03/02/2023
මේක වුනේ මාස තුනකට වගේ කලින්! දිනේ හරියටම මතක නැතිවුනත් අලුත්කඩේ නඩුවක් අවසන් වෙලා එලියට ආපු නීතීඥවරයාගෙන් අපි අවශ්‍යවෙන වොයිස් කට් එක අරගෙන පුංචියට එඩිට් එකක් ගහලා පේජ් එකේ අප්ලෝඩ් කරන්නයි ලැහැස්ති වුනේ !
පේජ් එක! පෙන්නන් නෑ! ආයෙම බැලුවා. ලොග් වෙන්න විදියක් නෑ! පේජ් එකට ඇක්සස් තිබුන තව කෙනෙක්ට කතා කලා. එයාටත් බෑ ...!
පේජ් එකේ ඇක්සස් තිබුන හැමෝවම ඒ වෙනකොට ඉවත් කරලා තිබුනේ ....! එදා ඉදන් අද දක්වා අපි හෙව්වා. කව්ද මේක කලේ ?ඇයි මෙහෙම වුනේ ? කොහොමද මේක අපි අතට ගන්නේ ? පේජ් එක එක්ක එකතුවෙලා හිටපු ඔයාලට කොහොමද අපි තොරතුරු, පනිවිඩ දෙන්නේ කියලා ...
කොහොම වුනත් ඊයේ වෙනකනුත් අපිට පුලුවන් වුනේ crosposting හරහා සජීවී යන වැඩ සටහනක් පේජ් එක හරහා යවන්න විතරයි ! සමහර වෙලාවට යන වැඩේ මොකක්ද කියලා title එකවත් අපිට දාන්න බැරි වුනා ...!
ගොඩාක් අය අපිට කතා කලා ... උනේ මොකක්ද කියලා ඇහුවා ...! ආයෙම අපි අතට පේජ් එක ගමු කිව්වා. අදහස්,යෝජනා වගේම ඇවිල්ලා මේ වැඩේ අවසන් කරමු කිව්වා. දවස ගානේ පුද්ගලික මැසේජ් එවලා " දැන් මොකද සහෝ පේජ් එකේ තත්වය " කියලා ඇහුවා... ඒ හැමෝටම කියන්න එක පණිවිඩයක් තියෙනවා ...!
" ඔන්න පේජ් එකේ ආයෙම ඊයේ රෑ අපි අතට ගත්තා "
මේ වෙනුවෙන් වැඩ කරපු, හොයලා බලපු, යෝජනා අදහස් ඉදිරිපත් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ...! අද ඉදන් පේජ් එක අප්ඩේට් වෙනවා ... !
අනික් කාරණය තමයි, මේ වැඩේ කලේ කවුද ? මොකක් වෙනුවෙන්ද ? කියන එක පසුවට අපි කියන්නම්! දැනට මෙච්චරයි ...!
හැමෝටම ජය !
✍️ admin