Historical Events - ඉතිහාසයේ අසිරිමත් සිදුවීම්

  • Home
  • Sri Lanka
  • Kesbewa
  • Historical Events - ඉතිහාසයේ අසිරිමත් සිදුවීම්

Historical Events - ඉතිහාසයේ අසිරිමත් සිදුවීම් This page contains a collection of real-world events. It is a great help to develop your general consciousness.

මේ ඔබ දකින්නේ 1949 දී පුත්තලම මහ වනාන්තරයේ දී මරා දමන ලද කුරුවිටගේ ජෝන් සිල්වාගේ රුවින් සකසන ලද AI ඡායාරූපයකි. - මෙහි මු...
01/02/2026

මේ ඔබ දකින්නේ 1949 දී පුත්තලම මහ වනාන්තරයේ දී මරා දමන ලද කුරුවිටගේ ජෝන් සිල්වාගේ රුවින් සකසන ලද AI ඡායාරූපයකි. - මෙහි මුල් ඡායාරූපය ඔහුගේ මරණින් පසු ඔහුගේ රියැදුරු බලපතේ තිබියදී සොයාගන්නා ලදී. අනෙක් AI ඡායාරූපයෙන් පෙන්නුම් කරන්නේ පුත්තලම- අනුරාධපුර මහා මාර්ගයේ 4/13 බෝක්කුව අසළ මහ වනයේ විශාල පළු ගසකට බැඳ දමා ඉන්නා ජෝන් සිල්වාය. ඔහුගේ මුහණට පළඳවා ඇති ගෑස් මුහුණ නිසා හුස්ම හිරවී ඔහු මියයන්ට ඇතැයි විශ්වාස කෙරේ. මෙසේ ඔහුව පැහැරගෙන ගොස් ගසක බැඳ දමා ඔහුගේ මෝටර් රථය පැහැරගෙන ගොස් ඇත්තේ එවකට කොළඹ සිදුවූ හාර ලක්ෂයේ මහා මංකොල්ලය සිදුකිරීමටය.

මෙම කරුණු උපුටා ගත්තේ මා විසින් රචිත “හාරලක්ෂය මංකොල්ලය සහ හාරලක්ෂය චිත්‍රපටය” නම් පොතෙනි. මෙහි ලියැවී ඇති රසවත් තොරතුරු විටින් විට ‍ඔබ වෙත ගෙ ඒමට අදහස් කරමි.

02/06/2024
The 12th Man - දොළොස්වැනියා - හැරල්ඩ් ස්වෝට්ගේ අද්විතීය සිනමා නිර්මාණය2017 වසරේදී දෙවන ලෝක යුද්ධයේ වූ සත්‍ය සිද්ධියක් පා...
03/03/2024

The 12th Man - දොළොස්වැනියා - හැරල්ඩ් ස්වෝට්ගේ අද්විතීය සිනමා නිර්මාණය

2017 වසරේදී දෙවන ලෝක යුද්ධයේ වූ සත්‍ය සිද්ධියක් පාදක කරගනිමින් නෝර්වීජියානු චිත්‍රපටයක් කරළියට ආවේය. අතීත සිද්ධියක් වුවත් මෙම චිත්‍රපටය නිසා එම කතාව දත් නොදත් ලොවපුරා සිටින සිනමා ලෝලයින් බොහෝ දෙනෙකු මේ කතාව අසා කම්පනයට පත්වූහ. සැබෑ කතාවේ සිද්ධීන් සිදුවූ ස්ථාන සොයමින් ඉතිහාසයට ලැදි අය වෙහෙසෙන්නට වූහ. අන්තර්ජාලයේ වෙබ් පිටු අළුතින් බිහිවෙන්නට විය. සිනමා පටය වන්නේ 2017 වසරේදී අධ්‍යක්ෂක හැරල්ඩ් ස්වෝට් (Harald Zwart) විසින් නිර්මාණය කරන ලද දොළොස්වැන්නා (12th Man) නම් සිනමා පටයයි. වාසනාවට අන්තර්ජාලය නිසා හොඳ සිනමාපට නොමිලේ නැරඹීමේ අවස්ථාව දැන් හිමිව ඇති නිසා මමද එය නැරඹුවෙමි. ත්‍රාසය කුතුහලය මොනවට ගැබ්ව තිබූ මෙම සිනමා පටයේ යටගිය කතාව දැනගැනීමේ ආශාවෙන් පෙළුණු නිසා එය ගවේෂණය කළෙමි. මින් ඉදිරියට දිග හැරෙන්නේ එම කතාවයි. (චිත්‍රපට කතාව නොව සත්‍ය කතාවයි.) චිත්‍රපටය නැරඹීමට පෙර මේ කතාව කියවා අවබෝධ කරගන්නේ නම් චිත්‍රපටය වඩාත් රස විඳිමට ඔබට හැකිවෙන බව මගේ විශ්වාසයයි.
මේ Link එකෙන් ගිහින් සම්පූර්ණ විස්තරය කියවන්න.
https://ayoma-jayasinghe.blogspot.com/2018/06/the-12th-man.html

