UNP Kegalle Seat - එක්සත් ජාතික පක්ෂය කෑගල්ල ආසනය

  • Home
  • Sri Lanka
  • Kegalle
  • UNP Kegalle Seat - එක්සත් ජාතික පක්ෂය කෑගල්ල ආසනය

UNP Kegalle Seat - එක්සත් ජාතික පක්ෂය කෑගල්ල ආසනය This is the official Kegalle UNP Seat page. United National Party - UNP was launched on the

බලපොරෝතුවක් නොව අපට ඇත්තේ ඉලක්කයකි.
ඒ අපිට නොව අපේ මතු පරපුරට හෙටක්
ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙමු.
එක්වන්න ඔබත්
- අපි කෑගල්ලේ කොළ රැල්ල UNP -

28/12/2025

- කොසොල් රජු දුටු 4 වෙනි සිහිනය -
" මහා බර පටවපු කරත්තවල පළපුරුදු නැති ළපටි ගොන්නු බැඳ සිටිනවා දුටුවෙමි "

25/11/2025

මෝල්ලු
=====

🔺පන්ති භේදය නැති කරන්න ආපු එකාට " අපේ පන්තියේ එකා" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺පච, බේගල්, කෙබර විදලා රටේ හැම වැඩකටම බකට් ඇද්ද එකෙක්ට "ආදරණිය සහෝදරයා" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺 පක්ෂෙ ඇතුළෙන් අහුවෙන කුඩ්ඩො ටික බේරගෙන, ලෝකෙට පේන්න" ඉවත් වෙනු " කියලා සංදර්ශන දාන එකා රටේ මත් උවදුර නවත්තයි කියලා හිතන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺රාජ්‍ය දේපළ ගිනි තියලා දාස් ගණනින් මිනී මරපු එවුන්ට "ඉල්මහ විරුවෝ" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺අසාර්ථක කැරලි දෙකක් ගහලා ඩොලර් බිලියන 200කට වඩා රටට අහිමි කරපු එවුන්, අනෙක් මිනිස්සුන්ට " රට බංකොලොත් කරා " කියද්දි හුරේ දාන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺පක්ෂෙකටම කඹුරලා නාකි වෙච්ච මෙලෝ රහක් නැති එකෙක්ට "මහ රූස්ස ගහක්" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺මේලෝ දැණුමක්, පරිචයක්, විභවයක් නැති එවුන්ට " ඇවිදින පුස්තකාල" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺හොඳම හොර උපාධිකාරයෝ ටික පක්ෂෙ ඇතුළෙ තියාගෙන අනික් පක්ෂවල එවුන්ගේ උපාධි ගැන හොයන කොට හුරේ දාන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺උද්ඝෝෂණ, වැඩ වර්ජන කරලා මේ රටට කෝටි ගණනින් පාඩු කරපු එවුන් රුපියල් දාහක් දෙදාහක් ඉතුරු කරලා පෙන්නුවහම "නාස්තිය නැති කරා" කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺කප්පංවලින්, ඩීල්වලින් කෝටිපතියෝ වෙච්ච එවුන්ට " නිර්ධන පන්තිය" කියන කියන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺මුළු ජීවිත කාලෙම කියපු දේවල්වල අනික් පැත්ත කරපු එකා " ආයේ ජාතිවාදයට ඉඩක් නෑ" කියලා කියද්දි අත්පුඩි ගහන මෝල්ලු ඉන්න රටක් මේක.

🔺පක්ෂෙට කඹුරපු එවුන් පඩිත් නොගෙන පැල් රැකලා මැරිලා යද්දි, බිස්නස් ක්ලාස් රට සවාරි, බ්‍රෑන්ඩඩ් ඇඳුම්, අයිෆෝන්, පර්මිට් වාහන තියාගෙන සෑප විඳපු එකෙක්ට " තඹුත්තේගම රන් බණ්ඩාගෙ කොල්ලා " කියන මෝල්ලු ඉන්න රටක් මේක.

