KCK: Facts, History and Heritage. KCK: තොරතුරු, ඉතිහාසය, සහ උරුමයන්

  • Home
  • Sri Lanka
  • Kandy
  • KCK: Facts, History and Heritage. KCK: තොරතුරු, ඉතිහාසය, සහ උරුමයන්

KCK: Facts, History and Heritage. KCK: තොරතුරු, ඉතිහාසය, සහ උරුමයන් This page is dedicated to historical facts and the heritage of Kingswood College, Kandy, the school

"Fide et Virtute: A Kingswood Reader" ලෙස නොබෝදා එලි දැක්වුනු ග්‍රන්ථය කිංස්වුඩ් ඉතිහාසය පීරා ඒකරාශි කරගත් කිංස්වුඩ් සාහ...
06/10/2025

"Fide et Virtute: A Kingswood Reader" ලෙස නොබෝදා එලි දැක්වුනු ග්‍රන්ථය කිංස්වුඩ් ඉතිහාසය පීරා ඒකරාශි කරගත් කිංස්වුඩ් සාහිත්‍යයේ කාව්‍ය, ප්‍රබන්ධ, චරිතාපදාන ආදී පුළුල් පරාසයක විහිදෙන සාහිත්‍ය සංග්‍රහයකි.

කිංස්වුඩ් විද්‍යාලයේ සාරය සහ ජීව ගුණය සොයා යන සැමදෙනා හටම උනන්දුවෙන් කියවියහැකි ආකර්ෂණීය පෙලගැස්වීමකින් යුක්තය. පාසලේ ඉතිහාසය, සම්ප්‍රදායන්, යුග-යුග අතර විකාශනය, ප්‍රකට මෙන්ම අප්‍රසිද්ධ මූලාශ්‍රවලින් තෝරාගත් ලේඛන වලින් මෙම සංග්‍රහය නිමවී ඇත.

කිංස්වුඩ් විද්‍යාලය රැන්ඩ්ල්ස් භූමියේ පිහිටුවා ශත සංවත්සරය යෙදුනු 2025 වසර හා සමපාත වන්නට කිංස්වුඩ් සංගමයේ ප්‍රකාශනයක් ලෙස "A Kingswood Reader" සම්පාදනය කර ඇත. මෙම කෘතිය ආශ්‍රයෙන් එක්රැස් වන විනිමය කිංස්වුඩ් විද්‍යාලයේ සභ්‍යත්වය සහ උරුමය සංරක්ෂණය හා සම්බන්දිත ඉදිරි ව්‍යාපෘති වෙනුවෙන්වන අරමුදලකට (Cultural and Heritage Fund) බැරවනු ඇත.

කිංස්වුඩ් විද්‍යාලයේ උරුමය සහ හරය සොයා යන ඔබ සැමට මෙම කෘතිය වටිනා නවාතැන් පොලක් වනු ඇත.

Fide et Virtute: A Kingswood Reader
පිටු 175, ඝන කවරයෙන් යුතුය
මිල රු. 2000 / -

"A Kingswood Reader" is an anthology of Kingswood stories, poems, memoirs, and other documents with a historical and her...
06/10/2025

"A Kingswood Reader" is an anthology of Kingswood stories, poems, memoirs, and other documents with a historical and heritage value.

It is a single publication where you can learn about Kingswood history, sharpen insights, and grasp the spirit of this unique school Louis Edmund Blaze built; and, with a careful continuation of the "Kingswood Way", was maintained from generation to generation for 130+ years.

"The Reader" was published by the Kingswood Union to mark Kingswood's Centenary at Randles Hill which fell in 2025.
Proceeds of the book will go to a special Culture and Heritage Fund to support future activities related to school history and traditions.

Fide Et Virtute: A Kingswood Reader
175 pages; hardback
LKR 2000 / -

Some excerpts from the second chapter of LE Blaze's "KFE: The Story of Kingswood" (1934). This chapter looks at the 1898...
04/07/2022

Some excerpts from the second chapter of LE Blaze's "KFE: The Story of Kingswood" (1934). This chapter looks at the 1898-1921 period, when the school was housed at Brownrigg Street (Yatinuwara Veediya).

Source: "Kingswood Stories" blog.

ආදි කතෘ ලුවී බ්ලාසේගේ "KFE: The Story of Kingswood" (1934) කෘතියේ දෙවන පරිච්ඡේදයෙන් උපුටාගත් කොටස් කිහිපයක්. මෙම පරිච්ඡේදය පාසල බ්‍රවුන්රිග් වීදිය නොහොත් යටිනුවර වීදියේ පවත්වාගෙන ගිය 1898-1921 යුගය හා සම්බන්ධිතයි.

