වැලිවිට වත්තේ වලව්ව

වැලිවිට වත්තේ වලව්ව Welivita Watte Walauwa is the birth place of last Sangaraja Thero and aristocrat in Kandyan Kingdom

10/02/2026

ස්වකීය යතිවර දිවියේ හැට එක්වෙනි ජන්ම දිනය සිහිපත් කරන අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක අතිගෞරවාර්හ නාරම්පනාවේ සද්ධර්මවාගීෂ්වර ශ්‍රී සුමණතිස්ස ආනන්දාභිධාන නාහිමිපාණන් වහන්සේට තෙරුවනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී ජන්ම දිනයක් වේවා..!
උතුම් දළදා සමිදු ආශිරාවාදය ලැබේවා ...!

🙏🙏🙏

සියම් මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විසිවැනි වරට මහානායක පදවිය හෙබවූ අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ...
20/12/2025

සියම් මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විසිවැනි වරට මහානායක පදවිය හෙබවූ අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ සරණංකරාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 155 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. සිල්වත්, ගුණවත්, ධර්මධර මහතෙර නමක වශයෙන් විසිවන සියවස මුල්භාගය තුළ මෙරට සම්භාවනාවට පාත්‍ර ව සිටි උන්වහන්සේ පිළිබඳ ව කෙරෙන
අතීතාවර්ජනයකි මේ.

ලක්දිව ස්‍යාමෝපසම්පදාව පිහිටුවා පිරිහීගිය සම්බුදු සසුනත් භාෂාශාස්ත්‍රාදියත් නගාසිටුවීම සඳහා මූලාධාර වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ගිහි පරපුරෙහි සවැනි මුණුපුරු ලෙස තුම්පනේ වැලිවිට ග්‍රාමයෙහි පිහිටි සංඝරාජ මාහිමියන් උපත ලද වැලිවිට වත්තේ වලව්වෙහිදී ම වර්ෂ 1870 දෙසැම්බර් මස 20 වැනි දින උපත ලැබූ අප මහනාහිමියන් ගිහි කළ පුංචි බණ්ඩාර යන නමින් හැඳීන්විණ. උන්වහන්සේගේ පියාණන් වැලිවිට කුලතුං පටබැඳි මුදලි පරම්පරාවේ වික්‍රමසිංහ තිලකරත්න වාසල කුලතුං මුදියන්සේ රාළහාමිල්ලාගේ කිරිබණ්ඩා නිළමේතුමන් වූ අතර වල්ගම
රූපසිංහ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ මද්දුම කුමාරිහාමි මව වූවාය. කුඩා කල තම දෙමාපියන් ඇසු⁣රෙහි හැදී වැඩුණු පින්වත් පුංචි බණ්ඩාර කුලකුමරු දස වැනි විය දක්වා තම ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

කුඩා කල පටන් ආගම දහම කෙරෙහි මහත් ලැදියාවක් දැක් වූ මේ කුමරු, තම දෙටු පිය වූ වැලිවිට ශ්‍රී සරණංකර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ෂ 1880 දී මල්වතු
මහාවිහාරයේදී හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට ඇතුළත් කරන ලදී.මෙසේ පැවිදිබිමට ඇතුළත් වූ අප මහනාහිමියෝ තම ආචාර්යන් වහන්සේගේ මෙන් ම ස්වකීය කීර්තිමත්
සඟ පරපුරෙහි ආදිතමයාණන් ද වන සංඝරාජයාණන් වහන්සේගේ ද නාමය වූ වැලිවිට සරණංකර යන නාමයෙන් ම ප්‍රසිද්ධ වූයේ එකී උතුම් නාමය ලද සිව්වැන්නා වශයෙනි.