▪️මේ වගේ මෝල්ලු ඉන්න රටක් මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් නෙමෙයි ද?

==================
සොනාල ගුණවර්ධන

🤌
13/10/2025

🤌

30/08/2025
26/08/2025
23/08/2025

රනිල් ♥️..ලංකාවේ සෑම ප්‍රභූ පවුලකටම ඥාති සබඳතා ඇති,ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් ඉහළම පහසුකම් ලබා දුන් ඔහු,

1977 වසරේ පාර්ලිමේන්තු ගමන ඇරඹූ රනිල් වික්‍රමසිංහ ගැන නොදන්න අයට.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ කල්හි ශ්‍රී ලංකාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් කළ පුද්ගලයකු පිළිබදව විශේෂයෙන්ම සදහන් කල යුතුය. ඔහු නමින් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ නම් වෙයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසීමිත වැඩ කොටසක් කළ නිසාදෝ ඵල ඇති රුකටම ගල්ගසනු නියමය සනාථ කරනුවස් ශ්‍රී ලංකා දේශපාලනය ඉතිහාසය තුල ඔහු තරම් නින්දා, අපහාස, අවලාද , කුණුහරුප ඇසූ තවකෙකු බිහිවී නොමැත. බිහි වන්නේද නැත.
තම තමන්ගේ පටු අරමුණු පසක්කරලණු වස්, වික්‍රමසිංහයන් රටෙහි මුල් පුටුවට යාම වළක්වාලන්නට ඔවුන් මෙතරම්ම අවලාද නගන්නේ ඔහු රටට මේතරම්ම වැඩ කොටසක් කල නිසාද? මේ පිළිබද සොයාගිය ගමනේදී මට හමුවූ තොරතුරු බිදක් පහතින් පෙලගස්වමි. 1977 සිට ඔහු දරා ඇති තනතුරැ කිහිපයක් මෙසේය.

* විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
* මිනිස්බල උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය
* තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය
* අධ්‍යාපන අමාත්‍ය
* කර්මාන්ත අමාත්‍ය
* විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
* ආර්ථික සංවර්ධන අමාත්‍ය
* පාර්ලිමේන්තු සභානායක
* එක්සත් ජාතික පක්ෂයේ නායක
* විපක්ෂනායක
* සිව්වරක් අග්‍රාමාත්‍ය

එසේම ඔහු තම මවුබිම වෙනුවෙන් ඉටුකල අතිවිශිෂ්ඨ සේවයෙන් බිදක් පහතින් දක්වමි.

01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගීය.

02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරන ලදී.

03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරන ලදී.
• නිල්වලා
• පස්දුන්රට
• මහවැලි
• සියනෑ
• නිට්ටබුව ශාරිපුත්ත
• ඌව
• හාපිටිගම
• ශ්‍රී පාද
• අඩ්ලච්ච්න

07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම. (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (T.T.I.)

24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
(නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් "ගම් උදාව"
වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.

54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම.

මේ ඔහු රට වෙනුවෙන් කල සේවයෙන් බිදක් පමණි. ඔහු තරම් මේ රට වෙනුවෙන් විශාල සේවයක් කල තවත් පුද්ගලයකු ඇද්ද. නමුත් මේ රටේ කිසිදු ස්ථානයක, කිසිදු මාවතක, කිසිදු ගොඩනැගිල්ලක, කිසිදු සංවර්ධිත කටයුත්තකට ඔහු ඔහුගේ නම යොදා නැත. ඒ ඔහුගේ හැටිය.

ධනවත් පවුලක ජන්ම ලාභය ලැබූ ඔහුට දේශපාලනයෙන් කීර්තියවත් , මුදල්වත් ඉපයීමේ අවශ්‍යතාවයක් නැත. තම පරපුර සතු දේපොළ පවා පුණ්‍ය කටයුතු සදහා පරිත්‍යාග කර ඇති ඔහුට මේ රටේ දේශපාලනයෙන් උපයා ගැනීමට දෙයක් නොමැත. ජාත්‍යන්තර කීර්තියට පත් ඔහුට අලුතින් අමුණා ගන්නට බලයක් නොමැත.

