03/01/2022
ලංකාවෙ තියෙන දුෂ්කරම ගමක් උඩගලදෙබොක්ක ගම.
4km විතර ගස් ගල් උඩින් ගියාම පවුල් 35ක් ජීවත් වෙන මේ ගම හම්බවෙනවා. කරන්ට් එකවත් නැහැ. කඩයක් වත් නෑ.
ඉස්කෝලයක් තියෙනවා ළමයි 12ක් ඉන්න. ඒ ළමයිට ඉගනගන්න පුළුවන් 8 වසර වෙනකන් විතරයි, ඊට පස්සෙ හෙන් ගොවිතැනට යන්න වෙනවා අකමැත්තෙන්ම.
මෙච්චර කාලෙකටම ළමයි 10ක් වගෙ තමයි 8 වසරෙන් එහාට ඉගනගෙන තියෙන්නෙ. ඒකට හේතුව වෙන්නෙ බෝඩිමකට දාලා උගන්නන්න වත්කමක් නැති වීම.
ගෙවල් වල ඉන්න ලොකු මිනිස්සු පවා tv එකක් වත් දැකපු නැති මිනිස්සු. ලංකාව ගැන අහන්නෙ රේඩියෝ එකෙන්.
අපි ඒ මිනිස්සු ඉන්න ගෙවල් ගානකට ගියා, ඇදුමක් වත් ගන්නවත් සල්ලි නැති අසරණ මිනිස්සු. දැන් පෝරත් නැති නිසා සල්ලි එන්න විදියක් ඇත්තෙම නැතුව අසරණ වෙලා ඉන්නෙ. අපි ගියපු ගෙවල් වල කන්න කිසිම එළවලුවක් වත් නැහැ.
අපිට ඒ මිනිස්සු කියපු වචන තාමත් වෙදනාකාරී,
"මහත්තයා අපේ ළමයින්ට කවුරැහරි ටොපියක් චොකලට් එකක් ගෙනත් දුන්නොත්, එක දවස් තුනක් වත් කනවා පොඩි කැල්ල කෑල්ල. කොලෙත් අරන් තියනවා"
"අපේ ළමයින්ට කොච්චර හොදට ඉගන ගත්තත් මහත්‍තයො 8 වසරෙන් පස්සෙ හේනට තමයි එක්ක යන්නෙ"
(මේ වෙද්දි 8 වසරන් නැවතිලා ගොඩගන්න පුළුවන් ලමයි 7ක් ඉන්නවා)
තව සිද්දි ගොඩක් උනා... එයලගෙ දුක දවසකින් අහල ඉවර කරගන්න උනේ නෑ. අලි ගහල මිනිස්සු මැරෙනවා.
දවසට වේලක් කන්න වෙරදරන මිනිස්සු. මුළුගමම එකපාරකට වගේ කඩෙ ගිහින් බඩු ගේන්නෙ. යන පාරෙත් අලි.
අපි තව පන්සල් හදමු, ස්මාරක හදමු, ඔක්කොම පූජා කරමු.
පලි : එවලෙම අපෙ එක්කෙනෙක් 2022 ළමයි 12ට අවශ්‍ය පාසල් උපකරණ අරන් දෙන්න බාර ගත්තා.
මේ මිනිස්සු විදවනවා. කවුරැවත් ජිවිතේ විදින්නෙ නෑ. විදවල විදවල මැරෙනවා. ඒකතමයි එයලාගෙ ජීවිතේ. අපි තව දේශපාලනෙට කඩේ යමු. රෙදි හෝදමු. ඡන්ද 71ක්ලු තියෙන්නෙ ඒක නිසා අර සක්කිලි හැත්ත මේ මිනිස්සුව ගනන් නෑ.
📸 Sachintha Jarathne Ds
Copyd traveler fb page