අග්නි

අග්නි අග්නි -මරණයේ ද්වාරයේ අභිමුවේ හිදිමින?

අග්නියට ආදරය කරන, අපගේ ඉස්ලාම් බැතිමතුන් හා ලෝකවාසි ඉස්ලාමිය සහෝදර සහෝදරියන් හට සාමය සතුට සැනසීම පිරුණ  ඊද් මංගාල්‍යායක්...
20/03/2026

අග්නියට ආදරය කරන, අපගේ ඉස්ලාම් බැතිමතුන් හා ලෝකවාසි ඉස්ලාමිය සහෝදර සහෝදරියන් හට සාමය සතුට සැනසීම පිරුණ ඊද් මංගාල්‍යායක් වේවා !!

ඇතුගල්පුර පොත් ප්‍රදර්ශනය සහ උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනයදෙවන දැක්මජනවාරි 28 සිට පෙබරවාරි 03 දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 ද...
25/01/2026

ඇතුගල්පුර පොත් ප්‍රදර්ශනය සහ උසස් අධ්‍යාපනික ප්‍රදර්ශනය
දෙවන දැක්ම
ජනවාරි 28 සිට පෙබරවාරි 03 දක්වා උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කුරුණෑගල සත්‍යවාදී පරිශ්‍රයේදී ඇතුල්වීම නොමිලේ...
ඔබ පොත් හල් වල සොයන මෙතෙක් මිලඳි ගන්න බැරිවුන..
මේජර් සුජිත් සිරන්ජීව විසින් රචිත
කට්ටපරිච්චාන් සටන කෘතිය
මෙහි තිබෙන කුට් අංක 48
සිල්වර් පොත වෙළඳ කුටියෙන්
20% වට්ටමක් සහිතව මිලඳි හත හැක
යුද,සාහිත්‍යට ආදරය කරන ඔබටයි මේ ඇරයුම

අදවගේ දවසක තමයි කපිතාන් සේනක රත්නායක කොක්කුතුඩුවායි කඳවුරේ කම්බි වැට පැනලා ඔහුගේ කන්ඩායම එක්ක  එම කඳවුරට මරණ වරෙන්තුව අර...
31/12/2025

අදවගේ දවසක තමයි කපිතාන් සේනක රත්නායක කොක්කුතුඩුවායි කඳවුරේ කම්බි වැට පැනලා ඔහුගේ කන්ඩායම එක්ක එම කඳවුරට මරණ වරෙන්තුව අරන් එන කොටි ත්‍රස්තවාදින්ට මර බිය මොකක්ද කියල කියාදෙන්න.උන්ගෙම විජය භූමිය තුළට ගමන් කරන්නේ..
එදත් අදවගේම තරු හොටල් වල එකිනෙකා තුරුලුව සංගිතයට පැද්දෙමින් රස මසවුලු සප්පායම් වෙමින් ,නටමින් අළුත් අවුරුදු උදාව සමරන්න ඇති,..
ඒ ගමන බොහෝම නිර්භීත හදවත් සමග ගිය තරුණ ජීවිත තුනක් තවත් දිනකට පසු සදහටම දෙනෙත් පියා ගන්නවා .
ඒ ත්‍රස්තවාදින් විස්සකට වැඩි ප්‍රමාණයකට මාරයාගේ ද්වාරය විවර කර දෙමින්...
ඉතිං මේ කතාව කොහොමද ඔයාලා කියවන්නේ
ඒ මගේ මේ වසරේ නිකුත් වන දෙවන අකුරු සිත්තම වන
ඔඩෙසි 82 බ්‍රාවො
සමගයි, සුදානම් වෙන්න මා හා ඒ වීර චාරිකාව යන්නට...
@@@@@@@@@@@@@@@@@@@@@@@@

