Kuliyapitiya urban council

Kuliyapitiya urban council කුලියාපිටිය නගර සභා නිල Facebook පිටුවට සාදරයෙන් පිළිගනිමු..!!

07/04/2026
07/04/2026

2026 නව වසර සදහා අවුරුදු කැවිලි වෙළදපලක් 2026.04.10 දින ප.ව. 1.00 සිට ප.ව.6.00 දක්වා කුලියාපිටිය නගර ශාලාවේ දී පැවැත්වේ. රසවත්ම හා ප්‍රියමනාප , පිරිසිදු ලෙසින් කෑම පිළියෙල කර එදිනට විකුණා ගැනීමට හැකි අතර හොඳම කෑම සපයන්නන්ට ත්‍යාග ද පිරිනැමේ.
01 වන ස්ථානය - බර් නර් දෙකේ ගෑස් උදුනක්
02. වන ස්ථානය - වැසුම සහිත පිගන් රඳවනයක්
03. වනස්ථානය - තනි ගෑස් කුකර් එකක්
ඒ සඳහා ඔබගේ සහභාගීත්වය තහවුරු කිරීමට කුලියාපිටිය නගර සභාවේ ප්‍රජා සංවර්ධනනිලධාරි අමතන්න. 037 - 44947834

24/03/2026

2026 වර්ෂයේ කාන්තා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ පැවැත්වීමට යෝජිත සාරි බ්ලවුස් නිර්මාණ පාඨමාලාව සදහා සහතිකලත් උපදේශිකාවක්ගේ සේවය (මාස 03) පාඨමාලාව සහා අවශ්‍යවි තිබේ. ඒ සදහා සුදුසුකම්ලත් උපදේශිකාවරියන් 2026.03.31 දිනට පෙර " ලේකම් , නගර සභාව, කුලියාපිටිය " යන නමින් අයදුම්පත් යොමු කරන්න. වැඩි විස්තර සදහා ප්‍රජා සංවර්ධන අංශය අමතන්න - 037 4947854

2026 වර් ෂයේ රාමසාන් දිනය වෙනුවෙන් කුලියාපිටිය නගර සභාවවිසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් වැඩසටහන 2026.03.19 දින කුලියාපිටිය...
24/03/2026

2026 වර් ෂයේ රාමසාන් දිනය වෙනුවෙන් කුලියාපිටිය නගර සභාවවිසින් සංවිධානය කරන ලද ඉෆ්තාර් වැඩසටහන 2026.03.19 දින කුලියාපිටිය නගර ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.

"ඔබේ ප්‍රදේශයේ පොදු ගැටලු දුටු සැණින්, පළාත් පාළන ආයතනයට නොයා එය සෘජුවම  Mankiwwa ජංගම යෙදුම හරහා වාර්තා කළ හැකියඔබට වාර...
09/03/2026

"ඔබේ ප්‍රදේශයේ පොදු ගැටලු දුටු සැණින්, පළාත් පාළන ආයතනයට නොයා එය සෘජුවම Mankiwwa ජංගම යෙදුම හරහා වාර්තා කළ හැකිය

ඔබට වාර්තා කළ හැකි ගැටළු,
* ඩෙංගු අවදානම් ස්ථාන
* කසළ ගොඩගැසුණ තැන්
* බිඳුණු වීදි පහන්
* කැඩුණු පාරවල්
* අනවසර ගොඩනැගිලි
* කඩා වැටුණ ගස් / අවදානම් ගස්
* බිඳුණු අපද්‍රව්‍ය නල
* අවහිර වූ කානු/ ඇලවල්

ඔබ ඉදිරිපත් කල ගැටළුව ක්‍ෂණිකව, සමාලෝචනය සහ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබේ පළාත් පාළන ආයතනයට යොමු කෙරෙනු ලැබේ.

අපි එකතු වී, පිරිසිදු, ආරක්‍ෂිත සහ වඩා හොඳින් කළමනාකරණය කරන නගරයක් ගොඩනැගීමට පෙලගැසෙමු

අදම Mankiwwa ජංගම යෙදුම හරහා වාර්තා කරන්න
ඇප එක මෙතනින් Download කරන්න
https://onelink.to/aqf7g3
#ජනතාසේවාව #පුරවැසිසහයෝගය #කුලියාපිටියනගරසභාව "

06/03/2026

දැනුම් දීමයි.............