පළමු ව අනුක්කනේ ශ්‍රී සරණංකර අනුනාහිමියන් හා පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ඇසුරෙහි මූලික බණදහම් ආදිය උගත් උන්වහන්සේ පසුව මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමියන් ප්‍රමුඛ ඇඳුරු මඩුල්ල වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙණින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ. මෙලෙස අනුක්‍රමයෙන් ධර්මඥානයෙන් හා භාෂාඥානයෙන් සම්පූර්ණත්වයට පත් වූ සරණංකර සාමණේරයන් වහන්සේ වර්ෂ 1890 දී හිප්පොල ශ්‍රී සෝභිත මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා අනුක්කනේ ශ්‍රී සරණංකර හා හුලුගල්ලේ ශ්‍රී මේධංකර යන අනුනාහිමිවරුන්ගේ කර්මවාගාචාර්යත්වයෙන්
මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා ශීලයට පත්වූහ. උපසම්පත්තිය ලැබ නොබෝ කලෙකින් ම මල්වතු මහාවිහාරීය සංඝරාජාරාමය, ගඩලාදෙණිය රාජමහා විහාරය, අල්ගම
රාජමහා විහාරය, වතුකන රාජමහා විහාරය, බඩගමුව රාජමහා විහාරය, පොල්පිටිය රාජමහා විහාරය, වැලිවිට වේගොල්ලේ විහාරය හා කිරිවවුල පුරාණ විහාරය යන විහාරයන්හි ආධිපත්‍යයට පත් වූ උන්වහන්සේ ස්වකීය ආගමික සේවාව ආරම්භ කළහ. මෙලෙස තමන් වහන්සේ වෙත ආචාර්ය පරම්පරාවෙන් උරුම වූ විහාරස්ථානයන් මනා ව වැඩිදියුණු කරමින් ඒවායෙහි අනාගත සුරක්ෂිතතාව හා අභිවෘද්ධිය කෙරෙහි උන්වහන්සේ ඇප කැප වූහ.

කුඩා කල පටන් සුපේෂල ශික්ෂාකාමී පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ තම දෙටු පැවිදි සොහොයුරු වූ හුලුගල්ලේ ශ්‍රී මේධංකර අනුනාහිමියන් අපවත් වන තුරු ම උන්වහන්සේට නිරතුරු ඇප උපස්ථාන
කරමින් ආචාර්යයන් වහන්සේ නමකට මෙන් ගරු සත්කාර සිදු කළ බව ප්‍රකට කරුණකි. තව ද තම ජීවිත කාලය පුරාවට ම ස්වකීය ප්‍රාචාර්ය වූ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ උදෙසා දිනපතා මල් පහන් පුදමින් වන්දනා කරමින් ගෞරව දැක් වීම සිරිතක් වශයෙන් සිදු කළ බව පැවසේ.

ශාසනික වත් පිළිවෙත් ඉපැරණි බෞද්ධ චාරිත්‍ර සම්ප්‍රදායන් පිළිබඳ ව මනා ඇල්මක් දැක් වූ උන්වහන්සේ වර්ෂ 1895 සිට ශ්‍රී දළදා මාළිගාවේ තේවා ධුරයට පත් ව ඉතා දීර්ඝ කාලයක් බුද්ධෝපස්ථානයෙහි යෙදෙමින් මහත් කුසලයක් රැස්කර ගත්හ. වර්ෂ 1900 දී කර්මවාගාචාර්ය ධුරයට පත් වූ උන්වහන්සේ
මහාවිහාර භික්ෂූන් වෙත පැවරෙන මහත් භාරදූර කටයුත්තක් වන උපසම්පදා විනය කර්මය ආදී ශාසනික විනය කර්මයන් ඉටුකිරීමෙහි ලා දක්ෂ ව ක්‍රියා කළහ. මේ පිළිබඳ ව පැහැදුණු තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල
මහනාහිමියන් විසින් වර්ෂ 1901 දී උන්වහන්සේ මල්වතු මහාවිහාරීය ගරුතර කාරක මහාසංඝ සභාවෙහි සාමාජික ධුරයකට පත් කොට වදාළහ. වර්ෂ 1925 දී ජේ්‍්‍යෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත් වූ උන්වහන්සේ ථෙරවාදී භික්ෂු සම්ප්‍රදාය තුළ පවතින ඉහළ ම ශාසනික පදවියක් වූ උපාධ්‍යාය පදවියට ද
පත් වූහ.

