HBS Nature & Travel

HBS Nature & Travel This page contains pictures of places in Sri Lanka and the natural environment of Sri Lanka.

What this flower🌸 &travel
02/03/2025

What this flower🌸
&travel

16/10/2024
කඳුරු # HBS Nature & Travel
19/04/2024

කඳුරු

# HBS Nature & Travel

~~~~~•• Water World              කැලණිය ••⛲🌊             අද මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන අපූරු කෘතීම පරිසර පද්ධතියක් ගැන...
16/02/2024

~~~~~•• Water World
කැලණිය ••⛲🌊

අද මේ කියන්න යන්නේ ලංකාවේ තියෙන අපූරු කෘතීම පරිසර පද්ධතියක් ගැන. ගොඩක් අය මේ තැන ගැන හොදින් දන්නවා ඇති.

Water world Lanka යනු ශ්‍රී ලංකාවේ බටහිර පලාතේ කැලණි ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ අක්කර 5ක ජලජ සමූද්‍ර භූමියක් වන අතර විවිධ මත්ස්‍ය විශේෂ හා අපෘෂ්ඨවංශිීන් 500කට අධික සංඛ්‍යාවකගේ නිවහනයි. Water World කැලණිය යනු දකුණු ආසියාවේ ඇති එකම දිය යට උමං මින්මැඳුරයි. එතකොට ලංකාවේ තියෙන එකම පොඳු මින්මැඳුර වෙන්නේත් මේක.

Water World Lanka හිඳී අරපයිමා, පෙනහළු මාලු, විදුලි ඊල් වැනි දුර්ලභ ඒ වගේම ආකර්ශනීය මාලු විශේෂයන් බොහොමයක් හමුවෙනවා. මෙහි රාජාලියන්, මොනරුන් වගේම විවිධ පක්ශීන්ගෙන් අලංකාර වෙලා තියෙනවා. මෙහි ලීටර මිලියනයකට වඩා වැඩි ජල ධාරිතාවක් සහිත ප්‍රදර්ශන ටැංකි 150ක් පමණත්, අඩි 800කට වඩා විශාල ගුහාවක්, ඇවිදීමේ මාර්ගයක්, මුහුදු ජලය 110,000 l සහිත කුළුණක් වගේම 10,000කට වඩා වැඩි ජලජ ජීවීන් ප්‍රමාණයකුත් ඉන්නවා.

මෙහි වැඩි වශයෙන් ආකර්ශනයට ලක් වෙලා තියෙන්නේ දිය යට ඇති මින්මැඳුරයි. මොකද කියනවා නම් 2013 වර්ශයේදී නිර්මාණය කර ඇති මෙය දකුණු ආසියාවටම එකයි. ඉතිං දකුණු ආසියාවෙන්ම දිය යට මේ වගේ අත්දැකීමක් ලබන්න පුලුවන් ලංකාවෙන්ම විතරයි. ඒ වගේම මෙහි අනෙක් ආකර්ශනීයම අත්දැකීම වන්නේ බෝට්ටු සවාරියයි. මොකද ඒ ගමනෙන් අපිට ලෝකෙ වටේ ඇති ගංගා පරිසර පද්ධති ගැන හොඳ අවබෝධයක් ලබා දෙනවා.

එතකොට මේ කැලණියේ තියෙන Water World එකේ ප්‍රධාන නැර‍ඹුම් ස්ථාන තුනක්ම තියෙනවා. ඒවා තමා,
1. කුරුලු උද්‍යානය
2. ජල ගෝලය (බෝට්ටු සවාරිය)
3. දිය යට උමග

ඉතිං මේ අත්දැකීමක් අත්විදින්න නම් මෙතනට ගිහින්ම බලන්න වෙනවා.☺️ ඒ ගමන් අපිවත් follow කරන්න.

Hbs nature & travel

හුනුපිටිය ගංගාරාමය 🛕🪷                 අද කියන්න යන්නේ ගංගාරාම පන්සල ගැන. ගංගාරාම පන්සලට යන විදිහ නම් ගොඩක් අය දන්නවා ඇති...
11/01/2024

හුනුපිටිය ගංගාරාමය 🛕🪷

අද කියන්න යන්නේ ගංගාරාම පන්සල ගැන. ගංගාරාම පන්සලට යන විදිහ නම් ගොඩක් අය දන්නවා ඇති. ඒත් මන් කියන්නම් නොදන්න අයත් ඉන්නවා නම් දැනගන්නත් එක්ක. මේ පන්සලට යන්න නම් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් මන් ක්‍රම 2ක් ගැන කියන්නම්. පලවෙනි විදිහ තමා කොළඹ කොටුවෙන් යෝර්ක් වීදීය- ගාලු පාර- ශ්‍රි උත්තරානන්ද මාවත- නවම් මාවත- සර් ජේම්ස් පීරිස් මාවත හා ශ්‍රි ජිනරතන මාවත ඔස්සේ ගංගාරාමයට පැමිණිම. මේ මාර්ගය කොළඹ කොටුවේ ඉදන් 5 km විතර වෙනවා. අනික් විදිහ තමා කොළඹ කොටුවෙන් යෝර්ක් වීදිය- ශ්‍රි චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත ඔස්සේ සීමාමාලකය පසුකරමින් ශ්‍රී ජිනරතන මාවතෙන් පැමිණිම.

ගංගාරාමයේ අතීත තොරතුරු ගැන විමසිමේදී බොහෝ තැන් වල සදහන් වන්නේ මෙය 19 වන සියවසේ නාවික වෙළෙන්දෙක් වූ දොන් බැස්ටියන් මුදලි නම් තැනැත්තෙකු විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා බිම් සකස් කර දාගැබ, මකර තොරණ හා ප්‍රවිශ්ඨ දොරටුවේ ඇති සදකඩ පහණ ද ඉදිකර ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුරයක් ද රෝපණය කර තෙමහල් දම් සභාවක් හා විහාරය වටා වැටක්ද ඉදිකර ඇති බවයි.

එමෙන්ම 1885 වසරේදී බේරේ වැව අවට ප්‍රදේශයේ පන්සලක් නොපැවති හෙයින් හික්කඩුවේ සුමංගල හිමියන්ගෙ මූලිකත්වයෙන් මෙය ඇරඹී ඇති බවද ඇතැම් තැනක සඳහන් වේ. එම සඳහනට අනුව සුමංගල හිමිගෙන් පසු විහාරයේ නායක පදවිය හිමිව ඇත්තේ දෙව්න්දර ජිනරතන නාහිමිපාණන්ටයි.

වර්තමානයේදී ගංගාරාමය දහම් අධ්‍යාපනය ලබාදෙන ස්ථානයක් මෙන්ම බෞද්ධ සුබසාධන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. එමෙන්ම පාසල් හැර ගිය දරුවන් වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන ගංගාරාමය ඊට අත්පොත් තැබුවේ 1978 වසරේ ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසල ආරම්භ කරමිනි.ගංගාරාම විහාරය විද්‍යාර්ථ පඩිරුවන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිවිටියේ ධර්මරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසකට සෙවණ සලසා තිබේ. එමෙන්ම මාගොඩ ඥානිස්සර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ඳ නාහිමි හා ශ්‍රී සුමංගල නාහිමි යන යතිවරයාණන් වහන්සේලාද මෙහි නායක හිමි පදවිය දරා ඇති බවට සදහන් වන අතර වර්ත්මානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වසනුයේ ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේයි.

අදට වඩා අතීත බේරේ වැව විශාලව පැවති අතර විහාරයට බැතිමතුන් හා දායක පිරිස් පැමිණ ඇත්තේ ඔරුවලින් බවයි පැවසෙන්නේ. ඒ කාලයේ ගංගාරාමය ඉදිරිපිට අද ඇති මහ පාරද බේරේ වැවේම කොටසකි. වර්තමානයේ විහාරය නාගරික පරිසරය මැද පිහිටි අක්කර 3 1/2 ක බිමක පැතිර පවතී. විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුණ ද ඉන්දියානු,තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය. විහාරස්ථානයේ මූලිකාංග ලෙස චෛත්‍ය, බෝධිය, විහාර මන්දිරය දැකගත හැකිය. තව ද කෞතුකාගාරයක්, පුස්තකාලයක්, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලාවක් මෙන්ම දාන ශාලාවක්ද විහාර භූමියේ ඉදිකොට ඇත.

ගංගාරාමය බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන් කලාගාරයක් ලෙස සැලකිය හැකිය. විවිධ බෞද්ධ රටවල ප්‍රතිමා සහ වෙනත් මූර්ති, සිහිවටන රාශියක් විහාරය තුල ඇති කෞතුකාගාරයේ මණ්ඩප වල ප්‍රදර්ශනය කෙරේ. පැරණි මොටර් රථ, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක් මෙහිදී නැරඹීමට හැකියාව ඇත. මෙහි නූතන විහාර මන්දිරයත් අලංකාර මූර්ති හා සිතුවම් වලින් අනූනයි. පුස්තකාලයේ බුරුම, තායිලන්ත හා ලංකා ත්‍රිපිටක ග්‍රන්ථ මෙන්ම පැරණි පුස්කොළ පොත් රාශියක් තැන්පත් කොට ඇත. එංගලන්තයේ පාලි ටෙක්ස්ට් සොසයිටි ත්‍රිපිටක ග්‍රන්ථ හා බෞද්ධ ග්‍රන්ථ 4000ක පමණ එකතුවකින් පුස්තකාලය සමන්විත වේ. ගංගාරම විහාරස්ථානයේ පිවිසුමෙහි දොරටුව දෙපස රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා දෙකක් හා ඒ අසලම සිංහ රූප දෙකක් ද වේ. මෙහි කැටයමින් අලංකෘත සදකඩ පහණ අනුරාධපුර සම්ප්‍රදායට අනුව විහාරස්ථානය ආරම්භයේ තැනුවකි. විහාරයේ එක් පසෙක ඇති එක්ස් වර්ගයේ පැරණි බෙන්ස් රථය ලේක්හවුස් ආයතනයේ සමාරම්භක ඩි. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් පරිහරණය කල එකක් බව කියවේ.

නීලවර්ණ වර්ණාලේපිත පියස්සකින් හා දැවයෙන් කල නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණ ගෘහය මෙම භූමියේ ඇති පෞරාණික ගොඩනැගිල්ලකි. ඊට පසෙකින් ඇති ගෘහය වාමන රූපවලින් සමන්විත පාදමක් සහිත වේ. මෙහි ශෛලමය, දැවමය හා ලෝහමය බුද්ධ ප්‍රතිමා, බෝරෝ බුදුර් ආකෘතියට සමාන ප්‍රතිමා පෙරහැර, යාපහුව සම්ප්‍රදායට අයත් සිංහ ප්‍රතිමා, ථෙරවාදී මහායාන හා වජ්‍රායන ආදී සම්ප්‍රදායන්ට අයත් බුද්ධ බෝධිසත්ව ප්‍රතිමා ගණනය කල නොහැකි විශාල ප්‍රමාණයක් විහාරස්ථානයේ පවතින අතර මේවා මිල කල නොහැකි වටිනාකමක් එක් කරයි. එමෙන්ම කෞතුකාගාරය තුල විවිධ අවස්ථාවන්හි මෙරටට ලැබුණු නිල් මැණික් හා විවිධ වර්ගයේ මැණික් ද,ඇත් දළ, රන්වන් ගජමුතු, දක්ෂිණාවෘත සංඛ ආදී මිල කල නොහැකි සිහිවටන ද දැකිය හැකිය.

HBS Nature & Travel

ගංගාරාමේ ගැන නම් කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් දැනට මේ ටික ඇති කියලා හිතුණා. නාගරික පරිසරයක ඒත් සුන්දර භූමි භාගයක තියෙන මේ පන්සල ඇතුලට ගියාම නම් ඇත්තටම හිත නිවෙනවා ඉතිං අපේ රට ඇතුලේ තියෙන මිනිසා නිර්මාණය කරපු වටිනාම ලස්සන සම්පත් තමා මේ.ඉතිං like එකක් දාලා page එකත් follow කරන්න...

සුබ නව වසරක් 2024❤️🌼
31/12/2023

සුබ නව වසරක් 2024❤️🌼

මාලිගාතැන්න රජ මහ විහාරය...☸️🪻            බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ - නුවර මාරගයේ මිරිස්වත්ත හන්දියෙන් දක...
27/12/2023

මාලිගාතැන්න රජ මහ විහාරය...☸️🪻

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ - නුවර මාරගයේ මිරිස්වත්ත හන්දියෙන් දකුණට හැරී වතුරුගම මාර්ගයේ සැතපුම් 3ක් පමණද, එතැන් සිට වමට ඇති මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ද ගිය විට මාලිගාතැන්න රජ මහා විහාරය නොඑසේනම් මාලිගාතැන්න විවේක සේනාසනය හමු වේ. රමණීය භූමි භාගයක පිහිටා ඇති මෙම විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසකින් යුත් පර්වතයක පිහිටා ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාරණයන්ගේ අදහසට අනුව මෙය 8වන සියවසට පමණ අයත් වන්නක් සේ සැලකේ. කෙසේ වෙතත් මෙය විහාරයක් සේ ගොඩනැගෙන්නේ 1924 කාලයෙ වගේ යැයි සැලකුණ ද මෙහි අතීතය බොහෝ දුරට විහිදී යන බව අතීත මූලාශ්‍ර ආදියෙන් හෙළි වේ.

කෝට්ටේ යුගයේ සතුරු උපද්‍රව වලදී රජුන්ටත් ඇමතිවරුන්ටත් ආරක්ෂිත ස්ථානයක් වූ මෙම ස්ථානය වලගම්බා රජුටද සැඟවී සිටීමට උපකාර කල බවත්, එමෙන්ම එම යුගයේදී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පතා මෙම ස්ථානයට වැඩමවා ගෙනවිත් කලක් තැම්පත් කර තැබීමෙන් පසු දෙල්ගමට වැඩම කර වූ බව ද, හත් වසක් මෙහි වාසය කලා යැයි සැලකෙන අමිත්තාහව නම් තෙරුන් වහන්සේ මෙහි මෝවිටේදී සක්මන් කරමින් සිටිද්දී රහත් වූ බවත්, තව ද ධාතුසේන රජුට බියෙන් මුගලන් කුමරු කලක් මෙහි සැඟව සිට පලා ගිය බවටද බොහෝ අතීත ඉතිහාස මූලාශ්‍ර වල සදහන් වේ. එමෙන්ම එකල මේ කන්ද ''ගරු කන්ද" යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බවද වැඩි දුරටත් සදහන් වේ.

තව දුරටත් මාලිගාතැන්නෙහි අතීත විමර්ශනයන්ගෙන් හෙළි වූ තොරතුරු වලට අනුව දඹදිව සිට මෙහි පැමිණි තෙරුන් බමුණෙකු විෂ්ණු අවතාරය මවා ගැනීම උදෙසා සිදු කරන ලද මන්ත්‍ර ජප කිරීමකින් පහල වූ ජප මාලයක් නිසා මෙහි ලෙනට "හැකර ලෙන" යැයි ආමන්ත්‍රණය කරන බව ද ජනප්‍රවාදයේ පවතී මෙම හැකර ලෙන අද ද දැකගත හැකි අතර එය පහල මහලේ ගල් උළුවස්ස ඇති තැන යැයි සැලකේ.

නමුත් මෙහි මාලිගාතැන්න යන නාමය නිශ්ශංක රජුගේ කාලයෙ ඇති වුවක් ලෙසද ඇතැම් තැනක සදහන් වේ. එකල මෙම ප්‍රදේශයේ ගමක් තිබුණෙ ඌරුවෙල පමණි. තිහාරිය හා කෑරගල අතර අත්තනගල්ල හා ඌරුවෙල හරහා මාවතක් තිබී ඇත. අංගි රටේ සර්වඥ ධාතුන් සඟවා තිබුණෙ වර්තමාන මාලිගාතැන්න පොකුණ පවතින ස්ථානයේ පොලව යට යැයි සැලකේ.

අති පූජ්‍ය මැණික්දිවෙල ශ්‍රි දේවානන්ද ස්වාමීන් වහන්සේ පැමිණීමත් සමග උන් වහන්සේගේ අනුශාසනා පරිදි වර්තමානයේ පර්වත පාමුල ඇති විහිරස්ථානය ඉදි කොට ඇත්තෙ ගම් වැසියන්ට වන්දනාමාන කිරිමේ පහසුව තකාය. එය ද මාලිගාතැන්න යන නාමයෙන්ම හැඳින්වීමට උන් වහන්සේ කටයුතු කර ඇත්තේ ධාතුන් වහන්සේ වැඩම වූ සැම ස්ථානයක්ම මාලිගා යන නාමයක් දරන නිසාවෙනි. ඒ අනුව අතීතයේ මාලිගාතැන්න ලෙස හදුන්වා ඇත්තේ විහාරයේ පරාවතයේ මුදුණේ කොටසයි.

වර්තමානයේ මාලිගාතැන්න විහාරස්ථානයේ චෛත්‍ය 2ක් ද, බෝධිඝර 2ක් ද පවතී. එක් චෛත්‍යයක් පහල මළුවේ ඇති අතර අනෙක ඇත්තේ ඉහළ මළුවේ ය. සමතලා නොවූ භූමියක විහාරස්ථානය පිහිටුවා ඇති බැවින් පහල මහලේ දාගැබ අනෙකුත් ගොඩනැගිලි ඇති භූමියට වඩා මදක් ඉහලින් පිහිටා ඇත. එබැවින් මෙය ආකාස චෛත්‍ය ලෙසද හඳුන්වයි. මෙය බුබ්බුලාකාර හැඩයක් ගනී. පර්වත මුදුණේ වන දාගැබ උඩ මළුවේ චෛත්‍ය ලෙස ද හදුන්වන අතර මෙය ඝණ්ඨාකාර හැඩයක් උසුලයි. මෙහි බණ මඩුව සාදා ඇත්තේ විහාරස්ථානයේ විශාලතම ගල් ලෙන තුළයි. බුද්ධ මන්දිරයේ පිටුපස ඇට සැකිල්ලක් සහිත භාවනා කුටියක් පවතී. මෙය භික්ෂූන් වහන්සේලාට අනිත්‍ය භාවනාවේ යෙදිය හැකි අයුරින් ඒ සඳහා තැම්පත් කොට ඇති අතර වර්තමානයේ වැඩවසන ස්වාමීන් වහන්සේලා පවසන ආකාරයට එය මීට පෙරාතුව අපවත් වූ මාලිගාතැන්න විහාරයේ විහාරාධිපතිවරයෙකුට අයත් යැයි කියවේ. එමෙන්ම මෙම විහාරස්ථානය පුරාවටම පැරණි ගල් ලෙන් බොහෝමයක් දැක ගත හැකිය.

මෙම පර්වතය මුදුනේ සිට නරඹන්නෙකුට කොලොඹ වරාය, නෙළුම් කුළුණ වැනි ස්ථාන රැසක් නිරීක්ෂණය කළ හැකි වේ. ඒ අනුව රමණීය,සුන්දර භූමි භාගයක මෙන්ම නිසංසල පරිසරයක පිහිටා ඇති ආගමික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතාමත් වැදගත් පුදබිමක් වන මාලිගාතැන්න රජ මහා විහාරය නැරඹිය යුතුම ස්ථානයක් වන අතර එවන් ස්ථාන රැක ගැනීමද අප සැමගේ වගකීමක් සේ සලකමු.



මේ ගැන ඔයාලා දන්න තවත් තෝරතුරු ඇත්නම් පහලින් comment කරන්න. මේ පෝස්ට් එකේ අඩු පාඩු තියෙනවා නම් එවත් කියන්න. තවත් ලස්සන තැනක් ගැන තොරතුරු දැනගන්න අපිවත් follow කරන්න.☺️🌼

22/12/2023

ගැටඹේ පන්සල🙏💖
16/12/2023

ගැටඹේ පන්සල🙏💖

🌹🌷❤️
12/12/2023

🌹🌷❤️

🌱Tea garden🌱
12/12/2023

🌱Tea garden🌱

Address

Kotmale
Kotmale

Website

Alerts

Be the first to know and let us send you an email when HBS Nature & Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share