Central Environmental Authority - Kegalle

Central Environmental Authority - Kegalle Central environmental authority - Kegalle

01/06/2025
' අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු '2025 ලෝක තෙත්බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය  සංව...
20/02/2025

' අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු '
2025 ලෝක තෙත්බිම් දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සංවිධානය කළ වීදි නාට්‍ය තරගාවලියේ මහජන ප්‍රදර්ශනය 2025. 02.19 වන දින කෑගල්ල නගර සභාවේ මධ්‍යම වෙළඳපළ භූමිය ඉදිරිපිටදී පැවැත්වුණි.
ඒ සඳහා තරඟයේ ජයග්‍රහණය ලබාගත් පහත නාට්‍ය කණ්ඩායම් සහභාගි විය.
1-ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය කෑගල්ල, 2-මුරුත්තෙට්ටුව කනිෂ්ඨ විද්‍යාලය දෙහිඕවිට,
3-පින්නවල මධ්‍ය මහා විද්‍යාලය රඹුක්කන,
4-ස්වර්ණජයන්ති විද්‍යාලය කෑගල්ල

2024 වර්ෂයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින්  අප කාර්‍යාලයේ අධ්‍යක්ෂ තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමිය ඇතු...
01/01/2024

2024 වර්ෂයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් අප කාර්‍යාලයේ අධ්‍යක්ෂ තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමිය ඇතුළු කාර්‍යමණ්ඩලයේ සහභාගීත්වයෙන් අද දින (2024.01.01) ආයතන පරීශ්‍රයේ පැවති උදෑසන ධර්ම දේශනාව, පිරිත් සජ්ඣායනය හා තේ පැන් සංග්‍රහය සාර්ථකව අවසන් විය. සියලු දෙනාට සුබ නව වසරකට සුභාශිංසන සමගින් 2024 වර්ෂයේ අප කාර්‍යාලයේ කටයුතු මෙසේ ආරම්භ විය.

2023 ලෝක පරිසර දිනය නිමිත්තෙන් 2013.06.05 දින වට්ටාරම රජමහා විහාරයේදී පරිසර නියමුවන්ගේ ද සහභාගිත්වයෙන් පැවති රුක් රෝපණ ව...
06/06/2023

2023 ලෝක පරිසර දිනය නිමිත්තෙන් 2013.06.05 දින වට්ටාරම රජමහා විහාරයේදී පරිසර නියමුවන්ගේ ද සහභාගිත්වයෙන් පැවති රුක් රෝපණ වැඩසටහන

👆 ලෝක පරිසර දිනය නිමිත්තෙන් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ගේ ප්‍රධානත්වයෙන් අද දින දැරණියගල , උඩබාගේ ලලාන් වතුසමාගමට අයත් ...
06/06/2023

👆 ලෝක පරිසර දිනය නිමිත්තෙන් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ගේ
ප්‍රධානත්වයෙන් අද දින දැරණියගල , උඩබාගේ ලලාන් වතුසමාගමට අයත් ඉඩම් කොටසක හදුන් පැල රෝපණය කළ අවස්ථාව.
මේ සදහා දැරණියගල මුහන්දිරම් ක්. විදුහලේ පරිසර නියමුවන් ද සහභාගී විය.

මීට අමතරව දැරණියගල ඌඩපොල පොදු සුසාන භුමිය තුලද පැල රෝපණය සිදු කරන ලදී

අද දින මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කල පරිසර දින වැඩසටහන 2023.06.05 දින මාවනැල්ල ප...
05/06/2023

අද දින මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කල පරිසර දින වැඩසටහන 2023.06.05 දින මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ *මීයන් ඇල්ල* ප්‍රදේශය කේන්ද්‍ර කරගන ක්‍රියාත්මක විය. මෙහිදී 🔹දිය ඇල්ල, ඒ ආශ්‍රිත ප්‍රදේශය හා පිවිසුම් මාර්ගය තුල වූ පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය ඉවත් කිරීම
🔹ඒ ප්‍රදේශය තුල පැල සිටුවීම 🔹පරිසර දූශනය හා අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම සදහා වූ දැන්වීම් පුවරුවක් පිවිසුම් මාර්ගයේ ස්තාපනය කිරීම සිදුවිය.
මේ සඳහා පළාත් අධ්‍යක්ෂ තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමා ඇතුලු අප කාර්‍යාලයේ කාර්‍යමණ්ඩලය මෙන්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කීප දෙනෙක් ද සහභාගි විය. වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටම ස්තූතියි!!💚🌿🌍🙏🏻

පොසොන් පොහොය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්‍යාලය මගින් පලමු වරට පවත්වනු ලැබු සැන්ඩ්විච් දන්සල 🙏
03/06/2023

පොසොන් පොහොය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්‍යාලය මගින් පලමු වරට පවත්වනු ලැබු සැන්ඩ්විච් දන්සල 🙏

2022/12/22 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තුමන්ගේ සහභාගීත්වයෙන් රන්දෙනිය සොබා කෙත මධ්‍යස්තානයේ පැවති ස්වර්ණවර්ණ පද...
24/12/2022

2022/12/22 වන දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තුමන්ගේ සහභාගීත්වයෙන් රන්දෙනිය සොබා කෙත මධ්‍යස්තානයේ පැවති ස්වර්ණවර්ණ පදක්කම් ප්‍රධානෝත්සවයේදී පදක්කම් පැලදි කෑ/දෙහි කිතුල්ගල කල්‍යාණි ජාතික පාසලේ, කෑ/දෙහි අංහෙට්ටිගම මහා විද්‍යාලයේ සහ කෑ/ මාව දුනුකේවල මහා විද්‍යාලයේ සියලුම සිසු දරු දැරියන්ට මධ්‍යම පරිසර අධිකාරියේ උණුසුම් සුභ පැතුම්..... එමෙන්ම ජනාධිපති පදක්කමද ලබා ගෙන රටේ පරිසරය රැක්ගැනීමට නායකත්වය ලැබේවායි ප්‍රාර්තනා කරමු. 🌻🌾💐❤

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'සුරකිමු ගංගා' වැඩ සටහනේ පළමු අදියර ලෙස යටියන්තොට පොලීසියේ ඉල...
21/12/2021

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 'සුරකිමු ගංගා' වැඩ සටහනේ පළමු අදියර ලෙස යටියන්තොට පොලීසියේ ඉල්ලීම පරිදි සකස් කළ දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය හා කැළණි ගං ඉවුරේ රුක් රෝපණ වැඩසටහන අද එනම් 21.12.2021 දින කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ , යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. වසන්ත, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ, මධ්‍යම පරිසර අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බි. රත්නායක යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි .

Address

Kegalla
77500

Website

Alerts

Be the first to know and let us send you an email when Central Environmental Authority - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Central Environmental Authority - Kegalle:

Share