Gampaha Green Elephants - Kelaniya

Gampaha Green Elephants - Kelaniya අභිමානවත් එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ?

30/06/2015
සිය දක්ෂතා තුළින් ශ්‍රී ලංකාවට අතිමහත් කීර්තියක් අත්කර දෙමින් ඒඩ්ස් රෝග නිවාරණය උදෙසා ඔසුවක් නිපදවා ජාත්‍යන්තරයෙන් පිදුම...
18/06/2015

සිය දක්ෂතා තුළින් ශ්‍රී ලංකාවට අතිමහත් කීර්තියක් අත්කර දෙමින් ඒඩ්ස් රෝග නිවාරණය උදෙසා ඔසුවක් නිපදවා ජාත්‍යන්තරයෙන් පිදුම් ලද කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත දිල්ශාන් මාලේවන ශිෂ්‍යයා හට ඕනෑම මොහොතක රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රටවැසි ජනී ජනයාගේ ගෞරවණීය ස්තූතිය..!

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ....20 වන ව්‍යවස්ථා සංශෝධනය ඊයේ රාත්‍රියේ ගැසට් කෙරිණි.රජයේ මුද්‍රණාලය පැවසුවේ, ගැසට් ...
17/06/2015

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ....

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඊයේ රාත්‍රියේ ගැසට් කෙරිණි.

රජයේ මුද්‍රණාලය පැවසුවේ, ගැසට් අතිරේකයක් ලෙස එය පළ කරන බව ය.

එහි ඉංග්‍රීසි පිටපත ඊයේ රාත්‍රියේ මුද්‍රණය කිරීම අවසන් කළ අතර සිංහල හා දමිල පිටපත් මුද්‍රණය කිරීම අද අලුයම ආරම්භ කෙරුණු බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 237කින් සමන්විත නව මැතිවරණ ක්‍රමයකට අමාත්‍ය මණ්ඩලය පසුගියදා එකඟතාව පළ කළේ ය.

එම සංශෝධනයෙන් මනාප ඡන්ද ක්‍රමය ‍අහෝසි වී යන අතර සමානුපාතික හා කේවල ක්‍රමවලට අනුව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙනු ඇති.

(NEWS FIRST)

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ ජීවන ගමනට සමුදෙයි....ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කොළඹ පිහි...
16/06/2015

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ ජීවන ගමනට සමුදෙයි....

ප්‍රවීණ රංගන ශිල්පී ටෝනී රණසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යන විට ඒ මහතා 77 වියේ පසු වු බව වාර්තාවෙයි.

(අද දෙරණ)

අගමැතිට එරෙහි විශ්වාස භංගයේ අංක පටලැවිල්ලක්.... මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක ‘අංක පැනීමක්’ ස...
16/06/2015

අගමැතිට එරෙහි විශ්වාස භංගයේ අංක පටලැවිල්ලක්....

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු දෙවරක් අත්සන් තැබීම නිසාත් දෙතැනක ‘අංක පැනීමක්’ සිදු වී ඇති නිසාත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයට ලැබී ඇත්තේ අත්සන් 108ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයාව උපුටා දක්වමින් බීබීසී සන්දේශය මේ පිළිබඳ වාර්තා කර ඇත.

පසුගිය දා කථානායකවරයාට භාර දුන් විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 112 ක් අත්සන් තැබූ බව මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් මේ පිළිබඳ පැහැදිලි කර ඇති මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “මන්ත්‍රීවරු දෙදෙනෙක් නොදැනුවත් කමින් දෙපාරක් තැන් දෙකක අත්සන් කර තිබුනා. ඒ වගේම තැන් දෙකක අංක පැනීමක් තිබුනා. ඒ නිසා නිශ්චිතවම අත්සන් 108යි මේ විශ්වාස භංගයේ තියෙන්නේ.“ යනුවෙනි.

දැඩි බලපෑම් එල්ල වීම නිසා මෙම ලේඛනයට අත්සන් ලබා ගැනීම ඉතා රහසිගතව සිදු කෙරුණු හෙයින් මෙම පටලැවිල්ල සිදු වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(INFOSRILANKANEWS)

සංගා එජාපයෙන් අනුරාධපුරයට?....විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශප...
16/06/2015

සංගා එජාපයෙන් අනුරාධපුරයට?....

විටින් විට ක්‍රීඩා ක්ෂේත්‍රය හා දේශපාලනය ක්ෂේත්‍රය උණුසුම් කරනු ලබන කුමාර් සංගක්කාරගේ දේශපාලන ආගමනය පිළිබද වන ප්‍රවෘත්තීන් පුවත්පත් හා වෙබ් අඩවි ගෙනහැර දක්වනු ලැබීය. අද (15) ජාතික පුවත්පත් රාශියක්ම කුමාර් සංගක්කාර ලෙස හැගවෙන ලංකා කණ්ඩායම නියෝජනය කරන ජාත්‍යන්තර කීර්තියට පත් කඩුලු රකින ක්‍රීඩකයෙකු එක‍්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රක්කයෙක් ඉදිරිපත් වන බවට පුවතක් වාර්තා කොට ඇත.

මෙම අන්වර්ථයන්ගෙන් කියවෙන වෙනත් ක්‍රීඩකයෙකු නොමැති බැවින් අප ඒ කුමාර් සංගක්කාර බවට වන පුවත වාර්තා කර සිටින්නේ මීට පෙරද කිහිප වරක්ම ඔහුගේ දේශපාලන ප්‍රවිශ්ටය සම්බන්ධයෙන් වූ සත්‍ය තොරතුරු අප සතු වූ බැවිනි.

කෙසේ නමුත් කුමාර් සංගක්කාර ටෙස්ට් පිටියේ සමුගැනිමද ආසනන්න කාල වකවානුවක සිදුවීමට නියමිත බවද සදහන් ව ඇත.

(INFOSRILANKANEWS)

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Gampaha Green Elephants - Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gampaha Green Elephants - Kelaniya:

Share