කපිතාන් සේනක රත්නායක යනු මෙම කන්ඩායමේ නිළධාරි අනදෙන්නා විය.ඔහුට කිසිවකුගේ ප්‍රශ්ණ කිරිමකින් තොරවම කඳවුරේ සංඥ මැදිරියේ සිටිමින් මෙවන් සටන් මෙහෙයවන්නට ඕනෑ තරම් අවස්ථාව හා අයිතිය තිබිනි. එය එසේ වූවද තම සෙබළුන්ගේ ජිවිත චෙස් පුවරුවක ඉත්තන් මෙන් ඉදිරියට පස්සට ඇදිම කරන්න ඔහුට ඕනෑ කමක් නොතිබින.නමුත් නියම රණකාමින් කිසිදින තම ජිවිතය සුවපහසු සයනයක හොවා නිදන්නට හෝ එහි මියෙන්නට පතන්නේ නැත.එසේම තම සෙබළුන් ඉදිරියට දමා පසුපසට වෙමින් ජයග්‍රහනයෙන් පසු ඉදිරියට එන්නට උත්සාහ කරන්නේද නැත. එබැවින් මේ ප්‍රහාරකයන් වූ කමාන්ඩෝ සෙබළුන්ගේ චිත්ත දෛර්‍ය රැදී තිබුනේද ඔහුගේ මේ නොසැලෙන නායකත්වය ගුනාංගය මත ගිළීය. තම සිරුරින් යෝධයකු නොවූ මේ කෙසග සිරුරක් ඇති රණකාමී නායකයා ඔහුගේ හැසිරීමෙන් මෙන්ම ක්‍රියාකලාපයෙන් වන ආදර්ශයේ පිහිටා සිඳුකරන අනදීම ඔවුන් සැමදා අගය කලහ.මෙම අවස්ථාවේද තම ජිවිත අවදානම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ඔහුගේ හිසට ඉහලින් හා පැත්තෙන් පියාසර කරණා උන්ඩවලින් බේරෙමින් උස් නොවු පදුරු අතරින් පොලවට සමාන්තරව නාගයකු ඇදෙන්නා සේ ඉදිරියට බඩාගා යමින් වෙඩි ප්‍රහාරයන්ට ලක්ව අසාධ්‍යව වැටි සිටිනා විජයසිරි වෙත ලගාවන්නට විය.
ඔහුවෙතට බඩාගා යමින් ලගාවන අවස්ථාවේ හදිසියේම තවත් ත්‍රස්තවාදින් දෙදෙනෙකු ඉදිරියෙන් නැගිසිටිමින් සේනක රත්නායක වෙත දිව එන්න වුයේ ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමටය.තවත් ප්‍රමාද වීම යනු සිය ජිවිතය ගැන ඇති ආශාව අත් හැරිමක් වේ. ඔවුන් තමා වෙතට දිව එනවා දකිත්ම ක්ෂනිකව ක්‍රියාත්මකවු අවියේ පිස්ටල් ග්‍රිප් එකෙන් නොමිදී තිබු ඔහුගේ දකුණු අතට වෙරගනිමින් සිය සිරුර එක් පැත්තකට ඇල කරමින් ඔහු අතවූ අවිය තමා අල්ලා ගැනීමට ඉදිරියට දිව එන ත්‍රස්තවාදීන් දෙදෙනා හට ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නට විය.එම වෙඩි ප්‍රහාරයට ලක් වෙමින් ඔහු වෙත දිව එමින් සිටි ත්‍රස්තවාදීන් දෙදෙනා කපාළු කෙසල් කඳන් දෙකක් සේ බොල් පොළව මත හඩ නගමින් ඇදවැටෙන්නට විය.ඒඇසිල්ලේ නැගිසිටිමින් දිවගොස් තම සහයකයාගේ තවමත් ප්‍රාණය රැදි ඇති සිරුර ඔහු පැළඳ සිටිනා බොඩි ආමරයේ කොටසකින් අල්ලාගෙන තමාවෙත ඇදගනිමින් ආරක්ෂිතව පොලව දිගේ ඇදගෙන් පසුපසට රැගෙන එන්නට විය.අතරින් පතර එල්ලවන වෙඩි ප්‍රහාරයන්ගෙන් ගැලවෙමින් තුවාල ලබා සිටිනා විජයසිරිව ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන එන්නට විය. මේ වනවිටත් ඔහුට පසුපසින් පැමිනි කන්ඩායම් ඉදිරියේ සටන් කරණා කන්ඩායම හා ඉවැරදිව සම්භන්ධ වී නොතිබීම නිසා හුදකලාව සටන් කරමින් සිටි තම අටේ කන්ඩායමේ ඉතිරි සෙබළුන්ගේ ආවර්ණ වෙඩි මැද ඔහුව පසුපසට රැගෙන ඒමට හැකිවි තිබින.