වයඹ පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් පුත්තලම දිස්ත්‍රික්කය සඳහා පවත්වනු ලබන මහජන දිනය 2026.03.09 දින පෙ.ව. 9.30 ට පුත්තලම සහකාර පළාත් පාලන කොමසාරිස් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

කුලියාපිටිය නගර සභාව විසින් සංවිධානය කල ආයුර් වේද වෛද්‍ය සායනයක්  කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ගාමිණී කරුණාරත්න ම...
18/02/2026

කුලියාපිටිය නගර සභාව විසින් සංවිධානය කල ආයුර් වේද වෛද්‍ය සායනයක් කුලියාපිටිය නගර සභාවේ ගරු නගරාධිපති ගාමිණී කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නාගරික මන්ත්‍රී මොහොමඩි රියාස් සහ එරාන් ජනක හල්පෙ මන්ත්‍රිවරුන්ගේ සංවිධානයෙන් පල්ලපිටිය ප්‍රජා ශාලාවේ දී 2026.02.18 දින සාර් ථකව පවත්වන ලදී.

31 වන දුරුතු මහා පෙරහැර සාර්ථකව නිමාකරලීම සඳහා සහයෝගය ලබාදුන් ඔබ සැමට මාගේ ගෞරවණීය ස්තුතිය!❤️ගාමිණී කරුණාරත්න,නගරාධිපති,...
02/02/2026

31 වන දුරුතු මහා පෙරහැර සාර්ථකව නිමාකරලීම සඳහා සහයෝගය ලබාදුන් ඔබ සැමට මාගේ ගෞරවණීය ස්තුතිය!❤️
ගාමිණී කරුණාරත්න,
නගරාධිපති,
නගර සභාව,
කුලියාපිටිය.

දුරුතු මහ පෙරහැරට සමගාමීව පැවැත්වීමට නියමිත වැඩසටහන් අතුරින් නගර සීමාව තුළ සහ විහාරස්ථානය අසල සැරිසරන සුනඛයින් සඳහා ජලභී...
28/01/2026

දුරුතු මහ පෙරහැරට සමගාමීව පැවැත්වීමට නියමිත වැඩසටහන් අතුරින් නගර සීමාව තුළ සහ විහාරස්ථානය අසල සැරිසරන සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබා දීම 2026.01.27 දින සිදු කරන ලදී. මෙම කාර්යය කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සහ කුලියාපිටිය නගර සභාවේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

2026.01.02 දින කුලියාපිටිය නගර සභා ගරු නගරාධිපති තුමාගේ සහ ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් නව පත්වීම් ප්‍රදානය සිදු කරන ලද ...
02/01/2026

2026.01.02 දින කුලියාපිටිය නගර සභා ගරු නගරාධිපති තුමාගේ සහ ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් නව පත්වීම් ප්‍රදානය සිදු කරන ලද අතර, පත්වීම්ලාභී ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම්

කුලියාපිටිය නගර සභා‌ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා අඩුපාඩුවක්ව පැවති ස්කිඩ් ස්ටියර් ලෝඩර් යන්ත්‍රයක් ගරු නාගරා...
02/01/2026

කුලියාපිටිය නගර සභා‌ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා අඩුපාඩුවක්ව පැවති ස්කිඩ් ස්ටියර් ලෝඩර් යන්ත්‍රයක් ගරු නාගරාධිපති තුමාගේ මඟ පෙන්වීම මත රු. මිලියන 10ක පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා රු. ලක්ෂ 40කට ආසන්න නගර සභා අරමුදල් යොදා ගනිමින් මිලදී ගැනීම සිදු කරන ලදී.

Address

Kulipitiya
60200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372281275

Alerts

Be the first to know and let us send you an email when Kuliyapitiya urban council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kuliyapitiya urban council:

Share