තම මී මුත්තණු වූ ද එසේ ම ප්‍රාචාර්ය වූ ද වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ආදර්ශ පාඨයක් ව පැවති ‘උඩඟු නොව මහණ’ යන ආත්මාවවාදය නිරන්තරයෙන් සිහියට නගා ගනිමින්
ආදර්ශවත් පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ නිහතමානී බවෙහි ජීවමාන ප්‍රතිමූර්තියක් ම වූහ. තමන් වෙත පැමිණෙන ගිහිපැවිදි, බාලමහලු, උගත් නූගත්, දුප්පත් පොහොසත් සෑම දෙනා වෙත ම එක හා
සමාන ව කටයුතු කළ උන්වහන්සේ ආගන්තුක සත්කාරයෙහි අතිශයින් උනන්දු වූහ. ප්‍රියවචනයෙන් හා සිනහවෙන් සැමට නිරන්තරයෙන් සංග්‍රහ කරමින් කුළුණුබර හදවතින් යුතු ව අර්ථයෙන් හා ධර්මයෙන්
අනුශාසනා කළහ. කුඩාකල පටන් තමන් වෙත පැවති එඩිතර බවත් අයුකතිය හා අසාධාරණයට එරෙහිව නැගීසිටින සුළු ස්වභාවයත් නිසා උන්වහන්සේ බොහෝ දෙනා අතර මහත් ගෞරවයට පාත්‍ර වූහ.

වරෙක අප මහනාහිමියන් ශ්‍රී දළදා මාළිගාවේ තේවා ධුරයට පත් ව සිටියදී දළදා තේවාව සඳහා හේවිසි නාද පැවැත්වීම නවතන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නියම කර සිටි අවස්ථාව උන්වහන්සේගේ නිර්භය බව
පිළිබඳ කදිම නිදසුනකි. වර්ෂ 1915 යුද්ධනීති සමයෙහි දී මහනුවර මඟුල් මඩුවේදී අධිකරණ කටයුතු හා නඩුවිභාග පැවැත්වීම සිදු කෙරුණු අතර ඒ සඳහා දළදා හේවිසි නාදය බාධාවක් වන බැවින් මාළිගයට වැදුණු යුද නිළධාරීන් තල්වත්තේ කාරිය කරවන කෝරාළ සිරභාරයට ගන්නා ලදී. පසුදින පටන් හේවිසි වාදනය කිරීමට දියවඩන නිළමේවරයා මැලි වන බව දුටු අප මහනාහිමියෝ ‘දිවි තොර වුවත් දළදා තේවාව නොඅඩුව කළ යුතු’ බව පවසා අධිකරණ තීන්දුව පසෙකලා නොබිය ව සුපුරුදු පරිදි හේවිසි නාද පැවැත්වූහ. අනතුරු ව සන්නාහසන්නද්ධ ව මාළිගයට කඩාවැදුණු යුද්ධ නිලධාරීන්ට නොබියව කරුණු
පැහැදිලි කර දුන් උන්වහන්සේගේ අනුශාසනයෙන් පසු ව දළදා තේවාව පැවැත්වීමෙන් පසු ව දෛනික
අධිකරණ කටයුතු සිදුකිරීමට ඔවුහු එකඟ වූහ.

තිරිසන් සතුනට පවා නිරතුරු කරුණාන්විත බවින් සංග්‍රහ කළ උන්වහන්සේ සැමට දයාබර ව කටයුතු කළහ. වරෙක මැලේරියා වසංගතය හේතුවෙන් මහනුවර පැවති සතිපිරිත් දේශනයක දී කුඩයක් සොරකම් කළ දිළින්දෙකුට මිනිසුන් වට වී අමානුෂික ලෙස පහර දෙන විට එතැනට ගොස් වහා ඔහු ඉන් මුදවාගෙන සොරකමට හේතු විමසා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට දැඩි ලෙස අවවාද කර පිටත් කර යැවූහ.