මේ වන විට සෙබළුන් දෙදෙනෙකු මාරාන්තික ලෙස තුවාල ලබා ජීවිතය හා මරනය සමග සටන් කරත්දී තවත් කිහිප දෙනෙකු බරපතල හා බරපතල නොවූ තුවාල සහිතව ආරක්ෂිත ස්ථානයක රදවා තබා ගනිමින් ඔවුනට ආරක්ෂාව සපයමින් තම ආධාරක බටපිරිස් ඔවුන් වෙත පැමිනෙන තෙක් සටන අල්ලාගනිමින් සිටිමට උත්සාහ කරමින් සටන සතුරාගේ ජයග්‍රහනය පමාකරවන්න විය. වනගත සටන් වලදි කමාන්ඩෝ සෙබළුන් හා සමව නිරායුධව සතුරු භූමියට රිංගන ලද තවත් නම සදහන් නොවන සාමාජිකයකු විය.ඔහු යුධ හමුදා වෛද්‍ය බළකායට අයත් ප්‍රථමාධාර පුහුණුව ලඳ ලාන්ස් කෝප්‍රල් වරයෙකි.වනාන්තරය සිසාරා පියාසර කරනා උන්ඩ වලට කිසිදු බියක් නොදැක්වු මේ නිර්භිත වෛද්‍ය සහයක සෙබළා එහේ මෙහේ දිව යමින් තුවාල කරුවන් ඔහු ආසන්නයට ගෙන්වා ගනිමින් තුවාල ලඳ සෙබළුන් දිරිමත් කරවමින් ඔවුනට ප්‍රථිකාර කරන්නට වුයේ සිය ජීවිත අවදානම ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමිනි.තමාගේ සේවාකාලය තුල ජිවිත රැකගැනීමට ප්‍රථමාධාර ලබාදිම පුහුණුව හැර යන්තමින් හෝ පනක් නැසිමට හෝ ජිවිතය ගලවා ගැනිමට සටන් කිරිම සදහා අවි පුහුණුවක් නොලද මේ අභිත වෛද්‍ය බළකා පුත්‍රයා මෙවන් සටන් වලදි විශ්වාස කලේ මේ රණකාමි කමාන්ඩෝ සෙබළුන් තමා ජිවතුන් අතර සිටිය හොත් නිරුපද්‍රිතවත්,මියගිය හොත් සිය දේහය දෙමාපියන් වෙතත් ගෙනගොස් දෙනු ඇතැයි කියායි.
බිය සුල්ලන් අතර බියෙන් නොව රණකාමින් අතර විරයෙකු සේ මියයෑම ඔහු සතුටක් සේ සළකන ලඳි.
මේ වන විට කොටින්ගේ ගුවන් විඳුළි පනිවුඩ හුවමාරු වලට සවන්දීමේදි මුලතිව් සිටිනාකොටි නායකයන් සටනේ සිටිනා කොටීන් අමතා මේ සටනේ නියැලෙන කන්ඩායමේ යම් උසස් නිළයෙකු සිටිය හැකි බැවින් කෙසේ හෝ ඔහුත් සමග එහිවන සෙබළුන් අල්ලා ගන්නා ලෙස පවසා සටන දැඩි කරනා ලෙසට දන්වා සිටි බැවින් ඔවුන් තම ප්‍රහාරය තවත් උත්සන්න කරමින් කමාන්ඩෝ සෙබළුන් වෙත කඩා වැදීමට උත්සාහ කරන්නට විය.
මේ අවස්ථාවේ තුවාල ලැබුවන් හට ප්‍රථමාධාර ලබා දෙමින් සිටි ස්ථානය ඉලක්ක කරමින් ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කරන්නට විය.තුවාල ලැබු කමාන්ඩෝ සෙබලෙකු ගේ පාදයට සැරහුමක් දමමින් සිටි වෛද්‍ය බළකා සෙබළා එකවරම ගැස්සි යමින් සිය මුවෙන් රුධිරය කැටියක් පිටතට විසි කරවමින් ප්‍රථිකාර ලබාදෙමින් සිටි සෙබළා මතට කඩා වැටි මද වේලාවක් දගලමින් සිට නිසොල්මන් වන්න විය. ඒත් සමගම ඔහුගේ ගෙල දෙසින් ගලා ආ රුධිරයෙන් අනෙක් සෙබලාගේ ගත තෙමි යන්නට විය.
ඔඩෙසි 82 බ්‍රාවෝ සමග මුනගැසෙමු

11/12/2025

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කල ආදරණීය
සොයුරෙකු වන සිඩ්නි බෝතේජු මහතා තම පෞද්ගළික මුදලින් වෙන්නප්පුව ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූවන් සඳහා පිසු ආහාර පැකට් ලබාදීම සඳහා ගංවතුර තත්වය සෑලකීමට නොගෙන ඒ ප්‍රදේශයන් වෙත ගමන් කල ආකාරය...
සෑම විටම අයෙකුගේ දුකේදි නොපැකිළිව අප්‍රකටව ඉදිරිපත්වන ඔබව සදා දෙවියන් රැකදේවා...