මූලාශ්‍රය: "Kingswood Stories" බ්ලෝග් අවකාශය.

The following excerpts are from the preliminary chapter (“A General Survey – The Spencer Period”) of Louis Edmund Blaze’s KFE: The Story of Kingswood Kandy (pp. 14-23), which documents th…

The flags, crests, and colours of three prominent Methodist boys' schools built in Galle, Jaffna, and Kandy during the 1...
12/06/2022

The flags, crests, and colours of three prominent Methodist boys' schools built in Galle, Jaffna, and Kandy during the 19th century: Richmond, Jaffna Central College, and Kingswood.

(Note - Mr. O.L. Gibbon, who was Principal of Kingswood from 1929-37 came from Jaffna Central where he was previously a Vice Principal).

ගාල්ල, යාපනය සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් 19 ශතවර්ෂය තුල ගොඩනැගුනු මෙතෝදිස්ත සම්ප්‍රදායේ පිරිමි පාසල් තුනක් වන රිච්මන්ඩ්, යාපන මධ්‍ය, සහ කිංස්වුඩ් විද්‍යාල ත්‍රිත්වයේ ධජ, ලාංඡන, සහ වර්ණ.

(සටහන - 1929-37 සමයේ කිංස්වුඩ් විදුහලේ තුන්වන විදුහල්පති ලෙස කටයුතු කල ඕ.එල් ගිබන් මහතා එම පත්වීමට පෙර යාපන මධ්‍ය විද්‍යාලයේ උපවිදුහල්පති තනතුර හෙබවීය).

Some excerpts from the opening chapter of LE Blaze's "KFE: The Story of Kingswood" (1934). This chapter looks at the ear...
29/05/2022

Some excerpts from the opening chapter of LE Blaze's "KFE: The Story of Kingswood" (1934). This chapter looks at the earliest days of the school, between 1891 and 1898.

Source: "Kingswood Stories" blog.

ආදි කතෘ ලුවී බ්ලාසේගේ "KFE: The Story of Kingswood" (1934) කෘතියේ පලමු පරිච්ඡේදයෙන් උපුටාගත් කොටස් කිහිපයක්. මෙම පරිච්ඡේදය පාසලේ මුල්ම වසර කිහිපය ගැන කෙරෙන විවරණයන්ගෙන් යුක්තය.

මූලාශ්‍රය: "Kingswood Stories" බ්ලෝග් අවකාශය.

The following excerpts are from the preliminary chapter (“A General Survey – The Beginnings”) of Louis Edmund Blaze’s KFE: The Story of Kingswood Kandy (pp. 6-11), which doc…

Did you know Louis Edmund Blaze, Kingswood's founder, belonged to a reputed Burgher family of scholars, educationists, a...
15/05/2022

Did you know Louis Edmund Blaze, Kingswood's founder, belonged to a reputed Burgher family of scholars, educationists, and lawyers? These screenshots are taken from a book on Sri Lankan Burghers by Rodney Ferdinands, "Proud and Prejudiced: The Story of the Burghers of Sri Lanka". If you locate the book, this information is found on pages 122-125.

Know your founder a bit better -- But also his family, nieces, and nephews, and how they have contributed to the emerging Ceylon (Sri Lanka) in their time.

ලුවී එඩ්මන්ඩ් බ්ලාසේ ආදිකතෘතුමා ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධියට පත්වුනු විද්‍යාර්ථීන්, අධ්‍යාපනඥයින්, හා නීතීඥයින් කිහිපදෙනෙකුම අයත් වුනු බර්ගර් ජාතික පවුලකින් පැවත එන බව ඔබ දැන සිටියාද? මේ සමග ෂෙයාර් කර ඇති විස්තර අප උපුටාගනු ලැබුවේ රොඩ්නි ෆර්ඩිනන්ඩ්ස් නම් ලේඛකයා ලංකාවේ බර්ගර් ඉතිහාසය අනුසාරයෙන් ලියන ලද "Proud and Prejudiced: The Story of the Burghers of Sri Lanka" කෘතියෙන්. මේ විස්තර මෙම කෘතියේ 122-125 පිටු අතර සඳහන්.