වර්ෂ 1940 දී මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ අනුනාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධුරයට ඉදිරිපත් වන ලෙස එවක සිටි මහනාහිමියන් කළ ඉල්ලීම සළකා බැලූ උන්වහන්සේ ඒ සඳහා තවත් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැක ‘මා අනුනායක පදවියට පත් වූ පසු පාලනය කරන ්නට වන්නේ මා හා
තරඟ කළ අයම වන නිසා මට මේ අනුනායක පදවියෙන් කම් නැතැ’ යි පවසා ඉන් ඉවත් වූ අතර එහෙත් අවසානයෙහි සියලු දෙනා වහන්සේගේ ම කැමැත්ත මත උන්වහන්සේ එම අනුනායක ධුරයට පත් වූහ. එතැන් පටන් එම පදවිය හා බැදුණු භාරදූර වගකීම් සමුදාය තම කර මතට ගත් උන්වහන්සේ මැනවින්
එම සියලු කටයුතු ඉටුකරන්නට වූහ. එවක මහානායක පදවිය දැරූ රඹුක්වැල්ලේ ශ්‍රී සෝභිත මහනාහිමියන් කලක පටන් රෝගී ව සිටි බැවින් මහානායක ධුරය සම්බන ්ධ බොහෝ වගකීම් සමුදායක් ද උන්වහන්සේ
වෙත ම පැවරිණි.

ලක්දිව විසූ උසස් පඬිවරු වූ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි, යගිරල ශ්‍රී පඤ්ඤානන්ද නාහිමි, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ආනන ්ද කුමාරස්වාමි, පෝල්. ඊ. පීරිස්, ආර්. සී. පී. බෙල්, එච්. ඩබ්ලිව්.
කොඞ්රිංග්ටන්, ජේ. ඩී. ලැනරෝල් යනාදී උගත්හු නිරන්තරයෙන් උන්වහන්සේ වෙත පැමිණ පුරාණ විහාර පාලන විධි, ශ්‍රී දළදා මාළිගාව හා සම්බන්ධ තේවා විධි, පුරාණ සිංහල රාජනීතිය, උඩරට පැරණි වැඩවසම්
ක්‍රමය, උඩරට පහතරට පැරණි සමාජ චාරිත්‍ර, ඉතිහාසය හා පුරාවිද්‍යාව සම්බන්ධ කරුණු උන්වහන්සේ සමඟ සාකච්ඡා කොට නිරවුල් කරගත් අතර කෘතගුණ පූර්වක ව එ ් බව සිය ග්‍රන ්ථවල ද සිහිපත් කළහ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය පේරාදෙණියට ගෙන ආ කල පටන් විවිධ උපාධි පර්යේෂණ ග්‍රන්ථ සම්පාදකයන්
උන්වහන්සේ වෙත පැමිණ ශාසන ඉතිහාසය, සමාජ විද්‍යාව, පුරාණ රාජනීතික්‍රම ආදිය පිළිබඳ නිරතුරු කරුණු විමසූහ. එලෙස තමන් වෙත පැමිණෙන උගත් නූගත් සැමදෙනාට ම තමන් දන්නා දෙයක් වෙතොත් නිහතමානී ව කියාදීමට උන්වහන්සේ කැප වූහ. තව ද පුස්කොළ ග්‍රන්ථ රචනා කිරීමෙහි අතිදක්ෂ වූ උන්වහන්සේ එවක දුර්ලභ ව පැවති පැරණි ග්‍රන්ථවල පුස්කොළ පිටපත් අලුතින් සම්පාදනය
කළහ.

තව ද 1955 දී පැවති බුද්ධ ජයන්ති සැමරුම් උත්සව මාලාවෙහි ප්‍රධාන අනුශාසකයෙක් වශයෙන් මහනාහිමියන් කටයුතු කළ අතර බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සම්පාදනය සඳහා ද මූලික ව අනුශාසනා ලබාදෙමින් අනුග්‍රහය දැක්වූ බව ප්‍රකට කරුණකි. විනය පිටකය සම්බන්ධ ව හසළ දැනුමක් පැවති උන්වහන්සේගෙන් විනය හා සම්බන්ධ මතභේදාත්මක කරුණු නිරවුල් කරගැනීම සඳහා නිකාය භේදයකින් තොර ව භික්ෂූන් වහන්සේලා පැමිණි බව ප්‍රකට ය.

