දාහම ප්‍රතිසංස්කරණය කරල දෙයි කියලා අපිට විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය සඵල කරපු වෙලාවක් තමයි අද මේ වැව් සීයක් එකවර මේ දිස්ත්‍රික්කය ප්‍රතිසංස්කරණය කරලා ගොවි ජනතාවට කරදරයක් නැතුව වගා කරන්න වතුර ටික, ධීවර ජනතාවට ධීවර වැඩ කටයුතු කරන්න, පානීය වතුර ප්‍රශ්නය ඒ හැම දෙයක්ම ඉටුවෙනවා. මේ සංවර්ධනය ඉතාමත්ම අමාරු කාලෙකදි තමයි අපි ඉටු කරගෙන යන්නේ. රටේ ඉතාමත් ම අමාරු කාලෙක, ජනතාව ඉතාමත්ම පීඩනයට පත්වෙලා තියන මොහොතක තමයි මේ අභියෝග ඔක්කෝටම ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රජයත් අපි මුහුණ දීලා අමාරු කාලෙක මේ රට ගොඩනගන්න අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. අපිට හම්බ උනේ අමාරුවේ වැටිච්ච රටක්. ඉතාමත්ම අසරණ වෙච්ච රටක්. ආර්ථිකය අතින්, ආරක්ෂාව අතින් හැම අතකින්ම අමාරුවේ වැටිච්ච රටක් තමයි අපිට ලැබුනේ. අදටත් අපේ රටේ ජනතාව දුක් විඳින්නේ පහුගිය රජය නිසි වෙලා දී ප්‍රතිපත්ති තීන්දු ගත්තේ නැති නිසා. අද ප්‍රවෘත්ති බැලුවොත් විදුලිය කපන්නේ පැය කීයද කියලා අහනවා. අද අපි මොනවා කතා කෙරුවත් ඔබතුමා ගෙන් පස්සේ එක විදුලි බලාගාරයක් හදලා නැහැ. ඒ බලාගාර හදපු නැති අය අද පාරට බැහැලා කියනවා විදුලිය දෙන්න කියලා. එක බලාගාරයක්වත් හදලා නැහැ. පුනර්ජනනීය බලශක්තිය ගැන කල්පනා කෙරුවත් නෑහැ. ඒ යහපාලන ආණ්ඩුව. අද ඔවුන් තමයි පාරට බැහැලා කියන්නේ, ජනතාවට පාරට බහින්න කියලා. ඊළඟට එක වැවක්වත් හදපු නැති අය වාරිමාර්ග ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක නොකරපු අය තමයි ගොවිජනතාව වෙනුවෙන් අද පෙනී සිටින්නේ. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔබතුමා එදා කටයුතු කෙරුවා. රුපියල් 8ට තිබුණු වී කිලෝ එක රුපියල් 40 දක්වා ගෙනාවෙ ඔබතුමාගේ කාලයේදී. ඒක අපිට අමතක කරන්න බැහැ. වාරිමාර්ග යෝජනා ක්‍රම ගණනාවක් ආරම්භ කෙරුවා. ගොවි ජනතාව ආර්ථික ශක්තිමත් කෙරුවා. ගොවියෝ වස බොන යුගය අවසන් කෙරුවා. පහුගිය අවුරුදු පහේ අපිට මතකයි ආණ්ඩුව ආපු ගමන් කිව්වේ කුඹුරු අස්වද්දන්නේ එපා කියලා. කුඹුරු අක්කර ලක්ෂ ගානක් නතර කරන්න කියලා. පාර්ලිමේන්තුවෙත් කිව්වා එළියෙ කිව්වා එහෙම යුගයක් දැක්කා අපි පහුගිය අවුරුදු පහේ. දැන් ඔවුන් තමයි ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනා කියලා පෙන්නන්නෙ වැව් දාහක් හදන එක් ගැන අනුරාධ ජයරත්න මැතිතුමා කිව්වා. ඒක පටන් ගත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුවෙන් එදා ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි අද අපි මෙවැනි දෙයක් පටන් ගත්තහම ඔවුන් මොනවද කියන්නේ. ඔවුන් කියන්නේ එක්කෝ නිධානයක් හාරන්න හදනවා. එක්කෝ නිධානේ ගලෝගෙන ගියා. එහෙම නැත්නම් පස් අදිනවා. එහෙම නැත්තම් වැලි අදිනවා. අගෞරවයක් ගේන්න හදන්නේ. ගෞරවයක් දෙන්නෙම නැහැ. ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා පෙන්වමින් ගොවි ජනතාව ජනතාවගේ සංවර්ධනය යටි අරමුණකින් නතර කරන්න හදනවා. ඊළඟට පොහොර ප්‍රශ්නය ආපුවාම රටේ ජනතාවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උනන්දු කරවද්දී තවත් කණ්ඩායමක් ඉන්නවා ගොවි ජනතාව මානසිකව වට්ටනවා. ඒකට මාධ්‍යයත් හවුල් වෙනවා. කණගාටුවෙන් කියන්න ඕනි. හොඳක් පෙන්නන්නෙම නැහැ. නරකමයි පෙන්නන්නෙ බයිනවා පෙන්නන්නෙ. සවසට ප්‍රවෘත්ති බැලුවොත් එහෙම මේ රටේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ වැව් සියය ගාවට විපක්ෂය ගිහිල්ලා බොරුවට උද්ඝෝෂණය කෙරුවොත් ඒගොල්ලො ඒක පෙන්නනවා. හැබැයි වැව් සීය හදන එක පෙන්නන්න නැහැ. හදලා ඉවර වෙච්ච ඒවා පෙන්නන්නෙ නැහැ. මාර්ග එකත් එහෙමයි. මාර්ග කැඩිච්චි ඒවා පෙන්වනවා. මාර්ග හදපුවහම අහනවා මාර්ග හදන්නේ කන්නද කියලා. ඉතින් එහෙම සංස්කෘතියක් බවට මේ රට පරිවර්තනය වෙලා ඉවරයි. අද අපේ අනුරාද ජයරත්න මැතිතුමා කිව්වා විදිහට නිල් පාට, කොළ පාට, තව පාටක් ආවා කියලා මේ ප්‍රශ්න වලට විසඳුම් එන්නේ නැහැ. ඔවුන් අසමත් වෙච්ච නිසා තමයි, ගෝඨාභය ජනාධිපති තුමාට මේ රට භාර දුන්නෙ, ඉතින් එතුමා අමාරුවේ වැටිච්ච රට නැවත ගොඩනගන්න හදනවා. අපේ රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය, විවිධ ක්ෂේත්‍ර වල ඉන්න අය, අරගෙන බොහොම අමාරුවෙන් මේක ගොඩනගන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ කාලේ ගොඩනගලා 2015 පස්සේ වැටුණු රට යළි ගොඩනගන්න හදන්නේ. ගොඩ නගන්න හදනකොට ඒකට බාධා කරනවා. ඒකට අපහාස කරනවා. නින්දා කරනවා. ජනතාව නොමඟ යවනවා. කිසිම දෙයක් කිසිම ප්‍රශ්නයක් ඇති නොකරපු හැටියට ඔවුන් පෙනී සිටිනවා. කරන්න පුළුවන් අපරාධ ඔක්කොම කරනවා. කොවිඩ් වසංගතයේ එද්දි අපි දැක්කා. වසංගතයෙන් රට බේරගන්න ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් කටයුතු කරද්දී ඔවුන් හැදුවේ මිනිස්සුන්ට බෝ කරන්න. මිනිස්සු පාරට ගෙනාවා. මිනිස්සු මරන්න. මිනිස්සු මැරෙනවා දකින්න කැමති විපක්ෂයක්. අදත් ඔවුන්ට ඕනේ එකයි. ජනාධිපතිතුමාට නින්දා කරනවා. අගමැතිතුමාට නින්දා කරනවා. වැඩ කරන නිලධාරීන්ට නින්දා කරනවා. වැඩ කරන නිලධාරීන්ව බය කරන්න හදනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා අද ඔබලාගේ පීඩනය දන්නේ නැති ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් නෙමෙයි මේ ආණ්ඩුවේ ඉන්නේ. මේ පීඩනයට පත් වුණේ ඇතුලෙන් සහ එළියෙන් ඇති කරපු ප්‍රශ්න. අපි දැක්කා ඇතුලේ ප්‍රශ්න ඇති කෙරුවා. දැන් අද ඒ අභියෝගය එනකොට මුහුණ දෙන්න බැරිව සමහරු දාලා යනවා. යුද්ධයක් දකිනකොට සටන දාලා දුවන යුගයක් අපි දකින්නේ. අමාරු කාලේ, සටන් තියෙද්දි සටනට නායකත්වය දෙන්න ඕනි. සටනෙන් පැනලා යන්න හොඳ නැහැ. සමහරු සටනින් පැනලා යනවා. සටන් වල හිටියා කියලා පෙනුන අය, අපි