යෞවන සමාජ සම්මේලනය - දොම්පෙ

යෞවන සමාජ සම්මේලනය - දොම්පෙ today

04/08/2025

ඔබ සැමට ආරාධනා🙏

#සියනෑ_ආදි_යෞවන_එකමුතුව ✊

29/07/2024
දොම්පෙ ආසනය පුරා සිටින සොදුරු යුවතියන්ට ආරාධනා... ❤️ලියාපදිංචි වීමට Whatsapp 0751213600
23/04/2024

දොම්පෙ ආසනය පුරා සිටින සොදුරු යුවතියන්ට ආරාධනා... ❤️
ලියාපදිංචි වීමට Whatsapp 0751213600

SMART YOUTH අවුරුද්ද 2024දොම්පෙ හැමෝම එකතු වෙන්න 27 නැදුන්ගොල්ල මහජන ක්‍රීඩාංගණයට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
18/04/2024

SMART YOUTH අවුරුද්ද 2024

දොම්පෙ හැමෝම එකතු වෙන්න 27 නැදුන්ගොල්ල මහජන ක්‍රීඩාංගණයට
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

හෙට දවසේ රට භාර ගන්නා  නායකයින් තනන - අද දවසේ කදවුරු බදින දොම්පෙ යෞවන සමාජ සම්මේලනය - 2023                 මැද්දෙගම මහා ...
29/09/2023

හෙට දවසේ රට භාර ගන්නා නායකයින් තනන - අද දවසේ කදවුරු බදින දොම්පෙ යෞවන සමාජ සම්මේලනය - 2023

මැද්දෙගම මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා හා ගුරු මණ්ඩලයට විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් පාසලේ දියුණුව උදෙසා නායකත්ව පුහුණු කදවුරක් සිදු කර ගැනීමට තිබූ අවශ්‍යතාවය මත දොම්පෙ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයට ඊට අවශ්‍ය සම්පත් දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එය 2023 සැප්තැම්බර් මස 27වන දින උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පාසලේ දී පවත්වන්න ලදී.

දවස ගත කිරීමට ඔවුන්ට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය වෙනුවෙන් පළමුව උදෑසන 6ට ශාරීරික සුවතා වැඩසටහනින් දවස ආරම්භ කල අතර විවිධ තේමා යටතේ දේශන, ක්‍රියාකාරකම්, රසවින්දන වැඩසටහන්, නිර්මාණ කුසලතා වැඩිදියුණු කරන වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් මෙන්ම ගිණිමැල සංස්කෘතික වැඩසටහන ආදී වැඩසටහන් රාශියක් සිදු කරන ලදී.එපමණක් නොව පාසල තුළදී ශිෂ්‍ය නායක කාර්යභාරය, පාසලේ අභිමානය ආරක්ෂා කිරීමට පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ඔවුන් තුළ ඇති වගකීම් පිළිබඳව ඉතා හරවත්ව ඔවුන්ගේ සිත් වලට කතා කිරීමට අපට හැකිවිය.

මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී හැමදාම වගේ අපට ශක්තියක් වන දොම්පෙ ප්‍රාදේශීය ලේකම් නිශ්ශංකාරච්චි මැතිතුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය අනුරුද්ධිකා මැතිණිය, විද්‍යාලයේ විදුහල්පති එස්.ඒ.ඒ. සෙනරත් මැතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ මනෝ විද්‍යා උපදේශක සිසිර කුමාර මහතා, සිරාජ් බුහාරි මහතා, ඉන්දික මහතා, කල්පනී මෙනවිය, නිලක්ෂි මෙනවිය ඇතුළු සියලුම සංවර්ධන නිළධාරීන් එමෙන්ම පාසල අවට ග්‍රාම නිළධාරී වසම්වල සියලුම ග්‍රාම නිළධාරීන් යෞවන සමාජ සම්මේලනයේ සිටපු සභාපති සදරුවන් මධුසංඛ ඇතුළු යෞවන සමාජ සම්මේලනයේ නිළධාරීන් සුවිශාල සහයෝගයක් ලබා දෙන ලදී. ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම නිළධාරීන්ට එමෙන්ම දවස පුරා අපට පාසල තුළින් උපරිම දායකත්වය මෙන්ම උපරිම සහයෝගය ලබා දුන් අතර විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයට දරුවන්ගේ දෙමාපියන්ට ස්තූතිය පුද කර සිටිමු. ඒ අවස්ථාවට සහභාගීවූ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රවීන්ද්‍ර රූපසේන මැතිතුමාවත් තරාල සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පති පුෂ්පකුමාර මැතිතුමාවත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන නිලධාරී තුමියත් ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

අප බලාපොරොත්තු වූ ආකාරයටම දරුවන් තුළ ඇති වූ යහපත් වෙනස සේ ම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍යය මණ්ඩලය අපෙන් බලාපොරොත්තු වූ දේ නිවරදිව ඉටු කලා යැයි සිතන්නෙමු. හෙට දවසේ පාසලෙන් නික්මී සමාජගතවන දරුවන් රටට බරක් නොවී සමාජයට ආදර්ශමත් චරිතයක් කිරීම දොම්පෙ යෞවන සමාජ සම්මේලනයේ අපේ අරමුණයි.