වර්ෂ 1955 ජූලි 14 වන දින මල්වතු මහාවිහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවෙහි සමානච්ඡන්දයෙන් මල්වතු මහාවිහාර පාර්ශ්වයෙහි විසිවන මහානායක ධුරයට තේරී පත් වූ වැලිවිට ශ්‍රී සරණංකර
අනුනාහිමියෝ ගිහිපැවිදි සැමදෙනාගේ ම මහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් මෙරට බුදුසසුනෙහි අභිවෘද්ධිය උදෙසා මහත් මෙහෙයක් ඉටුකළහ. එතෙක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍ය්‍යාලයට ගොස්
මහානායක පදවියට හිමි සන්නස ලබාගැනීමේ සම්ප්‍රදාය පසෙකලමින් උන්වහන්සේගේ පදවිප්‍රාප්ති උත්සවය මහනුවර මඟුල් මඩුවෙහි දී රාජ්‍ය අනුග්‍රහය ඇති ව ඉතා සම්භාවනීයත්වයෙන් යුතු ව පැවැත්විණි.
වර්තමානයෙහි පවතින අයුරින් මල්වතු අස්ගිරි උභය මහාවිහාරයෙහි මහානායක, අනුනායක ධූර සඳහා සන්නස් පත්‍ර පිරිනැමීම රාජ්‍ය අනුග ්‍රහය සහිත ව ආරම්භ වූයේ උන්වහන්සේගෙනි.

මෙරට බුදුදහම කෙරෙහි අතීතයෙහි පැවති රාජ්‍යානුග්‍රහය නැවත ලබාදීමේ එක් පියවරක් ලෙස මෙම කටයුතු උන්වහන්සේ
අනුශාසනා ඇතිව සිදු වූ අතර මේ සඳහා උන්වහන්සේගේ ශිෂ්‍ය වැලිවිට ශ්‍රී විපස්සි නාහිමියන් සුවිශේෂී කාර්‍ය්‍යභාරයක් ඉටුකළ බව සිහිපත් කළ යුතු ය. මේ අනුව එවක ලංකාණ්ඩුකාර පදවිය දැරූ සර් ඔලිවර් ගුණතිලක මැතිතුමන් විසින් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවෙහිදී උන්වහන්සේට මහානායක ධුරයට හිමි සන්නස් පත්‍රය උත්සවාකාරයෙන් යුතු ව ප්‍රදානය කරන ලදී.

අප මහනාහිමියන් දේශීය හා විදේශීය බොහෝ ගිහිපැවිදි සම්භාවනීයයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ බව ප්‍රකට කරුණකි. වර්ෂ 1954 දී මෙරටට පැමිණි දෙවැනි එළිසබෙත් මහරැජිණ විසිතුරු ඇත්දළයෙන් නිමවූ විජිනිපතක් උන්වහන්සේ වෙත පිළිගන්වමින් ගෞරව කළාය. එසේ ම 1956 දී මෙරටට පැමිණි ජපන්
අධිරාජ්‍යයාගේ සොහොයුරු වූ මිකාසා කුමරු හා කුමරියත් උන්වහන්සේ බැහැදැක ගෞරව පූර්වක මිත්‍රත්වයක් ඇති කරගත්හ.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල
වැනි දේශපාලන නායකයන් උන්වහන්සේ සමීප ව ආශ්‍රය කරමින් අවවාදානුශාසනා ලබාගත් බව උන්වහන්සේ දිනපොත් ආදිය තුළින් පැහැදිලි වේ. තව ද 1955 පැවති බුද්ධ ජයන්ති සැමරුම සඳහා මෙරරට පැමිණි විදේශීය ගිහිපැවිදි බෞද්ධ නියෝජිතවරු ද පෞද්ගලිකව ම උන්වහන්සේ හමු වී
අවවාදානුශාසනා ලබාගත්හ.

වෛද්‍යවරුන්ගේ ඉල්ලීම ද පසෙකලමින් ශාසන චිරස්ථිතිය උදෙසා ම කැප වූ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියෝ වර්ෂ 1956 දී බුරුමයේ යැන්ගුන්හි පැවති ඡට්ඨ මහාසංගායනාවට වැඩම කොට එහි ශ්‍රී
ලංකා සන්නිපාත වාරයේදී මුලසුන ද හෙබවූහ. උන්වහන්සේ වෙත පැහැදුණු එරට සංඝරාජයන් වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය විසින් එරට භික්ෂූන් වහන්සේ නමක වෙත පිදෙන උත්තරීතර ම ගෞරව නාමය
වන ‘අභිධජ මහා රට්ඨගුරු’ යන ගෞරව නාමය උන්වහන්සේ වෙත ප්‍රදානය කළහ. මෙම බුරුම සංචාරයේ දී තමන් සන්තක ව පැවති බොහෝ දේ විවිධ මහ තෙරවරුන්ට පූජා කළ උන්වහන්සේ අවසන තමන් සතු වූ වසර ගණනක සිට පරිහරණය කරන ලද විසිතුරු විජිනිපතත් සැරයටියත් එරට
සංඝරාජයාණන් වහන්සේට පූජා කළහ. තව ද තම ජීවිත කාලය තුළ දඹදිවට වැඩම කොට ඉපැරණි බෞද්ධ සිද ්ධස්ථාන වන්දනා කරගැනීමට ද උන්වහන්සේ භාග්‍යවන්ත වූහ.