අපගේ ආදිකතෘතුමාත් ඔහුගේ සහෝදරයින් මෙන්ම මුනුපුරන් හා මිනිපිරියන් ද නූතන ලංකාවේ පිබිදීම වෙනුවෙන් කර ඇති සේවය පිලිබඳව යම් අදහසක් ඇතිකරගැනීමට මෙම තොරතුරු ඉවහල් වනු ඇතැයි අපි සිතමු.

Blaze was born 29 September 1861 in Kandy to Dutch Burgher parents, Louis Ezekiel Blaze and Henrietta Charlotte Garnier....
14/05/2022

Blaze was born 29 September 1861 in Kandy to Dutch Burgher parents, Louis Ezekiel Blaze and Henrietta Charlotte Garnier.

He studied at Trinity College as one of its earliest students and founded (in manuscript form) Trinity’s first magazine in May 1876, “The Gleaner”.

Blaze graduated from the University of Calcutta in 1882 with a Bachelor of Arts degree. He had a keen interest in poetry, history, and in law.

Between 1882 and 1890, Blaze worked in two schools in Calcutta (Bishop’s College and St. James’ College) and in Lahore (Boys’ High School). He returned to Sri Lanka (then called Ceylon) in 1891 and started his own school, Boys’ High School, in Kandy on 4 May 1891.

Blaze wanted his school to be different from other schools. He wanted to build a school that reflected English public schools one read about in stories, but with close relations between students and teachers, and examination results not being the first priority. Blaze wanted his school to be a community and the feeling of fellowship – which he often called “loyalty” – to prevail.

Blaze’s vision was to be on friendly terms with other schools, not to compete, and to cooperate when possible. He wrote the school song of Princess of Wales College, Moratuwa, had cordial relations with educationists like Rev. AG Fraser of Trinity and Cyril Jansz of St. John’s, Panadura.

Blaze was compelled to place the management of the school under the Wesleyan Methodist Mission in 1894, but retained his place as Principal until he retired in 1923. His connection with the school remained until Blaze’s demise in 4 August1951.

Blaze introduced some unique traditions and practices that highlighted his school. He composed a piece of recitation, “The Kingswood Prologue”, to be read at each prize-giving. The first Prologue was recited in 1895. It remains an uninterrupted tradition of the school to this day.

Blaze was also a keen historian and author. He wrote “History of Ceylon” (1900), “The Story of Lanka” (1914) – both used as history text books – and “KFE: The Story of Kingswood Kandy” (1934), a biography of Kingswood’s first 25 years.

On retirement Blaze, for a while, edited the daily paper “The Ceylon Independent”, and acted as the Principal of Prince of Wales College, Moratuwa. He founded the monthly “Bulletin” of the Dutch Burgher Union of Ceylon.

On retirement, Prof. Marrs of the Ceylon University College invited Blaze to be the Librarian of the newly established campus. Blaze turned the offer down to make time for his literary work.

1861 සැප්තැම්බර් 29 වනදා මහනුවරදී ලුවී එසිකියල් බ්ලසේ සහ හෙන්රිටා චාර්ලට් ගානියර් ඕලන්ද-බර්ගර් යුවලට දාව ලුවී එඩ්මන්ඩ් බ්ලාසේ උපත ලැබීය.

ඔහු මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ආරම්භක වකවානුවේ ශිෂ්‍යයෙකි. 1876 මැයි මස දී එම පාසලේ මුල්ම සඟරාව ලෙස සැලකෙන “ද ග්ලීනර්” හි ආරම්භකයා හා ආරම්භක කතෘ විය.

බ්ලාසේ 1882 දී කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධි සම්මාන ලැබීය. කාව්‍යකරණය, ඉතිහාසය සහ නීතිය පිලිබඳ මේ වන විටත් ඔහුගේ යම් ප්‍රබෝධයක් හා උනන්දුවක් දක්නට ලැබිනි.

1882-1890 අතර කාලයේදී බ්ලාසේ කල්කටාවේ බිෂොප්ගේ විද්‍යාලයේ හා ශා. ජේම්ස් විද්‍යාලයේ ද, ලාහෝරයේ උසස් බාලක පාසලේද ඉගැන්වීම් කලේය. තමන්ගේම පාසලක් ආරම්භ කරනු පිණිස ඔහු 1891 දි ලංකාවට පැමිණ ඒ වර්ෂයේ මැයි 4 වනදා උසස් බාලක පාසල නමින් මහනුවරදී එම පාසල පිහිටුවීය.