දේව කෝපය මෙහෙයුම - Operation Wrath of God1972 දී මියුනිච් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගීවූ තම රටේ මළල ක්‍රීඩක...
15/12/2022

දේව කෝපය මෙහෙයුම - Operation Wrath of God

1972 දී මියුනිච් නුවර පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගීවූ තම රටේ මළල ක්‍රීඩකයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වගකිවයුතුවූ පුද්ගලයින් ඉලක්ක කරමින් ඊශ්‍රායලය හා එහි ඔත්තු සේවාව වන මොසාඩ් ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද අභිරහස් පළිගැනීමේ මෙහෙයුම මෙනමින් හැ‍ඳින්වේ.

වැඩි විස්තර පහත link එකෙන්.

https://ayoma-jayasinghe.blogspot.com/2013/04/blog-post_4009.html

Midnight Express - මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සැබෑ කතාව.ලංකාවට ඉඳහිට හෝ පැමිණෙන හොඳ සිනමා පටයක් නැරඹීම මාගේ පුරුද...
26/12/2020

Midnight Express - මිඩ්නයිට් එක්ස්ප්‍රස් චිත්‍රපටයේ සැබෑ කතාව.

ලංකාවට ඉඳහිට හෝ පැමිණෙන හොඳ සිනමා පටයක් නැරඹීම මාගේ පුරුද්දක්ව තිබිණි. 1980 ගණන් වල ලංකාවේ අගනුවර සිනමා ශාලාවක තිරගතවුණු Midnight Express චිත්‍රපටය විවිධ හේතු නිසා මට නැරඹීමට නොහැකිවිය. මිතුරන් විසින් නරඹා තිබූ එහි කතා වස්තුව මට පසුව දැනගත හැකි වුවත් එහි එතරම් වටිනාකමක් තිබේද යන්න ගැන කුහුලක් ඇතිවිය.කෙසේ වෙතත් චිත්‍රපටය නැවතත් ලංකාවට පැමිණි විටක බලන්නේ යැයි අදිටන් කරගෙන සිටියෙමි. සිතූ පරිදිම එය 1986 දී පමණ නැවත බැලීමට හැකිවිය. එහි කතාව සත්‍ය සිද්ධියක් වූ නිසා මගේ සිත්ගත් විය. එය නැරඹීමෙන් කලකට පසුව චිත්‍රපටයට පාදක වූ සත්‍ය සිදුවීම ගවේෂණය කිරීමෙන් තෘප්තියක් ලැබුවෙමි. ඒ සම්බන්ධව මා සොයා ගත් සමහර කරුණු සමග අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරුද මුසුකොට ඔබට ඉදිරිපත් කිරීමට සිතුවෙමි. මේ දිග හැරෙන්නේ එයයි.....

Nirmana - World major events in recent history in Sinhala language. Ayoma Jayasinghe අයෝම ජයසිංහ

Thank you for your contribution. ඔබ සැමට ස්තුතිය පළ කරමි.
26/12/2020

Thank you for your contribution. ඔබ සැමට ස්තුතිය පළ කරමි.