කලක පටන් රජය සන්තක ව පැවති ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුව වර්ෂ 1956 මාර්තු මස 02 වැනි දින එවක අග්‍රාමාත්‍යතුමන් විසින් අප මහනාහිමියන් වෙත යතුර භාරදෙමින් මල්වතු මහාවිහාරය වෙත ලබා දෙන ලදී. වර්ෂ 1954 දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයාණන් වහන්සේ අනුස්මරණය කරමින් සංඝරාජ
කෞතුකාගාරය ආරම්භ කිරීමත් 1955 දී සංඝරාජ පිරිවෙණෙහි දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට මූලික වෙමින් එම පිරිවෙණ නගාසිටුවීම සඳහා ද මහත් මෙහෙයක් උන්වහන්සේ විසින් ඉටුකරන ලදී.

ස්‍යාමෝපාලි මහානිකායට අයත් සියලු භික්ෂූන් වහන්සේ ඒ්කරාශී කොට අභිනව කතිකාවතක් සම්බාදනය කොට භික්ෂු සංඝයාගේ සුපිළිපන් බව ආරක්ෂා කිරීම උදෙසා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් උන්වහන්සේ විසින් සම්පාදනය කොට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණ ද එය සම්පූර්ණ කරගැනීමට පෙර උන්වහන්සේ අපවත් වීම මහත් අභාග්‍යසම්පන්න සිදුවීමකි.

මෙරට බි්‍රතාන්‍ය පාලනය නිමාවට පත්වීමෙන් පසු ව භිකෂූන් වහන්සේ නමක් උදෙසා පැවති උසස්තම ආදාහන පූජෝත්සවය පැවැත්ව ූයේ මෙම වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමියන් උදෙසා බව ඒ හා සම්බන්ධ තොරතුරු වාර්තා කර ඇති තත්කාලීන සිංහල, ඉංග්‍රීසි පුවත්පත් වාර්තා තුළින් පෙනී යයි. මහනාහිමියන්ගේ අපවත් වීම කන වැකුණු ලංකාවාසී මහාසංඝරත්නයත් ජනප්‍රධානීන් ඇතුළු රටවැසියාත් වැල නොකැඩී අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවරට ඇදී ආ බව ඒවාහි සඳහන් වේ.

මෙරට ත්‍රිවිධ හමුදා රාජ්‍ය ගෞරව සහිත ව පැවති ප්‍රථම ආදාහන පූජෝත්සවය මෙයයි. එවක ලංකාණ්ඩුකාර ධුරය දැරූ සර් ඔලිවර් ගුණතිලක, අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යන මහත්වරුන් මේ සඳහා
මූලිකත්වය ගෙන කටයුතු කළහ.වර්ෂ 1956 සැප්තැම්බර් මස 26 වැනි දින බෝගම්බර ක්‍රීඩාංගනයෙහි පැවති මෙම ආදාහන පූජෝත්සවය සඳහා තුන් නිකායට ම අයත් මහානායක, අනුනායක මහතෙරවරුන් ප්‍රධාන මහා සංඝරත්නයත් ලංකාණ්ඩුකාරතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන මෙරට පාලන තන්ත්‍රය නියෝජනය කළ සම්භාවනීයයන් වියතුන් විදේශීය තානාපතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබේ. පූර්ණ රාජ්‍ය ගෞරව සහිත මහනුවර ඓතිහාසික මඟුල් මඩුවෙහි ශ්‍රී දේහය ආදාහනයට ප්‍රථම ව තැන්පත් කොට තිබිණි. මහානායක මාහිමිපාණන් වහන්සේ උදෙසා ආචාර වෙඩිමුර 19ක් පවත්වමින් ඉහළ ම ගෞරවයක් ලබාදෙමින් මෙම ආදාහන පූජෝත්සවය ඉතා උසස් අන්දමින් පවත්වා තිබේ.

