29/05/2026
මෙවර ලෝක බිගු දිනයේ තේමාව වුයේ "බිගුන් හා මිනිසුන් අතර සබදතාවය ලෝකයේ පැවත්ම තහවුරු කරයි" යන්නයි. ඊට සමගාමීව මෙවර ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විශේෂ වැඩසටහන් රාශියක් සිදු කරනු ලැබුවා. ඒ අතරින් වඩාත් සිත් ගත් අංගයක් වුයේ සේවා සංස්කරණය අභ්‍යාස ආයතනය විසින් 2026.05 18 වන දින සංවිධානය කළ බිගු පා ගමනයි. මෙම පා ගමනේ මූලික අරමුණ වූයේ බිගු පාලනයෙහි වැදගත්කම පිළිබද මහජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමයි.