02/05/2026
#බුබුළු #ගම්මිරිස් #නෙලීම #හා #ගම්මිරිස් #වගාවේ #අනාගතය
මල් හටගැනීමෙන් ගම්මිරිස් කරලක් ඉදෙන තත්ත්වයට පත්වීමට මාස 6-7 වත් ගතවේ.මේරීමට පෙර නෙලනු ලබන ගම්මිරිස් ,නොමේරූ හෙවත් බුබුළු ගම්මිරිස් ලෙස හැදින්වේ.
නියමාකාරයෙන් නොපැසුනු ගම්මිරිස් වලින් වියලි ගම්මිරිස් කිලෝ 1 සෑදීමට අමු ගම්මිරිස් කිලෝ 7 පමණ අවශ්‍ය වේ.නමුත් හොඳින් මේරූ ගම්මිරිස් කිලෝවක් නිපදවීමට අවශ්‍ය වන්නේ අමු ගම්මිරිස් කිලෝ 2.75 හෝ 3කි.මේ අනුව නොමේරූ ගම්මිරිස් නෙලීම ආර්ථික වශයෙන් අවාසිය.බුබුළු ගම්මිරිස් නෙලීමේ අස්වනු හානිය 60% පමණ වේ.එමෙන්ම හොඳින් පැසුණු වියලි ගම්මිරිස් කිලෝවක් සෑදීමට බීජ 25,000 පමණකි.නමුත් නොමේරූ කිලෝවක් සෑදීමට බීජ 120,000 පමණ අවශ්‍ය වේ.එසේනම් පැසුණු ගම්මිරිස් විකිණීම වඩා ලාභ දායක වෙයි.මෙම බුබුළු ගම්මිරිස් හා ඒ ආශ්‍රිත නිශ්පාදන ඉන්දියාවට අපනයනය කරනු ලබයි.
බුබුළු ගම්මිරිස් නෙලීම ගම්මිරිස් වගාවේ අනාගතයට බලපාන අහිතකර තත්ත්වයකි මේ පිළිබඳ සලකා බැලීම කාලීන අවශ්‍යතාවකි.මෙමගින් ගොවියාට පුද්ගලිකව ආදායම අඩුවෙන අතර පොදුවේ රටට විදේශ විනිමය අහිමි වේ.ලෝක වෙළඳපොළ අවශ්‍යතාවයෙන් 2%-3% ශ්‍රී ලංකාවෙන් සපයනු ලබයි.බුබුළු ගම්මිරිස් නෙලීම මගින් මෙය තවදුරටත් අඩුවේ. එවිට වෙළඳපොළ රැකගැනීමේ අවදානම මතුවෙයි. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වල ගුණාත්මක බව අන් කිසිදු රටක ගම්මිරිස් සදහා නොවෙයි.එමනිසා පැසුණු ගම්මිරිස් නෙලීම ජාතික අවශ්‍යතාවකි.