08/06/2026
2026 ජගත් පරිසර දිනය නිමිති කරගනිමින් ජා-ඇල ප්‍රාදේශීය සභාව විසින් පහත සඳහන් වැඩසටහන් දියත් කරන ලදි.
*ඒකල ජී.බී සේනානායක විදුහල කේන්ද්‍ර කරගනිමින්, ජා-ඇල ප්‍රාදේශීය සභාව, Phinla ව්‍යාපෘතිය හා එක්ව,පරිසර නියමු සිසු දරු දැරියන් උදෙසා සංවිධානය කල වැඩසටහන.
*ජා-ඇල ප්‍රාදේශීය සභාව,ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය සේවක මහත්ම මහත්මීන් සඳහා පැවැත්වූ සෞඛ්‍ය කඳවුර හා දැනුවත් කිරීමේ වැඩසටහන.
*ඒකල කොම්පෝස්ට් අංගනයේදී පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන.
මෙම සියළු වැඩසටහන් සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය ලබා දුන් සැමට අපගේ ස්තූතිය පුද කර සිටිමු.