Kandy - මහනුවර - கண்டி

Kandy - මහනුවර - கண்டி About Kandy city and central province

Kandy is a major city in Sri Lanka, located in the Central Province, Sri Lanka. It is the second largest city in the
(237)

චිරාත් කාලයක් යෙහේන් වැජඹෙවා අපේ අනු නා හිමියන්
10/02/2026

චිරාත් කාලයක් යෙහේන් වැජඹෙවා අපේ අනු නා හිමියන්

දළදා මාලිගාවට එල්ල කල LTTE ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 28 යි..!දළදා මාලිගාවට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවී අදට වසර 28ක් සම්පූර්...
25/01/2026

දළදා මාලිගාවට එල්ල කල LTTE ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 28 යි..!

දළදා මාලිගාවට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවී අදට වසර 28ක් සම්පූර්ණ වේ. දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සියලු දෙනාම අද ඉතිහාසයට එක්‌වී ඇත. ලංකා ඉතිහාසය ලෙයිsන් කඳුළින් තෙත් කළ ඒ යුගය 2009 මැයි මාසයේදී අවසන් විය. යළිත් එවන් යුගයක්‌ කිසිදා ඇති නොවේවායි පතමු.

එහෙත් අප උතුම් දළදා සමිඳුන්ට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාර අමතක කළ යුතු නැත. ඉතිහාසය අමතක කර අනාගතය ගොඩනැඟීමට නොහැකිය. 1998 ජනවාරි 25 වැනිදා පෙරවරු 6.10 ට දළදා මාලිගය ඉදිරිපිට දැවැන්ත ලොරි බෝම්බය පුපුරා ගියේය. මේ ප්‍රහාරයෙන් 17 දෙනෙක්‌ මරුමුවට පත්වූ අතර තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. කිලෝ හාරසියයක්‌ බරැති බෝම්බය පුපුරා දළදා වහන්සේට හානි කිරීමට ත්‍රස්‌තයන් උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.

මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 50 වැනි නිදහස්‌ සමරුව කඩාකප්පල් කර රටේ නැවත ජාතිවාදී කෝලාහලයක්‌ ඇති කිරීම කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරමුණ විය. නමුත් සිංහල බෞද්ධයෝ ආවේගශීලීව කටයුතු කළේ නැත. ප්‍රභාකරන් උත්සාහ කළේ බෞද්ධ අධ්‍යාත්මයට පහර දීමටය. රාජ්‍යත්වයේ සංකේතය විනාශ කර දැමීමටය.

වර්තමානයේ සංහිඳියාව ගැන වඩා උනන්දු වන නිසා දළදා ප්‍රහාරය ගැන සිහිකිරීම ගැන සමහර කොටස්‌ උරණ විය හැකිය. නමුත් සිංහල බෞද්ධ අනන්‍යතාවය පාවාදී ඊනියා සංහිඳියාව ගොඩනැඟිය නොහැක. ඇත්තෙන්ම දළදා මාලිගාවට ප්‍රහාර එල්ල වුවද සිංහල බහුතරය කුපිත වූයේ නැත. හින්දු කෝවිල් කුඩුපට්‌ටම් කරන්නට ගියේ නැත. එදා මේ මහා විපත හමුවේත් සංහිඳියාව පතුරුවන්නට බෞද්ධයන්ට හැකිවූ බව සටහන් කළ යුතුය. එනිසා අලුතෙන් උගන්වන්නට සංහිඳියාවක්‌ නැත. නමුත් කොටි ත්‍රස්‌තවාදීන් රටට අහිමි කළේ කවරක්‌ද යන්න නම් අමතක කළ යුතු නැත. එනිසාම මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ ලොරිය කළ විනාශය ඉතිහාස පොතින් ඉවත් කළ යුතු නැත. එය ඉදිරි පරම්පරාවටද දැන ගැනීමට රචනා කර තැබිය යුතුය. භක්‌තියාර් ඛල්ජි ආක්‍රමණික සේනාව නාලන්දා විශ්වවිද්‍යාලයට කළ විනාශය අපි අදත් සිහි කරන්නේ ශෝකයෙනි. එසේම මීට වසර විසි අටකට පෙර යුනෙස්‌කෝ ලෝක උරුමයට එල්ල වූ ප්‍රහාරය අමතක කළ හැකිද?