කාන්තා ආරක්ෂක නිළධාරිනී  ඇබෑර්තු -කදාන කළඑළිය.කර්මාන්ත ශාලාවක් සඳහා කඩිනම් බඳවා ගැනීම්.පැය,12 සේවා මුරය රු 1800සෙවක,අර්ථ...
25/11/2025

කාන්තා ආරක්ෂක නිළධාරිනී ඇබෑර්තු -කදාන කළඑළිය.
කර්මාන්ත ශාලාවක් සඳහා කඩිනම් බඳවා ගැනීම්.
පැය,12 සේවා මුරය රු 1800
සෙවක,අර්ථ සාධක අරමුදලේ හා සේවා නියුක්තිකයන්ගේ අරමුදලේ සාමාජිකත්වය.
වැටුප් අත්තිකාරම්..
විමසීම්
0711025324
Whatsapp 0711025324

එන්න ලස්සන ගීත විසි හතරක් එක්ක   මා සමග  අතිතයට යන්න.... #
17/11/2025

එන්න ලස්සන ගීත විසි හතරක් එක්ක මා සමග අතිතයට යන්න.... #

29/10/2025

ආරක්ෂක සේවා ඇබෑර්තු
මහ ඉඳුරුව....
සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා ආරක්ෂක නියාමකයින් දෙදෙනෙක් සඳහා ඇබෑර්තු පවති.
ආහාර නොමිලේ..
පැය 12 සේවා මුරයක් සඳහ රු 1800/=
ඉංග්‍රීසි කතා කිරිමේ හැකියාව විශේෂ සුදුසු කමක් සේ සලකනු ලැබේ
වැඩි විස්තර
0711025324
වට්ස් ඇප්

Dear Sir,I recently met you at CIBF and bought your book “Kattaparichchan Satana.” I initially purchased it for my fathe...
29/10/2025

Dear Sir,

I recently met you at CIBF and bought your book “Kattaparichchan Satana.” I initially purchased it for my father, but I also had the opportunity to read it — and I just finished it today.

I truly appreciate your effort to bring such a powerful experience to life. The book moved me deeply in many ways. I was especially struck by the realization that this battle took place around the time of my first birthday — while we were celebrating life in one part of the country, brave heroes were sacrificing theirs to protect us in another.

Your writing made me see our soldiers from a whole new perspective. I sincerely hope more people read books like yours and gain a deeper understanding of the courage, pain, and sacrifice behind our nation’s history.

Thank you once again for writing such a meaningful book and allowing readers to experience the realities of war through your words. I wish you good health, continued strength, and a long, fulfilling life.

I look forward to meeting you again at the next CIBF and hopefully having the chance to speak with you a little longer.

Warm regards,
Sajeeda Sabreen.

26/10/2025

ආරක්ෂක සේවා ඇබෑර්තු
කැප්පෙටිපොල
ප්‍රසිද්ධ මල් වගා බිමක් සදහා
ආරක්ෂක නියාමකයන් බඳවා ගැනේ.
වැඩිවිස්තර සඳහා විමසන්න
0711025324

කමාන්ඩෝ  ප්‍රවීනයන්ගේ සංගමයේ සාමාජික මෙිජර් එම්එන්පිඑස් සිරංජීව ආර්එස්පි ( විශ්‍රාමික) නිලධාරී විසින් රචිත "" කටිටපරිච්ච...
26/10/2025

කමාන්ඩෝ ප්‍රවීනයන්ගේ සංගමයේ සාමාජික මෙිජර් එම්එන්පිඑස් සිරංජීව ආර්එස්පි ( විශ්‍රාමික) නිලධාරී විසින් රචිත "" කටිටපරිච්චාන් සටන'' නැමැති ග්‍රන්තය ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීනයන්ගේ සංගමයේ පුත්තකාලය සදහා පරිත්‍යාග කරල ලදී.
එම ග්‍රන්තය 2025.10.25 දින. මවි සංගමයේ⁣ මහලේකමි කර්නල් පිආර්එස් ජයසේකර ආර්ඩබිපි,ආර්එස්පි,පීඑස්සි
( විශ්‍රාමික) ජේ⁣ෙයෂ්ඨ නිලධාරී වෙත පිලිගැන්වූ අවස්තාව.

Address

Kaluthara
Kalutara

Telephone

+94773378256

Website

Alerts

Be the first to know and let us send you an email when අග්නි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category