07/01/2026
ඓතිහාසික හන්තාන රජමහා විහාරය වෙත
ශ්‍රී දළදා මාළිගාවෙන් ලැබෙන වී කොටසින් සහ විහාරයට අයත් කුඹුරු වලින් ලැබෙන සහලින් කිරි ආහාර පිස
2026 වර්ෂයේ අලුත් සහල් මංගල්‍යය, හන්තාන රජමහා විහාරාධිපති ඇතුල්ගම ධම්මදස්සි නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රහය ඇතිව හන්තාන විහාරය ගොඩනැගූ ගලගොඩ මහ අධිකාරම්තුමන්ගේ සත්වන මී මුණුපුරු පරම්පරාවේ නිළමේවරුන්ගේ ප්‍රධානත්වයෙන්, පාරම්පරික රදලවරු සංගමයේ සම නිර්මාතෲන් සහ සභාපති, මහලේකම් , ජාතික සංවිධායක, භාණ්ඩාගාරික නිළමේවරුන්ගේ සහභාගිත්වයෙන් සහ ආශිංසනයෙන්, පවුල්වල නිළමේවරුන්ගේ සහ කුමාරිහාමීන් ගේ සහභාගිත්වයෙන් , මෙන්ම ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් හන්තාන විහාරයට විශේෂ වූ පෞරාණික චාරිත්‍රයන්ට අනුකූලව පසුගිය දුරුතු පුන් පොහෝදින ( 2026 ජනවාරි මස 03 දින ) සිද්ධ කරන්නට යෙදුනි ෴
පාරම්පරික රදලවරු
පාරම්පරික රදළවරු. Association Of Traditional Aristocrats ..