ඔහු එදා මේ සියලු ව්‍යාපෘති රටට හදුන්වා දෙන විට එදා සිටි කුහකයින් ඒ සියල්ලකටම විරුද්ධ විය. නමුත් ඔහු එදා හදුන්වාදුන් සියල්ලම මිනිසුන් අද ඉතා සතුටින් භුක්‍ති විදී. අද ඔහු විසින් හදුන්වාදෙන සියලුම ව්‍යාපෘති වලටද එදා මෙන්ම අද සිටින කුහකයින් විරුද්ධව හඩ නගයි. නමුත් නුදුරු අනාගතයේදී මිනිසුන් ඒවාද සතුටින් භුක්ති විදින බව අප දනිමු. එතනදී අප දකින දෙයනම් ඔහු අවුරුදු 15 ක් 20 ක් ඉදිරියට අනාගතය දකින බවය. තුන්කල් දක්නා නුවණකින් හෙබි ඔහුව "දැක්මක් ඇති නායකයා" යනුවෙන් හදුන්වන්නේ එබැවිනි.

ඔහු මීට අවුරුදු 20 කට කලින් දුටු අනාගතය මිනිසුන් දකින්නේ අදය. ඔහු අද දකින අනාගතය මිනිසුන් දකින්නේ තව අවුරුදු 20 කට පසුය. වෙනස ඇත්තේ එතැනය. ඔහු කිසිදිනෙක ජනතා මුදල් ගසාකන ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ නැත. එසේම ජනතාව ඉල්ලන තාවකාලික සීනි බෝල පෙන්වා ජනතාව මුළා කිරීමටද ඔහු කිසි දිනෙක සූදානම් නැත.
සත්‍ය නම් ඔහු තරම් වටිනා නායකයෙක් මේ රටේ තබා අල්ලපු රටේවත් නැත. දකුණු ආසියාවේම නැත. ඔහු ගැළපෙනුයේ ජපානය, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල නායකත්වයටය. අවාසනාවක මහිම අප රටේ ජනතාව ඉල්ලන්නේ මෙවැනි නායකයන් නොව. ඔවුනට ඕනෑ ජඩ පාලකයෙකි.

-උපුටා ගැනීමකි-

ඔය හිනාවෙන ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් ඉන්න මිනිසුනේ කියවපල්ලා මේවා. ටිකක් වේලාව අරගෙන හැම එකටම 😀දාන්නේ නැතුව.

23/08/2025

රනිල් මොනවාද කලෙ

23/08/2025

🤌🤌🤌

23/08/2025

මුට්ටි ගගට දානකොට කැලණියේ නයාට හිනා උනා ජෙප්පෝ අන්න සුදාගේ විශ්ව ශක්තිය හෝදනවා 😂 අම්මෝ ඉතිං ජෙප්පෝ උන දෙයක් 🤌

👉අද බන්ධනාගාර ගත වුයේ අවුරුදු 40ක් දේශපාලනය කරලා තමන්ගේ මන්ත්‍රී වැටුප පෞද්ගලික ගිණුමකට හෝ පක්ෂ අරමුදලකට හෝ නොගෙන මහා භා...
23/08/2025

👉අද බන්ධනාගාර ගත වුයේ අවුරුදු 40ක් දේශපාලනය කරලා තමන්ගේ මන්ත්‍රී වැටුප පෞද්ගලික ගිණුමකට හෝ පක්ෂ අරමුදලකට හෝ නොගෙන මහා භාණ්ඩාගාරයට ඉතුරු කරපු මනුස්සයෙක්.