බ්ලාසේගේ අධ්‍යාපන දර්ශනය යෝජනා කර තිබුනේ තත්කාලීන සම්මතයෙන් වෙනස් වූ පාසලක් ඇතිකිරීම කෙරෙහිය. පොතපතින් කියවන්නට ලැබුනු ඊටන්, රග්බි ආරේ ඉංග්‍රීසි පාසලක ආධ්‍යාත්මය හා ප්‍රජා පෞරුෂය තිබෙන, එනමුත් එකිනෙකා හා මිත්‍රශීලී හා ලබැඳි ශිෂ්‍ය-ගුරු සබඳතාවයන්ගෙන් පරිපූර්ණිත, තරඟ විභාග තම මූලික ඉලක්කය නොකොටගත් පාසලක් ඇතිකිරීමට ඔහුට අවශ්‍ය විය. බ්ලාසේ නිතරම භාවිත කල “පාක්ෂික හැඟීම” ලෙසින් ඔහු අදහස් කල බව පෙනෙන්නේ සාමූහික ප්‍රජා හැඟීමකින් කටයුතු කරන අන්‍යෝන්‍ය ලැදියාවකින් යුතු පාසලක බලාපොරොත්තුවයි .

බ්ලාසේගේ දර්ශනය වූයේ අනෙත් පාසල් සමඟ මිත්‍රශීලී බවින් යුතුව කටයුතු කිරීමත් ඔවුන් හා තරඟකාරී නොවීමත්, හැකි සෑම අවස්ථාවකදීම උපකාර කිරීමත්ය. මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ පාසල් ගීතය බ්ලාසේගේ නිර්මාණයකි. ට්‍රිනිටි විද්‍යාලයේ ඒ.ජී ෆ්‍රේසර් දේවගැතිතුමා සහ පානදුර ශා. ජෝන් විද්‍යාලයේ සිරිල් ජෑන්ස් විද්‍යාලාධිපතිතුමා ඔහු ලඟින් ආශ්‍රය කල අධ්‍යාපනවේදීන් අතර වේ.

1894 දී තම පාසල වෙස්ලියානු මොතෝදිස්ත සභාවේ පරිපාලනය යටතේ තැබීමට බ්ලාසේට සිදුවිය. නමුත් විද්‍යාලාධිපති පදවිය ඔහුවෙත තබාගත් අතර 1923 දී විශ්‍රාම යනතුරු පාසලේ කටයුතු සමග නිල වශයෙන් බැඳී සිටියේය. 1951 අගෝස්තු 4 වෙනිදා ස්වර්ගස්ථ වනතුරු පාසල සමග කිට්ටු ඇසුරක් පැවැත්වීය.

කිංස්වුඩ් විද්‍යාලයේ අනන්‍යතාවය කැපී පෙනෙන ආකාරයෙන් මතුකෙරුනු සම්ප්‍රදායන් සහ භාවිතයන් කිහිපයක්ම බ්ලාසේ හඳුන්වා දුන්නේය. වාර්ෂිකව ත්‍යාග දිනයේදී ඉදිරිපත් කෙරෙන “කිංස්වුඩ් පූර්විකාව” මුල් වරට 1895 දී නිර්මාණය කරනු ලැබීය. අඛණ්ඩව පවත්වාගෙන එන සම්ප්‍රදායක් ලෙස පූර්විකාව අද ද ත්‍යාග දිනයේදී ඉදිරිපත් කෙරේ.

බ්ලාසේ ඉතිහාසය හා සාහිත්‍යකරණයට උනන්දුවක් දැක්වීය. ඔහු රචනා කල ග්‍රන්ථ අතර “History of Ceylon” (1900) සහ “The Story of Lanka” (1914) පාසල්වල භාවිතය සඳහා පෙලපොත් ලෙස නිර්දේශ විය. “KFE: The Story of Kingswood Kandy” (1934) කෘතිය කිංස්වුඩ් විද්‍යාලයේ මුල් අවුරුදු 25 මත පදනම් වූ අපදානයකි.

විශ්‍රාම ගැනීමෙන් පසුව බ්ලාසේ “ද සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට්” දිනපතා පුවත්පතේ කතෘ ලෙස යම් කාලයකුත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති ලෙසිනුත් සේවය කලේය. ලංකා ඕලන්ද-බර්ගර් සංගමයේ ප්‍රබල භූමිකාවක් දරමින් එහි “බුලටින්” මාසිකය ආරම්භ කලේය.