සැත්තෑ හය වසරක් වූ ස්වකීය පැවිදි ජීවිතය තුළ සිය මී මුත්තණු වූ ද ප්‍රාචාර්ය වූ ද වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ අනුව යමින් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා අපමණ මෙහෙයක් ඉටුකොට වදාළ අතිගෞරවාර්හ වැලිවිට ධර්මකීර්ති ශ්‍රී අසරණ සරණ සරණංකරාභිධාන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විසිවැනි මහානායක මාහිමිපාණන් වහන්⁣සේ පැතූ යම් බෝධියකින් උතුම් නිර්වාණය ම අවබෝධ කරගනිත්වා.....!!!!



උපුටා ගැනීමකි…!

02/12/2025

ඒකම ජාතිකයක් ලෙස එක්ව නැගිටිමු ✊🏻❤️🇱🇰

18/11/2025

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ අද දින (18 ) වැලිවිට වත්තේ වලව්වට වැඩම කළේය..

ඔබ වහන්සේට උතුම් ශ්‍රී දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා...!

🙏🙏🙏

ඊයේ දිනයේ (26) මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරන්දර අති ගෞරවාර්හ  දිඹුල්කුඹුර...
27/10/2025

ඊයේ දිනයේ (26) මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරන්දර අති ගෞරවාර්හ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අපගේ අනුනායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද අනුශාසනා ලබාගත්තෙමි.

උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා..

උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා.

🙏🙏🙏

ඊයේ දිනයේ (26) මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ධුරන්දර අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ...
27/10/2025

ඊයේ දිනයේ (26) මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ධුරන්දර අති ගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභීධාන අපගේ මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද අනුශාසනා ලබාගත්තෙමි.
උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා..

උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා.

🙏🙏🙏

🙏🙏🙏මහාවිහාරවංශික ස්‍යාමොපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවියෙන් අද දින පිදුම් ලැබූ අති පුජ්‍ය  නාරම්...
28/08/2025

🙏🙏🙏

මහාවිහාරවංශික ස්‍යාමොපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ
අනුනායක පදවියෙන් අද දින පිදුම් ලැබූ
අති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේට
බුද්ධ ශාසනය වෙනුවෙන් චීරාත් කාලයක් සේවය කිරීමට ඔබ වහන්සේට ශක්තිය, ධෛර්යය ලැබේවා !

උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ..!

08/08/2025

කන්ද උඩරට ඇසළ පෙරහර 2025 | අවසන් මහ රන්දෝලි පෙරහර.

සෙංකඩගලපුර ශ්‍රී මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ නිළමේතුමා තුමාගේ ඇරයුමෙන්
මොරපේ කතරගම දේවාලයේ බස්නායක නිළමේ R.M රත්නායක නිළමේතුමන් සමගින් අවසන් මහා රන්දෝලි පෙරහරේ ගමන් කිරීම.

උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා..!

ශ්‍රී කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා..!

07/08/2025

කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය 2025, සිව්වෙනි රන්දෝලි පෙරහර,ශ්‍රී මහා පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ තැම්පත් හේමන්ත බණ්ඩාර හේරත් නිළමේ තුමාගේ ආරාධනාවෙන් මාතලේ අම්බොක්ක පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ රයන් වලිසුන්දර නිලමේතුමා ද සමගින් පත්තිනි දේවාල පෙරහරේ ගමන් කිරීම.

උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා..!

ශ්‍රී කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා..!

06/08/2025

කන්ද උඩරට ඇසල පෙරහර මංගල්‍යය 2025,
තුන්වන රන්දෝලි පෙරහර,
සෙංකඩගලපුර ශ්‍රී මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ නිළමේතුමා තුමාගේ ආරාධනාවෙන් පෙරහරේ ගමන් කිරීම.
උතුම් ශ්‍රී දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා..!

ශ්‍රී කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා..!

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when වැලිවිට වත්තේ වලව්ව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share