👉අද බන්ධනාගාර ගත වුයේ තමන්ගේ පවුලේ දේපළ කැළණිය රජ මහා විහාරයටත්,තමන් ජීවත් වෙන නිවස තමන්ගේ අභාවයෙන් පසු තමන් ඉගනගත්තු රාජකීය පාසලට පරිත්‍යාග කරපු මනුස්සයෙක්.

👉අද බන්ධනාගාර ගත වුයේ තරුණ දරුවන්ගේ ජීවිත දහස් ගණනක් ගොඩ දාලා දීපු ජාතික තරුණ සේවා සභාව හරහා දකුණු ආසියාවේ විශාලතම ස්වේච්ඡා සංවිධානය වුණ යෞවන සමාජ සම්මේලනය ආරම්භ කරලා ගොඩනගපු මනුස්සයෙක්.

👉අද බන්ධනාගාර ගත වුයේ විශ්ව විද්‍යාල වරම් දිනාගන්න නොහැකි වුණ සිසුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න රට පුරා විද්‍යාපීඨ (National Institute of Education / Colleges of Education) සහ වෘත්තීය අධ්‍යනය ලබන්න වෘත්තීය පුහුණු පාසල් හදපු මනුස්සයෙක්.

👉අද බන්ධනාගාර ගත වුයේ බියගම ඇතුළු තවත් ආයෝජන කලාප රාශියක් රටට දායාද කරන්න මූලික වුණ මනුස්සයෙක්.

👉අද බන්ධනාගාර ගත වුයේ අපේ රට ඉතිහාසයේ වැටෙන්න තිබ්බ දරුණුම අගාධයට වැටිලා තිබ්බ වෙලාවක,රට ඇතුලේ පෙට්‍රල් පෝළිම්,ගෑස් පෝළිම්,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝළිම්,බෙහෙත් පෝළිම් වල තමන්ගේ රටේ මිනිස්සු මැරිලා වැටෙනකොට තමන්ගේ දේශපාලන පක්ෂය සහ දේශපාලන මත අමතක කරලා රට වැටිලා තිබ්බ අගාධයෙන් ගොඩ අරගෙන රටේ මිනිස්සුන්ගෙත්,අනාගත දරු පරම්පරාවෙත් ජීවිත සුරක්ෂිත කරපු මනුස්සයෙක්.

ඉතිහාසය ඉදන්ම තමන්ගේ දේශපාලන බලය දිනාගන්න තරුණ දරුවෝ අරගලවලට ඇදලා දාපු,උද්ඝෝෂණ වැඩ වර්ජනය වලින් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන කඩා වට්ටපු,රටට ලැබුණ සෑම ආයෝජන අවස්ථාවක්ම විවේචනය කරලා ඒවා කඩාකප්පල් කරපු,ඉගනගන්න දරුවෝ පාවිච්චි කරලා පක්ෂයට අරමුදල් එකතු කරපු,රට ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවේ මිනිස්සු පෝළිම් වල මැරිලා වැටෙනකොටත් තමන්ගේ දේශපාලනය ගැන විතරක්ම හිතලා රටට එවන ඩොලර් පවා එවන්න එපා කියලා කිව්ව කණ්ඩායමක් විසින් කරන චෝදනා පිළි අරගෙන අද මොන අවලාද නැගුවත්,ගොඩාක් අය සතුටු වුණත්, අද හිරේ ගියපු මනුස්සයා රටට දායාද කරලා දීපු දේවල් ප්‍රයෝජනයට අරන් ජීවිත සාර්ථක කරගත්ත යම් තරමක හෝ කෙළෙහිගුණයක් තියෙන මිනිස්සු ඉදීවි.දේශපාලන මතය වෙනස් වුණත් ඒ මිනිස්සු රනිල් වික්‍රමසිංහ කියන මනුස්සයාට ගෞරව කරනවා.!!

Ranil Wickremesinghe
ස්තූතී සර්...🙏❤️

Address

Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Kegalle Seat - එක්සත් ජාතික පක්ෂය කෑගල්ල ආසනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share