NPP Harispaththuwa - හාරිස්පත්තුව

NPP Harispaththuwa - හාරිස්පත්තුව ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power - harispaththuwa

ඒකාලේ පාලකයෝ සෞඛ්‍යට කියලා මුදල් වෙන්කලේ උන්ගේ හත්මුතුපරම්පරාවටම සිංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න. ඒත් දැන් සල්ලි වෙන්කරන...
05/06/2026

ඒකාලේ පාලකයෝ සෞඛ්‍යට කියලා මුදල් වෙන්කලේ උන්ගේ හත්මුතුපරම්පරාවටම සිංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න.
ඒත් දැන් සල්ලි වෙන්කරන්නේ
ඇන්ජියෝග්‍රම් උපකරණ ගන්න( හෘදයේ ධමනිවල අවහිරතා අදුරගෙන අවශ්‍ය නම් ස්ටෙන්ට් දාන්න, එක ස්ටෙන්ට් එකක් දාන්න මිලියනයකට වඩා යනවා,
මැමෝග්‍රම් පරීක්ෂණ උපකරණ( පියයුරු පිලිකා හදුනා ගන්න),
කොල්පොස්කොපි උපකරණ (ගැබ්ගෙල පිලිකා හදුනා ගන්න) ,
අලුතින් බිල්ඩින් හදන්න,
අලුතින් ICU හදන්න,
අලුතින් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හදන්න.

ලංකාවේ පලවෙනි වතාවට මහජන ආන්ඩුවක් මිනිස්සු හදලා තියෙනවා.
මාලිමාවට ගහපු කතිරය ගැන හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන්

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ‘ගම් දහසක් වැඩ දහසක්’ තේමාව යටතේ හාරිස්පත්තුව, ගෝණිගොඩ පල්කුඹුර වසමේ ගම මැද පාරට යාවන මාර්ගයක්...
02/06/2026

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ‘ගම් දහසක් වැඩ දහසක්’ තේමාව යටතේ හාරිස්පත්තුව, ගෝණිගොඩ පල්කුඹුර වසමේ ගම මැද පාරට යාවන මාර්ගයක් සංවර්ධනය කිරීම 2026/06/02 දින ආරම්භවිය.
මේ සදහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහෝදරයා, ප්‍රදේශීය සභාවේ සභාපති ඉදුනිල් කරුණාරත්න සහෝදරයා ඇතුලු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සහෝදර සහෝදරියන්ද ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු නිළධාරීන්ද සහභාගී විය.

‘ගම් දහසක් වැඩ දහසක්’ වැඩසටහන ආරම්භ කරමින් හාරිස්පත්තුව මාලගම්මන වසමේ ඕලිඅංග ඇල සංවර්ධනය කිරීම අද දින ආරම්භවිය.ප්‍රජාශක්...
02/06/2026

‘ගම් දහසක් වැඩ දහසක්’ වැඩසටහන ආරම්භ කරමින් හාරිස්පත්තුව මාලගම්මන වසමේ ඕලිඅංග ඇල සංවර්ධනය කිරීම අද දින ආරම්භවිය.
ප්‍රජාශක්ති වැඩ සටහනට සමගාමීව ආරම්භවූ මෙම වැඩසටහනට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන සහෝදරයා, ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති සහෝදරවරු හා මන්ත්‍රීවරුන්ද ප්‍රාදේශීය ලේකම්තුමා හා සෙසු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීතවයෙන් වැඩසටහන ආරම්භ විය

ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ‘ගම් දහසක් වැඩ දහසක්’ වැඩ සටහන යටතේ හාරිස්පත්තුව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ පල්ලේමුල්ල වසමේ ඉද්ද...
02/06/2026

ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ‘ගම් දහසක් වැඩ දහසක්’ වැඩ සටහන යටතේ හාරිස්පත්තුව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ පල්ලේමුල්ල වසමේ ඉද්දවෙල ඇල මාර්ගය සංවර්ධනය කිරීම අද දින (02/06/2026)
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහෝදරයා හා ප්‍රදේශීය සභාවේ සභාපති ඉදුනිල් කරුණාරත්න සහෝදරයා ඇතුලු පිරිසගේ සහභාගීතවයෙන් ආරම්භ කෙරිනි.

breaking news: බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල...
01/06/2026

breaking news: බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේනට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ නඩුව විභාග කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය කළ නියෝගය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) දින තීන්දු කළේය.
ඒ අනුව චූදිතයන්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව පවත්වා ගෙන යා හැකි බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව කඩිනමින් විභාග කරන ලෙස නියෝග කළේය.

27/05/2026
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මාලිමා ආන්ඩුව මේ ගහන ගේමනම් ප්‍රසංසනීයයි.
24/05/2026

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මාලිමා ආන්ඩුව මේ ගහන ගේමනම් ප්‍රසංසනීයයි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති...
24/05/2026

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (Battery Energy Storage System – BESS) පසුගියදා කොළඹ වරායෙන් ගොඩබානු ලැබීය. මැයි 20 වන දින කොළඹ වරායට සේන්දු වූ බහාලුම් නෞකාවක් මඟින් මෙම BESS පද්ධති ඒකක මෙරටට රැගෙනවිත් තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයෙකු වන WKV Hydro Group සමාගමට අනුබද්ධ Galilee BESS Ltd. ආයතනය විසිනි. ඔවුන් වෙත පවරා දී ඇති ගාල්ල සහ මාතර යන ස්ථානයන්හි මෙම පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය. ඉදිරි මාස කිහිපය තුළ මේවා ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator – NSO) වෙත විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයක් වූයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ පවතින අස්ථාවරත්වය සහ උපරිම විදුලි ඉල්ලුම පවතින වේලාවන්හිදී (Peak Demand) ඇති වන විචලනයන් කළමනාකරණය කිරීමයි. මෙම පද්ධතිය හරහා ජාතික පද්ධතියට එක්වන සෑම මෙගාවොට් පැයක (MWh) බැටරි ගබඩා ධාරිතාවයක්ම, වඩාත් ස්ථාවර සහ ඔරොත්තු දෙන විදුලි පද්ධතියක් නිර්මාණය කිරීමට ඉවහල් වේ. එමඟින් නිවාස, ව්‍යාපාර මෙන්ම සමස්ත ආර්ථිකයටම විශ්වාසදායක සහ පිරිසිදු බලශක්තියක් සැපයීමට මඟ පෑදෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සැපයුම්කරු ලෙස ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති ගබඩා පද්ධති නිෂ්පාදකයෙකු වන චීනයේ Sungrow Power සමාගම කටයුතු කරයි. එමෙන්ම, මෙම සුවිශේෂී සහ දැවැන්ත ව්‍යාපෘතියේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් කටයුතු (Project Logistics) සාර්ථකව හසුරුවනු ලබන්නේ Expolanka Project Logistics සමාගම විසිනි.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when NPP Harispaththuwa - හාරිස්පත්තුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share