02/06/2026
♦️"ප්‍රජා ශක්ති" ගම් දහසක - වැඩ දහසක්" ඇරඹේ.
------------------------------------------------------------------------------------
ග්‍රාමීය ප්‍රජාවගේ දිළිඳු බව තුරන් කිරීම අරමුණු කොට ගනිමින්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ නව පියවරක් ලෙස "ගම් දහසක - වැඩ දහසක්" ජාතික වැඩසටහන අද දින දිවයින පුරාම ආරම්භ කෙරිණ. සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනා ගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාවය සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
එම වැඩසටහනට සමගාමීව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමාරම්භක උත්සවය අද (02) දින කෑගල්ල නගර සභා බොජුන්හල මූලික කොට ගනිමින් පැවැත්වූ අතර ,එම බොජුන්හල සඳහා ආහාර සැපයීමට ගොලහැල "දිරිය" කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙත රුපියල් ලක්ෂ පහළොවක් වටිනා ද්‍රව්‍යද මෙහිදී ලබා දුනි. මෙතෙක් දිවා කාලයේ පමණක් විවෘතව පැවැති මෙම බොජුන්හල මින් ඉදිරියට උදෑසන හයේ සිට රාත්‍රී දහය දක්වා විවෘතව පවතින අතර, සහනදායී මුදලකට ප්‍රණීත ආහාර වේලක් ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාවද හිමිවේ.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෑගල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි නීතිඥ සාගරිකා අතාවුද, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ, කෑගල්ල මහ නගර සභාවේ නගරාධිපති නිමල් කරුණාරත්න, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/ දිසාපති කේ.ජී.එස් නිශාන්ත ,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නීතිඥ එම්.එම්.පී.ප්‍රියංගනී පෙතන්ගොඩ යන මහත්ම මහත්මීන් ප්රමුඛ ආරාධිතයින්, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් එක්ව සිටියහ.