එකල අභිනවයෙන් පිහිටුවා තිබූ ලංකා විශ්ව විද්‍යාල කොලිජියේ පුස්තකාලයාධිපති තනතුර බාරගන්නා ලෙස මහාචාර්ය මාර්ස් බ්ලාසේගෙන් ඉල්ලා සිටියත් තම ලේඛන හා සාහිත්‍ය කටයුතුවල නියැලෙනු වස් ඔහු එය ප්‍රතික්ෂේප කලේය.

Can the term "Gentleman of Kingswood" be used in front of a name? The post explains why it CANNOT be used in front of a ...
13/05/2022

Can the term "Gentleman of Kingswood" be used in front of a name? The post explains why it CANNOT be used in front of a name - like a title.

Remember, "Gentleman of Kingswood" is not a badge, or an honorific, but a phrase coined by Blaze (adopted by later Principals as school tradition) to refer to the boys in general.

To use "Gentleman of Kingswood" in front of a name is an odd or q***r usage inconsistent with the English language.

"ජෙන්ට්ල්මන් ඔෆ් කිංස්වුඩ්" යන්න පුද්ගල නමක් ඉදිරියෙන් යෙදිය හැකිද? එය එසේ යොදාගත නොහැකි ඇයි ද යන්න මේ පෝස්ට් එකෙන් පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත.

"ජෙන්ට්ල්මන් ඔෆ් කිංස්වුඩ්" නොහොත් "කිංස්වුඩ් මහත්මා" යන්න ලාංඡනයක් හෝ ගරු නමක් නොවේ. පාසල් ශිෂ්‍ය ප්‍රජාව පොදුවේ ආමන්ත්‍රණය කිරීමට ආදි කතෘ බ්ලාසේ විසින් යොදාගත් පසුකාලීන විදුහල්පතිවරුන් විසින් පාසලේ සම්ප්‍රදාය ලෙස ග්‍රහණය කරගත් භාවිතයකි.

"ජෙන්ට්ල්මන් ඔෆ් කිංස්වුඩ්" යන්න නමක් ඉදිරියෙහි යෙදීම අසාමාන්‍ය හා අමුතු ආකාරයේ ඉංග්‍රීසි භාෂාව භාවිතයක් වන්නේය. එය ඇතැම් අයට හාස්‍යය පවා උපදවන්නට ඉඩ ප්‍රස්තාව ඇත.

13/05/2022

Please note that the name of this page has been updated to reflect some of our future plans.
අපගේ ඉදිරි කටයුතුද නියෝජනය වන ආකාරයට මෙම පිටුවේ නම යාවත්කාලීන කර ඇති බව සලකන්න.

Hello Kingswoodians and friends, after a lengthy break we are planning a short series which will be shared in the coming...
13/05/2022

Hello Kingswoodians and friends, after a lengthy break we are planning a short series which will be shared in the coming weeks.

An article by Tina Gunawardhana to the "Hi Online" on KA (Kamal) Chunchie -- a Popular old boy of Kingswood from the ear...
28/05/2020

An article by Tina Gunawardhana to the "Hi Online" on KA (Kamal) Chunchie -- a Popular old boy of Kingswood from the early 1910s.

Chunchie lived a vibrant life, fighting in World War I, playing cricket in England, and being a colourful social figure.

Some of Chunchie's exploits in England are referred to in LE Blaze's "KFE: The Story of Kingswood, Kandy".

ටීනා ගුණවර්ධන විසින් "Hi Online" වෙනුවෙන් රචනා කරනු ලැබූ 1910 දශකයේ ජනප්‍රිය කිංස්වුඩ් ආදි ශිෂ්‍යයෙකු වූ KA (කමාල්) චුන්චී ගැන වාර්තාවක්.

පලමු ලෝක යුද්ධයට ස්වේච්ඡා භටයෙකු වශයෙන් සම්බන්ධ වෙමින්, එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් වර්ණවත් හා සක්‍රීය ජීවිතයක් ගත කල චුන්චී ගැන LE බ්ලසේ තම "KFE: The Story of Kingswood, Kandy" කෘතියේ ද සඳහන් වේ.

Kamal Athon Chunchie was a Methodist minister and the founder of ‘The Coloured Men’s Institute’ in Tidal Basin Road, Victoria Docks, Canning Town, East London. He was the eldest of nine children born in Ceylon to parents of Malay origin. His father was one of the leading Malay figures in Ceylo...

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when KCK: Facts, History and Heritage. KCK: තොරතුරු, ඉතිහාසය, සහ උරුමයන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share