Operation Thunderbolt or Operation Entebbe was a successful counter-terrorist hostage-rescue mission carried out by comm...
12/10/2020

Operation Thunderbolt or Operation Entebbe was a successful counter-terrorist hostage-rescue mission carried out by commandos of the Israel Defense Forces (IDF) at Entebbe Airport in Uganda on 4 July 1976.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ කොමාන්ඩෝ භටයින් විසින් 1976 ජූලි මස 4 වෙනිදා උගන්ඩාවේ එන්ටෙබේ අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ගුවන් කොල්ලකරුවන් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් බේරාගැනීමේ ත්‍රාසජනක හමුදා ක්‍රියාන්විතය සිදුවූ ආකාරයයි මේ.
මේ පිළිබඳ සවිස්තරාත්මක බ්ලොග් ලිපිය මෙම ලින්ක් එකෙන් ද කියවීමට හැකිය.
https://ayoma-jayasinghe.blogspot.com/2013/04/operation-thunderbolt-03-world-major.html

මෙම සිද්ධිය ප්‍රාණඇපකරුවන් බේරාගැනීමේ ඉතිහාසයේ නොමැකෙන සළකුණක් තැබූ විශිෂ්ඨ හමුදා මෙහෙයුමකි. කිසිවෙකුටත් පහසුවෙන් කළ නොහැකි යැයි විචාරකයන් විසින් හඳුන්වනු ලැබූ අතිදුෂ්කර කටයුත්තක් වන මෙම ක්‍රියාන්විතය විවිධ බාධක මැද්දේ වුව සාර්ථක ලෙස අවසන් කරන ලදී.

https://youtu.be/P-BxNMXJblo

Operation Thunderbolt or Operation Entebbe was a successful counter-terrorist hostage-rescue mission carried out by commandos of the Israel Defense Forces (I...

1962 දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කෙහි පිහිටි දූපතක පිහිටා ඇති අධි ආරක්‍ෂිත අල්කට්‍රාස් සි...
09/10/2020

1962 දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කෙහි පිහිටි දූපතක පිහිටා ඇති අධි ආරක්‍ෂිත අල්කට්‍රාස් සිරගෙදරින් රැඳවියන් තුන් දෙනෙකු පලායාමේ සිද්ධිය මෙයින් විස්තර කෙරේ.
The June 1962 Alcatraz escape was a prison break from Alcatraz Federal Penitentiary, a maximum-security facility located on an island in San Francisco Bay, undertaken by inmates Frank Morris and brothers John and Clarence Anglin. The three men were able to escape from their cells and leave the island in a makeshift raft.
J. Campbell Bruce's 1963 book Escape from Alcatraz documents the 1962 escape, along with other escape attempts over the 29 years that Alcatraz Island served as a prison.
The film Escape from Alcatraz (1979) stars Clint Eastwood, Fred Ward, and Jack Thibeau as Frank Morris, John Anglin, and Clarence Anglin, respectively.

මේ කතාව නිදහසේ කියවීමට පහත link එක click කරන්න.

Nirmana - World major events in recent history in Sinhala language. Ayoma Jayasinghe අයෝම ජයසිංහ

නෞකාවල මෙන්ම කුඩා යාත්‍රා වල ගමන් ගන්නා වැදගත් පුද්ගලයින්ව හෝ ධීවරයින්ව පැහැරගෙන ගොස් ඔවුන් වෙනුවෙන් විශාල කප්පම් මුදල් ...
04/10/2020

නෞකාවල මෙන්ම කුඩා යාත්‍රා වල ගමන් ගන්නා වැදගත් පුද්ගලයින්ව හෝ ධීවරයින්ව පැහැරගෙන ගොස් ඔවුන් වෙනුවෙන් විශාල කප්පම් මුදල් ඉල්ලා සිටීම සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ නව ප්‍රවණතාවයි. මේ අනුව දැන් සෝමාලියානු කොල්ලකරුවන්ගේ මුඛ්‍ය අරමුණ ඩොලර් කෝටි ගණන් මුදල් උපයා ගැනීමය. 2009 වසරේ සිදුවූ මෙවැනි පුද්ගල පැහැරගැනීමක් ලොව පුරා පුවත් මැවූ විශේෂ සිද්ධියක් බවට පත්විය. ඒ 2009 අප්‍රේල් 08 දින “මාර්ස්ක් ඇලබාමා” (Maersk Alabama) නම් අමෙරිකාවට අයත් කන්ටේනර් නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිව්දෙනෙකු විසින් පැහැරගෙන පසුව එහි සිටි කපිතාන්ව ප්‍රාණ ඇපයට තබා මුදල් ඉල්ලා සිටීමේ සිද්ධියයි. ත්‍රාසජනක සිද්ධි මාලාවකින් පිරි මෙම කතාන්දරය 2013 දී (Captain Phillips) ලෙස සිනමාවට නැගිණි. එම කතාව පසුබිම් විස්තර සහිතව මෙසේ ඉදිරිපත් කරමි.

https://ayoma-jayasinghe.blogspot.com/2014/07/captain-phillips.html

1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුවැටි...
04/10/2020

1993 දී නිපදවූ මේ චිත්‍රපටයට පාදකවී ඇත්තේ 1972 සිදුවූ සත්‍ය කතාවකි. 1972 ඔක්තෝබර් 13 දින දකුණු අමෙරිකාවේ ඇන්ඩීස් කඳුවැටියට කඩා වැටීමෙන් සිදුවූ දරුණු ගුවන් අනතුර පිළිබඳව එම කතාවෙන් කියවේ. මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ සත්‍ය කතාවත් එම අනතුරින් දිවිගලවාගෙන අදටත් ජීවත්වන 16 දෙනෙකු තමන්ගේ දිවි ගැලවුණු ආකාරය ලොවට කියාපෑ හද සසල කරන කතාන්දරයයි.

https://ayoma-jayasinghe.blogspot.com/2017/06/alive-1972-andes-plane-crash-1972.html

2002 වසරේදී තිරගත වූ The Pianist හෙවත් “ පියෝනා වාදකයා” නම් වූ ලෝ ප්‍රකට චිත්‍රපටය මට එම වකවානුවේදී නැරඹීමට නොහැකිවුවත් ...
04/10/2020

2002 වසරේදී තිරගත වූ The Pianist හෙවත් “ පියෝනා වාදකයා” නම් වූ ලෝ ප්‍රකට චිත්‍රපටය මට එම වකවානුවේදී නැරඹීමට නොහැකිවුවත් නොබෝදා ප්‍රථම වරට නැරඹුවෙමි. ඒ යූ ටියුබයෙන්ය. ලංකාවේ බොහෝ සිනමා රසිකයින් ද එය අන්තර්ජාලයෙන් බාගෙන හෝ DVD තැටි මාර්ගයෙන් හෝ නරඹා ඇතැයි විශ්වාස කරමි. එය මෑත කාලයේ නිෂ්පාදිත චිත්‍රපට අතරින් වාර්තාගත වැඩිම සම්මාන ගණනක් ලැබූ චිත්‍රපටයක් බවට පත්විය. 75 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය, හොඳම නළුවා ඇතුළු ඇකඩමි සම්මාන හතක් ලබාගැනීමට මේ චිත්‍රපටය සමත්විය. මා ඔබට ඉදිරිපත්කිරීමට සැරසෙන්නේ මෙම චිත්‍රපට කතාවට පසුබිම් වූ සත්‍ය සිද්ධියේ විසිතුරු කතාන්දරයත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන තොරතුරුත් ය.
https://ayoma-jayasinghe.blogspot.com/2016/12/the-pianist_15.html

Address

Kesbewa

Website

Alerts

Be the first to know and let us send you an email when Historical Events - ඉතිහාසයේ අසිරිමත් සිදුවීම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share