සේනාධිනායකයන් හැටියට දැකපු අය, අද ප්‍රශ්නය එනකොට ඒ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න බැරිව හෙමින් මාරු වෙන අය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔවුන් මුදල් ඇමතිතුමාට පහරදෙනවා. ඒ හරහා ජනාධිපතිතුමාට පහර දෙන්නේ නැහැ කියලා පෙන්නගෙන පහර දෙනවා එතුමාට. සමහර හිටපු කැබිනට් ඇමතිවරු හුවා දක්වන්න හදනවා ජනාධිපතිතුමා පඹයෙක් කියලා. ජනාධිපතිතුමා පඹයෙක් නෙමෙයි. එතුමා තවත් රාජපක්ෂ කෙනෙක්. හොඳ බෞද්ධ නායකයෙක්. අද ඒ අය එකතුවෙලා බෞද්ධ නායකයාට ගහනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. එකතු වෙලා ඉන්න බෞද්ධ නායකයන්ට ගහනවා. වෙන එක්කෙනෙකුට පහර දෙන ගමන් පෙන්නන්න හදන්නේ ඔහුට පණ නැහැ කියලා. අපි ජනතාවට කියනවා අපි ගැන විශ්වාසය තබා ගන්න කියලා. අපේ හාමුදුරුවෝ අපිට මහා හයියක් දෙනවා. ගරු අගමැතිතුමනි විශාල සෙනගක් අපිට ඉන්නවා. චමල් ඇමතිතුමාට මම කිව්වා අපි පන්දහක් ගේනවා. ඔබතුමා එන්න ඕනා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ හයිය, ආණ්ඩුවේ හයිය පෙන්නනවා කියලා. හැබැයි මේ ඩීසල් ප්‍රශ්නය, විදුලිය ප්‍රශ්න නිසා අපි වියදම් සීමා කරලා තියෙන නිසා අපි තීන්දු කෙරුවා මෙහේ ඉඳලා zoom තාක්ෂණය අනුව මේ වැඩ කටයුතු කරන්න. අද විශාල සෙනගක් සහභාගි වෙලා තියෙනවා. මේවා පෙන්නන්නෙ නෑ. අද පෙන්නන්නෙ පෙට්රල් ෂෙඩ් එක ගාව ඉන්න සෙනඟ. එහෙම නැත්තං ලයිට් නැතුව ඉන්න සෙනඟ. නැත්නම් පෝලිමක්. ඒවයි අද පෙන්නන්නෙ. මොනතරම් ආණ්ඩුව වෙනුවෙන් ජනතාව ඇවිල්ලා පෙනී හිටියත් ඒව පෙන්නන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි අගමැතිතුමනි අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. අද සංවර්ධනයට විරුද්ධ සහ රට වට්ටන්න හදන කණ්ඩායමක් ඉන්නවා. එදත් යුද්දෙ කාලෙදී ඔබතුමාට හිටියා රටට ආදරය කරන සහ රටට ආදරය කරන්නැති කණ්ඩායම්. අදත් ඉන්නවා රටේ ජනතාවගේ ආර්ථිකය වට්ටලා, රටේ ජනතාවට විරුද්ධව, රටට ජනතාවට ආදරෙයි කියලා පෙන්නන්න ජනතාවට යටින් විරුද්ධකම් කරන කණ්ඩායමක්. මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මේ රට ගොඩ ගත යුතුයි. රට ගොඩනැගිය හැකියි කියලා හිතන අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ, පරිනත නායකයා අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රාජ්‍ය නිලධාරීන් සහ ඇමති මණ්ඩලයත් එකතු වෙලා මේ රට ගොඩනගන්න පුළුවන්. මේක අමාරු ගමනක්. ඒ අමාරු ගමන ජයග්‍රහණයක් කරා ගෙනියන්න පුළුවන් කියලා දැඩි විශ්වාසයෙන් අපි මේ රටේ ජනතාවට කියනවා මේ දවස් කිහිපය ඉතාමත්ම ඉවසිලිමත්ව කටයුතු කරන්න කියලා. රට කරගන්න බැරි වෙච්ච උදවිය පරද්දලා කරන්න පුළුවන් නිසා ඔබතුමාට රට භාර දීල තියනවා. මේක අපි අතාරින්නෙ නැහැ. අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න ටිකට විසඳුම් ලබා දෙනවා.