සභාපති
යෞවන සමාජ සම්මේලනය
දොම්පෙ

දොම්පෙ ආසනය නියෝජනය කරමින් අද දින ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියෙන් අනුශූරතාවය දිනා ගත් දොම්පෙ රදාවාන ගෝල්ඩන් බර්ඩ්...
11/09/2023

දොම්පෙ ආසනය නියෝජනය කරමින් අද දින ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියෙන් අනුශූරතාවය දිනා ගත් දොම්පෙ රදාවාන ගෝල්ඩන් බර්ඩ් පිරිමි කණ්ඩායමට දොම්පෙ යෞවන සමාජ සම්මේලනයේ උණුසුම් සුභ පැතුම්... ! ❤️

දොම්පෙ ආසනය නියෝජනය කරමින් අද දින ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියෙන් ශූරතාවය දිනා ගත් දොම්පෙ රදාවාන ගෝල්ඩන් බර්ඩ් කා...
11/09/2023

දොම්පෙ ආසනය නියෝජනය කරමින් අද දින ගම්පහ දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියෙන් ශූරතාවය දිනා ගත් දොම්පෙ රදාවාන ගෝල්ඩන් බර්ඩ් කාන්තා කණ්ඩායමට දොම්පෙ යෞවන සමාජ සම්මේලනයේ උණුසුම් සුභ පැතුම්... ! ❤️

හෙට දවසේ රට භාර ගන්නා නායකයින් වෙනුවෙන් -  අද දවසේ කදවුරු බදින දොම්පෙ යෞවන සමාජ සම්මේලනය - 2023      දොම්පෙ සියනෑ ජාතික ...
30/08/2023

හෙට දවසේ රට භාර ගන්නා නායකයින් වෙනුවෙන් - අද දවසේ කදවුරු බදින දොම්පෙ යෞවන සමාජ සම්මේලනය - 2023

දොම්පෙ සියනෑ ජාතික පාසලේ සිසුන් 160ක් වෙනුවෙන් නායකත්ව හා පෞරුෂ වර්ධනය කදවුරක් 2023ක් වූ අගෝස්තු මස 29වන අගහරුවාදා දින දවස පුරා සියනෑ ජාතික පාසලේ දී පවත්වන ලදී.

සියනෑ ජාතික පාසලේ විදුහල්පතිතුමියගේ හා ගුරුවරුන්ගේ ඉල්ලීම මත කදවුර දේශන, ක්‍රියාකාරකම්, රසවින්දනය යන අංශ හරහා කදවුර පවත්වන ලදී. එහිදී ක්‍රියාකාරකම් සියල්ල දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ සංවර්ධන නිළධාරී ඉන්දික මහතා විසින් සිදු කරන ලදී. ඉන් පසුව නායකත්වය පිළිබඳ ඉතා හරවත් දේශනයක් අත්තනගල්ල , දොම්පෙ තරුණ සේවා නිළධාරී උපුල් හර්ෂ කුමාර මහතා විසින් සිදු කරන ලදී. පාසල් සිසුන් හමුවේ ඇති අභියෝග පිළිබඳ දරුවන් සමග ඉතා සුහද සාකච්ඡාවක් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ මනෝවිද්‍යා උපදේශක සිසිර කුමාර මහතා විසින් සිදු කරන ලදී. එමෙන්ම දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ සංවර්ධන නිළධාරී සිරාජ් බුහාරි මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායම සිසුන්ගේ හදවතට දැනෙන ලෙස ඉතා රසවත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නට විය. එමෙන්ම සිසුන් තුළ රසවින්දනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් දොම්පෙ යෞවන සමාජ සම්මේලනයේ හිටපු සභාපති සදරුවන් මධුසංඛ තරුණ නායකයා විසින් ගී රස වින්දන වැඩසටහනක් කරන ලදී.
මෙහිදී විශේෂයෙන් ම අප දරුවන් වෙනුවෙන් සුවිශේෂී වූ වැඩසටහනක් සිදු කරන්නට විය. එනම් ඔවුන්ට ඇති වී තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්නට විය. එහිදී එම දරුවන්ගේ රහස්‍යභාවට ආරක්ෂා කරමින් ඔවුන්ගේ මනසට වද දුන් ගැටළු ඉතා සියුම්ව දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ මනෝවිද්‍යා උපදේශක සිසිර කුමාර මහතා ඇතුළු නිළධාරීන් සාකච්ඡා කරන්නට විය. එමෙන්ම දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නට ද වේදිකාවේ ඉඩ ලබා දුනි.

මෙලෙස මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉහත නම් සදහන් කල නිළධාරීන් මෙන්ම දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ සංවර්ධන නිළධාරී කල්පනී මෙනවිය, පාළුගම වසමේ සංවර්ධන නිළධාරීතුමිය ඇතුළු සියලුම නිළධාරීන්ට, දොම්පෙ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ සියලුම නිළධාරී මණ්ඩලයට මෙන්ම සියනෑ ජාතික පාසලේ විදුහල්පතිතුමිය කේ.ජී.එස්. ඉන්ද්‍රානි මහත්මිය , නියෝජ්‍ය විදුහල්පති එස්.බී.සී රංගන මයා,එම්.ඒ.සී.එස්.කේ. මංචනායක මයා, එම්.ඒ.එම්. පැතුම් මයා , ආර්.පී.ආර්. චතුමිණි පෙරේරා මහත්මිය , ඊ.එම්. ප්‍රියදර්ශනී මහත්මිය ඇතුළු සියලුම ගුරු මණ්ඩලයට විශේෂ ස්තූතිය පුද කර සිටිමි.

ඉරේෂා උදාරි
සභාපති
යෞවන සමාජ සම්මේලනය - දොම්පෙ

Address

Ag Office, Wake, Kirindiwela
Kirindiwela
11066

Telephone

+94751213600

Website

Alerts

Be the first to know and let us send you an email when යෞවන සමාජ සම්මේලනය - දොම්පෙ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category