1985 මැයි 14 වැනිදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට ප්‍රහාරයක්‌ එල්ල විය. 1987 දී අරන්තලා භික්‍ෂු ඝාතනය සිදුවිය. එසේම දළදා මාලිගයට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල විය. මේ සියල්ලගෙන්ම කොටි ත්‍රස්‌තවාදීන් උත්සාහ කළේ සිංහල බෞද්ධ අධ්‍යාත්මයට පහරදීමටය. රටේ සංස්‌කෘතියට, සභ්‍යත්වයට නිග්‍රහ කිරීමටය. එහෙත් මේ කිසිදු ප්‍රහාරයකින් සිංහල බෞද්ධයා දුර්මුඛ වූයේ නැත. සියලු කෙනෙහිලිකම් විචක්‍ෂණව වටහා ගැනීමේ ශක්‌තිය මෙරට ජනතාව තුළ විය. අපේ ආධ්‍යාත්මික ශක්‌තිය සැබවින්ම ප්‍රබලය. එනිසාම අප අපේ ඉතිහාසය අමතක කළ යුතු නැත

❤️🌹❤️
25/01/2026

❤️🌹❤️

ආදරණීය අපේ තැන ...🌹
16/01/2026

ආදරණීය අපේ තැන ...🌹

🪷🪷🪷
19/11/2025

🪷🪷🪷

ශ්‍රී දළඳා වහන්සේගේ භාරකාරත්වය, ඉදිරි වසර දහය සඳහා හිමිවන දියවඩන නිළමේ තුමන් කවුරුන් වේවිද?..
07/11/2025

ශ්‍රී දළඳා වහන්සේගේ භාරකාරත්වය, ඉදිරි වසර දහය සඳහා හිමිවන දියවඩන නිළමේ තුමන් කවුරුන් වේවිද?..

මැල්සිරිපුර ,නා උයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා 13 දෙනෙකු රැගත් කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ස්වාමීන් වහන්සේලා 07 න...
25/09/2025

මැල්සිරිපුර ,නා උයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා 13 දෙනෙකු රැගත් කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වෙති.

ස්වාමීන්වහන්සේලාගේ සසර ගමන සුවපත් වේවා! සසර අකාලයකදීවත් මෙවන් ඛේදජනක සංසිද්ධීන්ට පත් නො වේවා! වැඩූ මග අවසන නිවනින් ම නිවෙත්වා!🌼🙏🏻

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක...
17/09/2025

දියවඩන නිලමේ ධුරය පිළිබඳ මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්
දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය හිමිවන දියවඩන නිලමේවරයා මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සම්භාවනාවට පාත්‍ර වන අතරම ජාත්‍යන්තර වශයෙන් ද බෞද්ධ රටවල් තුළ දියඩවන නිලමේවරයා සම්බන්ධයෙන් පවතිනුයේ ඉමහත් ප්‍රසාදයක් හා ගෞරවයකි.
1931 අංක 19 දරන විහාර දේවාලගම් පනතට අනුව වසර 10ක කාලයකට නිලවරණයක් මගින් දියවඩන නිලමේවරයා පත් කරගැනීම සිදු කෙරේ.
මේ වන විට වර්තමාන දියඩවන නිලමේවරයාගේ ධුර කාලය අවසන් වී අභිනව දියවඩන නිලමේවරයෙකු පත් කරගැනිමේ කටයුතු සිදු කරමින් පවතී.
ඒ සඳහා වර්තමාන දියවඩන නිලමේවරයා ඇතුළු අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත්වී සිටී.
මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක් බවය.
"පුද්ගලික න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් මෙම කාලසීමාව තුළ බෞද්ධ සමාජය අපහාසයට ලක් කරමින් පටු චේතනාවෙන් පදනම් විරහිතව සිදුකරන වෛරී සහගත ප්‍රකාශයන් හෙළාදකින බවත් එවැනි පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාළිගාවේ මෙන්ම දියඩවන නිලමේ ධුරය, බස්නායක නිලමේ ධුරය ඇතුළු සිද්ධස්ථාන හා සැබැඳි නිලයන්ගේ සම්භාවනීයත්වය මෙන්ම ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට සියලු අපේක්ෂකයින් අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරණය කර සිටිමු."
යනුවෙන් ද මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අභිනව අනුනායක පදවිප්‍රාප්ත අතිගෞරවාර්හ  නාරම්පනාවේ ශ්‍රී ආනන්ද අනුනායක මාහිමිපාණන් ...
28/08/2025

මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අභිනව අනුනායක පදවිප්‍රාප්ත අතිගෞරවාර්හ නාරම්පනාවේ ශ්‍රී ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේට ඓතිහාසික කන්ද උඩරට ශ්‍රී දංෂ්ඨ්‍රා ධාතු මන්දිරයෙහි විරාජ මාන දළදා සමිදුන් වහන්සේගේ පිහිටයි !!!!

ආදරණිය නුවර...,
19/08/2025

ආදරණිය නුවර...,

1970 ගණන්වල මහනුවර,  දළදා මාලිගාව.
16/08/2025

1970 ගණන්වල මහනුවර, දළදා මාලිගාව.

ආදරණිය නුවර...
16/08/2025

ආදරණිය නුවර...

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Kandy - මහනුවර - கண்டி posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share