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු ප...
28/03/2022

දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක්.......

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ගැන අසත්‍ය චෝදනා එල්ල කල දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැදවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇත.

20-02-2022 වන දින වසන්ත සමරසිංහ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ....

· මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සහ රඹුක්කන දක්වා 20Km ක අදියරක කටයුතු සිදුකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ බවත් ,

· ඉහත කී ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් අනුමත කිරීම CANC ලෙස නම් කරන ලද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවේ විෂය විෂයපථය යටතේ පවතින බවත්,

එම ලංසු ඉදිරිපත් කර ඇත්තේ චීන සමාගමක් වන Metallurgical Corporation ( MCC ) සහ ශ්‍රී ලාංකික සමාගමක් වන Lanka Infrastructure Development Consortium ( LIDC ) යන සමාගම් දෙක විසින් බවත්,



චීන සමාගමක් වූ MCC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1050 ( රුපියල් බිලියන 210) වූ බවත් LIDC විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 1872 ක ( රුපියල් බිලියන 374.4 ක ) වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබී ඇති අඩු ලංසුව ප්‍රතික්ෂේප කොට වැඩි ලංසුව ඉදිරිපත් කර ඇති LIDC සමාගම වෙත CANC යන කමිටුව විසින් ලබා දී ඇති බවත්,

· ජොන්ස්ටන් ප්‍රනාන්දු CANC කමිටුවට අනිසි බලපෑම් සිදු කර එහි සාමාජිකයින් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ MCC ලංසුව ඉවත් කර LIDC ලංසුවට පක්ෂව කටයුතු කර එමඟින් වංචාවක් සිදු කිරීමට කටයුතු කල බවත් ,

· එම මූල්‍ය වංචාව හරහා ශ්‍රී ලංකා රජයට සිදු වූ පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164.4 ක් වන අතර එය කුප්‍රකට බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් වඩා වැඩි බවත්...

මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් මාගේ සේවාදායකයා ඉහත කී ව්‍යාපෘතිය සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර එම දැවැන්ත වංචාව සිදුකර ඇති බවත්.



මාගේ සේවාදායකයා විසින් මෙම වංචාව සිදුකර ඇතැයි ප්‍රකාශ කිරීමේදී ගරු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රවටා සහ ඔහු නොමඟ යවා කටයුතු කර ඇති බවත්

· එම මාධ්‍ය සාකච්ඡාව ඔහුට අයත් නිල youtube නාලිකාවේ ප්‍රසිද්ධ කර එම සම්බන්ධතාවය ( Link ) ඔහුගේ මූහුණු පොත හරහා ප්‍රසිද්ධ කර ඇති බවත් එම ක්‍රියාව තුලින් මහජනතාවට එකී කරුණු වලට ප්‍රවේශ වීමට ඉඩ හැරීමෙන් ඉහත සඳහන් කරන්නට යෙදුනු ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශයක් සඳහා මහජනතාව අතර ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා කටයුතු කර ඇති බවත්

යනාදී ඔහු විසින් ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය සහ පදනම් විරහිත බවත් එයින් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වශයෙන් කටයුතු කරන කසුන් වීරසේකර මහතා විසින් මෙම වන්දි මුදල දින 14 ක් ඇතුලත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් යවා ඇත.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ ප්‍රගතිය 46% යි...2023 ජූලි වන විට ඉදිකිරීම් අවසන් කිරීමට වැඩ කඩිනම් කරන්න... - ආණ්ඩු පක්ෂය...
27/03/2022

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ ප්‍රගතිය 46% යි...
2023 ජූලි වන විට ඉදිකිරීම් අවසන් කිරීමට වැඩ කඩිනම් කරන්න... - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු


කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු 2022-01-12 වන දින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් කොහුවල මංසංධියේ දී ආරම්භ කෙරිණි.

කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ. ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහලින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කල හැකිය. හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (Traffic signals) මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත. මේ මගීන් කොහුවල පවතින දැඩි මාර්ග තදබදය අවම කිරීමට අපේකෂිතය. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ. මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය.

එහි වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී අද වන විට 46% ක ප්‍රගතියක් අත් කරගෙන ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලීන්ද රත්නායක මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ලබන වසරේ ජූලි මාසය වන වැඩ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර වැඩ කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසය.

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when ජොනී ඇමතිතුමා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share